Wednesday, August 29, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (රහතුන්)

රහතුන්ටත් කර්ම විපාක තියෙනවද ? රහතුනුත් කර්ම රැස් කරනවද ? රහතුන්ටත් වේදනා දැනෙනවද ?


රහතුන්ටත් පෙර කල දෙයින් උපදනා කර්ම විපාක ඇත. එනමුත් ඔවුන් අලුතින් කර්ම රැස් නොකරති. ඒ කර්ම රැස්කිරීමට අවශ වන්නා වූ තෘෂ්ණාව (කම්මං කෙත්තං , තෘෂ්ණා සිනේහො ) සහමුලින්ම සිතින් ඉවත් ව ගොස් ඇති හෙයිනි. රහතුන්ට යමක් කිරීමේදී පහල වන්නේ ක්‍රියා   සිත් ලෙසයි අභිධර්මයේ සඳහන් වන්නේ. ඒවාට මතු විපාක දීමේ හැකියාවක් නොමැත. එනමුත් පෙර කල දැයෙහි විපාක ලෙස එන කුසල හා අකුසල කර්ම විපාකයනට රහත්හුද මුහුණ දෙති.  සීවලී තෙරුන් අග්‍ර ලාභී ව  බොහෝ සිව්පස ලැබුයේ පෙර සස්නක  බුදුනට කිරි පැණි පුජා කල කුසල මහිමයෙනි. ලෝසක තෙරුන් හට බත් ඇටයක් වත් නොලැබී මහා අල්පලාභී වුයේ මිතුරු(?) රහත් තෙර නමකගේ බත්පත ගින්නට දැමීමේ අකුසල විපාක  වශයෙනි. අංගුලිමාල තෙරුන්ට රහත් වූ පසුවත් , කොල්ලන් ගස් වල ගෙඩි  කැඩීමට ගසනා ගල් මුල් පොලු කැබලි   සොයාගෙන විත් ඇඟේ වැදීම  සිදුවුයේ උන්වහන්සේ රහත්වීමට පෙර කල මනුෂ ඝාතනයන්ගේ ප්‍රවුර්ති  විපාක වශයෙනි. 

රහතුන්ටත් සුඛ දුක්ඛ  වේදනා දැනේ. සතෙක් සර්පයෙක් කෑ විට වේදනාවක් දැනෙනවා මෙන්ම , මියුරු දෙයක් අනුභව කරන විට එහි රසද ඔවුනට හොඳින් දැනේ. ඒ ඔවුන් ගලින් , යකඩින් සැදී නොසිටින නිසාය. සාමාන්‍ය මනසක හා ලෝකෝත්තර මනසක වෙනස  වන්නේ  ලෝකෝත්තර මනසෙහි තමන් විඳින සුඛ  හෝ දුක්ඛ වේදනාව සම්බන්ධයෙන් ඇලීම් හා ගැටීම් නොඉපදීමයි.

ආ ඇයි එහෙනම් ඔවුන් රහත් බලයෙන් , ධ්‍යාන  බලයෙන් ඒ කර්ම විපාක වලක්වා ගෙන සතුටින් නොඉන්නේ ?

අසතුටින් සිටින රහතුන් නැත. තෘෂ්ණා ප්‍රහාණය කර ඇති ඔවුනට කාම මිශ්‍රිත සතුටකුදු නැත .  කාම මිශ්‍රිත අසතුටකුදු නැත.  නිරාමිස සුව පමණක් ඇත. දුබල වූ , වෙනස්වන ස්වභාව ඇත්තා වූ සංස්කාරයන්ගෙන් සැදී ඇති නිසා ශරීර පීඩා ඇත. නමුත් ඒ ශරීර පීඩා නිසා උපදිනා චිත්ත පීඩා නැත.   ශරීර පිඩාවන්හිදී ඔවුන් එය ගනං නොගෙන සිටීමක් ද නැත. හැකි නම්,  එය තම කාර්යයන්ට භාදාවක් වේ නම් එම ශරීර පිඩාවට පිළියම් කොට ශරීරය යථා තත්වයට පත් කර ගැනීම රහත්හුද කරති. එසේ නම් රහතුන්ටද  ශරීරය කෙරෙහි ඇල්මක් තිබේදැයි විමතියක් ඇතිවිය හැකිය. නැත , ඔවුන් එසේ ශරීරය යථා තත්වයට පත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ ශරීරයට ඇති ඇල්ම නිසා නොව අප යන්ත්‍රයක් අබලන් වූ විට තෙල් දමා පිළියම් කොට අප වැඩය කර ගන්නා සේ , යන්ත්‍රයට ආදරයෙන් බැඳී නොසිටින්නා සේ  ශරීරය  කෙරෙහි උපේක්ෂාවෙන් යුතුවමයි.

අවශ්‍ය විටක , අන් සත්වයනට එයින් යහපතක් ඇති විට , තමනට කිරීමට යමක් ඉතිරි වී ඇති කලක රහතුන් වුවද ධ්‍යාන බලයෙන් ශාරීරික දුක්ඛ වේදනා , කර්ම විපාකයන් මැඩ පවත්වාගෙන මඳ කලක් සිටිති. අප බුදු රජාණන් වහන්සේ පිරිනිවීමට පෙර තුන්මස උන්වහන්සේගේ ලේ අතීසාර රෝගය ධ්‍යාන බලෙන් මැඩ පවත්වාගෙන සිටියේත් , මොග්ගලී පුත්ත තෙරුන් සොරුන් විසින් බිඳ දමන ලද කය ධ්‍යාන බලෙන් පිළිසකර කොටගෙන , පිරිනිවීමට බුදුන්ගෙන අවසර පතා පැමිණියේත් එලෙසිනි.

සෑම රහතුන්ටම ලෞකික ඉර්ධින් නැත. එය වෙනම සමථ භාවනාවෙන් වඩා ගත යුතු දෙයකි. බුදුන් කල සිටි බොහෝ රහතුන්ද ලෞකික ඉර්ධින් නොමැති ශුෂ්ක විදර්ශකයන්ය. ඔවුන්ගේ සිතෙහි ඇති නිකෙලෙස් බව හැර වෙන කිසිවකින් ඔවුන් අන් මිනිසුන්ගෙන් වෙනස් නොවේ.  අඟල් දෙක තුන අහසින් පාවී යෑම , බැබලි බැබලි සිටීම , තමන්ගේ නම මුලට අරහත් යයි කෑල්ලක් එකතු කර ගැනීම  (ඔය දැන් කාලේ සමහර උන්නාන්සේලා කරන්නේ .. උන්න්න්සේ කරන්නේ නැත්නම් මුධ ශ්‍රද්ධාවෙන් යුතු  දායකයෝ ටික බලෙන් හරි දාන්නේ    ) , සිත් දැන කතා කොට ජනයා පැහැදවීම   ආදී කිසිවක් කිරීමට ඔවුන් සමත් නොවෙති.  ඇතැමුන් ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසුණු පසු අන් අයට , ඒ හාමුදුරුවෝ නම් සෝවාන් වෙලා ඇති , අර හාමුදුරුවෝ නම් රහත් වෙලා ඉන්නේ ආදී වශයෙන් කියමින් ස්වයං සිඟිති ආතල් ගනිමින් කරන මුධ ශ්‍රද්ධාවෙන් යුතු වරුනාව මට නම් ඇසීමට අප්‍රසන්න වුවකි. අන් අයගේ රහත් බව  , විමුක්තිය ගැන නොව තමන් උනන්දු විය යුත්තේ තමන්ගේ විමුක්තිය ගැන බව නොකිවමනාද?  

පෙර ලක්දිව රහතන්  වහන්සේ නමක් පෙරටුකොටගෙන උන්වහන්සේ  පිටුපසින් දනකට යන , පන්සලෙහිම ජිවිත කාලය ගෙවූ මහලු කැපකරු උපාසකයෙකු එසේ යන ගමන් මෙසේ ඇසීය.
"ස්වාමිනි රහතුන් යනු කවුරුන්ද? ඔවුන් කෙසේ නම් හඳුනා ගනිමුද අප? "
සිනාසී මහල්ලා දෙස බලු උන්වහන්සේ මෙසේ පැවසිය.
"ඇතැම් හු රහතුන්ගේ පා සිවුරු ගෙන ඔවුන් පිටුපසින් දිවි ඇති තුරා යති. එහෙත් රහතුන් නොහඳුනති.... රහතුන් හැඳිනීම  එතරම්ම අපහසුය"
එයිනුදු මහල්ලාට කාරණය නොවැටහින 

එතකොට රහත් වීමේදී කර්ම ක්ෂය උනා කියන්නේ ?

ඒ ක්ෂය ව ගියේ නැවත ඉපදීමට හේතුවන සියලු කර්මයන්.  කර්මය කෙත නම් තණ්හාව දිය වේ. තණ්හාව නැතිකර  දැමීම මගින්  ඒ කෙතට  ජලය එන සියලු මාර්ග අහුරා දැමුවේ වෙයි. නැවත එහි  එහි වපුරන්නෙක් නැත. වපුරුවාට එයින් පලක් ද නැත. මක් නිසාද යත් ජලය නොමැතිව කිසිවක් පැල නොවන බැවිනි. 

Thursday, August 23, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ?

©2012 harmonist.us
මේක කර්මය ගැන ලියන්න හිතන් ඉන්න ලිපි පෙළක පළමු වැන්න. එක පොස්ටුවෙන් ඔක්කොම ලියන්න කියල   හිතන් වැඩට බැස්සට , එක කරුණ ගැන උනත්  ලියන්න  තියෙන දේ පොස්ටු කීපෙකට වඩා දිග වෙන්න පුළුවන් කියල ලියාගෙන යනකොට තේරිච්ච හින්ද මෙහෙම කඩලා  ලියන්න වෙනවා. 

සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද ලියන්නේ ? .. ඔන්න ඔහේ සිංහලෙන් ම ලියනවා... සිංහලෙන්ම ලියල ලියල දැන් ඉංග්‍රීසියෙන් ලියන්න කම්මැලියි වගේ ... මෙහි දැක්වෙන ධර්ම  කරුණු , වෙනත් කරුණු බොහොමයක් ගෙන දක්වන්නේ මතකෙන්. පොත් ඔක්කොම ලංකාවේ හින්ද වෙන කරන්න දෙයක් නැහැ. වැරදි තිබුනොත් සමාව භාජනෙකට දාන්න...ඉවසන්නම අමාරු නම් මට නිවැරදි කිරීමට දැනුම් දෙන්න.   කරුණු සඳහන් වෙන ස්ථානය හරියටම දන්නා වෙලාවට එම ස්ථානය සඳහන්  කරන්නම්.

කිවයුතු අනිත් වැදගත් ම දේ නම් කරුණු සහිත නිග්‍රහය හෝ නිවැරදි කිරීම තමයි මා අගය කොට සලකන්නේ. එකඟ වෙන්න බැරි දෙයක් තිබේ නම් "කරුණු සහිතව" තර්කානුකුලව ඉදිරිපත් කරන්න. මා සෑම විටම වරද වරද ලෙස පිළිගැනීමටත් එය නිවැරදි කර ගැනීමටත් කැමතියි. වරද වරද ලෙස පිළිගැනීමත් ,එයින් වැලකි සිටීමත් මේ ධර්ම විනයේ නිසැක අභිවුර්ධියට හේතු වෙනවා කියල තිලෝගුරු බුදුරජාණන් වහන්සේත්  දේශනා කරලා  තියෙනවා නෙව.  

ලියන්න හේතුව හෙවත් නිධානය ?
 කර්මය ගැන  කර්ම විෂය සම්බන්ධයෙන් බහුතරයක් දෙනාගේ සිත් තුල තියෙන්නේ මිත්‍යා , අසම්පුර්ණ මත. එහෙම අසම්පුර්ණ දැනුමක් තියාගෙන ඔවුන් තැන තැන අන් අයවත් නොමග යවන්න කරුණු දක්වන එක පේන්න තියෙන දෙයක්. සමහර අය විද්‍යාවයි කර්මයයි ඔක්කොම පටලාගෙන අවුලෙන් අව්ලට ගිහිල්ල. එක එක වාද කරුණු අරගෙන තර්ක කරන්න එනවා. එහෙම අය දැන ගත යුතුයි    කර්මය ගැන , කර්ම විෂය ගැන  සම්පුර්ණයෙන් පිරිසිඳ දැන  ගැනීම ලොවුතුරා බුදු කෙනෙක් ට පමණක් කල හැකි දෙයක් ලෙස. පසේ බුදු වරයෙකුට වත් , නුවනින් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට වත් කර්මය ගැන  කර්ම විෂය ගැන සම්පුර්ණ අවබෝධයක් නැහැ. තම ශ්‍රාවකයන්ට  බුදු රජාණන් වහන්සේ උපදෙස් දී තිබෙන්නේත් කර්මය හා   කර්ම විෂය ගැන දීර්ඝව සිතන්න එපා කියා. නුවන මද සත්වයෙකු අතිශයින් පිඩාවට , වෙහෙසට  හෝ උමතු බවට පත්විමටම එය ප්‍රමාණවත්. 

