Showing posts with label හිතෙන හැටි. Show all posts
Showing posts with label හිතෙන හැටි. Show all posts

Monday, February 13, 2017

මිල පාලනය

සියලු විද්‍යා වල සමානකමක් ඇත. කෙනෙක් විසින් හාන්සිපුටුවක වාඩිවී යමක් කල්පනා කර යම්කිසි මුලධර්මයක් ඉදිරිපත් කරනු ලබයි. ඉන්පසුව ඔහු හෝ වෙනත් පිරිසක් පරීක්ෂණ , නිරීක්ෂණ කර එම මුලධර්මය ගැන නිගමනයකට එළඹෙති. ආර්ථික විද්‍යාවද විද්‍යාවකි. කලින් කලට  විවිධ මිනිසුන් විවිධ ආර්ථික විද්‍යා මුලධර්ම ඉදිරිපත් කරති. නැතහොත්  අනාදිමත් කාලයක සිට මිනිසුන් අතර ජනප්‍රිය මුලධර්ම විවිධ මුහුණු වලින් කරලියට පැමිණේ. (උදා : රොබින්හූඩ් න්‍යාය - පෝසතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දී ආදායම් විෂමතාවය නැති කිරීම , ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය  ). 

විවිධ රජයන් විසින් විවිධ කාල වලදී මෙම මුලධර්ම අත්හදා බලති.  ඇතැම් න්‍යායන් සාර්ථක ව පරීක්ෂණය සමත්වන අතර  ඇතැම් න්‍යායන් අසාර්ථක වේ. මිල පාලනයද ඉතිහාසයේ  නොයෙක්වර විවිධ රජයන් විසින්  ක්‍රියාත්මක කිරීමට උත්සාහ කල     මන්බඳිනා සුළු එහෙත් ඉතිහාසයේ නැවත නැවතත්  අතිශයින්ම අසාර්ථක වූ ආර්ථික විද්‍යා සිධාන්තයකි.

Economic facts and fallacies නම් පොතේ තෝමස් සෝවෙල් මෙයට උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ නගර වල ඉතිහාසයේ ක්‍රියාත්මක වූ  නිවාස කුලී පාලනය (rent control ) විග්‍රහ කර ඇත.  එහි පසුබිම් කතාව මෙසේ වේ. 
.   
  • නිවාස කුලී මිල  ඉහල නැගීම නිසා  දුප්පත් ජනතාවට නිවසක් ලබා ගැනීම අසීරු විය. 
  • නිවසක්  කුලියට ගැනීමට  තරම් මුදලක් නැති ජනතාවගේ ඉල්ලීම මත ප්‍රාන්ත ආණ්ඩු විසින් නිවාස කුලී පාලනය ක්‍රියාත්මක කරන ලදී.
  • මේ ක්‍රමය යටතේ  කුලියට නිවාස දීමේදී යම්කිසි පරාසයක වූ නිවාස සඳහා උපරිම  කුලී මිලක් නියම කරන ලද අතර  එය නියාමනය කිරීමත්  වැඩියෙන් කුලී අයකරන නිවාස හිමියන්  හට දඬුවම් දීමත් සිදු කරන ලදී. 
  • මේ නියාමනය සඳහා වෙනම  විචිත්‍ර රාජ්‍ය ආයතන සමුහයක් ද අලුතෙන්ම ස්ථාපනය කරන ලදී.
දුප්පත් මිනිසුන්ට යහපතක් වෙන  "හරි ශෝක්" දෙයක් මෙන් පෙනුනත් අවසානයේ සිදුවුයේ මෙයයි.

  • ලැබෙන කුලී මිල සහ  වෙන කරදර නිවෙස් නඩත්තුවට  ප්‍රමාණවත් නොවේ යැයි සිතු නිවෙස් හිමියන්   විසින් තම නිවෙස්  කුලියට දීමට  ලියාපදිංචි කිරීමෙන්  වැළකිනි.
  • නිවාස වසා තිබෙනවාට වඩා කුලියට දීමෙන් කියක් වත් ලැබේ යයි සිතු නිවෙස් කීපයක් හිමි  නිවෙස් හිමියන් තම නිවෙස් කුලියට දීමට ආණ්ඩුවේ ලියාපදිංචි කරන ලද  නමුත් ලැබෙන මුදල නිවෙස් නඩත්තුවට  තරම් ප්‍රමාණවත් නොවුන නිසා  එම නිවාස නඩත්තුවකින් තොරව වසර ගණනාවක් කුලියට දෙන ලදී. 
  • අලුතෙන් නිවාස හදා කුලියට දෙන ආයතන , නියාමනයට යටත් වෙන නිවාස නිපදවීමෙන් වැළකුණු අතර , නියාමයට යටත්  නොවෙන අධි මිල සුඛෝප භෝගී VIP  නිවාස පමණක් අලුතෙන් කුලියට දීම සඳහා  නිපදවිණි.
මේ නිවාස කුලී පාලනය ස්ථාපිත කර  වසර කීපයක් යන විට පැනනැගුන තත්වය පහත දැක්වේ 

  • අලුතෙන් නිවාස කුලියට දෙන ප්‍රමාණය  දැඩි  ලෙස පහත වැටුන අතර උග්‍ර කුලී නිවාස හිඟයක් ඇතිවිය. කුලී නිවාස ලබා ගැනීම සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන ගොඩ නැගුන අතර ඇතැම්  පාරිභෝගිකයන් හට  වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිටීමට සිදුවිය. 
  • පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට සිදු වූ අතර ඒ පරීක්ෂණ වලින් සමත් වීම එන්න එන්නම අසීරු විය.  එම නිසා බොහෝ පිරිසකට මදක් වැඩි මිලක් ගෙවා හෝ  කුලී නිවසක් ගැනීම සිහිනයක් විය.
  • නඩත්තුවකින් තොරව වසර ගණනාවක් යාම නිසා කුලී නිවාස අතිශයින් අබලන් තත්වයට පත් වින. නමුත් මිල පාලනය යටතේ ඒ ගරා වැටුන නිවාස  (නිවසේ ස්වභාවය අනුව මිල අඩුවිය යුතුව තිබුන නමුත්  ) තිබු මිලටම  කුලියට දෙන ලද්දේ මිල රජය විසින් තීරණය කරන ලද නිසාය. 
  • නියාමනයට යටත් නොවෙන  අධි මිල සුඛෝප භෝගී නිවාස රාශියක් වෙළඳපොළට පැමිණි නමුත්  මිල පාලනයෙන්  යහපතක් කිරීමට උත්සාහ කල දුප්පත් ජනතාවට ඒ නිවාස වල කුලී මිල දරා ගැනීමට නොහැකි වීම නිසා ඒවායෙන් වැඩි පලක් ඔවුන්ට නොවිනි.  
  •  මිල පාලනය නියාමනය කිරීමට පිහිටවූ රාජ්‍ය ආයතන කිසිම එලදායකත්වයක් සමාජයට නොදෙන  ජනතාවගේ බදු මුදල් කාබාසිනියා වෙන සුදු අලි බවට පත් විය


අන්තිමේදී  මිල පාලනයෙන්  ලාබෙට නිවසක් ගැනීමට  උත්සාහ කල දුප්පත් ජනතාවට වසර ගණනාවක්  පොරොත්තු ලේඛන වල සිට ,  ගරා වැටුන නිවාස  වල ට නොසෑහෙන මුදලක් ගෙවමින්  මීයන් මෙන් දිවි ගෙවන්නට සිදුවිය. පොරොත්තු ලේඛන වල ට නම ඇතුලත් කරගැනීම  සඳහා යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමට අසමත් වූ මිනිසුන්ට පාර උරුම විය නැතහොත් උපයන සියල්ලම නොකා නොබී අධි මිල සුඛෝප භෝගී නිවාස  වල කුලී ගෙවීමට වැයවින.

සමාන කමක් දුටුවාද ? හාස්‍යයට කරුණ නම් ඉතිහාසයේ  නානාප්‍රකාර රජයන් විසින් ක්‍රියාත්මක කර අසාර්තක  බව ඔප්පු කරන ලද ආර්ථික විද්‍යා මුලධර්ම නැවත නැවතත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා පිරිස් අඩුවක් නැතිව කොතැනත් සිටීමයි. 

Those who do not learn from history are doomed to repeat it - George Santayana 

Tuesday, December 20, 2016

වොරන් බෆට් ලංකාවේ උන්නා නං ...

මාමා - ආ කොහොමද අදත් මේ පැත්තේ ඇවිල්ල වගේ

වොරන් - ඔව් මාමේ , සුසී නංගිව බලන්න කියල ආව. ඕමි අතක් බලනවයි ? 

මාමා -  හොඳා හොඳා , අද බැහැ.   මෙහෙන් පොඩ්ඩක් වාඩි උනානං. මං මේ කාරණයක් ගැන  කථා කරන්න තමා හිතන් හිටියේ. පුතා දැන් මොනවාද කරන්නේ ?

වොරන් - ඒ කිව්වේ මාමේ 

මාමා -  මං මේ කිව්වේ රස්සාව ගැන එහෙම 

වොරන් -   දැනට නං රස්සාවක් කරන්නේ නැහැ මාමේ.  

මාමා -  දැන් ඔය එතකොට ඔය උදේට උදේට යන්නේ 

වොරන් -  ආ ඒ මම බෙන්ජමින් සර් ගාව වැඩ ඉගෙනගන්නවා. ඒකට ගෙවන්නේ නැහැ කියක්වත්

මාමා - එහෙමද ? ඔය බෙන්ජමින්ල අඩු කුලේ එවුං. කුණු ලෝබයෝ. ඒක වෙන්නැති කීයක්වත් නොදෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ එතනම රස්සාවක් ලැබෙයි නේද ?

වොරන් - නැහැ මාමේ මම එතන දිගටම ඉන්න කල්පනාවක් නැහැ.  වැඩ ඉගෙනගෙන ගමට යන්න තමා හිතං ඉන්නේ 

මාමා -  කොළඹ දාල ආයි ගමට ගිහිල්ල මොනව කරන්නද ?

වොරන් -  මගේම පොඩි වැඩක් සුළුවෙන් පටං ගන්න තමයි හිතං ඉන්නේ.

මාමා - කලිං වෙන රස්සාවක් කරලා තියෙනවද ?

වොරන් -  එහෙමත් කියල නෑ මාමේ. ඉස්සර අක්කරේ වත්තේ වැටිච්ච පොල් අහුලලා වික්කා. ඊට පස්සේ පරණ ජැක් පොට් මැසින් දෙක තුනක් හන්දියේ බාබර් සාපුවේ දැම්මා. කොළඹ ආවට පස්සේ  ලංකාදීපේ බෙදුවා. ඔයවගේ වැඩ තමා කලේ.

මාමා - ඉගෙනගෙන එහෙම නෑ වගේ නේද ? නැත්නං ඔහොමත් වැඩ කරාවිය !

වොරන් - ජයවර්ධණපුරෙන් මැනේජ්මන්ට් උපාදියක් තියෙනවා  මාමේ 

මාමා - හප්පට සිරි එහෙමද. එත් වැඩක් තියේ හරිහමං රස්සාවක් වත් නැති කොට  !  ඉස්තිර රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

වොරන් -  නෑ මාමේ ගමේ මගේම දෙයක් සුළුවෙන් පටං ගන්න තමා අදහස 

මාමා - පුතා තරහ වෙන්න එපා, මගේ දුවට හොඳක් වෙන දෙයක් කරලා දෙන්න තමා අපේ අදහස. දැනටමත් ගාල්ලේ කච්චේරියේ පැන්ෂන් එහෙම තියෙන ලියන මහත්තයෙක් දුව ගැන අහල එවල තියනවා. අපේ අදහස ඒ කටයුත්ත කරලා දෙන්න. ඉස්තිර රස්සාවක් වත් නැති පොල් අහුලපු , පත්තර බෙදපු කොල්ලෙක්ට අපේ දුව දෙන්න නං අපේ තුං හිතක වත් අදහසක් නැහැ.  ආයි මේ පැත්තේ නාවට කාරි නෑ එහෙනං.  

Sunday, July 10, 2016

අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why ?


