Sunday, June 23, 2013

Japanese Drama-Oshin-おしん-(English Subtitles Download)



Yes, you read it correct folks. The long awaited English subtitles for the drama Oshin are in making by Keiko1981 and her team  @D-Addicts

For people who doesn't know (can there be anyone possibly out there?) Oshin (おしん) is a Japanese serialized morning television drama, which aired on broadcaster NHK from April 4, 1983 to March 31, 1984 and also aired in 59 countries to this date, with subtitles ranging from English, Hindi to Arabic.
  
The series follows the life of Shin Tanokura (田倉 しん) during the Meiji period up to the early 1980s. Shin was called "Oshin". In total, 297 15-minute episodes aired.  To this date, Oshin holds the record for the highest average rating in Japanese television history (52.6%). It also holds the record for the highest rating of a single episode (62.9%). Only the annual Kohaku Uta-Gassen, and specific special events have scored higher ratings.

To watch the whole series dubbed in Sinhala please follow this link.

English Subs Download Link: Here

Sunday, June 2, 2013

Korean Drama - Rooftop Prince - 옥탑방 왕세자 - (OST Download)

© 2012 wallpaperose.com
At the moment in the middle of watching the 15th episode of this drama. 5 more to go. So far its awesome to say the least. It managed to retain my attention episode after episode till now. My eyes are swollen after watching 10 consecutive episodes one after the other since yesterday. Thats about 10 hours of TV watching. But what the heck!. Im having fun.

I usually stay away from watching imperial period dramas such as Dae Jang Geum because they are really boring for my taste buds. For anyone who doesn't know, its the drama where actress Lee Young Ae staring as famous (infamous in Srilanka) Changumi. But an imperial drama with time travel , a murder mystery , love polygons , cry times , happy times and the best of all ... an always privileged bitch who makes you feel like standing up from the couch and give punch in her face .. You got that all checked. It has all. ? Well in that case how can I say NO! to this drama?.

Little background info:

Rooftop Prince (Hangul: 옥탑방 왕세자; RR: Oktab-bang Wangseja) is a 2012 South Korean fantasy romantic comedy television drama, starring Park Yuchun, Han Ji-min, Jeong Yu-mi,Lee Tae-sung, Lee Min-ho, Jung Suk-won and Choi Woo-shik. It is about a Joseon crown prince who, after his wife dies mysteriously, time travels to the future where he encounters familiar faces, modern-day devices, and corporate intrigue. It aired on Seoul Broadcasting System (SBS) from March 21 to May 24, 2012 on Wednesdays and Thursdays at 21:55 for 20 episodes.
(Wikipedia , 2012 )

Awards Received:
©2013 deviantART
2012 koreandrama.org‘s Awards : The Best Korean Drama of 2012
2012 SBS Drama Awards: Top Excellence Actress Awards (Drama Special), Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actor Awards (Drama Special), Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actress Awards (Drama Special), Jung Yoo Mi (Rooftop Prince)
2012 SBS Drama Awards: Viewer Popularity Actor Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Best Couple Awards, Park Yoo Chun & Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Han Ji Min (Rooftop Prince)
2012 1st German Remarkable Korean Awards: Best Korean Drama
2012 1st German Remarkable Korean Awards: Best Actor (Park Yuchun)
2012 1st K-Drama Star Awards: Excellence Award, Actress (Han Ji-min)
2012 5th Korea Drama Awards: Best Actress Award (Han Ji Min)
2012 7th Seoul International Drama Awards: Excellent Korean Drama
2012 7th Seoul International Drama Awards: People’s Choice Award (Korea) (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actor (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actress (Han Ji Min)
2012 Mnet 20′s Choice Awards: 20′s Drama Star (Female) (Han Ji Min)

(Korean Drama Org , 2012)

Here is a link if you want to download the OSTs for this drama. For anyone interested , I should say that I didn't like them. Not too bad. but not too good either. Still, dont take my words. Have a go and see.

By the way this is not the full set. Full set of OSTs came in 4 CDs and were complete with many instrumental tracks. Purchase them if you like the music. Its the right thing to do.

Saturday, June 1, 2013

Let go to get more


ටිරාජ් , ඇයි ඔය අඟල් 17 මොනිටර් දෙකක් ගහගෙන ඉන්නේ.මම ලොකු අඟල් 24 මොනිටර් දෙකක් ඔර්ඩර් කරන්නද ඔයාට ?

බොසී ගේ මුහුණ බැලූ මම හිස දෙපසට වැනුවෙමි ... ඒ එපා කීම බව ඇය දැන් දනී.

