Saturday, July 28, 2012

Microsoft .... Please !!!!

It goes beyond even my wildest imagination how , I mean how on earth a seemingly insignificant... and in reality it is.... utility application such as this Microsoft Remote Desktop Client can consume the highest amount of real physical memory, exceeding 1.0 GB!!!!  

Forget about Chrome , even VMware consumes far less RAM compared to this RDP Glob...

Get a grip of your software Microsoft !!!!!
:/

Sunday, July 22, 2012

Fuyumi Sakamoto (坂本 冬美 )

This time I have fallen in love with unbelievably melodious , magical and  soothing  music from Fuyumi Sakamoto. Born on  March 30, 1967 in  in KamitondaNishimuro DistrictWakayama PrefectureJapan ,  Fuyumi Sakamoto (坂本 冬美 Sakamoto Fuyumi,) is a Japanese female enka singer under EMI Music Japan.

Her voice is much much sweeter than Meiko Kaji's and echoes around the room and in the ears of the listener. Fuyumi's melodious voice is   extremely  similar to the legendary ,   immensely popular and influential Chinese pop singer Tersa Teng from Taiwan. Infact Fuyumi is the only female enka singer to have an album reach 200,000 in sales since Teresa Teng in 1989.

The album , Love Songs: Mata Kimi ni Koishiteru (また君に恋してる) released in 2009 is her best work as i feel. Here are some songs from her....  just to get a  feel of it.Go to a quite place, close your eyes and immerse in it... ^_^ 









Fuyumi's official site is here.

පොසම් ගෙදර...

සුමුදු නම් කියන්නේ මේකට සකසා දන් දීමයි කියල 
අපේ ගෙදෙට්ට අවුරුද්දක් විතර තිස්සේ හැමදාම එන පොසම්මු කීප දෙනාට කෑම කවනකොට හිතුනා තව ටිකක් උන්දලා ගැන විස්තර දැන ගත්තොත් හොඳයි කියල. කියෝගෙන යනකොට හිතුනා සිංහලෙන් මොකවත් ලියුවොත් හොඳයි කියල. ඔන්න එහෙනං.....

මේ කට්ටිය ගෙදර ඩිනර් එකට නිත්‍ය සාමාජිකයෝ වෙලා දැන් අවුරුද්දකට වැඩියි. මං දිනපතා දෙන පාන් පෙති 4-6 ට අමතරව සුමුදුත් පාන් දෙනවා. එයිට අමතරව උන්නැහැ බිස්කට් , චීස්, නූඩ්ල්ස් වගේ ඒවත් සමහර වෙලාවට දුන්නත් මං නම් වැඩි මනාපයක් නැහැ ඒකට. ඔව්වට පුරුදු උනොත් ඉන ඉහ හිටන් උගස් කරන්න වෙයි මට මුං නඩත්තු කොරන්න.

ගිය අවුරුද්දේ දවසක ඉර බැස්සට පස්සේ මුලින්ම වැට උඩ හක්කලන් කරන්න ගත්තේ පොසම් මහත්තයා. දැන් නම් එන්නේ ටිකක් කලාතුරකින්. ඒකට හේතුව තමයි පොසම්මු අනිත් සතුන්ට වඩා ඉතාමත් ඉක්මනින් තමන්ගේ වාසස්ථාන වෙනස් කරගෙන වෙන පැති වලට සංක්‍රමණය වීම. අවුරුද්දකට 12-15 වතාවක් විතර ඔවුන් තමන් ඉන්න තැන , ප්‍රදේශය වෙනස් කරන බව සඳහන්. රාත්‍රී කාලයේ හැසිරෙන සතුන් කොටසක් නිසා ඉර බැස්සට පස්සේ තමයි තමන් ඉන්න තැන් වලින් එලියට එන්නේ. දවල් කාලේ දකින්නට ලැබුනොත් උන්ද ලෙඩ වෙච්චි පොසමෙක් කියල තමයි කියන්නේ. ගස් බෙන වල , තුරු වදුලු වල, ගෘහස්ශ්‍රිතව නම් ගෙවල් වල සිවිලිම් අස්සේ , බිමෙන් ඉහලට ගොඩ නංවා තිබෙන ගෙවල් වල පාදම අස්සේ තමයි දවල් කාලෙට වාසේ. දවල්ට බලන්න ඕනේ නම් ඉතින් පාරට යන එකයි තියෙන්නේ ... වාහන වලට අහුවෙලා මැරිච්ච පොසම්මු ඕන තරම් පාරේ ඉන්නවා දවල්ට