අපේ සමහරක් අය රට, ජාතිය ,සත්ව හිංසනය, මානව සම්පත් කළමනාකරණය ගැන බොක්කෙන් කතා කරනවා නමුත් තමන්ගේ වගකීම රැකියවේදී, වහනය පදවන විට ඉටු කරන්නේ නැහැ .  අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why මෙහෙම වන්නේ ඇයි ? - SPJ


එයට මුලික හේතුව කුහක කම. සමාජයක් වශයෙන්ම මෙහෙම කුහක වීමට හේතුව පරම්පරා කීපයක් තිස්සේ දරුවන්ට ළමා කාලයේදී එකිනෙකට වෙනස් අදහස් ඉගැන්වීම. උදාහරණ විදියට

1. බොරු කියන්න එපා කියන අම්මම ඉස්කෝලේ ඇඩ්මිෂන් එකේදී බොරු කියන්න උගන්වනව
2. සිගරට් , අරක්කු බොන්න එපා කියන තාත්තා හවසට යාලුවෝ එක්ක බොන පාටි දාන්නේ ගෙදර
3. පාරේ ටොපි කොළ දාන්න එපා කියල තාත්ත හවසට කුණු එක එහා ගෙදර මිනිහගේ ගේට්ටුව ගාව දාල එනවා
4. හොරකම් කරන්න එපා කියල, අවංක වීම ගැන උගන්වලා  කඩේ මුදලාලි වැඩිපුර දුන්න මාරුකාසි සාක්කුවේ දාගෙන එනවා
5. වැඩිහිටියන්ට සලකමු , මාතු පාදං, පීතු පාදං  නමාමි  කියල ළමයට උගන්නල සියා , ආච්චි වැඩිහිට නිවාසෙක දාල ගෙදර එනවා
6. කුණුහරප කීම නරකයි කියල ළමයට කිව්වට ගෙදර දෙමව්පියෝ ගෝරි යන්නේ අමු කුණුහරපෙන්
etc

මෙහෙම ද්විවිධ සිග්නල් කුඩා කාලයේ සිටම ළමා මනසට ගියහම ඒ ළමයට කීම සහ කිරීම කියන්නේ එකිනෙකට වෙනස් එකිනෙකට සම්බන්ධ නොවුන ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඔහු වැඩිවියේදී සමාජයට එකතු වෙන්නේ යථා වාදී තථා කාරී නුවුන කුහකයෙක් විදියට. මෙය තමා ලාංකික සමාජයේ දේශපාලකයාගේ සිට හිඟන්නා දක්වා විහිද ගොස් ඇති එකම කේධවාචකය.

සමාජයට බැන වැදිලා , චන්දයෙන් චන්දයට  වෙනත් දේශපාලකයෙක්ට කතිරේ ගහල මෙය වෙනස් කරන්න බැහැ. මෙය තමන්ගෙන් , තමන්ගේ කැපවීම හරහා   දරුවන් ට ලබා දෙන ආදර්ශය හරහාම  ආපසු  හැරවිය හැකි දෙයක් පමණයි 

Tuesday, July 5, 2016

Australian housing bubble. When will it PoP!

Is it a good time to buy a home? Not really. Let’s see why.

For first time home buyers, It’s worth waiting for few more months or a year to get a great bargain. Well, it cannot be called a bargain, just a fair value for a normal dwelling. 

If first-time home investors are thinking of purchasing a second home for renting, it’s going to be a sad way of investing their capital. Reduction of interest rates and easy financing motivate more home renters to be home buyers. This leads to few renters chasing more rental properties which according to supply and demand will bring the rent prices down.  Furthermore, purchasing in a middle of a housing bubble makes investors pay exuberant monthly payment on a mortgage while pocketing less and less rental income, generating a negative cash flow each end of the month.  On top of that, seeing the perceived value of your home going down is not a pleasant experience. I used the term perceived value in here because, the reduction in price will be temporary and it will go up again, which I have explained in the last paragraph.  

Housing bubbles are formed when easy credit is available. But sustaining a bubble (to make the prices go up and up) is made possible by the acceleration of signing in to new mortgages.  Therefore, having a constant mortgage signing numbers is not sufficient enough to sustain a bubble. Mortgage signing numbers has to grow positively. When banks tighten their lending policies, increase initial deposit amounts and place barriers for foreign nationals to enter in to the housing market, it will cause acceleration to go negative. This negative acceleration takes some time to leak in to the economy and to housing market and I believe 2017 will be the time it will show up as a great reduction to house price tags.

Australian government's take on this matter will be pretty obvious though. Since some time, many countries are avoiding and postponing a contraction in their economy which are by the way natural in a capitalist economy as a boom-bust cycles through deficit spending and facilitating easy credit. I believe it will continue to happen in this time too. So there will be a temporary reduction in housing prices for 1 or 2 years and then it will start raging ahead again.  So a good time to buy is in late 2016 to mid 2017. If you miss that window , you may have to wait for 4-7 years more to get a sweeter deal.

To grow GDP and to provide jobs, government will encourage more housing projects in various ways and we all know where that’s going to end. You won’t need to go to China to see Ghost cities and Suburbs. YeY !! ?

Wednesday, March 30, 2016

අනාගතයට සැරසීම

මිතුරනේ , උද්ධමන අවස්තාවක මුදලේ අවප්‍රමාණ වීම රේඛියව කලින් කීමට හැකි ආකාරයෙන් (predictable ) සිදුවෙන දෙයක් නොවේ. මුදලේ අවප්‍රමාණ වීමේ යම් අවස්ථාවකදී භාණ්ඩ හිමිකරුවන් අනාගත මහාපරිමාණ ලාභ බලාපොරොත්තුවෙන් තම භාණ්ඩ සැඟවීමට උත්සාහ කිරීම නිසා දින කීපයක් ඇතුලත උද්ධමන අගය එක විටම විශාල ප්‍රමානිකව ඉහල නැගීම සිදුවේ. එම නිසා රජයෙන් නිකුත් කරන උද්ධමන නිල දත්ත සහ බිම් මට්ටමේ යතාර්ථය අතර විශාල වෙනසක් ඇතිවීම සිදුවේ. සරලව කිවහොත් අද රුපියල් 60 ක් වන පාන් ගෙඩියක හෙට මිල රුප්යල් 350 ක් සහ අනිද්දා 600 වීමට ඉඩ ඇත. කූරක ආකාරයෙන් ප්‍රස්ථාරයේ පෙන්වන්නේ එයයි.

ලක්ෂ ගණනින් මුදල් බැංකුවේ තිබුනත් එම මුදලේ වටිනාකමක් නැත්නම් ඒවා නිකන්ම නිකන් අංක පමණයි. අවස්ථානුකුලව තමන් ගේ අනාගතයට කර ඇති ඉතිරි කිරීම් වල සුරක්ෂිත භාවය සඳහා ඒවා උද්ධමනයෙන් බලපෑමක් නොවෙන දිර්ඝකාලින ආයෝජන (inflation hedge) සඳහා මාරු කිරීමට කල් නොගන්න.

මගේ අවබෝධයේ හැටියට රත්රන් මේ අවස්ථාවේ සාමාන්‍ය මිනිසුන්ට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ඇති හොඳ උද්ධමන ආරක්ෂණයක් වේවි. ඊට අමතරව විදේශ මුදල් ගැනද සිත යොමු කිරීම සුදුසුයි. වගා නොකරන ඉඩම් වල මුදල් ආයෝජනය උද්ධමන වකවානුවේ මධ්‍යම අවධියේ කිරීම සුදුසුයි. ඒ , ඔබට ඒ සඳහා ආයෝජනය කිරීමට ක්ෂණිකව මාරුකළ හැකි මාධ්‍යයකින් (high liquidity) ඔබගේ වත්කම් පැවතුනොත් පමණයි.

වැඩිදුර පැහැදිලිකිරීම් වලට නොයන්නේ එය දේශපාලනික අර්ථයකින් ගැනීමට ඇතැමුන් පෙලෙබේ යයි සිතෙන නිසාය.

මගේ අදහසට වෙනස් අදහසක් ඔබට තිබේ නම් කරුණාකර පහත ලියා දක්වන්න.

Wednesday, November 18, 2015

මෙම්බශිප් කාඩ් එක

පිටකොටුවට පොඩි බඩු වගයක් ගන්න ගිය  වෙලේ වැස්ස වැටෙන්න පටං ගත්ත නිසා ගුණසේන පොත් සාප්පුවට රිංගුවා. 

එහෙං මෙහෙං බලනකොට හොඳ පොත් කීපයක්ම දැක්ක නිසා පොත් 4ක් 5 ක්  මිලදී ගන්න අතේ තියාගෙන ඉන්නකොට   පනාව දාගෙන හොඳ පෙනුම තියෙන කාන්තාවක්  අහසින් පාත් උනා වගේ සම්ප්‍රාප්ත උනා.


කාන්තාව :  සර් ට අපේ කාඩ් එක තියෙනවද ?

මම :  (බෑග් එක කවුන්ටරේ තැබීමෙන් පසු ලැබුන කාඩ් පත පෙන්වමින් .. ගොනා පාර්ට් රඟපාමින්  ) මේකද ? 

කාන්තාව : අයියෝ නෑ සර් අපේ මෙම්බ ෂිප් කාඩ් එක. ඒකෙන් ගන්න හැම පොතකටම 2% ක් ම ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා. 

මම : ආ ඇත්තද !

කාන්තාව : සර් අපේ ෂොප් එකට නිතර එනවද ?

මම :  නෑ අනේ. කලාතුරකින් තමයි එන්නේ. (පිටත වැස්ස දෙස බලමින් ) වෙන යන්න තැනක් නැත්නම්  

කාන්තාව :  එහෙනං සර් අපි මෙම්බ ෂිප් කාඩ් එකකට ඇප්ලයි කරමුද ?

මම : ආ .. ඔහොම ඉන්නකෝ බලන්න.... සියට දෙකයි නේද කිව්වේ ? එතකොට දාහකට  රුපියල් 20. ලක්ෂෙකට  රුපියල් 2000.  මට ලක්ෂෙක පොත් ගන්න තව අවුරුදු 10 වත් යාවි. එතකොට රුපියල් 2000 ක වාසියක් ලබන්න මට අවුරුදු 10 ක් සහ රුපියල් ලක්ෂයක් මෙතනට කැප කරන්න වෙනවා .... 

කාන්තාව :  හි හි 

මම : අනිත් අතට , මම සාමාන්‍යයෙන් පොත් ගන්න යන මරදානේ තැන්වල 20% - 30% ඩිස්කවුන්ට් මට හැමදාම ලැබෙනවා.

කාන්තාව :   ඒ කොහෙද ඒ ?

මම : දයාවංශ ජයකොඩි , ගොඩගේ , ආරිය වගේ තැන් 

කාන්තාව :  ඒ පොත් ගොඩක් ගත්තොත් නේ !

මම :  නැහැ .. එක පොතක් ගත්තත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රකාශකයෙක් 30% ක ඩිස්කවුන්ට් එකකට තමයි කඩ වලට පොත් දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් ප්‍රකාෂකයගෙන්ම ඇවිල්ල ගන්නකොට ඒ ඩිස්කවුන්ට් එක ඒ විදියටම නොවුනත් 20% වත් කස්ටමර් ට දෙන එක නේද සදාචාරය.  

දැන් බලන්න මෙතන ඔයගොල්ලෝ ප්‍රකාශ කරන පොත් 100 ක් ගත්තත් සත පහක ඩිස්කවුන්ට් එකක් නෑ නේ. එහෙම පාරිභෝගිකයෝ ගසා කන ගමං , ඒ අයව රවට්ටන්න හිතාගෙන  2% කේ  සිනි බෝල  දෙන්න හදන වැඩේ නං කුජීතයි. 

දහ  දාහක්ම පොත් මෙතනින් ගත්තොත් මට ඩිස්කවුන්ට් ලැබෙන්නේ රුපියල් 200. රුපියල් දෙසිය කියන්නේ මොකද්ද !! මම ඊයේ ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා රුපියල් දෙසිය විස්සකට.  බලං ගියාම  ඔයගොල්ලොන්ගේ කාඩ්   එකෙන් එහෙමවත් ප්‍රයෝජනයක් නෑ නේ 

කාන්තාව :   අන්තරස්දාන විය 

Sunday, July 12, 2015

ගැස්ට්‍රයිටිස් සහ තේ

මා මේ සති අන්තයේ කැසිල්ල හින්ද ගැස්ට්‍රයිටිස් ගැන ලිපියක් ලියමින් හිටියේ. ඒ ලියන අතරේ  අතුරු කොටසක් ලෙස තේ ගැන ලියන්න ගියාම තමයි තේ-රුනේ , තේ ගැන කොච්චර ලියන්න දේවල් තියෙනවද කියල. ඒක හින්ද  ගැස්ට්‍රයිටිස් ගැන ලියන එක පසුවට දාල තේ ගැන ලියපු කොටහ මුලින් දාන්න ඕනේ කියල හිතුන.  