එහෙනම් ඔය පරණ ලැප්ටොප් එක වෙනුවට අලුත්. එකක් අරං දෙන්නද ?
මා පාවිච්චි කරන්නේ පරණ ඩෙල් 6400 කාණ්ඩයේ එකකි. අලුත් මාදිලිය ඩෙල්  6230 යි.SSD එකක් සමග ගත හැකි එය එය දැනට ඇති හොඳම හොඳ වර්ගයේ එකකි.

මම නැවතත් හිස දෙපසට වනා මඳ හසක් පෑවෙමි.
ඉට්ස් ඔකේ. මේ පාවිච්චි කරන එක දැනට හොඳයි. මේක කැඩුනොත් එකක් ගමු.

ඔයාට මැක් එකක් තියෙනවද ?
ඔව් . මම මේ කන්ඩෙම් කරලා දාල විසිකරලා තිබ්බ මැක් ප්‍රෝ එක පාවිච්චි කරනවා.
අපෝ ඕක විසි කරලා දාන්න. එහෙනම් මම ඔයාට අලුත් මැක් ප්‍රෝ ලැප්ටොප් එකක් ඔර්ඩර් කරන්නද ?

එපා බොසී. මේක තාම හොඳට වැඩ ... මේ බලන්න ...
ලිඩය හැර ඇයට පෙන්වූයෙමි.
ඒක හින්ද දැනට මේක හොඳයි.

මේ මාස කීපයකට පෙර සිදුවුවකි. මෙවැනි දේ මාසයකට වරක් පමණ සිදු වේ. ගිය සතියේ ඇය නැවත පැමිණ මා අසලින් හිඳ ගත්තාය.

මොකද්ද ඔයා පාවිච්චි කරන ෆෝන් එක. මා මගේ පෞද්ගලික අයි ෆොන් 4S එක ඇයට පෑවෙමි.
ආ ඕක ඔයාගේ ප්‍රයිවෙට් එකනේ. ඉන්න මම ඔයාට අලුත් අයි ෆෝන් 5 එකක් අරන් දෙන්නම්. වැඩ කරන කොට ඊ-මේල් එහෙම බලන්න ඕන වෙනවා නේ ..
මොකටද කැමති ? අයි ෆෝන් 5 ටද සැම්සුන්ග් අලුත් එකටද ?

ඩෝන්ට් වොරි. මම සැම්සුන්ග් වලට නම් වැඩිය කැමැත්තක් නැහැ. මට වැඩට පාවිච්චි කරන්න දැනට දීල තියෙන නොකිය එක හොඳයි. (මෙය තියෙන ලාබම වර්ගයේ නොකියා ෆෝනයකි. කැඩී ඇති පිටුපස කවරය එහි නිසි තැන රඳවා ඇත්තේ සෙලෝ ටේප් වලිනි ) .

කිහිප අවස්තාවක විවිධ දේ දීමට හැදුවත් මගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වූ පරිදි නොවූ හෙයින් කෙමෙන් ඇය විස්මයට සහ යම් පමණකට අසහනයකට පත්වුවා විය හැකිය. මම කොහොමද ඔයාව බලාගන්නේ , දෙන්න හදන හැම එකම එපා කියනවනේ යි ආඩපාලි යක් විසුලුවෙන් මෙන් කියමින් ඇය නික්ම කියාය.

මා මහා මෝඩයෙකු ලෙස මෙය කියවන්නෙකුට ද හැඟී යා හැකිය.

අලුත්ම අලුත් ලැප්ටොප් , ෆෝන් , ස්ක්‍රීන් ලඟට පැමිණ නිකන් ම ඉල්ලන්නෙත් නැතිව බලෙන් මෙන් දීමට යනකොටත් එපා කියන මෝඩයෙක් මෙලොව නම් සිටීමට නොහැක.

වැඩ කරන තැන අනිකුන් නම් ඇයගෙන් මෙවැනි දේ ඉල්ලා නාහෙන් අඬති. ලොකු මොනිටර්ලබාගැනීමට විවිධ , නානාප්‍රකාර හේතු හද හදා ඉදිරිපත් කරති. අලුත් අයි ෆෝනයක් , ලැප්ටොප් එකක් දුන් විට සතුටින් ඉපිලෙති. ඒත් මම ?
බලෙන් දෙන්න හදත්දිත් එපා කියයි.