එහෙමයි කියල කර්මය ගැන  කර්ම විෂය ගැන නුවනින් යුතුව තම නැණ පමණට කල්පනා කිරීම , දැන ගැනීම නැවැත්විය යුත් නැහැ. ලෝකයේ සිදුවෙන සාමාන්‍ය දෙනාට පුදුම සිතෙන  බොහෝ දේවල් , ජෝතිෂය , ගුප්ත විද්‍යා , විචිත්‍ර අමනුෂ්‍ය ලෝකය , පුද්ගල සබඳතා , පුනර්භවය , මනුෂ්‍ය ගති  ස්වභාව වැනි දේවල් අධ්‍යයනය  කිරීමේදී කර්මය සම්බන්ධ පිරිසිදු ගැඹුරු දැනුමක් තිබීම අතිශයින් ප්‍රයෝජනවත්.  හරියට නිකං ඉංජිනේරු ශිෂ්‍යයෙකුට කලනය ගැන පිරිසිදු පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ වගේ.... ඒ නිසා කර්මය ගැන මට තේරෙන ස්වල්පයෙනුත් ස්වල්පයක්  විමති දුරුවෙන පරිදි දක්වන්නයි මේක ලියන්න හිතුනේ.

මා මෙතන කර්මය සම්බන්ධයෙන් කියවෙන බොහෝ ජනප්‍රිය කරුණු , ප්‍රශ්න , හැම තැනම හෝද හෝද මඩේ දාන කරුණු ඇදල ගන්න අදහස් කරන්නේ නැහැ.  කර්මය ගැන සාමාන්‍යයෙන් ජහමනයාට ඇති වන සාම්ප්‍රදායික ප්‍රශ්න  බොහොවකට පිළිතුරු ප්‍රශ්නොතර වශයෙන් , රේරුකානේ හාමුදුරුවන් ගේ ධර්ම විනිෂ්ශය  පොතේ පිටු අංක 95 සිට 169 දක්වා කොටසේ සඳහන් වෙනවා. මං  ඕක ආයි කොපි කරලා මෙතන දාන එකේ තේරුම මොකද්ද ? ඕන කෙනෙක් ට බලාගන්න හෝ මිලදී ගන්න මෙන්න ලින්ක් එක. 


දැන් අපි විමසා බලමු සමාජයේ ඇති,   අතන නැති කර්මය හා කර්ම විෂය සම්බන්ධ  විවිධ මතිමතාන්තර ... 
එයින් පලවෙනි එක .... 

අපල කියන්නේ මොනවාද ?
ඔයි කිලෝමීටර් කෝටි  ගානක් ඈත ඉන්න ග්‍රහයන්ට මිනිස්සුන්ට අපල/වින  කරන්න පුලුවන්ද ?
බෝධි පූජා  තියල තියෙන ඔක්කොම අපල ජාති නැති කරන්න පුලුවන්ද ?

බොහොම විවාදාත්මක මාතෘකාවක්. වැරදුනොත් කුණු බැනුම් අවලාද අහන්නත් බැරි වෙන එකක් නැහැ. එත් ඉතින් මොනවා කරන්නද. දන්නා දේ කියල දාමු නේද ? 

බෝධි පුජා කියන්නේ හරියට සැදැහැ සිතින් , අවබෝධයෙන් කලොත් කරන තැනැත්තාට , අනුමෝදන් වෙන තැනැත්තාට   අනන්ත  අප්‍රමාණ විපාක ලැබෙන අතිශයින් බලවත් කුසල කර්මයක්. නමුත් වෛරස ලෙඩක් හැදිච්ච ලෙඩෙක් කොච්චර බලවත් ප්‍රතිජීවක බිව්වත් ගුණයක් නොලබෙන්නා වගේ ලෙඩේට හරියන බේත බිව්වහමම , හරියන ලෙසට පිලිපැද්දහම   ගුණ ලබන්නා සේ , සැම අපලෙකට බෝධි පූජා  තියල ගුණ ලබන්න බැහැ. ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙසෙල් ගෙඩිය වගේ ජිවිතයේ මුහුණ දෙන්න වෙන විවිධ කරදර , භාදක ,ලෙඩ රෝග වලට කර්මනුකුල හේතුවක් තිබේ නම් ....  එහෙම කියුවේ හැම දෙකටම කර්මය බල නොපාන හින්ද. නිති පතා  කුණුවෙන්න ගහල හදා ගත්ත සිරෝසිස් වලට හේතුව  මොන කර්මේද ? මොලේ නැති කම ඇරෙන්න!  ... ඒ කය වැරදි ලෙස පරිහරණය කිරීමෙන් වෙන විපාක... කර්ම විපාක නෙවෙයි...

හරි , පිටපැන්නා..   ආයි ට්‍රැක් එකට එමු.  එහෙම කර්මානුකුල  හේතුවක් තිබේ නම් එය පරිවර්තනය කල හැක්කේ එයට ප්‍රතිවිරුද්ධ කර්මයන් රැස් කිරීමෙන් පමණයි. එයද බොහෝ විට ඒ උපද්‍රවයන්ට මුහුණ  දෙන තැනැත්තා විසින්ම කල යුතුයි. මොකද කර්මය රැස් කලෙත් තමන්ම නිසා. එහෙම බලනකොට අරයට මෙයාට අපල දුරු වෙන්න කියල වෙන අය කරන බෝධි පුජා වලින් කිසි පලක් නොවෙන බව තේරුම් යාවි.

ඉස්සර කාලේ බෝධි පුජා කල කට්ටිය ඒක කලේ ඕල් රවුන්ඩ් , ගොඩක් දේවල් කවර් වෙන විදියට. දැන් නම් එහෙම කරන කට්ටිය නැති ගානයි. පුජාවට කලින් බෝ මළුව හා වට පිටාව ඇමද , පිරිසිදු කිරීම.  මල් , සුවඳ දුම් , දැහැත් පුජාව. ආලෝක පුජාව , බෙහෙත් ගිලන් පස පුජාව ඉන්පසු බුද්ධ වන්දනාව , බෝධි වන්දනාව  වගේ මේ කි නොකී බොහෝ දේවල් සෑහෙන වෙලාවක් අරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් , අවබෝධයෙන් කරපු දෙයක් තමයි ඉස්සර තිබ්බේ. දැන් නම් පැය බාගෙන් වගේ ඉවරයි නේ. සිං සිං ගාල හරියට නිකං ඇපේකින් බේරෙන්න වගේ නේ ඒක කරන්නේ. හැබැයි පුජාව අන්තිම ජරා විදියට කලත් යාදින්න වගේ කන්නලුව්ව නම් තියෙනවා තමන්ගේ වැඩේ කරගන්න.

හරි හරි , කොහොමින් කොහොම හරි , අපල කියන්නේ  තමන්ගේ පස්සෙන් ගවයාගේ පස්සේ එන රිය සක වගේ එන සංසාරේ කරන ලද  පවු.  ඇයි පවු විතරද එන්නේ ? නැහැ පිනුත් එනවා. නමුත් කුසල කර්මයක් පල දීල සැප විඳිනකොට එකේ වගක් නැහැ නේ. හිතන්නේ ඒක අහසින් කඩන් වැටිච්චි එකක් කියල. නිකං ඉබේ ලැබිච්චි එකක් කියල නේ. පවක් පටිසන් දෙනකොට තමයි කාල ඉන්න අමාරු වෙලා අපල තියෙනවද කියල හොයා හොයා ජෝතිෂ්‍ය ඇදුරෝ ගානෙයි , බෝධි පුජා කර කර පන්සල් ගානෙයි දුවන්නේ.

කොහොමින් කොහොම හරි , කෙලින් ම කියනවා නම් , බෝධිපුජා කරලා ඕන අපලයක් නැති කරන්න පුලුවන්ද ? සරල පිළිතුර....  බැහැ.... තමන්ට තිබෙන අපලේ (බලපාන කර්ම විපාකය) හරි හැටි තේරුම් අරගෙන ඒ විපාකය මැඩ පවත්වන්න හෝ අහෝසි කර දමන්න පුළුවන් විදියේ පිළිවෙතක් පිලිපැදීමෙන් තමයි සාර්ථකත්වය ලැබෙන්නේ.

උදාහරණ , උදාහරණ .. හැම වෙලේම උදාහරණ දෙමුකෝ....

හිරේ යන්න කර්ම සකස් වෙලා තියෙන කෙනෙක් බැලිය යුතුයි කොහොමද එහෙම වෙන්නේ කියා. මුදල් සම්බන්ධ කරුණකින්.. සරලව කියනවා නම් වංචාවකින් . අල්ලසක්  වැරදීමකින් හිරේ යන්න නියම වෙලා තිබෙනවා නම් කලයුතු හොඳම දේ එවැනි දේ වලින් වැලකි ප්‍රතිපත්ති ගරුක වීමයි. මුල්‍ය පරිහරණයේ විනිවිද භාවයක් පැවැත්වීමයි. එතකොට පෙර කර්මයේ විපාක වශයෙන් එවැනි සිද්දියකට නිවරද්දේ හසු උනත් ,පිළිවෙතේ හොඳකම නිසා , පරීක්ෂණයකින් පසු ඔබ නිදහස් වේවි. ඕකට මොන බෝධි පූජා  ද ? 

හදිසි අනතුරකින් දිවි තොරවීමට කර්ම සකස් වී ඇති පුද්ගලයෙක් කල යුත්තේ , එවැනි ලෙස හදිස්සියේ මිය යාමට සිටින පුද්ගලයන් , සත්වයන් ඉන් මුදා ලීමයි.  ඔවුනට ජීවිතය ලබා දීමයි. මුස්ලිම් කට්ටිය   නම් ගෙදර දරු උපතක් උනාම එළුවෙක් මරල ඔප්පු කරනවා.. අනේ මන්ද .. උපතයි මරණයයි ඔවුන් එකට ගලප ගත්තේ කොහොමද කියල ... :)

මරණයට කැප වුනු සත්වයන් ට අභය දීම , ලේ දන් දීම , ශරීර අවයව දන් දීම , හදිසි අනතුරු වලට ලක් වූ පුද්ගලයන්  සිට් එකේ ලේ තැවරෙයි කියා කන් කෙඳිරි නොගා , කරුණාවෙන් යුතුව  ප්‍රවාහනය කර දීම වගේ ගොඩක් දේවල් තියෙනවා නේ ඕන නම් කරන්න  ... තමන්ගේ බුද්ධි ප්‍රමාණයට ගැලපෙන ,අවබෝධයෙන් , කර්ම කර්ම ඵල සලකාගෙන , තමන්ගේ සිත සතුටු වෙන ඒ වගේ ඕනෑම දෙයක් කිරීම මහා බලසපන්න කුසල කර්මයක් වනවා පමණක් නෙවෙයි වෙන්න තියෙන දේහි විපාකත් අඩු කරන්න අනිවාර්යයෙන් හේතු වේවි.


එතකොට අපල කියන්නේ තමන් පෙර හා මේ ආත්ම භාවයේ කරන ලදුව  පටිසන් දෙන කර්ම නම් ,මොකද මේ ග්‍රහයෝ ටිකක් අල්ලගෙන දඟලන්නේ?

ඒක මෙහෙමයි. ටිකක් විස්තර කරන්න අමාරුයි. නමුත් උත්සාහ කරන්නම්. තේරුං නැත්නම් බනින්න එපා.

විද්‍යාත්මක  උදාහරණයක් ගන්න. අපේ සෞරග්ග්‍රහ මණ්ඩලේ තියෙනවා නේ. අපි ඉස්කෝලේ ඉගෙන ගෙන තියෙන්නේ ඕකේ ඉන්න ග්‍රහයෝ ඉලිප්සාකාර  පථ  වල  සූර්යයා වටේ බ්‍රමණය  වෙනවා කියලනේ. නමුත් ඒක හරි වගේම වැරදියි. ග්‍රහයන් වෙත බලපාන එකම බලය සෞරග්ග්‍රහ මණ්ඩලේ කේන්ද්‍රය වෙත යොමු වෙච්චි සුර්යයාගේ ගුරුත්වයෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නම් .. හරියටම කියනවා නම් සුර්යයාගේ ස්කන්ධය නිසා එය අවට අවකාශයේ හා කාලයේ ඇති කරන වීකුර්තිය විතරක් නම්     , මේ ග්‍රහයෝ බොහෝ විට ඉලිප්සාකාර පථ වල ගමන් කරාවි. නමුත් ඇත්ත  තත්වය නම් ඒ ඒ ග්‍රහයන් මත අනිකුත් ග්‍රහයන් මගින් ගුරුත්වාකර්ෂණ බලපෑම් ඇති කරනවා. එපමණක් නොව වායු ග්‍රහයන් ගේ tidle forces මගින් ඒවගේ බ්‍රමනයට ඇතිකරන බලපෑම.  අසල තිබෙන අනිකුත් තාරකා මගින් මෙන්ම , ක්ෂීරපථයේ     මධ්‍යයේ තිබෙන super massive black hole  එක මගිනුත් ඉතා කුඩා නමුත් ගුරුත්ව බලයක්  සියලු ග්‍රහයන්  මත  නොනවත්වා යොමු කරනවා. මේ සියල්ලේම හේතුව නිසා අපි ස්ථිර  පථ වල බොහෝ කාලයක් ගමන් කරනවා කියල සිතන් ඉන්න ග්‍රහයන් ගේ සත්‍ය පථ  එයට සහමුලින්ම වෙනස්.