මගේ මවට ආතතිය නිසා ගැස්ට්‍රයිටිස් සැදී තිබෙනවා. පියාට ඇස්ප්‍රින් භාවිතය නිසා ලඟදි ගැස්ට්‍රයිටිස් හැදුනා. ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ට වෛද්‍යවරයන් විසින් තේ පානය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබුනා. මට ඒ තහනමේ පදනම තේරුම් ගත හැකි උනේ ටික කාලයකට පසුවයි. අනිවාර්යයෙන්ම ඔවුන් නිවැරදියි. ලංකාවේ විකිනීමට ඇති තේ පානය   අනිවාර්යයෙන්ම ගැස්ට්‍රයිටිස් සෑදීමට සහ සෑදී ඇති ගැස්ට්‍රයිටිස් තත්ත්වය   උත්සන්න වීමට හේතු වෙනවා 

ම්ලේ*නා , ඩෙ*මා , වට*ල වැනි තේ වර්ග වල සහ විශේෂයෙන් සාමාන්‍ය කඩ වල විකිනීමට ඇති තේ කුඩු වල උදරයට අහිතකර  රසායනික සහ වර්ණ කාරක අඩංගුයි.ලංකාවේ ඩයි නොදැමූ තේ කුඩු නං සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නට බැරි තරම්. සෑම තැනම විකිනීමට ඇත්තේ ඩයි දමා තැම්බූ කසල තේ පමණයි.    ම්ලේ*නා සහ  ඩෙ*මා සමාගම් මේ කසල තේ පිටරටවලටත් තොග පිටින් අපනයන කිරීමේ නිරත වෙනවා. පිට රටවල ජිවත් වන ලාංකිකයන් "හොඳ කහට" කියමින් මේ ඩයි මිශ්‍රිත කසල තේ පානය කිරීමට ඇබ්බැහි වී සිටිනු දැක ගත හැකියි.
   
ඩයි දැමු කසල තේ හඳුනා ගැනීමට හරිම ලේසියි. තේ කුඩු හරි තේ බෑග්  එක හරි නටන උණු වතුරට දමා නිශ්චලව තබා තත්පර 5ක් ඇතුලත ඒ තේ පාට ගැන්වෙනවා නං ඒ තේ වලට ඩයි මිශ්‍රයි.  ම්ලේ*නා සහ  ඩෙ*මා තේ බෑග් එකක් කෝප්පයකට දැමු විගසම   ප්‍රවාහයන් ආකාරයෙන් ඩයි පිටතට ගලා එනවා දකින්න පුළුවන්. ඩයි නොදැමූ හොඳ තේ කෝප්පයකට දැමු විට එහෙම පාට ගැන්වීම සඳහා අඩු වශයෙන් මිනිත්තු 2 ක්  වත්  යනවා.  

මේ කසල තේ සම්බන්ධයෙන්  දිනකට කීප වරක් තේ බොන මට අත්දැකීම් රාශියක් තිබෙනවා. දෙකක් දක්වන්නම්.

1. සිය රට දේ සිරි සැප දේ කියල මෝඩ කම ඔළුවට ගහල ඩෙ*මා බීපු කාලයේ මාස 2 කට සැරයක් දත් දරුණු ලෙස දුර්වර්ණ වීම නිසා දන්ත වෛද්‍යවරයන්  මුණගැසි දත් පිරිසිදු කරගැනීමට සිදුවීම පලවෙනි සිදුවීම.  ඒ කාලයේ  මේ දත් දුර්වර්ණ වීම සහ තේ වල ඇති ඩයි අතර කිසිම සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මා අපොහොසත් උනා. නමුත් වෛද්‍යවරයාගේ  උපදෙස් අනුව ඩෙ*මා බිම අතහැරීමෙන් පසු දත් දුර්වර්ණ වීම නැතිව ගියා.

2. ලංකාවේ නිවාඩුවකට ගොස් ගතකල කාලයේදී වරක් හිතවත් ඇන්ටි කෙනෙකුගේ ගෙදර ගොස් තේ එකක් බිමට සිදු උනා. මා සාමාන්‍යයෙන් පිට තැන්වලින් තේ  බොන්නේ නැහැ. එක හේතුවක් කසල තේ. දෙක  දිව තල්ලේ ඇලී උගුර , ගලනාලය පුළුස්සාගෙන යන තරමට සීනි මගින් තේ එක සාන්ද්‍රණය කර තිබීම සහ  තුන්වනුව පිටි කිරි භාවිතය.    ඉන්නම බැරුව කරදර කරනවානම් උණුවතුර එකක් ඉල්ලං බොනවා.  ලොකු කමකට නෙවෙයි. හේතුව පැහැදිලි වෙයි ඉදිරියේදී. එම කාන්තාව එදින "මේ ගොල්ලෝ නං අපේ ගෙදර ආවම තේ එකක් වත් බොන්නේ නැහැ නේ" යනුවෙන් නැගු සියුම් අවලාදය නිසාම එදින එතනින් තේ එකක් බිමට සිදු වුනා. 

එම තේ එකෙන් බාගයක් පමණ බිව් පසුව උදරයේ විශාල දැවිල්ලක් පැන  නැග්ගා. උදරය පිපිම , දැවිල්ල සහ උගුරට එම නිසා ඉතාමත් අපහසුවෙන් සුළු වෙලාවක් සිට වහාම නිවසට පැමිණි පසු වමනය කර එය පිට කර හැරි පසුවයි ශරීරයට  නැවතත් සහනයක් දැනුනේ. පිරිසිදු තේ පානයෙන් ශරීරයට විශාල ප්‍රබෝධයක් , සැහැල්ලුවක්  සහ තෘප්තිමත් බවක් දැනෙනවා. ඩයි මිශ්‍ර කසල තේ පානයෙන්  ශරීරයට අපහසුවක් හැරුණු කොට  ඒ වැනි  හැඟීම් දැනෙන්නේ නැහැ.

ආමාශයට අහිතකර මේ තේ දීර්ඝ කාලයක් පානය කිරීම ආමාශයේ ප්‍රදාහ තත්ත්ව හෝ පිළිකා සෑදීමට හේතු වෙයි කියා මා විශ්වාස කරනවා

ඉතිං මොන තේද එහෙනං රෙකමන් කරන්න තියෙන්නේ ?

මෙහේ වාසය කරන ලාංකික අයට නම් මගේ පළමු තේරීම වෙන්නේ  ට්විනින්ග්ස් තේ. එයිනුත් ලඟකදී නිකුත් වුන Assam Bold හෝ Ceylon Orange Pekoe   තේ වල ලාංකිකයන්ට සුපුරුදු විශිෂ්ට තේ රසය යම් පමණකින් තියෙනවා.  යම් පමණකින් තියෙනවා කිව්වේ හොඳටම හොඳ නැති නිසා. තේ කොළ පරණවිමේදී සහ ඇසුරුම් කිරීමේ අඩුපාඩු නිසා එහි ලාක්ෂණික රස ගෙනදෙන සුවඳ පිටතට විසිරි ගොස් වියැකී යනවා. මේ තේ වර්ග කර්මාන්ත ශාලාවෙන් පිටවී මාස ගණනක් ගෙවී ගොස් ඇති නිසා එහි රසයේ සහ සුවඳේ කැපී පෙනෙන අඩුවක් තිබෙනවා. 

මා  සාමාන්‍ය මෙහේ වෙළඳසල් වල විකිනීමට ඇති සියලුම තේ වර්ගයන් පාහේ පරික්ෂා කර බලා තිබෙනවා. ලිප්*න් වැනි තේ වර්ග නම් උගුරක් රස බලා තේ පෙට්ටියම කුණු බාල්දියට දැමීම තමයි කලේ. එහෙම ටැස් කරලා තමයි ට්විනින්ග්ස් තේ තෝරා ගැනීම කලේ. 

හොඳට ම හොඳ තේ අත්දැකීමකට නම් ලංකාවේ තේ වත්තක් අනුබද්ධව ඇති කර්මාන්ත ශාලාවකින් හෝ සිලෝන් ටි බෝර්ඩ් එකේ ඇති BOP තේ ලබාගෙන ඒ අත්දැකීම රස විඳිය යුතු වෙනවා.


සිලෝන් ටි බෝර්ඩ් එක ගැන කිව්ව පාර තව එකක් මතක් උනා. වසර කීපයකට ඉස්සර   ටී  බෝර්ඩ් එකේ මේ සිංහයා ලකුණ  ගහල තියෙන තේ වර්ග වැඩිපුර තිබුනේ නැහැ. ඒ කාලයේ උසස්ම තේ වර්ග වල පිටිපස පමණයි මේ ලකුණ ගහල තිබුනේ. ඒ කාලයේ නං මම කිව්වේ "හොඳ තේ" ඕන නම් ඔය ලකුණ තියෙනවද බලල ගන්න කියලා. නමුත් අවාසනාවකට දැන් සියලුම මහාපරිමාණ කසල තේ ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන වලටත් මේ ලකුණ යෙදීමට පටන් අරගෙන තිබෙනවා. එම නිසා එම ලකුණෙන් පමණක් විශිෂ්ට තේ වර්ගයක් සොයාගැනීමට දැන් බැහැ.සිලෝන් ටි බෝර්ඩ් එකේ රාක්ක  වලත් දැන් පුරෝලා හින්නේ ඒ ඩයි දැමු කසල තේ. එම නිසා   ටෙස් කරලා බලල මිසක් තත්වය ගැන සහතිකයක් දීමට නොහැකිව තිබෙනවා. FAMILY PACK BOP Pure Ceylon Tea නමින් ඇති තේ වර්ගය පමණක් වර්තමානයේ උසස් තත්වයෙන් ඇතිබව කිව හැකියි. බීලම වෙනස අත්විඳ බලන්න.  

ටී  බෝර්ඩ් එක තියෙන්නේ 574, ගාලු පාර කොළඹ 3 යන ලිපිනයේ. ඩර්ඩන්ස් ඉස්පිරිතාලය ගාවම වගේ .


තේ බෑග් වර්ග දෙකක තේ කුඩු වල ප්‍රමාණය සහ විශාලත්වය සංසන්දනය කිරීම 

Saturday, February 14, 2015

රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ- Mixed Feelings

© maharahathunwadimagaosse.org
මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ ලියු (වා යැයි කියන )  රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා 20 ක් පමණ ඇතුලත් CD පටයක් කීප දිනකට පෙර මට ලැබුනා. ඉදිරි මාසය තුලදී එය අන්තර්ජාලයට එක කොට ඔබ වෙත ලබා දෙන්නම්.  

එහෙම ෂුවර් නැති විදියට සඳහන් කරේ පසුගිය කාලයේ ඒ ලිපි පෙලට අයිතිවාසිකම් කියාගෙන චීවර ධාරීන් කීප දෙනෙක් ම ධර්ම දේශනා කිරීම් සහ සම්මාදම් එකතු කිරීම් කලබව පැතිර ගිය නිසා. එක චීවරධාරියෙක් අල්ල ගත්ත හැටි ගැන  ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා  ලියු ලිපිය මෙතනින්. 

දිවයින පුවත්පතේ පලවූ මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි  පෙළ හරහා  ලොකු රැල්ලක් පසුගිය වසර කීපය තුලදී නිර්මාණයවී ගිය බව පෙනී ගිය දෙයක්. ඒ ලිපිපෙළ එකතු කර පලකල පොත් පෙළත් උණු කැවුම් වගේ විකිණිලා ගිය නිසා ප්‍රකාශකයන්ට එය බොහෝ වාරයක් නැවත මුද්‍රණය කිරිමටත් සිදුවුනා. මම හිතන්නේ ඒ රැල්ලේ කුටප්‍රාප්ති ය සිදු උනේ   මහින්ද රාජපක්ෂ  මැතිඳුන් රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ අරලියගහ මැදුරේ පොහෝදින ධර්ම දෙශනාවට වැඩමවීමත් සමගින්. 

උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු වෙබ් අඩවි ගණනාවකුත් මේ වෙනකොට බිහි වී තිබෙනවා. ඉතා විශාල අනුගාමිකයන් පිරිසකුත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා , පුවත් පත් ලිපි සහ ප්‍රකාශිත පොත් හරහා බිහිවී තිබෙනවා.   හිතවතුන් සමග ධර්ම සාකච්චා කිරීමේදී උන්වහන්සේ ගැන මගෙනුත් විමසනවා. මාත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා ප්‍රිය කරනවාද අහනවා.  ඒ ගැන සාකච්චා  කර පැහැදුනවුන්ගේ සිත් බිඳ අකුසල් රැස්කර ගැනීමේ අකමැත්ත නිසා  නිහඬව සිටීමට සිදුවී තිබෙනවා. ඇත්තෙන්ම මම උන්වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් තියෙන්නේ මිශ්‍ර අදහස් . එයට හේතුව හොඳ ධර්ම කරුණු වගේම  , ධර්ම විකුර්ති කිරීම් කීප සංක්‍යාවකුත්  මම ඒවා තුලින් දුටුව නිසා.  මම රැල්ලට යන කෙනෙක් නෙමෙයි. කෙනෙක් කියන ඕනෑම දෙයක් , උන්වහන්සේලාගේ  ජනප්‍රියත්වය නොසලකා ධර්ම , විනය සමග සසඳා බලා ඒ සම්බන්ධයෙන් නිගමනයකට ඒම තමයි මගේ ක්‍රමය.         