ඔවුනට ඕන පරිසරයකට හැඩ ගැහෙන්න , අනුවර්තනය වෙන්න වගේම , ශාක , කෘමින් , පලතුරු ආදී පුළුල් පරයක පැතිරුණු ආහාර ගැනීමටත් පුළුවන්. මියන් වඳ කරන්නත් සාර්ථක ව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබ්බ මි වසංගතේ නැති කරන්නත් පොසම්ලා බොහෝ වැඩ කොටසක් කරායයි කියල හිතන්න පුළුවන්. දැන් එකෙක් නැහැ නේ බේතකට.

පොසම්මුන්ගේ කකුලේ අධි වර්ධනය වෙච්චි ශක්තිමත් මාපට ඇඟිල්ලක් වගේ එකක් තියෙනවා. නියපොතුත් බළලුන්ගේ තරමට නැතුවට බොහොම තියුණුයි... ආයි මොනවද .. අත්දැකීමෙන්ම තමයි කියන්නේ. වලිගෙත් උඩ කොටස ලස්සනට තිබ්බට යට කොටසේ ලෝම නැහැ. ඒ වගේම ඉතාමත් ශක්තිමත්. මට දැනිච්ච විදියට අත් කකුල් වලට වඩා ශක්තිමත් වලිගෙ. බොහෝ කොට වලිගෙන් අත්තක සම්පුර්ණයෙන් එල්ලිලා පැද්දිලා වෙන ගසක මාරු වෙනවා. ගස් නගින්නම හැදිච්ච ශරීරයක්.

ආයි කතාවට එමු. වැට උඩට වෙලා ඉන්න පොසම් මහත්තයට දුන්න පාන් පෙත්ත බොහොම ආසාවෙන් කාල ගියා. එයිට පස්සේ හැමදාම එන්න පටන් ගත්ත. මාත් ඉතින් හැමදාම පාන් දෙන්න පටන් ගත්ත. දැනට වරින් වර කෑම කන්න එන පොසම්මු 4-5 දෙනා අතරින් හිලෑම එක්කෙනා තමයි පොසම් මහත්තයා. ඔලුව අත ගාන්න , නැට්ටෙන් අදින්න , රැවුලෙන් අදින්න , පොඩි පොඩි පාන් කැලි අතින්ම කවන්න , පිට අත ගාන්න වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. තාපසයෙක් වගේ. බොහොම නිවිච්ච සතෙක්. තාම වඩා ගන්න නම් ගිහිල්ල නැහැ. කොහොම උනත් කැලැ සතා නේ. නිකන් ටින්කිරි මොකට ගාගන්නද ?

මේ වර්ගයේ පොසම්මු හිටියේ ඔස්ට්‍රලියාව ,නවගිනියාව , සුලාවෙසි ( ඉන්දුනීසියාවේ දුපතක්) වල විතරයි. නවසීලන්තයට සහ චීනෙට පසු කාලෙක හඳුන්වා දීල තියෙනවා. පොසම් කෝට් එක බොහොම සිනිදුයි වගේම ඝනයි. නවසිලන්තෙට හඳුන්වා දීල තියෙන්නේ කෝට් එක ගලෝගන්න කියල තමයි සඳහන් වෙන්නේ. නවසීලන්තයට හඳුන්වා දීපු පොසම්මු ඉවක් බවක් නැතුව වර්ධනය වෙන්න ගත්තේ ඔවුන්ගේ ගහනය සිමා කරල තියාගන්න පුළුවන් විදියේ ස්වභාවික සතුරෙක් ඒ පරිසරයේ නොහිටිය හින්දයි. දැන් නම් පොසම්මු නවසීලන්තයට ලෝක ඇනයක් වෙලා තියෙන්නේ. නමුත් ඔස්ට්‍රලියාවේ තත්වය වෙනස්. මෙහෙ උන් සංරක්ෂිත සත්ව කොටසක්.... ඒකෙත් හැටි!.