ග්‍රහයන්ගේ පථ සම්බන්ධයෙන් , ඒවාට බලපාන  සියලුම ආකාරයේ විචල්‍ය බලයන්  සැලකිල්ලට ගෙන  සකස්  කරන ලස පරිඝනක simulations වලින් පෙන්වන්නේ , ස්ථිර ලෙස පෙනෙන ග්‍රහලෝක පථයන් එසේ නොවන බවත් වසර මිලියන  ගණනක් අනාගතයේදී ඒවා ගමන් කරන පථයන් නිර්ණය කිරීම කිසිසේත්ම කල නොහැකි දෙයක් බවත්ය. මතක තියා  ගන්න විශ්වයේ වයසත් එක්ක බලනකොට වසර මිලියන කීපයක්  කියන්නේ සොච්චම් කාලයක්.

එනමුත් අපගේ එදිනෙදා වැඩ වලදී මේ සම්බන්ධයෙන් එතරම් සිත කරදර කර ගැනීමට අවශ්‍ය නැහැ. චන්ද්‍රිකාවක කක්ෂය ගණනය කිරීම වගේ දෙයකදී,  ග්‍රහයන්ට හා එයට  බලපාන සියලු කුඩා බලයන් තමන්ගේ ගණනය  කිරීම් වලට ඇතුල් කිරීමට අවශ්‍ය නැහැ. දැන් මොකද්ද   මේ මං කියන්න හදන්නේ? අපි අපගේ එදිනෙදා වැඩ වලදී ප්‍රයෝජනයට ගන්නේ සෞරග්ග්‍රහ මණ්ඩලේ approximate model එකක් කියලයි මට පෙන්වා දෙන්න ඕන උනේ. එය 100% නිවැරදි නැහැ. නමුත් එහෙමයි කියල එදිනෙදා  වැඩ කරගන්න එයින් බාදාවකුත් නැහැ. 

හරි දැන් මොකද්ද මේකයි,  ජෝතිශයයි , කර්මයයි අතර තියෙන සම්බන්ධෙ? ගෙඩිය පිටින්ම කියල දානවා  නම් කර්මයේ ක්‍රියාකාරීත්වය හා ඒවායින් මිනිසා හා අනෙකුත් සත්වයන් වෙත වන බලපෑම තේරුම් ගැනීම සඳහා පෙර විසු තුන් කල්  පිරිසිඳ නොදත්  බ්‍රාහ්මණයන් විසින් සෑදු  approximate model එකක් තමා මේ ග්‍රහයෝ ඉන්න ජොතිශය. ග්‍රහයන්ගේ චලනය හා ක්‍රියාකාරීත්වය , කර්මයේ ක්‍රියාකාරිත්වයට ආදේශ කරලා , ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් ... සංකීර්ණ වෙන්න එපයි , කර්මය කියන්නේ ඉතාමත් සංකීර්ණ විෂයක් නේ...   සරලව දැක්වීමට කරපු විශිෂ්ට උත්සහයක් තමයි ජොතිශය කියන්නේ. නමුත් සිතට ගත යුතුයි ,  කලින් කියුව උදාහරණය වගේම මේකත් 100% නිවැරදි නැහැ. නමුත් එහෙමයි කියල ඔය පොඩි පොඩි වැඩ කර ගැනීමට මේ මොඩලය පාවිච්චි කිරීමේ  බාදාවකුත් නැහැ. ඒක නිසා ජොතිශය දෙස අවඥාවෙන් බලා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප නොකර , එහි සිමා මායිම් හඳුනාගෙන , එය tool එකක් ලෙස භාවිතා කිරීම කිසිසේත්  වැරදියි කියා කිව නොහැකියි.

මේක හරියට නිවුටන්ගේ ගුර්ත්වාකර්ශන නියම සුත්‍රය එදිනෙදා වැඩ වලදී   භාවිතා කරනවා වගේ. එය 100% නිවැරදි නොවන බව අයින්ස්ටයින් අවුරුදු 100 කට කලින් පෙන්වා දුන්න නෙව. නමුත් පාසල් පොත් වල තාමත් නිවුටන්ගේ ගුර්ත්වාකර්ශන නියමය තියෙනවා. ඉස්කෝල වල උගන්වනවා. ලේසියෙන්   වැඩේ කරගන්න පුළුවන් නම් 100% හරි වෙන්නම් ඕනේ නැහැ කියන මතේ තමයි විද්‍යාඥයෝ ඉන්නේ. ඉතින් අපිත් එහෙම හිතුවම  මොකෝ. අපේ සමහර අයියල නම් විද්‍යාඥයන්ටත් වඩා විද්‍යාඥයෝ වෙන්නනේ යන්නේ.

එතකොට ඔය ග්‍රහයෝ ඇත ඉඳන් කිරණ නිකුත් කරලා මිනිස්සුන්ට අපල කරනෙන් නැද්ද ?

අනේ මන්ද ඔය වගේ එව්වා කියන්න ගිහිල්ල තමයි මේ වැඩකට ගන්න පුළුවන්  පෞරාණික ශාස්ත්‍රය ක් මිනිස්සුන්ගේ හිනාවට භාජනය වෙලා තියෙන්නේ. දැන් හෙනහුරා කළු , කකුල නොන්ඩි , නාකි නපුරු හිඟන්නෙක් උනෙත් , බ්‍රහස්පති තලෙළු , මහත බඩ තියෙන , කරුණාවත් , බොහොම උගත් , වයසක බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් උනෙත් කොහොමද ? ... ඒක තමා modeling කියන්නේ. 

මගේ පෞද්ගලික අදහස නම් එක් එක් පෘතුවි යුග වලදී .. දැන් යන්නේ කලියුගය .. හොඳේ ... සත්වයාට බලපාන කර්ම හා ඒ බලපාන විදියේ යම්කිසි consistency එකක්, එහෙමත් නැත්නම් pattern එකක් එහෙමත් නැත්නම් predictability and recurrence එකක් තියෙන බවයි. අනේ මෙව්වට සිංහල වචන නම් නොදනිමි. සමා වෙන්න ඕනේ... කර්ම එහෙන් මෙහෙන් ඇවිල්ල randomly සත්වයන් මත බල නොපාන බවයි මගේ නම් අදහස. ඒ ආකාරයේ consistant pattern එකක් තිබෙන නිසා තමයි ජෝතිෂය මගින් යම් යම් කරුණු දැක්වීම තරමක සාර්ථකත්වයකින් යුතුව කරන්න පුළුවන් වෙලා තියෙන්නෙත් , ඒ සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ යම්කිසි විශ්වාසයක් තිබෙන්නේත්. 

නමුත් දැන් වර්තමානයේ කියන අනාවැකි එතරම් සාර්ථක නැහැ නේද ? ඉස්සර ජෝතිෂ ඇදුරන් තිතට අනාවැකි කිව්වත් දැන් එහෙම කියන්නේ නැහැ , දැන් එහෙම කියන්න බැහැ කියල බොහෝ දෙනෙක් කියනවා නේද ?

ඇත්ත තමයි.  අවුරුදු දහස් ගණනකට කලින්  හදපු මොඩලය පවතින කාලයට , පවතින තත්වයට අනුව  වෙනස් නොකර ඒ විදියටම පාවිච්චි කරන ගියහම වරදින්නේ නැද්ද ? අනිත්‍ය සියල්ලටම පොදු නම් , ජෝතිශයට , ඒ සම්බන්ධ ගණනය කිරීම්  වලට , ග්‍රහ පථ යනාදියත් කාලයත් සමග වෙනස් වනවා නේද ? යුගයෙන් යුගයට සත්වය මත බලපාන කර්මයන් හා ඒවායේ ස්වභාවයත් වෙනස් වනවා නේද ?

එහෙම තියෙද්දී පරණ මොඩලය ඒ තත්වයන්ට අනුව පිළිසකර නොකර ඒ තිබිච්චි විදියටම පාවිච්චි කරන්න යෑම නිකං හරියට ටොලමිගේ පෘථිවි කේන්ද්‍රීය මොඩලය භාවිතා කරලා අඟහරුට රොකට් යවන්න පථ (trajectory) ගණනය කරන්න හදනවා වගේ වැඩක් නෙව. ඉස්සර මිනිස්සු ඕක පවතින තත්ත්ව වලට අනුකුලව වත ගහල ගත්ත. දැන් එහෙම නොකරන නිසා එන්න එන්න අනාගතයේදී එමගින් දක්වන්න පුළුවන් අනාවැකි නිවැරදි නොවෙනවා වගේම , ඒ නිසා මිනිස්සුන්ගේ ඇතිවන අවිශ්වාසය වැඩි වීමෙන් කාලයක් යනකොට සම්පුර්ණයෙන්ම මේ ශාස්ත්‍රය මිනිසුන් අතරින් නැති වී යාවි.

දෙයියනේ මේක නිකං මාගල වගේ වෙලා දැන්.. ඇති ඇති...  අදට ඇති ... 

Wednesday, August 22, 2012

බැංකු කාඩ් පත පිටුපස අත්සන් කල යුතුමද ?

මේ දවස් වල බැංකු  කතා රැල්ලක් යනවා නෙව. මේ ලියන්නේ මට වෙච්චි පාඩු නෙමෙයි... පාඩුත් වෙලා තියෙනවා. Ebay එකෙන්  සැරයක් බඩු අරගෙන ඩොලර් 700 කට කෙල උනා. කම්මැලි කම හින්දම වැඩිය ඒ ගැන එලවන්න ගියේ නැහැ. 

මේ ඉතින්   මෙහෙ මිනිස්සු බැංකු වලින් සොරකම් කරන ක්‍රමයක් ගැන පොඩි විස්තරයක්. කඩ වල වැඩ කරන , තාක්ෂනය ගැන උනන්දුවක් දක්වන කට්ටිය නම් මේක දන්නවා.. මේ ලියන්නේ නොදන්න අයට. දැනුම හංගන් ඉඳීමෙන් කාටවත් පලක් නැහැ කියන මතයේ තමා මං ඉන්නේ. Information should be freely available to everyone who need it. what they do with it is up to each individual.  ඔන්න  කොරල අහු උනොත් හෙම මං නැහැ.  

සෑම සුමානේකම සති අන්තයේ ... බොහෝ කොට ගනුදෙනු අඩුවෙන්ම වෙන ඉරිදා රෑ 12 ට විතර බොහොමයක්  බැංකු තමන්ගේ databases offline කරලා මුළු සුමානෙම transactions  process කරන්න ගන්නවා. මේක සිද්ද වෙන පැය කීපෙක කාලය තුල ගිණුම් විස්තර , ශේෂය , පින් නොම්මරේ ආදිය   එම databases වෙතින් ලබා ගත නොහැකියි. ලංකාවෙත් මෙහෙම වෙනවද දන්නේ නැහැ. 

නමුත් පැය විසි හතරේම ඇරලා තියෙන කඩ සාප්පු වලට මේක හින්ද තමන්ගේ කඩ වහන්න බැහැනේ. මිනිස්සු කාඩ් වලින් බඩු ගන්න ආවොත් අපහු හරවල යවන්නත් බැහැ නේ. පෙට්රෝල් ගහපු මනුස්සය තෙල් ගහල ඇවිල්ල බිල ගෙවනකොට කාඩ් එකක් දුන්නොත් ආයි වාහනෙන් තෙල් අදින්නයැ එලියට.

බැංකුව සමග සම්බන්ධතාවය බිඳවැටෙන මේ පැය කීපය තුල pos mashins , store and send later වගේ mode එහෙකට යනවා. කස්ටමර් ගේ කාඩ් එකේ තියෙන  magnatic strip එකේ විස්තර , පින් නම්බරේ , account balance එක වගේ විස්තර බැංකුවත් එක්ක validate කරන්නේ ඒක තමන්ගේ weekly batch processing ඒක ඉවර කරලා අපහු online ආවායින් පස්සේ තමා.

ඔන්න මේ වෙලාවට තමා සු ගාල කට්ටිය එන්නේ හොරකම්  කරපු  , නැතිවෙච්චි කාඩ් උස්සගෙන.  පළපුරුදු සාප්පු  සේවකයෙකුට මිනිහෙක් ගේ මුහුණ දිහා, හැසිරීම් දිහා තත්පර කීපයක් බැලීමෙන් පුළුවන් ඔහු මොනවගේ කෙනෙක්ද කියල අඳුන ගන්න. සොරෙක් වගේ නම් විමසිලිමත්ව සුදුසු දුර ප්‍රමාණයෙන් සිටිමින් ඔහුව ඇස් දෘෂ්ටියේ තබා ගැනීමටත්, සොරෙක් නෙවේ නම් ඔහුට ඕන දෙයක් කරගන්න හැර තමන්ට තියෙන වැඩක් කිරීමත් තමයි පළපුරුදු සාප්පු  සේවකයෙකු කල යුත්තේ.   ඒක කරගන්න බැරි එකෙක් ඒ රස්සාවට කිසිසේත්ම නුසුදුසුයි.  ඒකයි මට දවසක් මල පැන්නේ තිලකවර්ධන එකට ගිය වෙලාවේ.

ඔන්න හොරෙක් වගේ කෙනෙක් මේ වෙලාවට බඩු ගොඩක් අරගෙන ... මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට ගන්නේ සිගරට් .... පැකට් 20 -30 විතර ගන්න වෙලාවල් තියෙනවා. කාඩ් එකක් දික් කරනවා. සමහර කඩ වලින් මේ වගේ වෙලාවට කියනවා .. "කනගාටුයි සේර් , ඩොලර් 40න් කට වඩා මේ මොහොතේ කාඩ් එක මගින් ගනුදෙනු කරන්න බැහැ" කියල. මට මතක විදියට ඒක තමයි ඒ දවස් වල ලිමිට් එක. ගනුදෙනුව dispute උනොත් කඩේට ඒ ගාන බැංකුවෙන් ගෙවනවා. ඒක හින්ද පාඩුවක් නැහැ. එයිට වඩා ගනුදෙනුවක් කරලා dispute උනොත් කඩේ එම පාඩුව දරා ගන්න ඕනේ.