මා ඇසු එක් ධර්ම දේශනාවකදී උන්වහන්සේ පුන පුනා ප්‍රකාශ කිරීමක යෙදුනා සත්වයෙක් ස්ත්‍රී වී උපදින්නේ ඒ තැනැත්තා කල අකුසල කර්මයක් නිසා කියා. එයින් ගම්‍ය වෙන්නේ ස්ත්‍රීන් සියල්ලන් පාපකාරින් බවද ? එසේ නම් මහමායා දේවිය ,  යශෝධරා දේවිය යන අයත් අකුසල කර්ම කොටම එම පාපී උත්පත්තිය ලැබිය යුතුව ඇත. පැහැදිලිව සඳහන් කරනවා නම් ඔවුන් සංසාරයේ අනාචාරයේ හැසිරීමේ පාපය නිසා ස්ත්‍රී ආත්ම ලබා ඇත. 

මා දන්නා තරමින් මහමායා දේවිය කල්ප ලක්ෂයක් එම පදවිය උදෙසා පෙරුම් පිරු අයෙකි. යශෝධරා දේවියගේ පෙරුම් දම් පිරිම සාරා අසන්ක්‍ය  කල්ප ලක්ෂයක් දක්වා දිව යයි.  ඔවුනුත්  මේ දීර්ඝ කාලය තුලදී අනාචාරයේ හැසිරෙමින් දිගටම ස්ත්‍රී ආත්ම ලබමින් පැමිණ බව හඟවමින් කතා කිරීමද  නොදන්නා කමින් කරන බලවත් අකුසලයක් බව පැවසිය යුතුමය.  

සත්වයෙක් ස්ත්‍රී  බවට පත්වන්නේ අකුසල කර්ම බලයෙන් පමණක් බව පැවසීම මුසාවකි.  අකුසල කර්ම බලයෙන් වනවා නම් එයට අනාචාරයේ හැසිරීම හේතු පාදක වෙයි. නමුත් ප්‍රර්ථනා බලයෙන්ද සත්වයන්   ස්ත්‍රී වී  ඉපදීම සිදු වේ. මහමායා දේවිය ,  යශෝධරා දේවිය වැනි කාන්තාවන් සංසාරයේ දිගටම ස්ත්‍රී වී ඉපදුනේ ඔවුන්ගේ ප්‍රර්ථනා බලයෙනි.   එමෙන්ම ආචින්න කර්ම බලයෙන්ද ස්ත්‍රී වී ඉපදීම සිදුවිය හැක. තවත් හේතු තිබිය හැක ඔබ දන්නවා නම් පහත සඳහන් කරන්න.

Saturday, December 6, 2014

කතරගම යෑම සහ වෙනත් කතා

පොඩි නිවාඩුවකට ආපු ගමන් කතරගම ගියා හයිවේ එකේ. මාතරටම දැම්මට පස්සේ ගිහිල්ල තිබ්බේ නැහැ. කතරගම ගැන කතාවට ඉස්සෙල්ල  හයිවේ එකේ මැද හරියේ  තියෙන  කඩ පේලිය ගැන කතාවක් තියේ කියන්න.  

මම සාමාන්‍යයෙන්  කඩ වලින් කන්නේ නැහැ. එත් මෙතන නවත්තපු හින්ද නඩේ කෙනෙක් හැමෝටම බනිස් සහ කොපි අරං දුන්න. මොකෙන්ද ? මෝනිස් ගේ බේකරි කඩෙන්. බනිස ඇල්ලුව විතරයි තේරුණා ඒක අඩු ගානේ දවස් 3-4 ක් වත් පරණයි කියල. කෑල්ලක් කැඩුවම විස්කිරිඥ වල වගේ කුඩු වැටෙනවා. හැබැයි  පිට කඩේක රු 25 ක් උනාට මෙතන රු 40.  වැඩි මිලට දහ  ජරාව.  

වෙන අවස්තාවක නං මම මේක ආයි  දීල සල්ලි ඉල්ලා ගන්න බලනවා. නමුත් මම ගත්ත දෙයක් නොවෙන නිසාත්,   බොක්කවල්  බෙංගාල බොක්ක වගේ පිහිටලා තියෙන වෙන කීප දෙනෙක් රස ගුණ , අඩු වැඩිය බලන්නේ නැතිව මගේ බනිසටත්  වග කියපු නිසාත් මට ඒ අවස්තාව ලැබුනේ නැහැ. නමුත් මලත් එක්ක මම පෑනක් අරන් මෙහම ලියල එතෙන්න්ට යන එන කාටත් පේන්න මේසේ  උඩ තිබ්බා.   


තිබ්බ හැටියේ මගේ ගමන් සගයෙක් ඒක අනිත් පැත්ත හැරෙව්වා ?  මම ඇහුව ඇයි එහෙම කරන්නේ කියල? එතකොට විරිත්තල කියනවා "නෑ එහෙම කරන්න හොඳ නැහැ නේ !"

හා හා , මිනිස්සුන්ට වැඩි ගානට බනිස් කියල පරණ කුණු මල ජරාව විකුණලා ගසා කන්න හොඳයි. එත් ඒක වැරදියි කියල කියන එක හොඳ නැහැ.!

මෙතැන ටික වෙලාවක්  ඇදිල ගිය   කතාවෙන් පස්සේ අපි නැගිටලා එනකොට මම මේක ආයි හැමෝටම පේන්න මෙසේ මැද  තියල ආව. මම ඇස් කොනින් දැක්ක වෙන ගමන් සගයෙක් මම යනකන් ඉඳල ඒක මේසයන් ඉවත් කරලා ගුලි කරලා දානවා. මම නොදැක්ක වගේ ගියා. යන අයත් එක්ක  ප්‍රශ්න දා ගන්න ඕනේ නැහැ නේ.

ඒ කතාව එතනින් ඉවරයි. එතනිං පිටත් වෙලා කෙලිම්ම හම්බන්තොට කැලේ මැද්දේ දාපු හයිවේ උඩිං ගියා කතරගමට. වැඩි කැටයන් නැතුව කියනව නං ඔක්කොම වැඩ ඉවර වෙලා සර්කිට් බංගලෝ එකේ නිදා ගන්න වෙලාව ආවා. කිරි අප්පේ කියන්න....  එහෙව් මදුරු විමානයක මං නං ජිවිතේට ඉඳල නැහැ. උං මදුරුවෝ නෙමෙයි මරුවෝ. පැඟිරි තෙල් ගාගෙන , මෝටින් මැට් දාගෙන   , කොයිල් පත්තු කරන නිදාගත්තත් කනවා. එහෙම කරන්න උනේ මදුරු නෙට් දීල තිබ්බ නැති නිසා.  උදේ වෙනකොට කකුල් දෙකම කොට්ට වගේ ඉදිමිලා මදුරුවෝ කාලා. හරි කමක් නැහැ.  හැබැයි නිතර මිනිස්සු යන එන තැනක් නිසා ඩෙංගු හැදීමේ සම්භාවිතාවත් තිබීම තමයි නරක. 

සාමාන්‍යයෙන් මේ වගේ තැනක මදුරු නෙට් ආයතනයෙන් ලබා දෙනවා. නැත්නම්  එතන කෙයාර් ටේකර් ට ඉල්ලුම් කරලා ආයතනයෙන් ලබා  ගන්න පුළුවන්. එක්කෝ මිනිහ ජොබ් එක කරන්නේ නැහැ. නැත්නම් ලැබුන මදුරු දැල්/ මොටීන් ස්ප්‍රේ  පිට විකුනලා. මම කිව්වා  පොතේ ලියල යමු අඩු ගානේ මදුරුවෝ ඉන්නවා කියලවත් කියල.  

ගමන් සගයෙක් : අපෝ එහෙම   කරන්න හොඳ නැහැ නේ. මිනිහගේ ජොබ් එක යයි. පවු වැඩේ. ඕව පැමිණිලි පොතේ  ලියන්න යන්න එපා 
මම : @#$%^&*()_+@#$%^&*

කතා දෙකම ඉවරයි.  මම ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදයේ විකුර්තිය සහ  පරිහානිය ,  සමාජ සංස්ථා වල  , ආයතන වල පරිහානිය  ගැන  සමාලෝචනයක් ලියන්න මහන්සි වෙන්නේ නැහැ. වැඩක් නැහැ.

ලැරී කිංග් තැනක මෙහෙම කියනවා. හැබැයි මිනිහ කියන්නේ ඇමරිකාව ගැන.

We are fortunate to live in a country where you have the right to be treated fairly. Whats more when you feel that you have not been treated fairly , you also have the right to insist on being treated fairly. Exercising this right means clearly , tactfully and effectively expressing your preferences , needs  , opinions and feelings. But this is more than just a right.You even have a responsibility to do these things.because if you don’t , you not only depriving yourself from what you deserve , you are also depriving people around you of the real contributions you have to make. Putting these rights and responsibilities in to action is what a responsible citizen should do.

Saturday, March 22, 2014

සිය රට දේ සිරිසැප දේ- No Thanks


අද දවල් එ*** හ** එකට ( aka දිය රස කැෆේ ) ගියා බත් පැකට් කීපයක් ගන්න.  උයල පුරුද්දක් නැහැ නේ.  යනකොටම කුස්සියෙන් අක්ක කෙනෙක් ගෙනල්ල දැම්ම කෙසෙල් කොලේ ඔතාපු බත් පැකට් වගයක්. මයේ හිතේ ඒවාට කියන්නේ ගැමි රසද කොහෙද. 

බත් ඉල්ලුවම අක්ක ඇහුව ගැමි රසෙන් දෙන්නද කියල. මගෙත් තියෙන කැසිල්ලට මම ඇහුව මොනවාද තියෙන්නේ කියල ඕක අස්සේ. වට්ටකයි කරෝලයි , කංකුන් එක්ක නෙලුම් අළලු. බුදු අම්මෝ මට එපා.  අක්ක අහනවා ඇයි එලොලු  කන්න ආස නැද්ද ? ලංකාවේ අපේ කෑම කොච්චර රහද කියල පොඩි මාකටිං  පාරකුත් දුන්න. මම ඉතිං මෝඩය  වගේ ඔලුව  වන වන හිනා වේවි ඉඳල සාමාන්‍ය බත් වලින් පැකට් දෙකක් අරගෙන ආව. 

ඇයි මොකද්ද ප්‍රශ්නේ ? ලාංකේය දේවල් , ලාංකේය කෑම කළු සුද්දට  දැන් හොඳ නැති වෙලාද ? ඒවා පොෂ් මදිද ?

මෙහෙමයි. ඔය හැම හොටලේකම තියෙන කෑම දිව ගාන එකා වෙච්චි     ,  හොඳට  උයන්න දන්න  කෙනෙක් ගේ අතින් හදපු ලංකාවේ කෑම තරං රස කෑම මං නං වෙන කිසිම තැනකින් කාල නැහැ.  ඒක නෙවෙයි පුරස්නේ,

නෙලුම් අල හැදෙන්නේ කොහෙද ? ලංකාවේ වියලි කලාපයේ තියෙන වැවු පොකුණු වල මඩේ. ලංකාවේ වකුගඩු රෝග හැදිලා මැස්සෝ වගේ ගොයියෝ මැරෙන්නේ කොහෙද ? එහෙම වෙන්නෙත් ලංකාවේ වියලි කලාපයේ. 

ලංකාවේ මෝඩ ගොයි රාලලා  දැන් දශක ගානක් තිස්සේ භාවිතා කරන කෘමි නාශක සහ වල් නාශක වල   තියෙන    ආසනික් , ක්‍රෝමියම් , රසදිය , කැඩ්මියම් , කොබෝල්ට් , ඊයම් වගේ බැර ලෝහ ගොවි බිම් වලින් ගහගෙන ගිහිල්ල  තැන්පත් වෙන්නේ  මේ කලාපයේ තියෙන  වැවු පොකුණු වල පතුලේ ඇති රොන් මඩ  වල.  නෙලුම් අල සරුවට වැඩෙන මේ මඩේ ඇති මේ සියලුම ලෝහ වර්ග නෙලුම් අල මගින් උරාගෙන එහි මුල් වල තැන්පත් කර ගනු ලබනවා.  මේ ගැන නොදන්නා උදවිය  රස කරමින් සිය රට දේ සිරිසැප දේ  කියමින්  ආහාරයට ගන්නේ මේ වස ගුලි.  

ඒ සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලට ලිංක් කීපයක් පහතින්, 

මට මේ තියෙන විදියට සුද්දගේ අල ගෙඩියක් , කැරට් අලයක් තම්බන් කාල ඉන්න එක ශරීර සනීපෙට හොඳයි .. සල්ලි ගෙවල  ඉල්ලං ශ්‍රීලාංකේය වහ ගිලල  හොයාගන්න බැරි ලෙඩක් හැදිලා අකාලේ ස්වර්ගත වෙනවට වැඩිය.

ලංකාවෙන් අපනයන කරන නෙලුම් අල වගේ දේට අමතරව , මෙහෙ කඩ  වල මිලදී ගන්න තිබෙන සිටවූ දිනයේ සිට වෙළඳපොළට දමන දිනය දක්වා   වස වලින්  නාවන සම්බා වගේ හාල් වර්ගත්  පරිභෝජනය  නොකර ඉන්න තරමට හොඳයි කියා මට සිතේ.  ඉන්දියාවෙන්  අපනයනය  කරන කෘමිනාශක භාවිතා නොකර නිෂ්පාදනය කරන  බාස්මති   භාවිතය ශරීර  සෞක්‍යයට වඩා හිතකරය .  

