Monday, September 19, 2011

මිණි වදන්

Buddha challenged by Mara
©2000 Rachel Storm, Indian Mythology
සේනා සහිත මාරය ....
තොපගේ පළමු සේනාව පංච කාමය වන්නේය
දෙවැන්න සත් ධර්ම සමාදානයේ අරතියයි
තෙවැන්න කුසගින්න හා පිපාසය වන්නේය
සතර වනුව තෘෂ්ණාවද
පස්වනුව ථිනමිධය ද
සයවන්ව භයද තොප හට සේනා වන්නේය
සත්වනුව මාර්ගය හා ඵලය සමන්ධ වූ වීචිකිච්චාවෙන් ද
අටවැන්ව ගුණමකු බව හා දැඩි බවෙන්ද තොප සත්වයා මඩින්නේය
අසත් ධර්මයෙන් ලබන්නාවූ කිර්ති ප්‍රසංසා ලභාදියද
අනුන් හෙලා දමමින් තමන් හුවා දක්වන්නා වූ ස්වභාවයද තොපගේ නව වැනි හා දසවැනි සේනා වන්නේය.

තොපගේ සේනාව මෙලෙස මා හොඳින් දනිමි. දෙවියනට හෝ මිනිසුනට තොප මැඩලිය නොහැකි බවද තොපගේ වසඟයේ පවතින බවද දනිමි. එහෙත් තෙත මැටි පිඩක් මඩින්නා සේ මා තොප මඩිමි.

ගෞතම බුදුන් , පදාන සුත්‍රයෙනි

No comments:

Post a Comment