නමුත් සමහර අවස්ථා වල නුපුහුණු සේවකයෝ මේ ලිමිට් එක නොදන්නා කම නිසා මුළු ගනුදෙනුවම අනුමත කරනවා. මං දන්නා ගොබිලෙක් ඩොලර් 400 සිගරට් එහෙම දීල තියෙනවා. කස්ට දෙපැත්තෙන්ම   හිනා වේවි , තැන්ක්ස් මයිට් කියල උඩ පැන පැන කඩෙන් යන හැටි  පස්සේ බලනකොට වීඩියෝවේ තිබ්බා... 

මෙච්චර වෙලා මේ කලේ වටේ පඳුරු තලපු එක. කාඩ් භාවිතා   කරන කෙනෙකුට වැදගත් ම කියල මට හිතෙන දෙයක් දැන් කියන්නේ... 

මේ වගේ අවස්ථා වල අමතර ආරක්ෂාකාරී පියවරක් විදියට කස්ටමර් ගේ අත්සන ගැනීමට pos machine එක නියම කරනවා. පාරිභෝගිකයා  පළමුවෙන් කාඩ් එක swap කරා , දෙවනුව පින් එක එබුවා ... හොරු නම් ඕන පින් එකක් ගහනවා... validate වෙන්නේ නැහැ නේ  ...  pos එකට බැංකුවට සම්බන්ධ වීමට බැරි නම් එමගින් රිසිට් එකක් මුද්‍රණය කරනවා පාරිභෝගිකයාගේ අත්සන ගැනීමට. ඔහු එය අත්සන් කල පසුව සාප්පු  සේවකයා කාඩ් එකේ අත්සන හා එම අත්සන සසඳා බලා එම ගනුදෙනුව අනුමත  කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනවා. බොහෝ කොට වන්නේ අනුමත  කිරීමයි. හේතුව ?

1. පාරිභෝගිකයාට chalenge  කිරීමට බොහෝ සාප්පු  සේවකයන්  බිය වීම 
2. එක සමාන වන සේ සොරට අත්සන් කිරීම එතරම් අපහසු දෙයක් නොවීම.
3. බොහෝ කාඩ් වල අපැහැදිලි මැකීගිය අත්සන් දක්නට ලැබීම.

දැන්.. ඔබගේ කාඩ් පතක් මෙසේ භාවිතා කලොත් මොකද වෙන්නේ? ඔබ කාඩ් පත නැති වූ බවට බැංකුවට දැනුම් දී නැත්නම්.... ඔහු යෙදු අත්සන ඔබගේ අත්සනට සමාන නම් ඔබට බොහෝ වෙලාවට සොරි ඩොට් කොම් ම තමයි. සෑම මාසයකම අන්තිමේ බැංකුව මගින් disputed transaction ලිස්ට් එකක් සාපුවට එවනවා. එවිට සාප්පුව  මගින් අර අත්සන් යෙදු කොලය , ගත් බඩු වල රිසිට් සමග බැංකුවට යැවිය යුතුයි. චායා පිටපතක් තමන් ළඟ තබා ගන්නවා. අත්සන් සමාන නම් ඉතින් කඩයට පාඩුවක් නැහැ... ඔවුන් හරි දෙය කරලා නේ තියෙන්නේ....

මේ හේතුව නිසා මා නම් කිසිම කලක මගේ අත්සන මට ලැබෙන කිසිම කාඩ් එකක පිටිපස ලියන්නේ නැහැ. හැම බැංකුවක් ම , හැම කඩයක්ම කියන්නේ එහෙම කරපන් කියල.  අත්සන නැති කාඩ් එක දුන්නහම හැමෝගෙම මුණු ඇඹුල් වෙනවා. මට දිග ලෙක්චේර්ස් දෙන්න යනවා...නීතිගරුක පුරවැසියෙක් ලෙස  කාඩ් එක පිටුපස අත්සන් කිරීමේ වැදගත්  කම ගැන.  නමුත් .....

කාඩ් එක අත්සන් කරොත් , ඉන් පස්සේ නැති උනොත් , ඕන කෙනෙක්ට පහසුවෙන් ඒ අත්සන බලාගෙන සොරට යොදාගෙන , මා කාඩ් පත නැතිවූ බව දැනුම් දෙන තුරු එය අවභාවිත කල හැකියි.  මා එය අත්සන් කර නැත්නම් ? එහෙනම් ඔහු දන්නේ නැහැ මගේ අත්සන මොන වගේද කියා... ඔහු සිතින් සිතාගෙන මගේ වගේ අත්සනක් එම කාඩ් පත් පිටුපස ලියා ඉන් පසු එය භාවිතා කල යුතුයි. එය මගේ අත්සනට සමාන වීමට කිසිසේත්ම බැහැ නේ. එතකොට එය මා කල ගනුදෙනුවක් ලෙස සඳහන් වන්නේ නැහැ නේ....

මා බොහෝවිට කරන්නේ මගේ අත්සන , පින්තුරය තිබෙන හැඳුනුම් පතක් ඉල්ලුවොත් ලබාදීමයි. කාඩ් එක අත්සන් කරන්න කියල මැරෙන්න හැදුවොත් වෙන කඩේකට යන්න පුළුවනි නේ.



Saturday, August 18, 2012

බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?

ජෝතිෂ ලංකා මහත්මයා දින කීපයකට කලින් පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන් යනුවෙන් ලිපියක් පල කලා. එයට අදහස් දැක්වූ  කිහිප දෙනෙක් ට කරුණු පැහැදිලි කරමින් මා කොමෙන්ට්ස් දෙකක් දැමුවත් එයට , එතන  නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ වැඩි වගකීම තිබෙන්නේ එම ලිපියේ  හිමිකරුට කියල සිතුන නිසා ත් මගේ අදහස් දැක්වීම ලිපිය හයිජැක්  කිරීමක් ලෙස වරදවා වටහා ගැනීමට ඇති ඉඩත් නිසා  වැඩිදුරටත්  දීඝව කරුණු දැක්වීමෙන් වැළකීමට අදහස් කරා. 

නමුත් මා එහි දැක්වූ අදහස් වලින් බියට  පත් වෙලා , බුදුනට කරන උතුම් සත්කාරයක් වන බුදු පහන  තැබීමෙන් යම් කිසි කෙනෙක් වැලකුනා  නම් එයින්  මා හට වෙන්නේ ඉමහත් පාපයක්.  එම නිසා මා එහි නොකී ටික මෙතන දමන්නම්. අග මුල දැනගැනීමට ඒ ලිපියට ගොස් ආවොත් හොඳයි. එහි නොදමා , මෙහි මෙසේ අදහස් දැක්වීමට තවත් හේතුවක් තමයි මෙහි ඇතැම් විට විවාදාත්මක විය හැකි කරුණු , පුද්ගලයන් ඇතුලත්ව සිටීම. ඒක හින්ද කරුණු  දැක්වීමේ සම්පුර්ණ වගකීම මා බාරගත්තොත් හොඳයි කියල සිතුන.

මේ වගේ කරුණු සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න වලට  , දීඝව , පැහැදිලිව කරුණු පැහැදිලි කිරීමක් නොකලොත් බොහෝ අය කරුණු වරදවා වටහා ගන්නවා. එය කිසිවක් නොදැන සිටිනවාටත් වඩා නපුරක්.

ප්‍රශ්නේ මේකයි... 
බුදුනට පහන් තැබීමට  නියමිත වෙලාවක් තිබේද ? එසේ තබන පහන් වලට හෝ අවේලාවේ තබන පහන් වලට  අමනුෂ්‍ය ආකර්ෂණයක් වේද ?

බොහෝ අය සිතන්නේ බුද්ධ බලය ඔක්කොටම වඩා ලොකුයි. (ඇත්තටම ලොකු තමා... නමුත් මිනිස්සු හිතන් ඉන්න විදියට නම් නෙවෙයි ) ඒක  නිසා  කිසි අමනුෂ්‍යයෙක්ට ඒකට විරුද්ධව යන්න බැහැ. කියල..

මේ අදහස් බලන්න 
1.  "මම නම් හිතන්නේ බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න වෙලාවක් ඔනේ නැහැ කියලා, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි)" - Kushi
2. "ඒක ඇත්ත බුදුපහන කිසිකෙනෙකුට භාරගන්න බැහ" - Malnayaka

අපේ මිනිස්සු හිතන් ඉන්නේ අර  ජෙඩයි නයිට්ස්ලට (Jedi Knights) තියෙනවා වගේ අමුතු බලයක් කියල මේ බුද්ධ බලේ... මොන පිස්සුද!!!  ඒක එහෙම ම වෙන්නේ  නැහැ.  බුදු පහනකට වුවත් අමනුෂ්‍ය ආකර්ෂණයක් විය හැකියි.

දිශ්ටියක් කියන්නේ යම් කිසි අමනුෂ්‍යයෙකුගේ බැල්ම එතනට වැටීමකට. ඇතැම් අමනුෂ්‍යයන් පහනක දැල්ලේ ඇති දැවි ගන්ධය ආග්‍රහණ ය කරන්න කැමතියි. ඇතැම් අමනුෂ්‍යයන් ආලෝකයට ප්‍රියයි. මේ ඔක්කොම මනුෂ්‍ය ලෝකය ආශ්‍රිත කරගෙන ඉන්න ඉතා පහත් තත්වයේ සත්ව කොට්ටාශ. චතුර්මහාරාජිකයේ පොඩ්ඩක් වත් ඉහල ඉන්න බුමාටු දෙවි කෙනෙක් වත් කවදාවත් පහන් වලට , පුළුටු වලට ඇදිල එන්නේ නැහැ. ඔවුන්ට කර්මානුකුලාව මැවෙන දිව්‍ය අහර පාන , ඇඳුම් වාසස්ථාන තියෙනවා. 

සමහර දිෂ්ටි වලට නම් තියල තියෙන්නේ දෙවියන් ගේ නම් උනත් ඒ දෙවිවරු , උදාහරණයක් විදියට සුමන සමන් දෙවි දිෂ්ටිය ගන්න... කවදාවත් , මොන පුද තිබ්බත් මොනවා මැතිරුවත් කොහේටවත් දිෂ්ටි දාන්න එන්නේ නැහැ. ඔවුන්ගේ යටතේ විවිධ මෙහෙවර කරන පහත් යක්ෂ , ප්‍රේත , සත්ව කොට්ටාශ ඉන්නවා. ඔවුන් තමයි ඒ උසස් දෙවිවරුන් ගේ නාමයෙන් පැමිණ දිෂ්ටි දෙන්නේ. උදාහරණයක් විදියට උත්සවේකට ඇමති තුමාට එන්න කියුවහම , ඒක මේ පොඩි එකක් නම් උන්නැහේ එන්නේ නැහැ නේ. කවුරු හරි පොඩි ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් එවල ශේප් වෙනවා නේ. ඒ වගේ...

දැන් මේ කුඩා කෙනෙක් ට උනත් ඇමති පවර් තියෙන හින්ද වැඩක් කියල කරගන්න බැරි කමක් නැහැ. ඒ වගේ ම පහත් යක්ෂයෙක් ලවා උනත් වැඩක් තියෙනවා නම් කර ගන්නේ මේ විදියට. 

බුද්ධ බලයට බිය අමනුෂ්‍යයන් වගේම බිය නැති නාහෙට අහන්නේ නැති එවුනුත් ඉන්නවා. ආටානාටිය සුත්‍රය දේශනා කරලා තියෙන්නේ ඒ වගේ උන් උදෙසා. ඔබ බුදුනට පුජා කරලා එළියේ කෑම එකක්  තියන්න. සැනෙකින් කපුටෝ  ඇවිල්ලා කාල යාවි. එතකොට කපුටු බලේ  බුද්ධ බලේට වඩා ඉහලද ?. ඒක  තිබ්බේ බුදුන්ටද නැද්ද කියන එක උන්ට  වැදගත් දෙයක් වත් එය පරිභෝග නොකිරීමට හේතුවක් වත් නොවෙයි..

එලෙසින් ම තමයි බුදු පහනට උනත් පහත් අමනුෂ්‍ය දිශ්ටින් වැටීමට ඉඩ තියෙන්නේ. උන්ට ගානක් නැහැ පහන තිබ්බේ කාටද කියන එක.

තවත් ප්‍රශ්නයක් මේකෙන්ම පැන නැගුනා.. 
මේ වෙලාවල් බලපාන්නේ ගෙවල් වලට විතරද? පන්සල් වලත් පහන් පත්තු කරන්න වෙලාව බලනවාද?

ඇත්ත වශයෙන්ම නැහැ. බුදුන් පිරිනිවන් පෑමට ආසන්න කාලයේ දිනක් උන්වහන්සේ දුටුවා අනාගත දඹදිව අග නගරය වන පාටලී පුත්‍ර  ග්‍රාමයේ අහසේ දෙවියන් භුමියේ  ඉඩ වෙන් කරනවා. මහේශාක්‍ය දෙවියන් හොඳ හොඳ තැන්වලින් ඉඩ අල්ල ගන්න අතර අවශේෂ උදවිය ඉඩ ලැබෙන තැන වලින් කොටස් වෙන් කර ගන්නවා. මහේශාක්‍ය දෙවියන්  වාසය කරන තැන්වල අනාගතයේ ලොකු රජ වරුන්ට, සිටු වරුන්ට , නිවාස තැනීමට සිත් දෙන බව  බුදු රජාණන් වහන්සේ දුටුවා. ප්‍රකාශ කර සිටියා. මේකෙන් පෙනෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ලොකු ලොකු VIP  කට්ටිය ඉන්නේ අහම්බෙන් හම්බ වෙච්ච තැන වල නෙවෙන බවයි. 