පොඩි කතාවක් තියෙනවා

පෙර ( මාගම විය යුතුයි. හරියට තැන මතක නැත ) තෙරුන් වහන්සේ නමක් ස්වකිය ගමේ වස් විසීය. මේ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර කැවුම් වැළඳීමට මහත් අභි රුචියක් දැක්වූවෙකි. එගම වසන උන්වහන්සේගේ මව , ස්වකිය පුත්‍රයා වස් විසු බව දැන පසුදින පිණ්ඩපාතය සඳහා විශාල කැවුම් පැසක් පිළියෙළ කලාය . පසුදින පිණ්ඩපාතයට තම පුත්‍රයා වඩිනා විට පිළියෙළ කල කැවුම් සියල්ල රැගෙන ඔහු ඉදිරියට ගිය ඇය මෙසේ සිතුවාය.

දැන් මෙහි පිඬු පිණිස වඩින්නේ මාගේ පුත්‍රයා නොව තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළි ගැනීමේ තරම දනිත් නම් මේ වස්කාලය පුරාවටම උන්වහන්සේට මම දිනපතා කැවුම් සාදා පුජා කරමි. නොදනිත් නම් මේ කැවුම් පුජාව මෙතෙකින් කෙළවර වන්නේය.

පිඬු පිණිස වැඩ පාත්‍රය විවුර්ත කල කල්හි මව තම පැස හැර එහි කැවුම් දැමීමට පටන් ගත්තාය. දායකයා දෙන තරමක් නොගෙන , තම පමණට , යැපීමට තරම් ආහාර ලැබුණු කල්හි පාත්‍රය වසා දායකයා වැළැක්වීම සාමාන්‍ය සිරිතයි. එමගින් දායකයාගේ යැපීම පිණිසද යම් ආහාර ප්‍රමාණයක් ඉතිරි වේ. කැවුමට ලොබ බැදි තෙරුන් කැවුම් සියල්ලම එපා නොකියා පිළිගෙන විහාරයට වැඩියේය. තම පුත්‍රයා ගැනීමෙහි තරම , සීමාව නොදත් බව වටහා ගත් මවගේ කැවුම් පිසීම එතකින් කෙළවර විය. තම තෘෂ්ණාව නිසා දිනපතා ලැබීමට තිබු ප්‍රනීත ආහාරය ද භික්ෂුවට අහිමිව ගියේය.

මෙයින් ගැනීමට ඇති ආදර්ශය නම් , දෙන දෙන තරමක් පිලි ගන්නා , කොතෙක් දුන්නත් ඇතියි නොකියන්නා වූ තෘෂ්ණා භරිත තැනැත්තා ස්වකිය දෙමාපියන්ට වුවද අප්‍රිය වන බවයි.

මෙයට සමාන දෙයක් මටද සිදුවී ඇත. වැඩකරන ස්ථානයට මා සාමාන්‍යයෙන් චොකලට් ටොෆි හෝ අන්කිසි රස කෑමක් ගෙන යන්නෙමි. සියලු සත්වයෝ රසයට කැමැත්තෝය. රසවත් දෙය දෙන්නා රසවත් දෙයක් ම ලබයි යනු බුද්ධ වචන වන්නේය. සාමාන්‍යයෙන් එක පැකට් එකක ටොපි 20ක් පමණ ඇති නිසා එය සාමාන්‍යයෙන් නම් දින කීපයකට සෑහේ. පැකට් එක කඩා බඳුනක තබා මේසය මත තැබූ විට මා පමණක් නොව ඔපිස් කාමරයට යන එන කවුරුත් එයින් එකක් රැගෙන කකා යති.

එකල මා සමග වැඩ කල මනුෂයෙක් විය. ටොපි බඳුන මේසය මත තැබූ විට එහි එන ඔහු එකක් ඉවර වෙන විට එකක් වශයෙන් ගෙන පැය කීපයකින් බඳුන හිස් කරයි. බොහෝ විට පැකට් එකම කන්නේ ඔහු පමණකි. සැම දිනම ටොපි කන ඔහු කිසි දිනයක තමන් කිසිවක් රැගෙන විත් අන් අය සමග බෙදාගෙන කන්නෙක් නම් නොවීය. දින කීපයක් මෙය සිදු වූ පසු මා එක දිනක් පරීක්ෂණයක් කිරීමට සිතා ගත්තෙමි. ටොපි බෑග් 4ක් (ටොපි 80 පමණ ) ගත් මා එදින බඳුන අවසන් වෙන වාරයක් පාසා එය පිරවුයේ ඔහුගේ ගැනීමේ තරම පිරික්සා බැලීමටය. දිනය හමාර වන විට ඔහු බෑග් 4ම කා හමාරය. ගැනීමෙහි තරම් නොදත් ඔහු නිසා මාගේ ඔපිසියට චොකලට් රැගෙන යාම එතෙකින් සමාප්ත විය.