ලංකාවේ ජිවත් වෙන උදවියට මේ සම්බන්ධයෙන්  ඇති ඔප්ෂන් සිමා සහිතයි. නමුත් ලංකාවෙන් පිට ජිවත් වෙන ලාංකිකයන්ට  වස නැති ආහාර තෝරා ගැනීමට  තිබියදී  වසම කන්න උත්සාහ  කිරීම , නොදැනුවත් කම නිසා සිදුවෙන්නක් විය හැකියි.    
 

Tuesday, February 25, 2014

කියවන මිනිසා බුද්ධිමතෙක්ද ?


මට කාලෙක ඉඳං පුරස්නයක් තිබ්බා. ඒක තමයි කියවීම මිනිසා සම්පුර්ණ මිනිසෙකු කරයි(ද?) කියල. මෙතන සම්පුර්ණ මිනිහ කියල ලෝකයා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ බුද්ධිමත් තැනැත්තෙක් වීම.  ටිකක් හිතුවම තේරුනා එහෙම නෙවෙයි කියලා.     

මම දන්නා තැනැත්තෙක් ඉන්නවා . ඔහු අතට හසුවන සෑම දෙයක්ම කියවීමට හරිම කැමතියි. ඒ වගේම ඒ කියවපු කරුණු අවශ්‍ය වෙලාවක ගෙනහැර දක්වන්නත් පුළුවන්. පිටිං බැලුවම ඉතාමත් බුද්ධිමත් පරිනත බවක් පලවෙනවා . ඒ වගේම බාහිර ලෝකයා ඔහුට ඒ විදියට සලකනවා. නමුත් මා නිතර දෙවේලේ ඉතාමත් ලඟින් ආශ්‍රය කරන ඥාතියෙක් නිසා මට විතරයි තේරෙන්නේ ඔහු ඉතාමත් මෝඩ බව. ජිවිතයේ ඉතාමත් සරල දේවල් වලදී හැර අනිත් සෑම කටයුත්තකදීම ඔහු ගන්නා තීරණ ඉතාමත් වැරදියි. කිසිම තර්කානු කුල බවක් , බුද්ධිමත් බවක් ඒ තීරණ වල හෝ කටයුතු වල පෙන්නන්නේ නැහැ. එම තීරණ නිසා වෙන අලාභ , හානි බොහොමයි 

කියවීමෙන් දැනුම ලැබෙන බව නම් ඇත්තයි. නමුත් එයින් හරි ප්‍රයෝජනය ගැනීමට නම් ඒ කියවන කරුණු නුවනින් සලකා බැලීම ඉතාමත් වැදගත්. කියවන ප්‍රමාණය ට වඩා කියවන ස්වල්ප දෙයක් උනත් දිගින් දිගටම නුවනින් සලකා බලමින් ප්‍රයෝගිකව එය භාවිතා කල හැකි තැනදී  බුද්ධිමත්ව එය භාවිතා  කරන තැනැත්තා තමයි මට නම් බුද්ධිමතෙක් ලෙස පෙනෙන්නේ. 

ධුම පානය හා බැඳුනු මුඛ පිළිකා සම්බන්ධ මෙඩිකල් ජර්නල් එකක් සිගරට් එකක් බොමින් කියවන තැනැත්තා බුද්ධිමතෙක්ද ? අමු මෝඩයෙක්ද ? යන ප්‍රශ්නයත් හිතට නොආවාම නොවෙයි 
    
අප අතර ඉන්න බොහෝ අය කියවීම විනෝදාංශය කරගත්ත අය. ඔවුන් කියවන්නේ විනෝදය සඳහා මිස දැනුම වර්ධනය කරගැනීම උදෙසා නොවෙයි. එසේත් නැත්නම් ඔවුන් බුධිමත් බව යනුවෙන් අර්ථ දක්වන්නේ තමන් කියවූ දෙය , සංක්‍යා දත්ත ඒ ආකාරයෙන්ම ගිරවා දැමීමට.  නමුත් තමන් කියවන දෙය විභේදනය කරමින්,  නුවනින් අර්ථ වශයෙන් සලකා බලමින්  එහි වැදගත් දෙය ග්‍රහණය කරමින් , ඒ දේ තමන්ගේ ජිවිතයට , තමන්ගේ කටයුතු වලට ආදේශ කර ගන්න අය ඉතාමත් දුර්ලභයි.   
      
කියවන තැනැත්තෙක් දුටු පමණින් ඔහු හෝ අය බුද්ධිමතෙක් යයි හදිසි තීරණයකට එළඹෙන්න එපා. බුද්ධිමත් බව උපතින් රැගෙන එන දෙයක්. කියවීම එසේ නොවෙයි.  ඇතැම් අය කාලය ගෙවා ගැනීමට කියවනවා. ඇතැම් අය වෙන්නේ මොනවාද කියා දැනගැනීමට කියවනවා. ඇතැම් අය විනෝදය පිණිස කියවනවා. ඇතැම් අය විභාග පාස් වීම සඳහා කියවනවා. ඇතැම් අය බුද්ධිමතෙකු ලෙස පෙනී සිටීම සඳහා කියවනවා  ඉතාමත් සුළු පිරිසක් බුද්ධිය වර්ධනය කර ගැනීමට කියවනවා      

එහෙනං කියවන එකෙන් වැඩක් නැද්ද ? නැහැ කියවීම ඉතාමත් වැදගත් 
බුදුරජානන් වහන්සේ නාථකරන සුත්‍ර දේශනාවේදී දක්වනවා  බොහෝ ඇසු පිරු තැන් ඇතිබව අනාත නොවී සිටීමට උපකාරී වන එක ධර්මයක් බව. වර්තමානයේ  මේ ආකාරයෙන් බොහෝ ඇසු පිරු තැන් ඇතිකරගැනීමට ඇති පහසුම ක්‍රමයක් තමයි කියවීම.  

කියවීම මිනිසා බොහෝ ඇසූ පිරු තැන් ඇති තැනැත්තෙක් හෙවත් බහුශ්‍රුතයෙක්  නං කරයි.  බුද්ධිමතෙක් ? අනේ මන්ද ..

Saturday, June 1, 2013

Let go to get more


ටිරාජ් , ඇයි ඔය අඟල් 17 මොනිටර් දෙකක් ගහගෙන ඉන්නේ.මම ලොකු අඟල් 24 මොනිටර් දෙකක් ඔර්ඩර් කරන්නද ඔයාට ?

බොසී ගේ මුහුණ බැලූ මම හිස දෙපසට වැනුවෙමි ... ඒ එපා කීම බව ඇය දැන් දනී.

එහෙනම් ඔය පරණ ලැප්ටොප් එක වෙනුවට අලුත්. එකක් අරං දෙන්නද ?
මා පාවිච්චි කරන්නේ පරණ ඩෙල් 6400 කාණ්ඩයේ එකකි. අලුත් මාදිලිය ඩෙල්  6230 යි.SSD එකක් සමග ගත හැකි එය එය දැනට ඇති හොඳම හොඳ වර්ගයේ එකකි.

මම නැවතත් හිස දෙපසට වනා මඳ හසක් පෑවෙමි.
ඉට්ස් ඔකේ. මේ පාවිච්චි කරන එක දැනට හොඳයි. මේක කැඩුනොත් එකක් ගමු.

ඔයාට මැක් එකක් තියෙනවද ?
ඔව් . මම මේ කන්ඩෙම් කරලා දාල විසිකරලා තිබ්බ මැක් ප්‍රෝ එක පාවිච්චි කරනවා.
අපෝ ඕක විසි කරලා දාන්න. එහෙනම් මම ඔයාට අලුත් මැක් ප්‍රෝ ලැප්ටොප් එකක් ඔර්ඩර් කරන්නද ?

එපා බොසී. මේක තාම හොඳට වැඩ ... මේ බලන්න ...
ලිඩය හැර ඇයට පෙන්වූයෙමි.
ඒක හින්ද දැනට මේක හොඳයි.

මේ මාස කීපයකට පෙර සිදුවුවකි. මෙවැනි දේ මාසයකට වරක් පමණ සිදු වේ. ගිය සතියේ ඇය නැවත පැමිණ මා අසලින් හිඳ ගත්තාය.

මොකද්ද ඔයා පාවිච්චි කරන ෆෝන් එක. මා මගේ පෞද්ගලික අයි ෆොන් 4S එක ඇයට පෑවෙමි.
ආ ඕක ඔයාගේ ප්‍රයිවෙට් එකනේ. ඉන්න මම ඔයාට අලුත් අයි ෆෝන් 5 එකක් අරන් දෙන්නම්. වැඩ කරන කොට ඊ-මේල් එහෙම බලන්න ඕන වෙනවා නේ ..
මොකටද කැමති ? අයි ෆෝන් 5 ටද සැම්සුන්ග් අලුත් එකටද ?

ඩෝන්ට් වොරි. මම සැම්සුන්ග් වලට නම් වැඩිය කැමැත්තක් නැහැ. මට වැඩට පාවිච්චි කරන්න දැනට දීල තියෙන නොකිය එක හොඳයි. (මෙය තියෙන ලාබම වර්ගයේ නොකියා ෆෝනයකි. කැඩී ඇති පිටුපස කවරය එහි නිසි තැන රඳවා ඇත්තේ සෙලෝ ටේප් වලිනි ) .

කිහිප අවස්තාවක විවිධ දේ දීමට හැදුවත් මගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වූ පරිදි නොවූ හෙයින් කෙමෙන් ඇය විස්මයට සහ යම් පමණකට අසහනයකට පත්වුවා විය හැකිය. මම කොහොමද ඔයාව බලාගන්නේ , දෙන්න හදන හැම එකම එපා කියනවනේ යි ආඩපාලි යක් විසුලුවෙන් මෙන් කියමින් ඇය නික්ම කියාය.

මා මහා මෝඩයෙකු ලෙස මෙය කියවන්නෙකුට ද හැඟී යා හැකිය.

අලුත්ම අලුත් ලැප්ටොප් , ෆෝන් , ස්ක්‍රීන් ලඟට පැමිණ නිකන් ම ඉල්ලන්නෙත් නැතිව බලෙන් මෙන් දීමට යනකොටත් එපා කියන මෝඩයෙක් මෙලොව නම් සිටීමට නොහැක.

වැඩ කරන තැන අනිකුන් නම් ඇයගෙන් මෙවැනි දේ ඉල්ලා නාහෙන් අඬති. ලොකු මොනිටර්ලබාගැනීමට විවිධ , නානාප්‍රකාර හේතු හද හදා ඉදිරිපත් කරති. අලුත් අයි ෆෝනයක් , ලැප්ටොප් එකක් දුන් විට සතුටින් ඉපිලෙති. ඒත් මම ?
බලෙන් දෙන්න හදත්දිත් එපා කියයි.

පොඩි කතාවක් තියෙනවා

පෙර ( මාගම විය යුතුයි. හරියට තැන මතක නැත ) තෙරුන් වහන්සේ නමක් ස්වකිය ගමේ වස් විසීය. මේ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර කැවුම් වැළඳීමට මහත් අභි රුචියක් දැක්වූවෙකි. එගම වසන උන්වහන්සේගේ මව , ස්වකිය පුත්‍රයා වස් විසු බව දැන පසුදින පිණ්ඩපාතය සඳහා විශාල කැවුම් පැසක් පිළියෙළ කලාය . පසුදින පිණ්ඩපාතයට තම පුත්‍රයා වඩිනා විට පිළියෙළ කල කැවුම් සියල්ල රැගෙන ඔහු ඉදිරියට ගිය ඇය මෙසේ සිතුවාය.

දැන් මෙහි පිඬු පිණිස වඩින්නේ මාගේ පුත්‍රයා නොව තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළි ගැනීමේ තරම දනිත් නම් මේ වස්කාලය පුරාවටම උන්වහන්සේට මම දිනපතා කැවුම් සාදා පුජා කරමි. නොදනිත් නම් මේ කැවුම් පුජාව මෙතෙකින් කෙළවර වන්නේය.

පිඬු පිණිස වැඩ පාත්‍රය විවුර්ත කල කල්හි මව තම පැස හැර එහි කැවුම් දැමීමට පටන් ගත්තාය. දායකයා දෙන තරමක් නොගෙන , තම පමණට , යැපීමට තරම් ආහාර ලැබුණු කල්හි පාත්‍රය වසා දායකයා වැළැක්වීම සාමාන්‍ය සිරිතයි. එමගින් දායකයාගේ යැපීම පිණිසද යම් ආහාර ප්‍රමාණයක් ඉතිරි වේ. කැවුමට ලොබ බැදි තෙරුන් කැවුම් සියල්ලම එපා නොකියා පිළිගෙන විහාරයට වැඩියේය. තම පුත්‍රයා ගැනීමෙහි තරම , සීමාව නොදත් බව වටහා ගත් මවගේ කැවුම් පිසීම එතකින් කෙළවර විය. තම තෘෂ්ණාව නිසා දිනපතා ලැබීමට තිබු ප්‍රනීත ආහාරය ද භික්ෂුවට අහිමිව ගියේය.