පන්සල් වැනි වැදගත් පුජනිය ස්ථාන අශ්‍රිතව බලවත් මහේශාක්‍ය දෙවියන්ගේ වාසස්ථාන පවතිනවා. පහුගිය  යුද්ද කාලේ , බෞධාලෝක මාවත වැනි පාරවල් හයි සෙකියුරිටි සෝන් කරලා මැස්සෙක්ට  වත් එහා මෙහා යන්න බැරි වෙන්න ගාඩ් දාගෙන හිටිය වගේ තමයි මේ කට්ටිය ඉන්න තැනුත්. නිකං දෙකයි පනහේ අමනුෂ්‍යයෙකුට   පාන් වලට දිෂ්ටි දාන්න  තියා පැත්ත පළාතේ යන්න වත්  බැහැ. සැරියුත් ස්වාමින්වහන්සේට ආත්ම  සතකට පෙර මවු වුන පෙරේතියක් උන්වහන්සේ හම්බ වෙන්න ජේතවනාරාමෙට  ආවට එහි දොරකඩ රකින දේවතාව එයාට ඇතුලට යන්න දුන්නේ නැහැ කියන එක කවුරුත්  දන්නා කාරණයක් නේ.     ඒක හින්ද බය නැතුව පන්සල් වල ඕන වෙලාවක පාන් පත්තු කරන්න.  කිසි ප්‍රශ්නයක් නැහැ. මොකෙක් වත් එන්නේ නැහැ ලෙඩ දාන්න. 

තව එකක්.  මහේශාක්‍ය දෙවියන්  වාසය කරන තැන්වල පෙර කළ පින් ඇති මනුෂ්‍යන්ට වාසය කරන්න සිත් දෙනවා කියල කියුවනේ. ඉතින් මේ අයගේ ගෙවල් වලත් ඕන පානක් ඕන වෙලාවක පත්තු කරාට කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ. ඉන්නේ හයි  සෙකියුරිටි සෝන් එකක නේ.  එකෙත් හැටි....  දුප්පතාට මයි , අසරණයාට මයි තියෙන ඔක්කොම ප්‍රශ්න. 

අමනුෂ්‍ය කරදර වැඩි , පෙර කළ පින් අඩු මෙලොවද ධාර්මිකව ජිවත් නොවෙන මනුෂ්‍යයන්ට මයි. පානක් බුදුන්ට  කියල  මුනිච්චාවට පත්තු කරාට අමනුස්සයෝ දන්නවා මේක මේ බොරුව කරන්නේ කියල. ඉතින් උන් ඇවිල්ලා පිස්සු කෙලින්න ගත්තහම මිනිහ බනින්න ගන්නවා බුදු හමුදුරුවන්ටයි , පානටයි.

"මොන මළ කරදරක්ද ..... මේ ඔක්කොම ප්‍රශ්න  ආවේ මේ කෙහෙම්මල් පානක් පත්තු කරන්න ගත්තම තමා..." බ්ලා බ්ලා බ්ලා....   

ධාර්මිකව ජිවත් වෙන හොඳ මනුස්සයෙකුට උනත් සමහර විට සාංසාරික වශයෙන් බැඳීම් ඇති අමනුශ්‍යන්ගෙන් බලපෑම් එන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා ධර්මයේ නිසි ලෙස  හැසිරෙනවා නම් එමගින් තම ආරක්ෂාව සලසා ගන්නවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

ඔන්න හොඳ මනුස්සයෙක් ඉන්නවා. මේ මනුස්සයට අමනුස්ස කරදරයක් එනවා.   සාමකාමිව  තිබ්බ ගෙදර අඬ දබර.  එකිනෙකා රුස්සන්නේ  නැහැ. මුදල් නාස්තියත් වැඩියි. ලෙඩ දුක් හැමදාම. ඒ මනුස්සයත් බොහොම දුකින් මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නවා. දැන් පහල දේව සබේ කතාව යන්නේ මෙහෙමයි.

ඒකයැ , දන්නවද අර කුඹුක් ගහ ගෙදර උපාසක   මහත්තයාගේ ගෙදර කරදරයක් නේ.

ඔය කියන්නේ අර බොහොම ධාර්මිකව ජිවත් වෙන , තුනුරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් තියෙන   බොහොම සිල්වත් ගුණවත් සත්පුරුෂයා ගැන නේද ?

ඔව්  ඔව්  එයා තමයි...

ඉතින්  මොකෝ සීන් කෝන් එක ? මේ පහුගිය පෝය කීපෙකට කලිනුත් සාංඝික දානයක් දීල අපිට පිං දුන්නේ... මොකද්ද ප්‍රශ්නේ ?

කොහෙන්ද ආපු මල යකෙක් ඒ ගෙදර  පැල පදියන් වෙලා. දැන් ඒ ගෙදර එකම විකාරයක් වෙලා. උන්නැහේට පිනක් දහමක් කර ගන්නවත් හිත එකලාසයක් නැහැ. 

හැබෑට... කවුද යකෝ  ඒ ගුණවතාට ලෙඩ දාන යකා ? හඃ , මට මේ දිව්‍ය මරුති එක ලැබුනෙත් උන්ද සංඝයාට පිරිවෙනට වඩින්න මාස් පතා දෙන සීසන් එකෙන් අපිට දීපු පින්  අනුමෝදන් කරගෙන නෙව.
දැන් බලපන් උඹේ ලොකු කෙලීට සුධර්මා  බ්‍රෑන්ඩ්   එකෙන් මේක් අප්  සෙට් එකක් ඕන කියල අඬ අඬා ඉන්න කොට , ඒ මහත්තය ලොකු හාමුදුරුවන්ට හමේ ලෙඩට පුජා කරපු ක්‍රීම් එකේ පින් අනුමෝදන් වෙච්චි හැටියේම සුටුස් ගාල කෙලිගේ අතටම මේක් අප්  සෙට් එක පහල උනා නෙව. වෙන කවුද මේ පළාතේ ඉන්නේ අපිට අනුමෝදන් වෙන්න පුළුවන් විදියට සද්දාවෙන් , කර්ම කර්ම-ඵල සලකාගෙන ඒ වගේ උසස් පින් කරන කෙනෙක්. ඔක්කොම් ඉන්නේ මේ මුනිච්චාවට , කිසි අවබෝධයක් නැතුව බොරුවට පිං කියල ඔය මොනවා හරි කරන පොල්තෙල් බෞධයෝ නෙව. සාංඝික දං ගෙදරත් පදමට ස්ටෙලා වෙච්චි ගමන් ඉන්න පාපතර  හැතිකරයක් නෙව මේ වටේ පිටේ ඉන්නේ.  මුන්දට මේ මල  යකා හින්ද මොනවා හරි උනොත් අපිටත් වෙන්නේ මහ පාඩුවක් බං ඇත්තටම.

හැබෑව මචං ... අපි ට මෙච්චර උදවු කරන , තුන්රුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් භක්තියක් තියෙන , නිති විචිත්‍ර කුසල් කරන  මේ මනුස්සයට මේ වගේ කරදරයක් වෙලා තියෙන වෙලාවට අපි   මෙහෙම  අහක බලං නිකං හිටියොත් අපිට වඩා (දිව්‍ය) බල්ලෝ තවත් නැහැ බොල . මෙහෙම ඉඳල බැහැ...   කෝ වරෙල්ලා යන්න. අඩේ , උඹේ යාලුවන්ටත් එන්න කියාපන්. කෝ අර කැලණියේ ඩිවිෂන් එක බාර ආචාර්‍ය දෙයියොත් එයාගේ යක්ෂ  ස්ක්වාඩ් එකත් එක්ක අපේ වැයික්කියට   ඇවිල්ලා ඉන්නවා නේද ?  එයාටත් එන්න කියපන්. බලන්න යන්න මොකද්ද   මේ සීන් කෝන් එක කියල... පොර මේවගේ වලි සීන්  වලට , ගූ කේස් වලට  කියාපු බඩ්ඩ... 

ඔන්න දැන් තමන්ගේ  හිතවතාට වෙච්ච කරදරේට අම්බානට මල පැනපු දෙයියෝ ගැන්සියම ෆුලි ආමඩ්  බොඩි ගාඩ්ල සෙට් එකත් එක්ක    උපාසක මහත්තයාගේ  මිදුලට දෙගොඩ හරි ජාමේ ලෑන්ඩ්  කරනවා.

කෝ!!!  කවුද මෙතන චන්ඩි? වරෙල්ලා ඉන්නව නම් එලියට...
කවුද අපේ උපාසක මහත්තයට ලෙඩ දාන යකා...
වරෙන් එලියට නිකං ඇට කටු තලා ගන්නේ නැතුව. හඃ හඃ හඃ!!!

අනේ , ගෙදර බින්න බැහැල ඉන්න මල යකා ට රෙද්දේම එක දෙක වෙලා ආයිත් ඒ පැත්ත පළාතේ නොඑන්නම පැනල දුවන්න ඔය දාන සද්දේ හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතත් ආචාර්‍ය දෙයියන්ට කියල ගස් බැඳ ගන්න මොන මළ යකාද  කැමති?

කේස් ක්ලොස්ඩ් ... පහුවෙන්ද ඉඳන් .. උපාසකයාගේ ගෙදර බිස්නස් ඈස් යුශුවල්.... 

විහිළුවට මෙහෙම ලියුවට , මේ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ.  නිකං මුනිච්චන් කාර බෞධයන්ට මෙහෙම සප් එකක් දෙයියන්ගෙන්  නැහැ කියන එක ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ.

ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකවරණය ලබයි කියල කියල තියෙනවා නෙව. එදි නෙදා ජීවිතයේදී සිද්ද වෙන මේ වගේ කරදර භාදක  වලින් ධර්මයේ හැසිරෙන්නා රැකවරණය ලබන්නේ මේ ආකාරයේ ක්‍රම වලින් . එහෙම නැතුව  මේ පිරිත් පොත් වහන්සේ කඩුවකුයි , හෙල්ලකුයි අරන් දොර ගාව ධර්මයේ හැසිරෙන්නගේ ආරක්ෂාවට මුරට ඉන්නවා කියන එක නෙමෙයි.  ධර්මයේ හැසිරීමෙන් ආයු කෙළවර දුගතියකට නොවැටී සිටීමට ලැබීමත් , දුක් කෙළවර කොට සසර ගමන අවසන් කිරීමත් තමයි අනෙක් රැකවරණ වන්නේ.

මේ ඇති නෙව... ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ටුවක් දාන්න... 

වෙනස....

HaldiRam, Delhi
ස්ථානය 1:  දිල්ලිය , ස්වාස්‌ථි විහාර් හි රස කැවිලි වෙළඳ සැල් සමුහය .....

වෙහ් ක්‍යා  හේ ?
(අර මොනවාද ? )

ජී , යෙහ් කරචි හලවා...   ට්‍රයි  කර කේ දේඛියේ ...
(සර් , ඒ කරචි හලවා .. ට්‍රයි   කරලා බලන්න .. ආ)

විවිධ වර්ගයේ හලවා කැබලි දහයක් පමණ විගසින් කඩදාසි පිඟානක දමා  ප්ලාස්ටික් ගරුප්පු කිහිපයක් සමග අතට දෙයි. දෙන්නෙකුට වේලකට  බඩ පිරෙන්නට කෑමට ප්‍රමාණවත්ය...

ජි , යේ සෝන් පාපඩී ... යෙහ් චොකලට් ෆ්ලෙවර් හේ , යේ  කේසර් ඝන්දෙරි හේ ... තොඩා  සා එක්ස්ට්‍රා   ස්වීට් හේ ...  ලෙකින් ..  ලීජියේ .. ට්‍රයි කරියේ ...
( සර් , මේ සෝන් පාපඩී , මේක චොකලට් රස ඇති එක , මේ කේසර් ඝන්දෙරි .. පොඩ්ඩක් සිනි නම් වැඩියි .. එත් ... ආ අරන් කාල බලන්න ....  )

ඔක්කොම කා රස බැලීමෙන් පසුව...   

තැන්ක්ස් යාර් , හම් දුසරා ෂොප් මේ භි දෙඛ් කේ  ආයෙඟ් ...
(ස්තුතියි යාලුවා ...  අපි එහා කඩේටත් ගිහිල්ල බලල එන්නම්    )

කෝයී බාද්  නහි ජි ... 
(හා සර් , කිසි ප්‍රශ්නයක් නැහැ....   )

දෙවන කඩෙන් තවත් සමුහයක රස බලා , පන්ජීරි  ලඩ්ඩු කිලෝවක් මිලට ගත්තෙමු ....

ස්ථානය 2: පානදුර , ප්‍රසිද්ධ  කැවුම් හා රසකැවිලි වෙළඳ සල...  

මල්ලි කැවුම් තියෙනවද ?

කරමින් සිටි මොබයිල් පෝං කෙටිල්ල නවතා මොන මල වදයක් දැයි පෙනුමක් මුහුණට නගා ගනිමින් ඇස කුඩා කරමින්  .... 