පොසම් කෝට් එකෙන් , අත් වැසුම් , කබා , කෝට් වගේ බොහෝ දේවල් හදනවා නවසිලන්තේ. අවුරුද්දකට මිලියන දෙකක් පමණ නිදැල්ලේ ජිවත් වෙන පොසම්මු අල්ලාගෙන තමයි මේ සම් භාණ්ඩ නිපදවන්නේ. ඊකො-පොසම් , මැරිනොමින්ක් කියල ෆැෂන් ලේබල් කීපෙකුත් තියෙනවා ...ගෑනු කට්ටියට...ඕනනම් ඉතින්... 

ටික කාලයක් තනියෙන් ආපු පොසම් මහත්තයා එක දවසක් ආවේ නෝනා කෙනෙකුත් අරගෙන. මුලදී පොඩ්ඩක් ලජ්ජා බයට ඈතට වෙලා හිටිය උනත් පස්සේ දෙන්නම එකට කෑම කන්න පුරුදු උනා. මේ පින්තුර වල ඉන්නේ ඒ පොසම් නෝනා තමයි. මේ දවස්වල මුලින්ම කෑම කන්න එන්නේ උන්දැ. මේ සුභ අවස්ථාව ගෙදර අයට දැනුම් දෙන්න ගහපු මංගල දැන්වීම් පත්‍රිකාව ඔය තියෙන්නේ. මේකට ලැබිච්ච ප්‍රතිචාර ඔක්කොටම හපන්. එත් අවසරයක් නැතුව දාන්න බැහැ නේ!.

පොසම් නෝනා තමයි මුලින්ම ගෙදර ඇතුලට එන්න පුරුදු උනේ. වැට උඩට වෙලා නොයිවසිල්ලෙන් ඉන්නකොට තමයි ඉතින් පාන් ටික රත් කරලා දෙන්නේ. පාන් ඕඩ්රේ පරක්කු උනහම වැටෙන් බැහැල ගේ ඇතුලට ඇවිල්ල කකුලේ මාපට ඇඟිල්ල විකල වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ රෝල් වේවි දුවනවා. බොහෝ අය පොසම් දත් තියුණුයි කියල කිවුවත් ඒවා එහෙම නෙමෙයි කියල මට හොඳින්ම කියන්න පුළුවන්. ඒවා ටිකක් මොටයි. නමුත් ඔවුන්ට තදින් විකන්න පුළුවන් ශක්තිමත් හකු තියෙනවා. නමුත් සම සිදුරු වෙන්නේ නැහැ. මේ නෝනාම තමයි දවසක් පාන් කැල්ලක් විදියට හිතල මගේ ඇඟිල්ලක් අල්ලාගෙන කටේ දාගෙන අම්ම මෝ නැතුව විකාගෙන විකාගෙන ගියේ. ඇඟිල්ලට මතක වස්තර දෙන්න වෙයි කියල හිතුනත් පොඩ්ඩක් රිදුන ඇරෙන්න සම සිදුරු වීමක් හෝ ලේ ගැලීමක් සිදු උනේ නැහැ.


ඔය හොඳ පැත්ත. නරක පැත්ත තමයි පොසම්මු මගින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව පැතිරීම. නවසීලන්තය වගේ රට වල නම් ඉවක් බවක් නැතුව වර්ධනය වීම නිසා පරිසරයේ ස්වභාවික සමතුලිතතාවය බිඳ වැටීම. පිස්සු බලු රෝගය පතිරෙන්නත් පුළුවන් කියල ඇතැම් අය කියුවට ඒ සම්බන්ද විශේෂඤයො නම් කියන්නේ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය රේබිස් රෝග කාරක වයිරසය වර්ධනයට සුදුසු මට්ටමට වඩා අඩුවෙන් පිහිටීම නිසා එසේ නොවෙන බවයි. බොහොම සාමකාමී සත්ව වර්ගයක් නිසා උන්ගේ ජිවිතේට තර්ජනයක් වෙන බව දැනුනොත් ඇරෙන්න වෙන වෙලාවක නම් මිනිස්සුන්ට කිසිම හානියක් කරන්නේ නැහැ. පුළුවන් තරම් දුවල බේරෙන්න තමයි බලන්නේ.