මෙයින් ගැනීමට ඇති ආදර්ශය නම් , දෙන දෙන තරමක් පිලි ගන්නා , කොතෙක් දුන්නත් ඇතියි නොකියන්නා වූ තෘෂ්ණා භරිත තැනැත්තා ස්වකිය දෙමාපියන්ට වුවද අප්‍රිය වන බවයි.

මෙයට සමාන දෙයක් මටද සිදුවී ඇත. වැඩකරන ස්ථානයට මා සාමාන්‍යයෙන් චොකලට් ටොෆි හෝ අන්කිසි රස කෑමක් ගෙන යන්නෙමි. සියලු සත්වයෝ රසයට කැමැත්තෝය. රසවත් දෙය දෙන්නා රසවත් දෙයක් ම ලබයි යනු බුද්ධ වචන වන්නේය. සාමාන්‍යයෙන් එක පැකට් එකක ටොපි 20ක් පමණ ඇති නිසා එය සාමාන්‍යයෙන් නම් දින කීපයකට සෑහේ. පැකට් එක කඩා බඳුනක තබා මේසය මත තැබූ විට මා පමණක් නොව ඔපිස් කාමරයට යන එන කවුරුත් එයින් එකක් රැගෙන කකා යති.

එකල මා සමග වැඩ කල මනුෂයෙක් විය. ටොපි බඳුන මේසය මත තැබූ විට එහි එන ඔහු එකක් ඉවර වෙන විට එකක් වශයෙන් ගෙන පැය කීපයකින් බඳුන හිස් කරයි. බොහෝ විට පැකට් එකම කන්නේ ඔහු පමණකි. සැම දිනම ටොපි කන ඔහු කිසි දිනයක තමන් කිසිවක් රැගෙන විත් අන් අය සමග බෙදාගෙන කන්නෙක් නම් නොවීය. දින කීපයක් මෙය සිදු වූ පසු මා එක දිනක් පරීක්ෂණයක් කිරීමට සිතා ගත්තෙමි. ටොපි බෑග් 4ක් (ටොපි 80 පමණ ) ගත් මා එදින බඳුන අවසන් වෙන වාරයක් පාසා එය පිරවුයේ ඔහුගේ ගැනීමේ තරම පිරික්සා බැලීමටය. දිනය හමාර වන විට ඔහු බෑග් 4ම කා හමාරය. ගැනීමෙහි තරම් නොදත් ඔහු නිසා මාගේ ඔපිසියට චොකලට් රැගෙන යාම එතෙකින් සමාප්ත විය.

ගැනීමෙහි තරම නොදත් කපුටෙකු මෙන් ගසා කන්නාවූ තැනැත්තේ සියල්ලන්ටම අප්‍රිය වන්නේය.

මෙහි විරුද්ධ පැත්තක් ද ඇත. එය එක්තරා ධර්ම ස්වභාවයකි. ගුප්ත මනුෂ්‍ය ස්වභාවයකි. එනම්කිසිවක් නොපිළිගන්නා වූ , කිසිවක් නොඉල්ලන , කිසිවකට තෘෂ්ණාවක් නැති අයෙකු හට මනුෂ්‍යයන් යමක් දීමට ඇති කැමැත්තයි. අනේ මේක ගන්න. මට අනුකම්පා කරලා මගෙන් මේක අරගන්න කියමින් වදෙන් පොරෙන් , බලෙන් මෙන් කිසිවක් නොඉල්ලන තැනැත්තා වෙත යමක් දීමට මනුෂ්‍යයෝ පොරකති.

මා සමාජය සහ මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කොට වටහා ගෙන ඇති යමක් ඇත්තේය. කෙටියෙන් පවසතොත් එය මෙසේ වේ. Let go, to get more.

මෙහි තේරුම කුමක්ද ? අතහරින්න. එවිට වැඩියෙන් ලැබේවි. එනම් තමන්ට අවශ්‍යම යමක් වේද ? එය අත හරින්න. එවිට එය දසගුන , සිය ගුණ වී තමන් ළඟටම නිරායාසයෙන් ම පැමිණේවි.

මිනිසුන් නොකරන්නේත් මෙයමය. මක්නිසාද යත් එය සාමාන්‍ය තර්ක බුද්ධියට පටහැනිව යන බැවිනි. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ "අඬන්න ඕන කිරි එරෙන්න" යන්නයි. එනම් හැකි කුමන ක්‍රමයකින් හෝ ලබාගැනීමේ ක්‍රම වේදයයි. රළු , ඔල මොළ යම් පමණකට සැහැසි ක්‍රමයක් වන මෙය ඉක්මන්ය. නමුත් ඒ ලැබෙන දෙයත් සමග තමන්ගෙන් නික්ම යන්නේ ආත්ම ගරුත්වයයි. අනිකෙකු තමන් වෙත දක්වන ගෞරවයයි.

මෙයට ප්‍රතිවිරුද්ධ වූ සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන් සියල්ල ලැබීම ඉතා සියුම් , කර්මයට අනුකුල වූ ධර්මතාවයකි. එය ඉක්මන් ක්‍රමයක් නොවේ. නමුත් එවිට මිනිසුන් ඔබ වෙත ඔබට අවශ්‍ය කරන සියල්ල ලබාදෙන්නේ ඉතාමත් කැමැත්තෙනි. ගෞරවයෙනි. බොහෝ වාර වල එහි ප්‍රත්‍යක්ෂ තාවය අත් දැක ඇත්තෙමි. වැඳලා ලඟට ගෞරවයෙන් ගෙනත් දෙන දේ බලෙන් අරගෙන චා වෙන්නේ මොකටද ?

මෙය භෞතික දෙයට සිමා වුවක් නොවේ. යමෙකුගෙන් ආදරය අවැසි නම් පෙරලා ඉල්ලීමක් නොමැතිව ආදරය ලබා දෙන්න. ගෞරවය අවැසි නම් එය නොඉල්ලන්න. අභිමානය ඉවත දමන්න. සියල්ලන්ට පාබිස්නක් වන්න. නිහතමානයේ කෙලවරට යන්න. ගෞරවය ඕනෑවටත් වඩා ලැබේවි. ප්‍රසිද්ධිය අවශ්‍ය නම් ප්‍රසිද්දිය ඉවත දමන්න. අප්‍රසිද්ධියේ ජනයාට හිත සුව පිණිස යෙදෙන්න. වෙලාව පැමිණි විට ප්‍රසිද්ධිය නොවරදවාම ලැබේවි.

තව මේ හා සම්බන්ධ සැඟවුණු කරුණු බොහෝ ඇත. කල්පනා කොට බලා අවබෝධ කර ගන්න.

Tuesday, May 28, 2013

සියදිවි නසා ගැනීම


කලින් ලිපිය ප්‍රාණ ඝාතය සහ අභය දානය ගැන නේ . මේ ලිපිය සියදිවි නසා ගැනීම ගැනයි. මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක් හින්ද මගේ අදහස ලියන්න හිතුනා. බෞධාගම ගැනත් ජීවිතය ගැනත් වැඩි අවබෝධයක් නොමැති ඇතැමුන් මේ දවස්වල නගන තර්ක කීපයක් පහත දැක්වෙනවා.


- සියදිවි නසා ගැනීම මහා පාපයකි.
- සියදිවි නසා ගැනීම බෞධයෙකු වශයෙන් නොකළ යුත්තකි.
- පර පන නැසීමට වඩා බලවත් පාපයක් සියදිවි නසා ගැනීමෙන් සිදුවේ.
- වෙනකෙකු බේරාගැනීමේ අදහසින් තම පන දෙන්නා මෝඩයෙකි.
- ප්‍රාණඝාතය වැළැක්වීමට තම ප්‍රාණය ඝාතනය කිරීම ත් තවත් ප්‍රාණ ඝාතයකි. තර්කයට නොගැලපෙන්නකි. විහිළුවකි.

ලෝකය යනු කුමක්ද ? භවයයි. ලෝක පාලන ධර්මය වන කර්මය සකස් වී ඇත්තේ කෙසේද ? චේතනාව මතය. චේතනාව යනු කුමක් ද ? සිතා බලා යමක් කිරීමයි. කර්මය කි වදරුම්ද ? කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව අකුසල කර්මයයි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව කුසල කර්මයයි.

මේ බේසික් වේ. නාස්තික දෘෂ්ටි ගත් , මෙලොව පරලොව , භවය , පුනර්භවය , කුසලය අකුසලය විශ්වාස නොකරන්නා වූ නමුත් මනුෂ්‍ය ධර්මයේ පිහිටි පුද්ගලයන්ටත් මෙය අදාළ වේ. එවිට එය මෙසේ වෙනස් කර ගන්න.

කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව වැරදි ක්‍රියාවකි . මනුෂයෙකු වශයෙන් නොකළ යුත්තකි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව උතුම් ක්‍රියාවකි. මනුෂයෙකු වශයෙන් කළ යුත්තකි.

Q: ඇත්තටම සියදිවි නසා ගැනීම මහා පාපයක් ද ? ඇත්තටම බෞධයෙකුට යම්කිසි සාධාරණ කාරණයකට සියදිවි නසා ගැනීම පාපයක් ලෙස ගණන් ගනෙනවාද ?

ඇත්තෙන්ම නැහැ. ඇතැම් අවස්ථා වල බුදු රජාණන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා සියදිවි නසා ගැනීමට සුදුසු වන අවස්ථා. ඒවායින් කීපයක් ගෙන බලමු.

මහලුවී ස්වකිය කටයුතු කරගැනීමට නොහැකි වී එකතැන් වූ අවස්තාවක් ආ විට , මල මුත්‍ර ගොඩේ වැතිර ගෙන උපස්ථාන කරන පුද්ගලයන්ට තමන් සැබවින්ම වදයක් කරදරයක් වූ විට , හොඳ සිහි කල්පනාව පවතී නම් , ආහාර වර්ජනය කොට සියදිවි නසා ගැනීමට අනුදැන වදාරා තිබෙනවා.

මාර්ග ඵලයකට පැමිණ මිස මේ අසුන් ගත ආසනයෙන් නැවත නොනැගිටිමි කියා ධර්මයට ජීවිතය පුජා කොට පධන් විර්යය වැඩිම උන්වහන්සේ පසසා තිබෙනවා මිස ඝර්භා කර නැහැ. එවන් අවස්තාවක ඇතැම් කෙනෙක් තම අධිෂ්ටානයේ දැඩිකම නිසා සහ පින් මද කම නිසා මාර්ඝ ඵලයකට නොපැමිණ වියලී මිය යනවා. නමුත් ඔවුන් එමගින් සුගතියක උපත ලබනවා කියා ඇතිවා මිස සියදිවි හානි කරගැනීමේ පාපයෙන් අපායේ යනවා කියා වදාරා නැහැ. මක්නිසාද එහි අරමුණ හෙවත් චේතනාව වන්නේ වෙන දෙයක් නිසා.

Q: එතකොට අරමුණද ඔක්කොටම වඩා වැදගත් ?

නැත්නම්. බුද්ධාගමේ පමණක් නොවෙයි සාමාන්‍ය මනුෂ්‍ය නිතිය අනුව ගත්තත් චේතනාවකින් තොරව (Mens rea) හානි කිරීමේ අදහසකින් තොරව වෙන දෙයක් මහා අපරාධ ලෙස අපරාධ නීතියේදී ගණන් ගන්නේ නැහැ.

උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පිලිනොගන්වාගෙන යමක් වැළඳීම කැප නැත. එසේ වළඳුවහොත් ඇවත් වේ . දිවි දෙවැනි කොට ස්වල්ප වූ වරදෙහිත් දොස් දකිමින් ප්‍රතිපත්තීන් රකිනා ස්වාමින් වහන්සේ නමක් හට ආහාර ළඟ තිබුනේවි වුවද පිළිගැන්වීමට කිසිවෙකු නොමැති නම් සිදු වන්නේ කුසගින්නේ මියයාමටයි. මෙයත් එක ආකාරයක සිය දිවි නසා ගැනීමකි. නමුත් එසේ දිවි දෙවැනි කොට තම ප්‍රතිපත්තීන් සහ ශිලය රක්ෂා කිරීම නිසා තම දිවි තොර වීම පාපයක් නොව උතුම් කුසලයක් බව වදාරා ඇත්තේය.

Q: අපෝ ඕව මේ ආදී කාලේ ඒවනේ. දැන් කාලෙන් උදා හරණයක් දෙන්න.