ආ ... ඉන්න බලන්න  ... තියෙනවා ...

පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?

ආ .. 
එකක් දෙයි ...

පස් දෙනෙකු එක කැවුම කඩා කා රස බැලීමෙන් පසු ... 
වරදක් නැහැ ... කියද මල්ලි මේවා ?

ඉන්න බලල කියන්නම් .. ආ එකක් විසි පහයි 

මල්ලි අපිට දානෙකට 200 ක්  විතර ඕන කරනවා ... ටිකක් අඩු කරලා දෙන්න බැරිද ?

විසිළු සිනාවක් මුහුණට නගා ගනිමින් ... 
බැහැ  .. දෙසීයක් නෙමෙයි දාහක් ගත්තත් ඔය ගානම තමයි... 

හා කමක් නැහැ එහෙනම් අපිට ....
දිනය පොරොන්දු වී ඇඩ්වාන්ස්    එකකුත් ගෙවා  එලියට යාමට පිටත් වේ...

කෝ කොහෙද යන්නේ ...  ඔහොම ඉන්න...  අර කාපු එකේ ගාන ගෙවල යන්න .....

Snippets.....


- Can I ask you something?

Yes Sure.

- You won't mind right…

(I know what is coming…)
No I won't mind at all. Ask anything…

- Did you have a girlfriend, ever?

No, But I once had a serious crush on someone.

- Ok
.
.
.
.
.

Typical question.
But I will not ask the same question from you…

- Why???

Firstly it doesn’t bother me. For me there are way more important things to consider about a person apart from his or her past and over with relationships.
Secondly it’s well known that Srilankan women are masters of hypocrisy. As any normal human women anywhere in the world, they will also have all ill (?) thoughts, desires and needs…  and many follow their desires as they wish. Usually before marriage and many after marriage as well.  But being the masters of duplicity, they will play absolute denial to all what they have done when questioned. There’s no better , pure, cultured, well-behaved, innocent soul than each Srilankan girl you will encounter (thats according to them of-cause).  

Any previous relationships…? 
Oh no never.. Many haven't even looked at a guy before.

Hilarious reality is just far from it.

When you know that 99% of the times you won't get an honest truthful response …… then why bother asking? 

I prefer saving my breath for something better... mmmm maybe to blow out a crawling bug....

Sunday, August 12, 2012

සංසාර සාගර

සාගරය ජලයෙන් පිරුනාක් මෙන් ම ජලයෙන් උඩ අවකාශය  ඝනාන්ධකාරයෙන් පිරුණේය. සාගර තරංගයෙන් පෙලනු ලබන සත්වයෙක් , පය රඳවාගැනීමට සුදුසු ගොඩබිමක් විමසමින් ජලය මතුයෙහි  හැසිරෙන්නේය. ඉමක් කොනක් නොපෙනෙන මේ භයංකර වූ සාගරයට ඔහු කෙසේ පැමිණියේද , කවදා පැමිණියේද , කුමක් නිසා පැමිණියේද යන්න හේ නොදනී. ඔහුගේ දැනීම නොහොත් ඔහුගේ මතක , මේ අන්ධකාර සාගරයෙහි කරන පිහිනීම ගැන පමණකි. වරින්වර නැගෙන කුණාටුවද බලවත්ය. කුණාටුවෙන් නැගෙන තරංග වේගයද බලවත්ය. වරක් ඔහුට තමා මහා පාතාලයක ගිලා බසින්නාක් මෙන් දැනේ. වරක් කඳු මුදුනකට නගින්නාක් මෙන් දැනේ. ඒ නැගීමත් , බැසීමත් ඔහුට එක සේම භය  ගෙන දෙන භයංකාර පිඩාවකි.

සාගරයෙහි ඉමක් කොනක් නොපෙනෙතත් එහි ඉමක් කොනක් විය යුතු බව ඔහුට සිතෙන්නේය. එහි පය ගසා සුවසේ සිටිය හැකි බිමක් විය යුතු බවද ඔහුට සිතෙන්නේය. එහෙයින් ඔහු තරංග වලට අභිමත පරිද්දෙන් තමා ගෙනයාමට නොදී , එක්තරා දිශාවක් බලාගෙන  ඒ දිශාභිමුකව පිහිනන්නේය. එසේ පිහිනන ඔහුට නොයෙක් චණ්ඩ මත්සයන් විසින් සෙවුනා ලද මහා ගල් පර හමුවිය. නොයෙක් වර චණ්ඩ මත්සයයන්ගෙන්ද පිඩාවට පත් විය. එසේ වුවද ඔහු එයින් අධෙර්යයට නොපැමිණියේය. යන අතක ගියාවේ කියා දිය වැලට කැපවූ ගමන් ද නොසිටියේය.

මෙසේ සාගරයේ වැටී දඟලන ඔහුට ඈතකින් නික්මෙන මිනිස් කටහඬක් ශ්‍රවනය  විය. සමුද්‍ර ඝෝෂයෙන් වඩ වඩා බලවත් වූ විලාපය අතිශයින් දරුණු විය. විපතට පත් වුවකුගේ හඬිමක්  වනැයි  සිතා අප සත්පුරුෂයා  තම ගමන් කල මග තිබියදී ඒ ඇසෙන කට හඬ එල්ලේ ගොස් , ඒ දුකට පත් සත්වයා සෙවුයේය. එසේ සොයන කල වරින් වර දියෙන් උඩ මතු වන හිසක් ඒ මහා ඝන  අඳුරේ වුවද සේයාවක් මෙන් ඔහුට පෙනුනේය. හිස මතු වන වරක් පාසා, මෙසේ මර ලතෝනිය නික්මෙන බවද ඔහුට පෙනින. 

"හෝයි ! තෝ කවරෙහි දැයි ?" කියා අප සත්පුරුෂයා ඈතදීම එම සත්වයාගේ සිත බිය දුරුවීමට සුදුසු ධෙයිර්යසම්පන්න කාරුණික එහෙත් ප්‍රබල ස්වරයකින් ප්‍රශ්න කළේය.
"අහෝ! දෙවියනි! මට පිහිට පිණිස  අව මැනවයි " සත්වයා මෙහිදී යාව්ඥා කළේය.

"මිතුර මම දෙවියෙක් නොවෙමි . තොප වැනිම වූ තවත් සත්වයෙක් වෙමි. එහෙත් තොපට පිහිට පිණිස එන්නට කැමැත්තෙමි." මෙසේ පවසා අප සත්පුරුෂයා ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයාට සමීප විය.

ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයා දැඩි රල සමග පොර බදා සිතින් ගතින්  දෙකින්ම දුබලව ගිය හෙයින් තමන් දරා සිටිය නොහැකිව , මරණාසන්නව , මෙසේ විලාප කීය. අප සත්පුරුෂයා  ඔහු වෙත එළඹ , ඔහු සිය පිට වතුරුවාගෙන පිහිනන්නට පටන් ගත්තේය.

"තෝ කොහේ මේ මා ගෙන යන්නෙහිද?" යි ඒ සත්ව තෙමේ විතාළේය.
"ගොඩකට ," යයි ඒ සත්පුරුෂයා පිළිතුරු දුන්නේය.
"තෝ කවරෙහිද ?"
"පින්වත ! නොබා සිටුව," යි ඊට පිළිතුරු වශයෙන් තෙපලමින් අප වීර පුරුෂයා  කලින් බලාගත් දිශා භිමුඛව යලිත් පිහිනන්නට විය.

මෙසේ පිහිනන ඔහුට , උරහිස හටගත් අමුතු වේදනාවක් දැනුනේය. ඊට කාරණය තේරුම් ගත්  හෙතෙම කර පිට සිටි පුද්ගලයාට කතා කොට "පින්වත තෝ මාගේ  කර සපමින් රුධිරය උරා  බොන්නේහිය. එසේ නොකරව" යි කරුණා පෙරදැරිව කීය.

"මම ඉතා කුසගිනි ඇත්තේ මැයි " ඒ සත්වයා කෙඳිරි ගෑවේය.
"මමද තොප සේම කුසගිනි ඇත්තෙමි" එහෙත් පින්වත! මෙසේ මා කියන්නේ , තොප දිවි රැක දෙන පිණිස මුත් මා රිහිරි මස් රකින ආසාවෙන් නොවන බව දනුව" යි ඒ වීර පුරුෂයා කියේය.  

"තෝ කෙසේ නම් මා  දිවි රැක දෙන්නෙහි දැයි?" ඒ සත්ව තෙමේ පිලිවිසිය. 

"පින්වත , අප සමීපයෙහි ගල් පරයක වැනි ගඳක් මට දැන් දැනේ. ඇතැම් විට ඒ තරමක ගොඩබිමක් වන්නටද පුළුවන. එසේ වූ කල අපට එහි විශ්‍රාම ගත හැකි වන්නේය" යි ඒ සත්පුරුෂ තෙමේ පැවසිය. 



වැඩි කල් ගතවන්නට පළමු කිසියම් ගොඩ ගලක රල බිඳෙන හඬ අප වීරයාට පමණක් නොව, ඔහු පිට සිටි අභාග්‍ය සම්පන්න පුද්ගලයාටද ශ්‍රවනය විය. එහෙයින් ඔහු වියලි බිමක පා තබන බලවත් ආශාවෙන් තමන් උසුලන්නහුට පීඩා නොකර වැලකුනේය.

"මේ මහා පරුවතයකි, කොතනින් වත් ලඟා විය නොහැකි පරුවතයකි. එසේ වුවද නවාතැනකට සුදුසු ගොඩබිමක් මෙහි ඇත්තා සේ පෙනේ. පින්වත නොබා සිටුව!"  යි පවසමින් අප වීරයා ගල පිට , වැදි වැදී බිඳෙන රල ගෙඩි වලින්ද පරිස්ස්සම් වෙමින් ගොඩ වීමට සුදුසු තැනක් සෙවුවේය. 

"මට නම් මෙහි ගොඩ  වන්නට කොහෙනුත් හැකිය. එහෙත් පින්වත! තොප රැගෙන ගොඩ වෙන්නට තැනක් සෙවීම නිසා මෙසේ වෙහෙසෙන්නේමැයි" වීර පුරුෂ තෙමේ කියේය.

"ඇයි- මේ  මා නිසා අමුතු තැනක් සොයන්නේ ?" කියා අසරණ සත්ව තෙමේ පුදුමයෙන් පිලිවිසියේය.

"තොප විශෝපදංශයෙන්  පෙලෙන රෝගියෙකු බව මම දනිමි. තොපගේ ස්පර්ශය ලත් කෙනෙහිම මට ඒ බව ප්‍රත්‍යක්ෂ විය. එහෙයින් වණ පිළිකා බහුල තොප ගත ගල් කුළු ආදියක වැද්ද නොදී ගොඩ වන්නට සුදුසු තැනක් සොයන්නේමැයි" වීර පුරුෂය කියේය.

මෙහිදී ඒ අභාග්‍ය සම්පන්න පුද්ගලයා වඩ වඩා  පුදුම විය. තමාගේ පිළිකුල් කටයුතු රෝගය පිළිබඳව ඇත්ත දන දැනත් මේ තැනැත්තහු විසින් තමා රකින්නට කරන වෑයම ගැන ඔහු ඉතාම  පුදුම විය.


ඒ වනාහි පර්වතයක් පදනම කොට හැදුනු කුඩා දිවයිනකි. සුර්යා ලෝකය ඇතිවූ කල්හි වීර පුරුෂ තෙමේ දිවයිනේ සියලු තන්හි ඇවිද බැලුවේය. දිවයින මැද අඩි සියගණනක් උඩට නැගුනු පර්වත කූටය විය. එම කූටය හාත්පස සරු පසින්ද , තැන තැන පිහිටි ගල් වලින්ද සැදුනු නිම්න භුමිය විය.  ඒ නිම්න  භුමිය නොයෙක් වෘක්ෂ ලතාදියෙන් සැදුම් ලද්දේය.  එසේම නොයෙක් පක්ෂින්ගෙන්ද යුක්ත විය. එක තැනක මිහිරි දිය පිරි පොකුණක්ද වුයේය. මේසියල්ල බලාගත් ඉක්බිති ඔහු තමන් විසින් ගුහාවක සතපවන ලද රෝගී පුරුෂයා වෙත පැමිණියේය.

"මෙය නම් ඉතාම රම්‍ය දිවයිනකි. විශේෂයෙන්ම තොප වැනි රෝගීන්ට ඉතාම සුව පහස ගෙන දෙවන සුඛ දායක ස්ථානයකි. එහෙයින් රෝගයෙන් අත් මිදෙන තෙක් මෙහි විසිය යුත්තේය" යි වීර පුරුශයා  කියේය.

"ඉදින්  මට කවරෙක් සප්පායම් කරත් ද ?" යි රෝගියා විතාළේය. 
"පින්වත! මම තොපට සාත්තු සප්පායම් කරන්නෙමි. එපමණක් ද නොව වෙදකම්ද  කරන්නෙමි" යි වීර පුරුශයා සිනා මුසු බසින් කියේය.
"තෝ, එසේ නම් ෛවද්‍යයෙක්ද? "
මම  ෛ ව්‍යද්යවරයෙක් නොවෙමි. එහෙත් වෙදුන් මට කල වෙදකම් ගැන මතක ඇත්තෙමි".