ගැනීමෙහි තරම නොදත් කපුටෙකු මෙන් ගසා කන්නාවූ තැනැත්තේ සියල්ලන්ටම අප්‍රිය වන්නේය.

මෙහි විරුද්ධ පැත්තක් ද ඇත. එය එක්තරා ධර්ම ස්වභාවයකි. ගුප්ත මනුෂ්‍ය ස්වභාවයකි. එනම්කිසිවක් නොපිළිගන්නා වූ , කිසිවක් නොඉල්ලන , කිසිවකට තෘෂ්ණාවක් නැති අයෙකු හට මනුෂ්‍යයන් යමක් දීමට ඇති කැමැත්තයි. අනේ මේක ගන්න. මට අනුකම්පා කරලා මගෙන් මේක අරගන්න කියමින් වදෙන් පොරෙන් , බලෙන් මෙන් කිසිවක් නොඉල්ලන තැනැත්තා වෙත යමක් දීමට මනුෂ්‍යයෝ පොරකති.

මා සමාජය සහ මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කොට වටහා ගෙන ඇති යමක් ඇත්තේය. කෙටියෙන් පවසතොත් එය මෙසේ වේ. Let go, to get more.

මෙහි තේරුම කුමක්ද ? අතහරින්න. එවිට වැඩියෙන් ලැබේවි. එනම් තමන්ට අවශ්‍යම යමක් වේද ? එය අත හරින්න. එවිට එය දසගුන , සිය ගුණ වී තමන් ළඟටම නිරායාසයෙන් ම පැමිණේවි.

මිනිසුන් නොකරන්නේත් මෙයමය. මක්නිසාද යත් එය සාමාන්‍ය තර්ක බුද්ධියට පටහැනිව යන බැවිනි. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ "අඬන්න ඕන කිරි එරෙන්න" යන්නයි. එනම් හැකි කුමන ක්‍රමයකින් හෝ ලබාගැනීමේ ක්‍රම වේදයයි. රළු , ඔල මොළ යම් පමණකට සැහැසි ක්‍රමයක් වන මෙය ඉක්මන්ය. නමුත් ඒ ලැබෙන දෙයත් සමග තමන්ගෙන් නික්ම යන්නේ ආත්ම ගරුත්වයයි. අනිකෙකු තමන් වෙත දක්වන ගෞරවයයි.

මෙයට ප්‍රතිවිරුද්ධ වූ සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන් සියල්ල ලැබීම ඉතා සියුම් , කර්මයට අනුකුල වූ ධර්මතාවයකි. එය ඉක්මන් ක්‍රමයක් නොවේ. නමුත් එවිට මිනිසුන් ඔබ වෙත ඔබට අවශ්‍ය කරන සියල්ල ලබාදෙන්නේ ඉතාමත් කැමැත්තෙනි. ගෞරවයෙනි. බොහෝ වාර වල එහි ප්‍රත්‍යක්ෂ තාවය අත් දැක ඇත්තෙමි. වැඳලා ලඟට ගෞරවයෙන් ගෙනත් දෙන දේ බලෙන් අරගෙන චා වෙන්නේ මොකටද ?

මෙය භෞතික දෙයට සිමා වුවක් නොවේ. යමෙකුගෙන් ආදරය අවැසි නම් පෙරලා ඉල්ලීමක් නොමැතිව ආදරය ලබා දෙන්න. ගෞරවය අවැසි නම් එය නොඉල්ලන්න. අභිමානය ඉවත දමන්න. සියල්ලන්ට පාබිස්නක් වන්න. නිහතමානයේ කෙලවරට යන්න. ගෞරවය ඕනෑවටත් වඩා ලැබේවි. ප්‍රසිද්ධිය අවශ්‍ය නම් ප්‍රසිද්දිය ඉවත දමන්න. අප්‍රසිද්ධියේ ජනයාට හිත සුව පිණිස යෙදෙන්න. වෙලාව පැමිණි විට ප්‍රසිද්ධිය නොවරදවාම ලැබේවි.

තව මේ හා සම්බන්ධ සැඟවුණු කරුණු බොහෝ ඇත. කල්පනා කොට බලා අවබෝධ කර ගන්න.