පොසම්මු ඇනයක් වෙලා නම් මේ වගේ අය ඉන්නවා උදව්වට . සංරක්ෂිත සත්ව කොට්ටාශයක් වෙච්ච පොසම්මු මරණ එක ඔස්ට්‍රේලියාව තුල නම් දඬුවම් ලැබිය හැකි වරදක්. එත් ඉතින් රෑට දඩි බිඩි ගාල වහලේ දුවනවා ඇහෙනකොට අහු වෙච්චි වෙලාවක බෙල්ල මිරිකලා දාන්නත් නොහිතෙනවාම නොවේ ... :)

Monday, July 16, 2012

ශ්‍රව්‍ය පොත් සිංහලෙන් - අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව


/* දැන් මාස එකහමාරක් පමණ තිස්සේ මේකත් එක්ක ඔට්ටු වෙලා එඩිට් කිරිල්ලේ ඉවරයක් නැති හින්ද එපා වෙලා අත ඇරලා දාල හිටියේ. අත ඇරලා දාන්න තවත් හේතුන් තමයි මේකේ නිමාව උසස් මට්ටමක නොතිබීමත් , මෙවන් දෙයක් කිරීමට මට නීතිප්‍රකාර බලයක් නොතිබීමත්ය. නමුත් විචාරක සර් ගේ ලිපියක තිබ්බ යුද්ධයෙන් ඇස් අන්ධවෙච්චි රණවිරුවන් ගැන සඳහන්වෙච්ච් කොමෙන්ටුවක් දැක්කහම , අදම මේක ඉවර කරලා ඔන්න ඔහේ නෙට් එකට දැම්මොත් හොඳයි කියල හිතුනා.*/ 

කොහොමින් කොහොම හරි ,බොහෝ සතුටෙන් තමයි මේ ශ්‍රව්‍ය පොත ගෙන එන්නේ. පොත තමයි ඉතින් කවුරුත් දන්න නුතන බුද්ධගෝෂ වූ 
අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විදර්ශනා භාවනාව. වැඩිය ලොකු නැහැ. නමුත් ඒ හිමියන්ගේ පොත්වලින් මම  කැමතිම පොත. මේක කරේ දෘශ්‍යාබාධිත කට්ටියට උදව්වක් විදියට. තමන් දන්න අඳුනන ධර්මයට කැමැත්තක් ඇති ඒ වගේ කට්ටියට මෙය පිළිවන් ක්‍රමයකින්  ලබා දෙන්න. පිරිසිදු තථාගත ධර්මය ලබාගැනීමට අසීරු එවන් අයට එවන් උපකාරයක් කිරීමෙන් ඔබට  බොහෝ පින් ලැබේවි.  

දැන් ඉතින් හැම තැනම , හැම චැනල් එකේම බණ යනවනේ. මේවා මොකටද කියල හිතෙයි. නමුත් බණ කියන පැයක පමණ කුඩා කාලයේදී ඒ හිමිවරුන් කුඩා ධර්ම විස්තරයක් අරගෙන ඒක පැහැදිලි කරලා දෙන එක තමා කෙරෙන්නේ. ඒවා අහල ධර්මය ගැන පැහැදිලි පුළුල් අවබෝධයක් ගන්න බැහැ.  මුළුමනින්ම අහන්නේ නැතුව කැලි කැලි අහල වැරදි කොනින් අල්ලගෙන වැරදි විදියට තේරුම් අරන් ඉන්න අයත් බොහොමයි. ඇහුවම කියන්නේ අර හාමුදුරුවෝ මෙහෙම කියුව , අරහෙම කියුව කියල. ඒක හාමුදුරුවන්ගේ වරද නෙවෙයි. කුඩා කාලයකින් ගැඹුරු ධර්ම කොටසක් විචිකිච්චා ඇති නොවන පරිදි   විස්තර කිරීමට ඇති අපහසුතාවය නිසා වෙන එකක්. ඒක හින්දයි තමයි මේ වගේ පොතකින් දෘශ්‍යාබාධිත කට්ටියට පිහිටක් ලැබෙන්නේ.

මේක කරන්න ලොකු කට්ටක් කෑවා. සද්ද බද්ද නැති සවුන්ඩ් ස්ටුඩියෝ අපිට කොහෙන්ද.... රෙකොර්ඩ් කරන්න ගියහම තමයි තේරුම් ගියේ අප අවට පරිසරයේ කෙතරම් නම් ශබ්ද දුෂණයක් තියෙනවද කියල. වාහන වල සයිලන්සර් වලට ගැජට් කැලි හයිකරගෙන බූම් බූම් ගාගෙන යන ඇත්තො එක්ක කොහෙන්ද කනට නිවනක්!. සද්ද බද්ද අඩු තැනක් සොයාගන්න ගත්ත දැඩි උත්සහයකින් පස්සේ අන්තිමේදී ගිහිල්ල නතර උනේ  මෙල්බෙර්න් වලින් කිලෝමීටර් 80 ක්  විතර ගියහම වොබර්ටන් පන්සල තියෙන අලංකාර කඳු  ප්‍රදේශයක තිබ්බ කැලෑවක. දොලපාරක්  අයිනේ වාහනේ නවත්තගෙන  තමයි ගොඩක් කොටස් කියෙව්වේ. පහත ඇති එතන.