"කිමෙක්ද? මේ විශෝපදංශයෙන් තෝත් කිසි කලක පෙළුනෙහිද? " 
"ඒ සේය පින්වත!  මමද කලක එබඳු රෝගියෙකුව සිටියෙමි."

මෙහිදී රෝගියා කල්පනා කරන්නට විය. ඔහුට  එසේ  රිසියෙන පරිද්දෙන් කල්පනා කිරීමට ඉඩ හැර අප වීරයා කටයුතු ආරම්භ කළේය. රෝගියාට අවු-වැසි-සුළං වලින් රක්ෂාවරණය ගෙන දෙවන ගුහාවක ලැගුම් පොලක් සරි කර දුන්නේය. එසේම තමාගේ වාසයට සුදුසු තැනක්ද තෙමේ සරි කර ගත්තේය. රෝගියාට කෑම්  පීම් සැපයීමද ඔහු විසින් කරන ලදි. ගල් ගැටීමෙන් උපදවන ලද ගිනි මැලයකින් ඔහු අහර පිසීම් ආදිය කරන ලදි. වන පලතුරු සහ නොයෙක් පලා වර්ග ඔහුට අහර පිණිස විය. එසේම එයින් ගත යුතු දෑ ගෙන , රෝගියාට ඖශධ පිළියෙළ කිරීමද කරන ලදි.

කාලයක් ගත විය. රෝගියා මඳින්  මඳ  සුවපත් විය . ඔහුට ඔබ මොබ යා ගැනීමට තරම් ශරීර ශක්තියද ලැබිණ. එහෙයි ඔහුද දිවයින හාත්පස ඇවිද බැලුවේය. ඒ ඇවිද බැලුවේ , තමන් හට හිතවත්ව සිටි  වීර පුරුෂයාටද රහසින්ය. ඔහු එන්නා දැක වීරයාට පුරුදු හිලෑ  කුරුල්ලෝ මේ සත්වයාද වට කර ගත්හ. සිරිත් ලෙස පෙම් කෙළින්නට වුහ.

"මේ තරම් හොඳ මාංසය , මේ තරම් පහසුවෙන් ලද හැකිව තිබියදී මේ මසුරා මට එහි කිසිදු රසයක් විඳින්නට නුදුන්නේය. තෙමේ හුදකලාවම මේ මාංසය රස විඳින්නේය. අහෝ ද්‍රෝහ  අසත්පුරුශයෙකුගේ හැටි!" මෙසේ පවසා කිපුණු තැනැත්තේ තමා අවට රැඟුම් දක්වන කුරුල්ලන් දෙතුන් දෙනෙකු ලෙහෙසියෙන්ම මරා ගත්තේය.

"අහෝ! පින්වත! තෝ මේ කුමක් කළෙහිද?" යි මෙහිදී ඔහු ඉදිරියට පැමිණි අප වීරයා විතාළේය.

"කුමක් කළෙහිද?" කියමින් රෝගියාද  එයම ගර්ජනය කොට, "තොපද මෙසේම මරා දමන්නට ඇත්නම් මම කැමැත්තෙමි. මේ තරම් රසවත් මධුර අහාරය මේ දිවයිනේ තිබියදී , මෙයින් මට සංග්‍රහයක් නොකොට තොප   තනියම සතුටු වුයෙහි දැයි?" රකුසු විලාසයෙන් ඇසුවේය.

පින්වත තොප කෙරේ බැඳී සෙනෙහසින් , තොප කෙරෙහි විශ්වාසීව  තොප වෙත ලඟා වූ අසරණ සතුන් දිවි තොර කරන නපුරු සිත් කෙසේ නම් සන්තානයේ පහල කලෙහි දැයි?" වීරයා කම්පිතව ප්‍රශ්න  කළේය.

ඔහු ඊට මුවින් නොබැන, මරණ ලද මළකුණු ද රැගෙන යන්නට ගියේය.


එතැන් සිට , රෝගී පුරුෂ තෙමේ දිනපතා ආහාරය පිණිස සතුන් මැරුම කරන්නේය. ඔහු දවසක පක්ෂීන් මරයි. දවසක පොකුණු තෙර හෝ මුහුදු තෙර , මසුන් මරයි. පසුව පසුව ආහාරය පිණිස පමණක් නොව, විනෝදය පිණිසද සතුන් මැරීම කරන්නේය. වීර පුරුශයා පිළියෙළ කරන කසාය පමණක් නොව සුවදායි ආහාරයද පිළිකුලෙන් බැහැර කරයි.

"මට තොපගේ සහයක් දැන් ඉතින් උවමනා නොකරයි. තොපගේ මෙහි සිටීම මා හට මහත් කරදරයකි. තෝ ඉතින් මෙයින් පිටව යා යුත්තෙහිය". යි රෝගියා දිනක් ඒ වීර පුරුෂයාට තර්ජනය කළේය.

"මම මෙයින් පිටව යන්නට ඉතා කැමැත්තෙමි. එහෙත් පින්වත තොපට සහයක් නැති බැවින් නොයා හෙමි" යි වීර පුරුශයා කියේය.

"හා! හා! තොපගේ බොරුව දැන් මම හඳුනමි. තොපටද යා යුතු අතක් නැති නිසා දැන් මෙහි රදෙන්නේහිය. නොඑසේ නම් මා අත් හැර දමා තෝ යන්නෙහිය" යි ඒ සත්ව තෙම යලිත් කීය.

අප සත්පුරුෂයා සිනා සුනේය. එසේ සිනා සි, කිසිත් මුවින් නොබැන යන්නට සැරසුනේය.

"මට ද්‍රෝහ වූ බැවින් මම තොප නොකමැත්තෙමි. එහෙත් කියව, මට කොතෙකුත් නොපෙනී , තොප මෙහි සැඟවී කුමක් කරන්නෙහි දැයි?" රෝගියා යලිත් විචාළේය.

ඊටද මුවින් නොබැන, ඒ වීර පුරුෂය සිනා මුසු මුහුණින් යන්නා දැක, රෝගී වූ ඒ සත්ව තෙමේ යලිත් හාස්‍යයක් උපදවා "මම තොප තරම නොදත්තෙමි දැයි සිතන්නෙහිද? තොප මා අත්හැර දමා හුදෙකලාවම  මේ දිවයිනෙන් පලා යන්නට උපක්‍රම යොදන බව මම දන්නෙමි" යි ද කීය.

"හුදෙකලාව නොව, ඒ තොපත් රැගෙන යන්නට " යයි මෙහිදී ඒ වීර පුරුෂයා පිළිතුරු දුන්නේය.


දිවයිනේ ඍතු විපර්යාසයෙන් අධික ග්‍රීෂ්මයක්  ඇති විය. පක්ෂීහු දිවයින අත් හැර ගියෝය. මිරිදිය පොකුනද සිඳී ගියේය. ආහාර හිඟ විය. බලවත් සුර්ය තාපය කරන කොට රෝගියාගේ රෝගයද උත්සන්න විය. කොතෙක් උත්සන්න විද යත්, ඔහුගේ විලාසය බලන්නට නොහැකි තරමට භයංකර විය.

හෙතෙමේ, ක්ෂුධාවෙනුත්, පිපාසාවෙනුත්, වේදනාවෙනුත් විලාප කියන්නේ, පර්වත චායාවක්හි වැතිර ගත් ගමන් කිසිද සහයක් නැතිව, පරක් තෙරක් නැති සමුද්‍රය දෙසට හෙලන ලද බැල්මෙන් යුතුව, හැඬුවේය.

"කිමෙක්ද පින්වත! තෝ කුමක් නිසා හඬන්නෙහිද ?" යි හඬ අසා එතනට පැමිණි වීර පුරුෂයා ප්‍රශ්න කළේය.

"එම්බල මම ක්ෂුධාවෙන් පෙලෙන්නෙමි. පිපාසාවෙන් පෙලෙන්නෙමි.  වේදනාවෙන් පෙලෙමි.කිමෙක්ද තොපට ඒ බව නොපෙනෙන්නේද?"යි රෝගියා ක්‍රෝධයෙන් හා වේදනාවෙන් දැවී දැවී ප්‍රශ්න කළේය.

"පින්වත!, මට ඒ බව හොඳ හැටි පෙනේ" යි අප වීරයාද අනුකම්පා චිත්තයෙන් කතා කොට "මෙබඳු ඍතු විපර්යාසයක් නිසා මේ දිවයින සැමදා එක ලෙස නොපැවතී  සැපයෙන් පිරිහෙන බව මම කලින් සිටම දැන සිටියෙමි. එහෙත් මෙයින් බැහැර යා ගත හැකි වුවද රෝග වූ තොප වෙත අනුකම්පාවෙන් එසේ නොගොස් නතර වුයෙමි"

"එසේ නම් මට පිටුවහලක් කියව"

"පිටුවහලක්  කියන්නට නම් මෙතැන් සිට වත් කරුණා සිත් පහල කරව"

"හා!  හා! තොප මට සිහි කරවන්නට එන්නේ කුමක් ද කියා මම දන්නේමැයි" රෝගී වූ පුරුෂයා මහත් සේ කෑ ගා ගෙන, මා විසින් මරණ ලද ඒ නිදොස් සතුන්ගේ මර ලතෝනිය මට මේ ශ්‍රවනය වන්නක් මෙන් දැනේ. මරු වසඟයට ගිය ඔවුන් වේදනාවෙන් කල දැඟලීම දැන් මේ මට පෙනෙන්නක්  මෙන් දැනේ. එහෙයින් තව තවත් ඒ ගැන මට සිහිපත් කොට මා පිඩාවට පත් නොකරව"  යි හඬමින් කියේය.

"පින්වත, ඒ සියල්ල මතක නැති කරව. කරුණා සිත් පහල කරව. මගේ මේ අවවාදය සතුනට අභය දීම පිණිසම නොවේ. තොප සිත්හි සත්ව කරුණාව හා ෛමත්‍රිය    වගා කිරීම පිණිසමය. තොප රෝ මැඩ පවත්වා නිදුකට පත්වීමට ත් එයම පිළියම වන්නේය" යි වීර පුරුෂයා පැවසිය.


නියං සාය තව තවත් බලවත් විය. එයින්ම දුර්භික්ශයද බලවත් විය. රෝගියාගේ රෝගයද බලවත් විය. ඔහුගේ සර්වාංගය ගජ චර්මයකින් වැසුනාක් මෙන් විය.
තවද එහි ඉරි තැලුණු තැන් වලින් වැගිරෙන, අතිශයින් පිළිකුල් කටයුතු, දුගඳ හමන ලේ සැරව ඇත්තේ විය. අප විරය දින පතා රෝගියා පවිත්‍ර කළේය. දින පතා ඔහු සිරුර, බෙහෙත් දියෙන් සැතපවිය. තමන් නොකා-නොබී ඔහුගේ සා පිපාසාව සංසිදෙව්වේය.

"අහෝ!  ඔබ කෙතරම්   උත්තමයෙක් වන්නෙහි ද ? ඔබ මට කුමක් නිසා මෙතරම් උවැටන් කරන්නෙහිද?" යි ඒ රෝගී වූ සත්ව තෙමේ දිනක්  විතාළේය.

"පින්වත! තොප එදා පැන් බඳුනෙහි වැටුණු මැස්සෙකු දිවි ගලවා හරිනු මම දුටුවෙමි. ඒ මක් නිසාදැයි!" වීර පුරුෂයාද පෙරලා ප්‍රශ්න කළේය.

"ඒ අන් කිසිවක් නිසා නොව, උහු විඳින දුකින් මුදන්නට මට පුළුවන් කම තිබියදී , එසේ නොකොට පැහැර හරිම බලවත් අයුත්තක්  මෙන් හැඟුණු හෙයිනැයි" රෝගියා පැවසිය.

"මේ දුකින් තොප මුදන්නට මමද පොහොසත් වෙමි. එහෙයින් මෙසේ වෙහෙසෙන්නෙමි. එහෙත් පින්වත, මතක තබා ගත යුත්තක් ඇත. දුකට පත් තොප මුදන්නට වෑයම් කරන මමද, එම පැන් බඳුනේම වැටී දුකසේ පිහිනන්නෙකු බව මතක තබා ගත යුතුයි"  වීර පුරුෂයා පැවසීය.

"ඉදින් ඉඩක් ලැබුණු කල, මා අත් හැර දමා ඔබ මේ දුකින් මිදෙන්නට අදහස් කරන්නෙහිදැයි?" රෝගියා මෙහිදී ප්‍රශ්න කළේය.

"සමහරු එසේත් කරතැයි" ... වීර පුරුෂයා පිළිතුරු දුන්නේය.

ඒ පිළිතුර රෝගියාගේ සවනට තුෂ්ටි දායක නොවිය. ඔහු බලාපොරොත්තු වුයේ වඩා ඇද නැති පිළිතුරකි. එහෙයින් දොම්නසට පත් මුහුණෙන් ඔහු සාගරය දෙස බල ගත් වනම කල්පනා කරන්නට විය. එසේ කල්පනා කරන ඔහුගේ මනසට කෙසේ වෙතත් , මසැසට, නම් ඈත සාගරයෙහි ගමන් කරන යාත්‍රාවක් පෙනුනේය.

"අර කුමක් දැයි?" ඔහු එය දක්වමින් තිගැස්සුනේය.
"ඒ කොයිබ යන යාත්‍රාවක්ද ?"
"මෙහි එන යාත්‍රාවකි"
"අහෝ! එසේ නම් අපට ලැබෙන්නට යන්නේ මහත් වූ ලාභයකි" මෙසේ පවසා රෝගියා ප්‍රීතියෙන් පිනා සිනාසෙන්නට විය.