හා ඔන්න ඉන්නවා පාතාල නායකයෙක්. උන්නැහේ ගෝලයෙක් ලඟට අඬගහල කියනවා අරුව මරපන් නැත්නම් මං උඹව මරනවා කියල. මේ ගෝලය ප්‍රතිපත්ති ගරුක තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්. ඔහු තමන් වෙත බාරදුන්න කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරනවා. තමන් මැරුණත් වෙන කෙනෙක් ගේ ජීවිතය තොර කරන්න ඔහු කැමති නැහැ. එසේ කිරීමෙන් ඔහු මරණය තෝරා ගන්නවා. මෙයත් සිය දිවි නසා ගැනීමක්. නමුත් එය පවක්ද පිනක්ද ? හීන , පහත් ක්‍රියාවක්ද ? උතුම්, සත්පුරුෂ ක්‍රියාවක්ද ?

ආ .. එක නම් හොඳ වැඩක් නේ ..

එතකොට දැන් තේරුනාද සියදිවි නසා ගැනීම සෑම විටම පවුකාර නරක ක්‍රියාවක් වෙනෙන් නැති බව ? චේතනාවට අනුව එහි කුසලාකුසල බව තීරණය වෙන බව තේරුනාද ?

Q: එතකොට කොහෙන්ද මේ සියදිවි නසා ගැනීම කියන්නේ මහා පවුකාර වැඩක් කියන මතය මේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටුනේ ?

දේව නිර්මාණ වාදී ක්‍රිස්තියානි , ඉස්ලාම් වැනි ආගම් වලට අනුව මිනිහට ජිවිතේ දුන්නේ දෙයියෝ. මෙලොවක් , පරලොවක් නැහැ. කර්මයක් විපාකයක් නැහැ. භවයෙන් භාවයට යන ජිවිතයක් නැහැ. දෙයියෝ දුන්න ජිවිතේ සම්පුර්ණයෙන් එන්ජෝයි කරලා මැරෙන්නේ නැතුව ඒක තම මතයට හමාර කිරීම ලොකු වරදක්. දෙවියන්ට එරෙහි වී යාමක්. එක හින්ද එක ලොකු පවක් විදියටයි ඒ ආගම් වලට අනුව නම් ගැනෙන්නේ. එහෙම වෙන්න ඇති මෙහෙම මිත්‍යා මතයක් එන්න හේතුව.

කොහොම උනත් සර්ව ව්‍යාපී , සියල්ල දන්නා , සියල්ල තීරණය කරනා , සියල්ල මැවූ දෙවියන් වහන්සේ කියල තමයි කියන්නේ. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙනම් මිනිහ සියදිවි නසා ගන්නෙත් දෙවියන්ගේ කැමැත්තට අනුව නේද ? එහෙනම් දෙවියන්ගේ කැමැත්තට දෙවියෝ කරපු දෙකට ඒ මිනිහ මොනවා කරන්නද ?

සර්වඥ නොවූ ශාස්තෘන් දේශනා කරන ලද මිත්‍යා ශාසන වල සවභාවය මෙසේ වන්නේය. තමන් දේශනා කල දෙය තමන්ටම පාරාවළල්ලක් වී පැමිණ දිරුණු අටුවක් කඩා වැටෙන්නා සේ ඔවුන්ගේ ඉගැන්වීම් ද තර්කයට යටවී නිෂ්ප්‍රභා වී යයි.

කොටින්ම කියනවා නම් මහා බෝධිසත්ව වරයෙකුට පාරමිතා මුදුන් පමුණුවාගෙන බුධත්වය ලබාගන්නත් බැහැ සියදිවි නසා ගැනීම ඔය කියන ආකාරයේ ඝෝර පාපයක් වෙනවා නම්. බුද්ධත්වය ලැබීමට නම් මහා බෝධිසත්ව වරයෙකුට ඇස් , ඉස් , ලේ , මස් පමණක් නොව ජිවිතයද පරමත්ත පාරමිතා පිරිම් වශයෙන් දන් දිය යුතු වෙනවා. මේ සියල්ල අනෙකුගේ බල කිරීමක් නොමැතිව තමන්ම සව කැමැත්තෙන් අන් සත්වයන් සුවපත් කිරීමේ පරමාර්ථයෙන් කල විට ලැබෙන්නේ කුසල් ද අකුසල් කියා සිතා බැලිය යුතුයි.

ස්වකිය ජීවිතය යනු සත්වයෙකුට ඇති ප්‍රියතම දෙය බව සඳහන්. මෙය අන් සත්වයෙකුගෙන් උදුරා ගැනීම හෙවත් සත්ව ඝාතනය නම් අති මහත් පාපයක්. වරදක්.

Q: ආ , එතකොට තමන්ට ප්‍රියතම දේ වන තමන්ගේ ජීවිතය තමන් උදුරා ගැනීම , විනාශ කර ගැනීම පාපයක් වෙන්නේ නැද්ද ?

ජිවිතයේ ඇතැම් අවස්ථා වල ඔබ තමන්ට ඉතාමත් ප්‍රිය දේවල් අනිත් කෙනෙකුට දී සතුටු වෙනවා. කුඩා දරුවෙකුට තමන් කන කේක් කැබැල්ල ඉතාමත් ප්‍රියයි. නමුත් ඇතැම් විට ඒ දරුවා එය තම යහළුවාට පරිත්‍යාග කොට ඇය එය භුක්ති විඳිනු බලා සතුටු වෙනවා. මෙය ලෝභයෙන් තොරවූ පරිත්‍යාග චිත්තය. තමන් සතු තමන්ට ඉතා ප්‍රිය දෙයක් අනිකෙකුට දීම සහ එයින් සතුටු වීම.

තමන් සතු දෙයක් පිලිබඳ තීරණය ගැනීම තමන් ට අයිති දෙයක්. කේක් කැබැල්ලක් , මිල මුදල් , ඇඳුමක් වගේම තමයි තමන් සතු තමන්ගේ ජීවිතයත්. තමන් සතු එය අනිකෙකු ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම වරදක් වන්නේ කෙසේද ?

තමන් ගේ දේ කොහොමද තමන් උදුරා ගන්නේ ? එය තමන්ගේ නොවේද ?. මෙය තමන්ගේ පර්ස් එකේ තියෙන තමන්ගේ මුදල් තමන් ගැනීම , උදුරා ගැනීමක් , වරදක් විදියට දකිනවා වගේ නොවේද ?.

කෙසේ වුවත් බෞධයෙක් වශයෙන් නොව ප්‍රයෝගික භාවිතාව සලකන කෙනෙකු වශයෙන් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සියදිවි නසා ගැනීම මා නම් පොඩ්ඩක් වත් අනුමත කරන්නේ නැහැ. මැරුණු මිනිසෙකුට සමාජීය සහ ශාසනික වශයෙන් කල හැකි මෙහෙවර අවමයි. ජිවත්ව සිට තම අරමුණ වෙනුවෙන් දිවි නොතකා කටයුතු කරා නම් එයයි උතුම්. එයයි ප්‍රායෝගික. එයයි මේ වෙලාවේ වැදගත් වන්නේ.

Saturday, May 25, 2013

තර්කානුකුලව පින් නොකිරීම

කුඩා කල , දැනට වඩා තද බල ලෙස ප්‍රඥා හීනව , එහෙයින් තර්කානුකුලව කරුණු වටහා ගත නොහැකිව සිටි කාලයේ , මා බලවත් ලෙස විශ්වාස කල කරුණු කීපයක් විය. බැලු බැල්මට බුද්ධිමත් , තර්කානුකුල ලෙස , බිඳ ලිය නොහැකි සේ පෙනෙන එම අදහස් වලින් කීපයකි මේ.

1.තම්බි මුදලාලිට නොසෑහෙන ගානක් දීල හරක් අභය දානය පිණිස නිදහස් කරන එක මහා මෝඩ වැඩක්. ඒ මිනිහ ඒ දෙන ගානෙන් තව හරක් දෙන්නෙක් මිලට අරන් බෙලි කපනවා. ඒක හින්ද හොඳම වැඩේ ඔය මෝඩ වැඩ වලට මුදල් නාස්ති නොකරන එක.

2. පන්සිල් අරන් වැඩක් නැහැ. කැඩෙනවා නේ. ඒක හින්ද මොකට බොරු පොරොන්න්දු දෙන්න පන්සිල් ගන්නවද. නොගෙන ඉන්න එක වැඩිය හොඳයි.

3. හම්බ කිරීම කියන්නේ ලැබෙන දේ අරපරිස්සම් කිරීම. ( © ගාමිණි ඈපා, හිටපු විගණකාධිපති ) නිකන් මොකටද එක එකාට , පන්සල් වලට තමන් හම්බ කරන දේ දෙන්නේ. තමන්ගේ ධනය නාස්ති වෙනවා විතරයි.
තව මගේ මෝඩ අදහස් ගොඩක් තිබ්බ. දැනට මේ ටික අරන් විමසලා බලමු ඒ එක එකේ තියෙන මුලාව සහ මෝඩ කම.

1. අභය දානය.
සත්වයකුට අභය දී මරණයෙන් ගැලවීමට හැකි නම් එය මහා කුසලයකි. සියලු සත්වයෝ තමන්ගේ ජිවිතයට අන් සියල්ලටම වඩා ප්‍රිය කරති. සිංහාසනයේ අසුන් ගෙන සිටින රජුත් , බිම සෙවල අතුරමින් යන ගොලුබෙල්ලාත් , සාපිපාසා දෙකෙන් ගිනි ගෙන දැවෙමින් ඒ මේ අත දුවන ප්‍රේතයාත් , ලොහොකුඹු නිරයේ බුබුළු දමමින් දැවෙන නිරි සතාත් අන් සියල්ලටම වඩා තම ජිවිතයට ප්‍රිය කරති. ක්‍ෂණික උමතුව හෝ මෝඩ කම නිසා ජීවිතය එපා වී වහ බිවු තැනැත්තාත් පසුව ඉස්පිරිතාලයේ ඇඳේ හාන්සි වී යදින්නේ තම ජීවිතය බේරා දෙන ලෙසටයි.

මෙසේ සියල්ලන්ටම අත්‍යන්ත ලෙස ප්‍රිය වූ දෙයක් ලබා දිය හැකිනම් එය මහත් වූ කුසලයකි.

අභය දානය ලබන තැනැත්තාගේ ගුණ මහත්වය අනුව කරන තැනැත්තාට ලැබෙන කුසලය බලවත් වේ. හරකෙකු නිදහස් කරනවාට වඩා අපරාධ කාරී මිනිසෙකු හට අභය දිය හැකි නම් එය ශත සහශ්‍ර ගුණයකින් බලවත් කර්මයක් වේ. එයටත් වඩා බලවත් වන්නේ නිර්දෝෂී , යහපත් , නිවරදේ වරදට හසුවූ තැනැත්තෙකු බේරා ගත හැකිනම් ය.

එනමුත් , අරාබියේ සිදු වුවත් , දැනට ශිෂ්ටාචාර ලෝකයෙහි මුදල් හෝ අන්කිසි වරප්‍රසාදයක් ලබා දී මිනිසෙකුගේ ජිවිතයක් ගලවා ගත හැකි ක්‍රමයක් නොමැත. එහෙයින් කුසලෙහි ලොබ බැඳී තැනැත්තා හට අවස්තාව ඇත්තේ හරකෙකු වැනි සතෙකු මරණින් බේරා ගෙන අභය දානමය කුසලයෙහි සිත පහදවා ගැනීමයි.

Q: එතකොට මිනිහගේ , හරකාගේ ජීවිතය ලොකුද කුඹියා ගේ ජිවිතයට වඩා ? හරක මරණ එකට කැමති නැහැ , නමුත් මාළු මරණ එකට මුකුත් කියන්නේ නැහැ. මේ හැම සතා ගේම ජිවිත එකයි නේද ?

පරමාර්ථ වශයෙන් බැලු විට සියලු සත්වයන්ට ඇත්තේ එක ම ආකාරයේ විඥානයක් බව පෙනේ. නමුත් එහි වෙනස් කම් දියුණු නොදියුණු කම් ඇත. කාර් යන කුලකය තුල කෑලි හැලෙන ලදරන් සේම B.M.W X6 වාහනද ද ඇත. එලෙසින් සත්වයන්ගේද පාප කර්මයන්ගේ හේතුවෙන් පහත් තත්වයට පත්වූ ගර්භිත විඥානයන් සේම පුණ්‍ය බලයෙන් , උසස් ගුණධර්ම පිරු ආත්ම භාවයන්ගේ ආනුභාවයෙන් උසත් තත්වයට පත්වූ විඥානයන් ද ඇත.

Q: ඉතින් ?

ඉතින් එතකොට, එසේ පහත් විඥානයන් ඇති සත්වයන් තිරිසන් සතුන් ආදී පහත් ආත්ම භාව වලද උසස් විඥානයන් ඇති සත්වයන් මනුෂ්‍ය , දේව ආදී උසස් ආත්ම භාව වලද ඉපදීම සිදුවේ.