මාසයක් විතර...  ලැබෙන හැම විවේක කාලයම  යෙදවුනේ මේකට. නිකරුනේ පුච්චා නොදමා , සම්ප්‍රප්ප්‍රලාප  වලින් කල් ගත නොකොට  ඒ කාලය මෙවන් දෙයකට යෙදවීමට ලැබීම සතුටක්.  වැඩේ හමාරවී අන්තර්ජාලයටත් නිකුත්කර... සිදුකල කාර්යය දෙස නැවත හැරි බැලීමෙන් දැන් ලැබෙන නිරාමිස සුවය ප්‍රමාණ කල නොහැකියි.

වැඩි විස්තර ඕනේ නැහැ. කලින් වගේම කියන්න ඕනේ. මේකේ තියෙන ඔක්කොම අඩුපාඩු , උච්චාරණ වරදවල් , පසුබිම් ඝෝෂා මගේ වරදින් වෙච්චි දෙයක් මිස පොතේ වරදක් නෙවෙයි. දෝෂ සහිත තැන් , වැඩිදියුණු විය යුතු තැන් පෙන්වා දුන්නොත් බොහෝ පින්.

මෙහි පුණ්‍ය අනුමෝදනාව මටත් අනුමෝදන් වූ  සැමටත් එක ලෙසින්ම වේවා. සසර සැරිසරනා  තුරු  අඩු පිනැතිව අඳ , ගොළු,  බිහිරි, කොරව ,පිළුව අඩු පාඩු ඇතිව උපනත් කිසිකලක සත්ධර්ම සේවනයෙන් නම් දිවියට අඩුවක් නොවේවා !

සැමට  තෙරුවන් සරණයි.



Usual specifics
Title: Chattaleesakara Maha Vipassana Bhawanava
Author: Venerable Rerukane Chandavimala Thero
Genre: Dhamma AudioBook
Language: Sinhala/Pali
Read and Uploaded By: Tiraj Adikari

Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


Download Link : PDF Book , Audio Book

Sunday, July 8, 2012

මැවිලා පෙනේ වෙන්න තියෙන දේ !

මනමාල මහත්තයාව දුටු භික්‍ෂුවට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි' කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා.

'ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. 

මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ....

නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා.  මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි..... 
8 July 2012 , ඉන්ද්‍රජිත් සුබසිංහ , සතර අපායෙන් මිදෙමු II


^_^

Saturday, July 7, 2012

Dhamma Sermons by Venerable Ajahn Kalyano (MP3 Download - In Thai)

Venerable Ajahn Kalyano
© 2012 , Dhammagiri forest monastery
Venerable Ajahn Kalyano was born in London in 1962 as Daniel Jones. His interest in Buddhism awakened while still a student and after completing his university degree at Bristol University, he travelled to Thailand to pursue his dream. In 1985 he received ordination in the forest tradition of Ajahn Chah.

Ajahn Kalyano has trained for many years under Venerable Ajahn Anan, one of several disciples of Ajahn Chah who have become highly regarded as meditation masters in their own right. In 2000, Ajahn Kalyano was invited to establish the Ajahn Chah's forest lineage in Australia. He is now the abbot of Bodhivana Monastery in East Waburton, Victoria, Australia.

Usual specifics:
Author: Venerable Ajahn Kalyano
Genre: Buddhist Dharma Sermons
Language: Thai/Pali
Credits:  These Talks were made available for free Distribution by Buddha Bodhivana Monastery,East Waburton , Victoria , Australia.
Uploaded By: Tiraj Adikari
Copyright: All rights are reserved by the Buddha Bodhivana Monastery,East Waburton , Victoria , Australia.
  
Download/playback Information:
  • To download individual files right click and select save as from the menu.
  • To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu.
  • To listen online, select the file and click on play icon in the audio player located in the top right hand corner.
Download Link : Click Here

Reference: