Thursday, October 4, 2012

Monday, October 1, 2012

මුවින් මහනෙල් මල් සුවඳ හමන කුමාරවරු?? යනවා ඕයි යන්න ....

මුවින් මහනෙල් මල් සුවඳ හමන කුමාරවරු , පයේ රෝම ඇති සිටු පුත් වරු , ශරීරය නිල් මහනෙල් මල් කළඹක වර්ණය ඇති සිටු දියණි වරු , පංච කල්යානයෙන් යුක්ත එකසිය විසි වයස් ගියත් නව යව්වන පෙනුම ඇති අමිත භෝගී සිටු දියණි වරු ... අම්මට සිරි මේ කොහෙන් බැහැපු සෙට් එකක් ද? ඒලියන්ස් ල වගේ....

මිනිස්සු නම් වෙන්න බැහැ. බුද්ධාගම් පොත් වල තියෙන්නේ බොරු නේ ඔයි! මේ වගේ කට්ටිය ඒ කාලේ විතරද හිටියේ. ඇයි දැන් නැත්තේ මොකද? නිකන් පච ටෝක් දාන්න එපා ....

සාරාසංක්‍ය කල්ප ලක්ෂයකටම තථාගත සම්මා සම්බුදු බුදු වරුන් පහල වුයේ 28 නමක් පමණි. අසංඛ්‍ය යනු පුරාණ ක්‍රමය අනුව ගණන් කල හැකි උපරිම සංඛ්යාවය. එක ආචාර්ය මතයකට අනුව අසංඛ්‍ය පහත ලෙස විග්‍රහ කර ඇත. කල්පයක් යනු සතර ගවුවක් දිග පළල ඇති දිග , පළල , උස ඇති සතරැස් කොටුවකට අබැට පුරවා ශත වර්ෂයකට එක බැගින් ගෙන පිටතට දැමුවිට යම් කලෙක කොටුව සිස් වේද එයටත් වඩා දීර්ඝ කාලයය.

පුජාවලිය , 48 පිට 
මේ කාල මිනුමෙන් මැන සතර අසංඛ්‍ය කල්පයකුත් තවත් කල්ප ලක්ෂයකුත් යන අති දීර්ඝ වූ කාලය තුල මේ ලොව පහල වී වදාළේ ලොව පිරිසිඳ දැන වදාලාවූ තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේලා 28 නමක් පමණි. එවන් වූ සම්බුදු උපතක් අතිශයින්ම දුර්ලභය. අතිශයින්ම ආශ්චර්යය සහගතය. ලොව්හි ඇති අශ්චර්යමත්ම දෙය නම් තථාගත සම්මා සම්බුදුන් වහන්සේ නමකගේ උපතයි. අන් කිසිවක් නොවේමය...

එවන් වූ ආශ්චර්යවත් සම්බුදු රජාණන් වහන්සේලා කාලය ද්වීපය , දේශය , කුලය , මව යන පංච මහා විලෝකනයන් කොට තනිව පශ්චිම ආත්ම භාවයේ නුපදිත්. තමන් සමග එක්ව පින් කල , එක්ව ගැවසීමට ප්‍රර්ථනා කලාවූ , සසරින් එතෙර වීමට උන්වහන්සේම ප්‍රාර්ථනා කොට උන්වහන්සේම පිහිට කොට සසර සැරිසැරුවා වූ අසන්කෙයිය අපරිමේය මහා පින් ඇති සත්වයන් විශ්වයේ අනන්ත අපරිමේය ලෝකවලින් පැමිණ මේ මගුල් සක්වල , දිව්‍ය මනුෂ්‍ය භවයන්හි පිළිසිඳ ගනිත්.

බුදු උපතට නිසි කාලය පැමිණි කල්හි මනු ලොව බුද්ධ කෝලාහලයෙන් ඇලලී යත්. මනුෂ්‍යන් සත්‍යය නම් කුමක්ද? , ජිවිතයේ අරමුණ නම් කිම? , සැප දුකින් අන්‍යවූ අනිකක් ඇත්තේද? දැයි පෙර නුවූ විරු ලෙස විමසීමට පෙළබෙත්. දෙවියන් බුදු මගුලට සැරසෙත්. සදෙව් ලොවම , සියලු බ්‍රහ්ම ලෝකයන් භවාග්‍රය දක්වා බුද්ධ කෝලාහලයෙන් ඇලලී යත්.