මිනිසුන් අතරද වැඩිදියුණු කරන ලද විඥානයන් අති මනුෂ්‍යයන් උසස් කුල වල , සැප ඇති ආත්ම භාව ලබා අන් සතුනට යහපත සලසමින් ජිවත් වෙති. එතරම් වැඩිදියුණු නොකරන ලද විඥානයන් ඇති මිනිසුන් තමන්ට වත් අනුන්ටවත් පලක් නැති හිස් දේවල ගැලෙමින් සිටිති.

සත්වයන් අතරද ඒ මට්ටමට අනුව... උසස් විඥානයන් ඇති සත්වයන් අලියන් , සිංහයන් , හරකුන් වැනි සතුන් වීද පහත් විඥානයන් ඇති සත්වයන් කිරි පණුවන් , කැරපොත්තන් ආදී ගර්භිත සත්වයන් වීද උපති.

Q: ඉතින් ?

ඉතින් මේ කියන්න හැදුවේ සත්වයන් කිසි විටක වත් සමාන වෙන්නේ නැති බවයි. කැරපොත්තා සහ රජතුමා සමාන ද ? ඔබගේ දරුවා සහ ඇයගේ ශරීරයට පැමිණ ඇය ලෙඩ කර ඇතැම් විට ඇය මරා දමන ඩෙංගු වයිරසය සමානද ? නෑ නේද ? ඒවගේ තමයි. හරකා ගේ ජීවිතය සහ මාළුවාගේ ජීවිතය සමාන නොවන්නේ ... ඒ සමාන නොවෙන නිසා ඒ දෙක එකම ආකාරයේ ප්‍රාණ ඝාත වන්නේ නැහැ.

ප්‍රාණ ඝාතයේ අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය බවක් තිබේ. ශරීරයෙන් විශාල සතෙකු මැරීමේදී වැඩි වෙහෙසක් සහ කාලයක් ගත වේ. ඒ අතර තුර එම සත්වයා විඳින වේදනාවද සාපේක්ෂව දරුණුය.

Q: එහෙම කොහොමද වෙන්නේ ?හරකට දැනෙන වේදනාවම නේද කුඹියාටත් දැනෙන්නේ ?

ශරීරයෙන් කුඩා සත්වයන්ගේ ස්නායු පධතිය එතරම් සංකීර්ණ නොවේ. එම නිසා එම කුඩා සත්වයන්ට විශාල සත්වයෙකුට සේ දරුණු ලෙස වේදනා නොදැනේ. හුනා අනතුරක් පැමිණි විට තම වලගය කඩා දමා දුවයි. මිනිසෙකු ලෙස ඔබටත් එලෙසින් අතක් කඩා දමා දිව යන්නට සිත් දේද ? එයින් දැනෙන වේදනාවට වඩා මරණය යහපත් ලෙස සිතෙන්නේ නොවේද ?

අනිත් කරුණ වේදනාව දැනෙන කාල පරාසයයි. හරකෙකු මැරෙන විට මිනිත්තු 10ක් වේදනා වින්දා නම් , කුඹියෙකු මැරෙන විට විඳින්නේ තත්පර කීපයක වේදනාවකි. ඉතින් කවුද වැඩිපුර මරණ වේදනා විඳින්නේ ? හරකද ? කුඹීයා ද ?

Q: ඉතින් ...

ඉතින් කියන්න තියෙන්නේ විවිධ සත්වයන් විඳින මරණ වේදනාව එක හා සමාන නොවෙන බවයි.

ඉතින් ශරීරයේ විශාලත්වය අනුව සේම , ගුණ මහත්වය අනුවද ප්‍රාණඝාතය අල්ප හෝ මහා සාවද්‍ය වේ. හැමට උදව් කරමින් ධර්මානුකුලව ජිවත් වන උතුම් මිනිසෙකු ඝාතනය , කුඩු ගසමින් , කුඩු බෙදමින් , සොරකමේ ගැලී සමාජ පිළලයක් ව වෙසෙන කාලකන්නියෙකු ඝාතනයට වඩා මහා සාවද්‍ය වේ.

Q: එහෙම වෙන්නේ කොහොමද ? දෙන්නම මිනිස්සු නේ ?

ඔව් මිනිස්සු තමයි. එක් අයෙක් මනුෂ්‍ය දෙවියෙකි. අනිකා මනුෂ්‍ය තිරිසනෙකි. මනුෂ්‍ය සාධාරණත්වයට , නීතියට අනුවද නඩු කාර තුමා නඩුව විමසා බලා යහපත් මනුෂ්‍යා ඝාතනය කල තැනැත්තාට ඝර්භා කොට හැකි උපරිම දඬුවම් ලබා දෙයි. කුඩ්ඩා මැරූ තැනැත්තාට ඇතැම් විට තදින් අවවාද කොට ලිහිල් දඬුවමක් දෙයි. කර්ම විපාක දීමෙහිද මීට වඩා වැඩි වෙනසක් නැත.

Q: ඒක හරිම අසාධාරණයි නේ.. කෝ එතන කිසිම සාධාරණත්වයක් නැහැ නේ ?

ඔව් ඇත්ත තමයි. සමාජ සාධාරණත්වය යනු පසුගිය සියවස් දෙක තුන අතර කාලයෙහි මිනිසුන් විසින් මවා ගන්නා ලද කොන්සෙප්ටුවක් මිය ඇත්තටම ඇති දෙයක් නොවේ. ස්වභාවික ලෝකය සැම විටම අසාධාරණය. කුරිරුය. සාධාරණත්වය යනු මනුෂ්‍ය මනසින් මවා ගන්නා ලද විකුර්තියකි. ලෝකයෙහි , සංසාරයෙහි ප්‍රකුර්තිය වන්නේ අසාධාරණත්වය , ප්‍රබලයා දුබලයා ගොදුරු කර ගැනීම සහ සැම කල්හිම පවත්නා වේදනාවයි. බුදු කෙනෙකුන් පහල වන්නේ මේ අසාධාරණයෙන් , දුකින් පිරුණු ලෝකයෙන් එතෙරට කීප දෙනෙකුන් ට හෝ යාමට උපකාර වීම පිණිසයි. එම අසාධාරණ බව , යතාර්ථය පෙන්වා දුන්නාට උන්වහන්සේට , උන්වහන්සේගේ ධර්මයට බැනිමෙන් පලක් නැත. කල යුත්තේ නුවනින් අවබෝධ කර ගැනීමයි.

ආයිත් මාතෘකාවට එමු.
ඉදින් , වර්තමාන ලෝකයෙහි සාමාන්‍ය මනුෂයෙකුට අභය දානය කියා කිරීමට ඇත්තේ මරණයට කැපවූ හරකෙකු වැනි සතෙකු මරණින් නිදහස් කිරීමයි.

නමුත් කල හැකි දක්ෂ , නුවණැති තැනැත්තෙකුට තවත් විවිධ ආකාරයෙන් අභය දානමය කුසලය කර ගත හැක. මලපුඩු වලට අසු වූ සත්වයන් ඒවායින් නිදහස් කර සුවපත් කොට හැරීම. හදිසි අනතුරු වලට භාජනය වී මිය යන මිනිසුන් සහ සත්වයන් ප්‍රවාහනය කිරීමට , ප්‍රතිකාර කිරීමට සහය වීම වැනි සැමටම තේරුම් ගත හැකි දේ මෙන්ම කවුරුත් වැඩිය නොසිතන ක්‍රම වලින්ද මෙම කුසලය රැස් කර ගත හැක.

වැසිකිලි පෝච්චියෙහි වැටී ගිලෙන කොඳුරුවෙකු හෝ සලබයෙකු ගොඩින් ගෙන තැබීමෙන් මෙන්ම පාර තිබියදී තණකොළ බිස්සේ සතුන් පාග පාගා මරා දමමින් ඔබ යන ගමන නුවනින් යුතුව සිතා නවතා දැමිය හැකිනම් එයින්ද රැස් වන්නේ අභය දානමය කුසලයයි.

චේතනාවක් නොමැතිව කර්මය සකස් නොවේ. සතුන් මැරීමේ අදහසින් තොරව තණ බිස්සේ අවිද්දාට එයින් රැස්වෙන අකුසලයක් නැත. නමුත් සතුන් කෙරෙහි කරුණාවෙන් යුතුව උනට අභයදානය දෙන චිත්තයෙන් යුතුව එය පෑගීමෙන් වළකින්නේ නම් එයින් අනිවාර්යයෙන් කුසල් රැස් වේ. එලෙස අමුතු ආකාර වලින් කුසල් රැස් කර ගැනීමට අප ප්‍රඥාවත් විය යුතුය. දක්ෂ විය යුතුය.
ඉතින් ... තම්බි මුදලාලිට කීයක් හෝ දී සතෙකු නිදහස් කර හැරීමේදී අපගේ සිතෙහි ජනිත වන්නේ පෙර කි අභය දානමය කුසල චිත්තයයි. තම්බි මුදලාලි එම මිලට සතුන් දෙදෙනෙකු ගෙන බෙලි කැපීම මෙයට අදාළ නොවේ. එය ඔහු රැස් කරන පාප කර්මයයි. එයට අපගේ හවුලක් නැත. ඇතැම් විට ඔහු එම මුදල යොදා හරක් නොගෙන ඔහුගේ නිවස සෑදීමට හෝ ඔහුගේ දරුවෙකුගේ අසනීපයකට එම මුදල යොදවනවා ඇත. එය ඔහු සතු කාර්යයක් මිස අප සිතිය යුතු දෙයක් නොවේ.

ලෝකයේ සත්ව ඝාතනය සැම කල්හිම පවතී දෙයකි. අප විරුද්ද වුවා කියා එය නවතින්නේ නැත. සියලු සත්වයන්ට අභය ලැබෙන යාන්ත්‍රණයක් ලෝකයේ කිසි කලක තිබුනේ නැත. අනාගතයේ කිසි කලක ඇති වන්නේත් නැත. එසේ හෙයින් අප කල යුත්තේ හැකි පමණ සත්වයන් , හැකි ලෙසකින් මරණින් මුදා ලීම මිස අප එම යොදන මුදලින් අනුන් කරන දෙය ගැන පේන බැලීම නොවේ.

අති පණ්ඩිතයාට ඒදණ්ඩේ යා නොහැකිවා මෙන්ම පිනක් කර ගතද නොහැකිය. ඒ පණ්ඩිත කම නිසා රැස් කර ගන්නා කුසලයක් නැති හෙයින් මරණින් මතු ඊයම් බරුවක් දියේ ගිලෙන්නාක් මෙන් හෙතෙමේ නිරයට පැමිණීම නම් නොවරදවා වන්නේය.

Q: එතකොට ඔයා කියන්නේ අභය දානය හොඳයි කියලද . ඒ මුදලම වියදම් කරලා අහිංසක දරුවන්ට පොත් , පෑන් පැන්සල් අරන් දීල ඒ අයට උදවු කරනවට වඩා ?

මම කොහෙද එහෙම කිව්වේ ? කුසල් එහෙම සංසන්දනය කරන්න බැහැ. ඉහත ක්‍රියා දෙකෙන් ලැබෙන්නේ වෙන වෙන ආකාරයේ විපාක. මෙහෙම ගමු.

අධ්‍යාපනයට උදවු කිරීමේ විපාක වශයෙන් ඔබ වෙන ආත්ම භාවයක ඉතා බුද්ධිමත් වී , හෙන මීටරයක් වෙලා උපත ලබා තම අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක ලෙස නිම කරාවි. අවුරුදු 25 දී පමණ වෙනත් භාවයක කරපු අකුසලයක් පලදිල ඔබ දරුණු රිය අනතුරකට මුහුණ දෙවි. ඒකෙන් මරණය පෙනී පෙනී රෝහලේ ඉන්න විටක ඔබේ පිහිටට එන්නේ පොත් දීපු කර්ම විපාකය නොවෙයි. පෙර භවයක අනිකෙකුගේ ජීවිතය රැක දීමෙන් ඔබ රැස් කරපු කුසලය. එහෙම එකක් නැත්නම් ඉතින් සුපිරි මීටරයක් වන ඔබ අවුරුදු 25 දී වැලිගම් යයි. මොකද්ද හොඳ , මොකද්ද ඔබට වඩා වැදගත් කියල ඔබම තීරණය කරන්න.

මෙයින් පැහැදිලි වෙන දෙයක් තමයි සමතුලිත ලෙස නැත්නම් සිංහලෙන් කියනවා නම් බැලන්ස් කරලා පින් කිරීමේ වැදගත් කම. එකම ආකාරයේ පින් කරන්නේ නැතුව විවිධ ආකාරයේ පින් ප්‍රඥාවෙන් සිතා බලා කිරීමෙන් ඉදිරි ආත්ම භාවයන් වඩා සාර්ථක , සතුටු දායක වේවි.

අනිත් කරුණු දෙක ගැන වෙන වෙලාවක බලමු නේද ?