මිතුරනේ , උද්ධමන අවස්තාවක මුදලේ අවප්‍රමාණ වීම රේඛියව කලින් කීමට හැකි ආකාරයෙන් (predictable ) සිදුවෙන දෙයක් නොවේ. මුදලේ අවප්‍රමාණ වීමේ යම් අවස්ථාවකදී භාණ්ඩ හිමිකරුවන් අනාගත මහාපරිමාණ ලාභ බලාපොරොත්තුවෙන් තම භාණ්ඩ සැඟවීමට උත්සාහ කිරීම නිසා දින කීපයක් ඇතුලත උද්ධමන අගය එක විටම විශාල ප්‍රමානිකව ඉහල නැගීම සිදුවේ. එම නිසා රජයෙන් නිකුත් කරන උද්ධමන නිල දත්ත සහ බිම් මට්ටමේ යතාර්ථය අතර විශාල වෙනසක් ඇතිවීම සිදුවේ. සරලව කිවහොත් අද රුපියල් 60 ක් වන පාන් ගෙඩියක හෙට මිල රුප්යල් 350 ක් සහ අනිද්දා 600 වීමට ඉඩ ඇත. කූරක ආකාරයෙන් ප්‍රස්ථාරයේ පෙන්වන්නේ එයයි.
ලක්ෂ ගණනින් මුදල් බැංකුවේ තිබුනත් එම මුදලේ වටිනාකමක් නැත්නම් ඒවා නිකන්ම නිකන් අංක පමණයි. අවස්ථානුකුලව තමන් ගේ අනාගතයට කර ඇති ඉතිරි කිරීම් වල සුරක්ෂිත භාවය සඳහා ඒවා උද්ධමනයෙන් බලපෑමක් නොවෙන දිර්ඝකාලින ආයෝජන (inflation hedge) සඳහා මාරු කිරීමට කල් නොගන්න.
මගේ අවබෝධයේ හැටියට රත්රන් මේ අවස්ථාවේ සාමාන්‍ය මිනිසුන්ට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ඇති හොඳ උද්ධමන ආරක්ෂණයක් වේවි. ඊට අමතරව විදේශ මුදල් ගැනද සිත යොමු කිරීම සුදුසුයි. වගා නොකරන ඉඩම් වල මුදල් ආයෝජනය උද්ධමන වකවානුවේ මධ්‍යම අවධියේ කිරීම සුදුසුයි. ඒ , ඔබට ඒ සඳහා ආයෝජනය කිරීමට ක්ෂණිකව මාරුකළ හැකි මාධ්‍යයකින් (high liquidity) ඔබගේ වත්කම් පැවතුනොත් පමණයි.
වැඩිදුර පැහැදිලිකිරීම් වලට නොයන්නේ එය දේශපාලනික අර්ථයකින් ගැනීමට ඇතැමුන් පෙලෙබේ යයි සිතෙන නිසාය.
මගේ අදහසට වෙනස් අදහසක් ඔබට තිබේ නම් කරුණාකර පහත ලියා දක්වන්න.
මේ වැදගත් ආර්ථික විද්‍යා උපදේශනයට බොහොම ස්තුතියි.
ReplyDeleteආපහු කාලෙකින් මේ පැත්තෙ ආව මචං. හෙමිහිට කියවල මොනවහරි ලියන්නම්.උඹ තාම ලියන එක ගැන සංතෝසයි.
ReplyDelete