බුදු පිරිස වීමට ප්‍රර්ථනා කොට කුසල් වැඩු පින්වතුන් මනු ලොව තම තමන්ගේ කර්මානුරුපව නිසි මවු කුස් හි පිළිසිඳ ගනිත්. ඔවුන්ගේ උපතට ගැලපෙන සේ සමාජයද සැකසී පවතී . මහ පින් ඇත්තෝ පාපී , දුර්ජන මව්නට පුත්ව , දුහිත්‍රව නුපදිත්. වැසිකිලි වලහි බිඟුන් නුපදින ලෙසිනි. වසුරු පිඩ කරා බමරුන් ආසක්ත නොවන ලෙසිනි.

පියොවින් සිල්වත් වූ , මාන ද්වේශ , ඉර්ශ්‍යා ආදී ක්ලේශ ධර්මයන් තම සන්තානයෙන් මනා ලෙස යටපත් කොට දැමුවා වූ , දානයෙහි අලුනාවූ , ප්‍රතිපත්ති ගරුක උතුම් මව්නට, පියවරුන්ට දාවම මෙවන් දරුවන් උපදිති. පෙර භවයන්හි දානයේ ඇලීමේ අනුසසින් මහ ධන ඇති රජ, සිටු කුල ම නිවෙස් වෙත්.

ඒ පශ්චිම භවික බෝසතුන් පිළිසිඳ ගනුයේ මෙවන් වූ සමාජයකය. ආශ්චර්යවත් බෝසත් වරයෙකු ඇසුරු කොට තවත් එවන් වූ ආශ්චර්යවත් සත්වයන් ලොව පහල වෙති. එකලට ඉහත ආකාරයේ සුවඳ විහිදවන මුව ඇති , උපන් විට පංච වර්ණ මල් වැසි වසිනා විශ්මිත ස්වභාව අති මනුෂ්‍යන් බිහි වීම අරුමයක් හෝ දුලබ දෙයක් නොවේ.

දැන් නම් පින්වත් කුමරියන් , කුමරුන් සිටිනුයේ කේන්දර කොලේ පමණි. පින්වත් මනුෂ්‍යයන්ට මවු පිය වීමට පියොවින් සිල්වත් වූ , මාන ද්වේශ , ඉර්ශ්‍යා ආදී ක්ලේශ ධර්මයන් තම සන්තානයෙන් මනා ලෙස යටපත් කොට දැමුවා වූ , දානයෙහි අලුනාවූ , ප්‍රතිපත්ති ගරුක සත්පුරුෂ දෙමවුපියන් ලංකාවේ සිටීද ? විහිළුවට වත් නැත.
එහෙව් එකේ මේ කාලේ ලංකාවේ කොහෙද මුවින් මහනෙල් මල් සුවඳ හමන මිනිස්සු ?

ප්‍රේතයනට , නේරයික සත්වයනට , තිරිසනුන්ට මවු වීමට නම් තම කුස සකස් කර ගෙන සිටින්නා වූ මවුන් නම් ගණනින් නිමක් නැත ලංකාවේ....

එහෙත්, එවන් වූ පුද්ගලයන් අදටද අතිශයින් දුර්ලභ නමුදු මනු ලොව සිටිත්. පින්වත් මනුෂ්‍යයන්ට මවු පිය වීමට පිළිවන් ආශ්චර්යමත් ප්‍රතිපත්ති ගරුක දෙමවුපියන් ..... සැප විඳීමට අතට පයට මෙහෙකරුවන් ගෙන් යුතු පරිසරයක් ... දෙවියන් සමාන අභිරූමත් ආර්ය ශරීර ලක්ෂණ වලින් යුතු දෙමාපියන් (අප්‍රිකාව අතහරිමු නේද ?) , දිවි දෙවෙනි කොට විමුක්තිය පිණිස කැපවූ කෝටි ගණනක් මිනිසුන් .... මෙහෙම තැනක් කොහෙද තාමත් තියෙන්නේ ? ඉස්සර ඉඳං තිබ්බ තැනම තමා......