 එහෙත් වීර පුරුෂයාගේ මුහුණ සිනා මුසු නොවිය. එහි පෙර පවතී උපශාන්ත ගුණය නොවෙනස්ව විය.



යාත්‍රාව සමුද්‍ර තිරයෙහි පර්වත චායාවෙහි පිහිටි ගල් ගුහාවට සමීප විය. එහි උපශාන්ත ගුණ සම්ම්පන්න සත්පුරුෂ පිරිසක් වුහ. ඔවුන්ගේද , ඔවුන්ට නායක පුරුෂයගේද දර්ශන මාත්‍රයෙන් ම රෝගියාගේ සර්වාංගය සතුටින් කිලි පොලා ගියේය. ගල් ගුහාවට ආසන්න සමුද්‍ර තිරයෙහි යාත්‍රාව නතර කල පිරිස , අප වීරයා දෙස කුළුණු බර නෙතින් බලා , "සත්පුරුශයාණනි! තොප නිසා දුර ගෙවාගෙන අපි මෙහි පැමිණියෙමු" යි කියේය.

"මම නිසා පැමිණියෙහි දැයි? " වීරයා ප්‍රශ්න කළේය.

"එසේය පින්වත මා විසින් මේ සාගරයෙහි පරතෙර මනාව දක්නා ලද්දේය. ඒ පරතෙර වනාහි ශාන්ත සුඛ සමන්විත ක්ෂේමභුමියක්  වන්නේය. එහි ස්ථිර  සැප ඇත්තේය." යි නායක යාත්‍රිකයා පැවසීය.

"අහෝ! එසේනම් ඒ කියන සැපයට මම  පමණක් කෙසේ කැමති වෙම්ද? එවන් සැපයකට සියල්ලන්ම කැමති  වන්නාහු නොවෙත්ද?  මා වැනිව ම  අසරණව අනාථව පසුවන තවත් සත්වයෙක් මෙහි ඇත්තේය. ඔහුටද මේ භයානක තෙරක් නොදැකිය හැකි සාගරයෙන් එතෙර වන්නට පිහිටක් වුව මැනව" යි අප වීරයා, රෝගී වූ පුරුෂයා දෙසට අත දිගු කරමින් කීය. 

"සත්පුරුශයාණනි ! ඔහු රෝගියෙකි. මේ නිරෝගී වූ සත්වයන් අතරට ඔහුගේ පැමිණීමක් නොවන්නේය. එපමණක්ද නොව මේ යාත්‍රාවෙහි ඉඩ ඇත්තේද එක් තැනැත්තෙකුට පමණි. එහෙයින් එතොත් තොප පමණක් අපි පිළිගන්නෙමු". යි නියමුවා කියේය.

"අහෝ! උතුමාණනි! දයා ගුණ පරවශ වූ ඔබට මාගේ නමස්කාරය වේවා!"  කියා අප වීරයා ශිර්ෂ ප්‍රණාමයෙන් ඒ නියාමක පුරුෂයාට නමස්කාර කොට, "මේ අසරණ සත්වයා අත හැර දමා , මම කෙසේ නම් ඔය කියන පර තෙර සැපත සලකා ඔබ කැටුව යම්ද ?... උතුමාණනි! මම එසේ නොයා හැක්කෙමි. ඉදින් යම් කලෙක හැක්කේ නම් මොහුද සුවපත් කොට ගෙන, මාද ඔබ සේම සිය වෙරෙන් තනන ලද යාත්‍රාවකින් මෙසේම යන බලාපොරොත්තුව ඇත්තේ මැයි" කියේය.

එකල්හි, ඒ යාත්‍රාවට නායක වූ ඒ පුරුෂ තෙමේ , ඒ අභීත වූ තෙපුල ශ්‍රවනය කොට ස්වකිය පිරිස දෙස බලා මෙසේ පැවසීය.

"පින්වත්නි! මේ උතුම් වූ සත්පුරුෂයා දෙස බලව. ඔහුගේ ඒ අභීත වූ ප්‍රාර්ථනය නිරර්ථක වන්නේ නොවේ. අනාගතයේ දිනක මේ තෙමේ මා සේම සිය වෙරින් තනන ලද ප්‍රියංකර නැවකින් මේ මහා සයුර තරණය කොට, සුව බිමට පැමිණෙන්නේය. හුදෙක් තනියම පැමිණෙන්නේද නොවේ. මෙවැනි දුක්ඛිත රෝගීන් මහත් ගණනක්  සුවපත් කොටගෙන, සහ පිරිවරින් ම පැමිණෙන්නේය". යි කියේය 


"උත්තමයාණනි! අහෝ! ඔබට මම කෙසේ කෙලෙහි ගුණ සලකම්ද? ඒ සැපවත් පිරිස කැටුව ඒ සැපවත් දේශය නොපතා මා වෙනුවෙන් මේ කල ආත්ම පරිත්‍යාගයට කෙසේ නම් කෙලෙහි ගුණ සලකම්ද?" යි පෙරලා ගමන් කරන යාත්‍රාව දෙස බලාගත් වනම සිටිමින්, ඒ රෝගාතුරයා  ප්‍රශ්න කළේය.

"පින්වත මා කියන ලෙස පවතින්නෙහි නම් තෝ මට කෙලෙහි ගුණ සලකන්නෙහිය". යි අප වීරයා කියේය.

"එවක් පටන් මේ සත්පුරුෂයාගේ පැවැත්මට අනුව පවතින්නටත්, ඔහුගේ බසට කීකරුව වසන්නටත්, රෝගියා සිතට ගත්තේය. නියං සමය අවසන් වූ කල්හි අනතුරුව බලවත් ශිත ඍතුවක් එහි ඇති විය. වස්ත්‍ර  කැබැල්ලක් පමණක් විලි වැසුම් පිණිස ඇති ඔවුනට එහි පැවති කටුක ශිත ඉවසිය නොහැකි විය. විශේෂයෙන්ම ගතින් දුබල රෝගියා බලවත් පිඩාවට පැමිණියේය.

"අහෝ! උත්තමයාණනි! දැන් නම් මාගේ ශරීර ගත රුධිරය පවා මිදෙන්නාක් මෙන් දැනේ. මාගේ හර්ධය ගත රුධිරය මිදුණු කෙනෙහි මාගේ අසරණ ජීවිතය තොර වන්නේය." යි රෝගියා විලාප  කියන්නට විය.

මෙහිදී අප වීරයා කුමක් කරම්ද යන නිශ්චයක් නැතිව , ඈත මෑත බැලුවේය. ග්‍රීෂ්ම ඍතුව මෙන් නොව, ශීත ඍතුව රෝගියාට අතිශයින්ම කටුක දුක් දෙවන බවත් ප්‍රත්‍යක්ෂ කළේය. රෝගියාගේ අත ගෙන නාඩි පරික්ෂා කරන අප වීරයාට ඔහුගේ හර්දය ස්පන්ධනය  ඉතාම දුර්වල බවත් පෙනේ. අධික ශිත කරන කොට ඔහුගේ  ශරීර ගත රුධිරය කැටි වන බවත් පෙනේ. හිම කැටි වලින් වැසුනු බැවින් ගින්නක් දල්විමටද දැන් ඉඩක් නැත්තේය.

"මෙයින් මම මොහු කෙසේ මැරෙන්නට ඉඩ හරිම්ද? මොහු රකින්නට පුළුවන් කම මා වෙත තිබියදී කෙසේ පසු බාම්ද ?" මෙසේ තමන්ටම කියා ගනිමින් ඔහු රෝගියාගේ පිළිකුල් කටයුතු දුගඳ හමන ගජ චර්මයකට බඳු දැඩි සමෙන් වැසුනු ශරීර ස්කන්ධය දෙස බලා , බලවත් පිළිකුල මර්ධනය කර ගෙන, "පින්වත නොබා සිටුව!. මේ ශීත ඉවසීමට පුළුවන් බලය මා කෙරෙහි  පවතී. තොපගේ හර්දය වස්තුව මාගේ ශරිරෝශ්නයෙන් උණුසුම් කරන්නෙමි" යි පවසා දිව ගඳින් ගඳ  කැවු පුත් කුමරුවෙකු වැළඳ ගන්නා ප්‍රේමයෙන් ඒ විශෝපදංශ රෝගියා තුරුළු කොට ගෙන ඔහුගේ ජීවිතය රක්ෂා කළේය.


තවත් කාලාන්තරයක් ගත විය. යලිත් දිවයින සුඛ දායක දේශගුණයෙන් යුක්ත විය. යලිත් එහි නිම්න භුමිය නෙත් සිත් පිනවන වෘක්ෂ ලතාදියෙන් බබළන්නේ විය.  සකල පරිසරයම ස්වභාවත් මනරම් ආලෝකයකින් ආලෝකවත් විය. මල් රේනුයෙන් දස දෙස සුවඳවත් වී ගියේය. එසේම එහි වනෝද්‍යානය නොයෙක් සියොතුන්ගේ රාව ප්‍රතිරාවයෙන් නින්නාද විය. අප වීරයාගේ සදයාවත් කරුණා ගුණයෙන් මොලොක් බවට  සුමට බවට පැමිණි චිත්ත සන්තානය ඇති රෝගාතුර වූ සත්ව තෙමේ , සකල  ස්වාභාවික  ස ෟන්දර්යය අගය කොට සැලකීමටත් , සිත් පිත් ඇතිවුද , නැතිවුද  ඒ සියලු විසිතුරට ප්‍රේම කිරීමටත් , දයාබර වීමටත් පුරුදු පුහුණු විය. එයින් පාරිශුධියට  පැමිණි චිත්තය නිසාත්, රක්ත ධාතුවේ නිර්මලත්වයෙන් දුරිභුත   කල ව්‍යාධි රුපය නිසාත් කල් යාමේදී ඒ සත්ව තෙමේ අප වීරයාගේ පවා ස්තුතියට ද ප්‍රසංසාවටද භාජනය විය.

"අහෝ උත්තමයාණනි , ඔබ තුමන් විසින් මේ වැඩ නිමවන ලද්දේ ඉතාම සිත්කළු නැවකි. කලින් නම් මම හුදෙක් මෙය ඔබගේ ගමන පිණිස තනන්නේකයි සිතුවෙමි. ඔබ මෙයින් මා ගෙන යන්නට අදහස් කරන පර තෙර පිහිටි දේශය ඉතාම සිත්කළු බව දනිමි. දැන් මට එහි සුවය සිතට සිතා  ගත හැකි තරමට  දැනෙන්න්නේය". මේ ආදී වශයෙන් ඒ සත්ව තෙමේ අප වීරයා විසින් සමුද්‍ර තරණයට සුදුසු කොට නිමවන ලද නෞකාව දැක, උදන් අනන්නට විය.

සුදුසු කාලයෙහි අප වීරයා නියමුවා බවට පැමිණ, සිය නැව දියත් කළේය. එසේ දියත් කොට තම කුළුපග සත්වයාද , තවත් බොහොවෙක්ද  කරුණාවෙන් තෙහ වූ හදින් යුතුව  නිරුපද්‍රිතව ගෙන ගොස් ඔවුන් ප්‍රාර්ථනා කරන ලද ක්ෂේම භුමියෙහි ලෑවේය.


අනේක  භාදක , පීඩා  මැද්දේ  තමන් උපකාර කරන්නාවූ සත්වයන් විසින්ම ප්‍රත්‍යුපකාර ලෙස  කරන්නා වූ දරුණු හිංසාවන් සතුටින් වෙනසක් නොමැතිව දරාගෙන සත කෙරෙහි වූ අනන්ත වූ කරුණාවෙන් තෙත් වූ හද  ඇතිව ඔවුනට සෙත සැලසුවා වුද , සලසන්නා වුද , අනන්ත ව  පෙර සිටියා වුද , දැනුදු අප අතර සිටිමින් මනරම් වූ බෝධි සම්භාර විචිත්‍ර ලෙස පුරන්නා   වූද   ඒ උතුම් වූ මහා බෝධි සත්වයන් වහන්සේලා  වෙත පිදෙන කුඩා මල් මිටකි මේ කතාව.

කටු වනයක  , මඩ ගොහොරුවක  , නිරුදක කතරක වුවද ඔවුන්ගේ වාසය වේ නම් එතැන සත්වයනට හිත පිණිස , සැප පිණිස වන්නේමය. අන් සත හට   ලොව සැපෙන් වසන්නට ඉඩ ලැබී ඇත්තේ එවන් වූ නිර්භය වූ , පරහිත කාමී වූ සත්පුරුෂයන් නිසාමය. ස්වාර්ථය පසෙක ලා ලොව   සතුනගෙන්  අවමන් ලබමින්  , කටුක දුක් විඳිමින් බෝධි චර්යාව පුරන්නා වූ ඒ උතුමන් ලොවට ම   මහත් ශාන්තියකි. දුගඳ හමන  මඩ වගුරෙහි පිපි ලොව සුවඳවත්  කරන්නා වූ මනරම් පියුම් ඔවුන්ම වන්නාහ .



ඩබ්ලියු . ඒ සිල්වා මහතාගේ , සංසාර සාගර නම් කෙටි  කතාවෙනි. ඇතැම් තැන් මඳක් වෙනස් කර ලියන ලදී.

Cellපෝං....


Decisions.. Who said they are easy? !!! LOL ...


^_^

Friday, August 3, 2012

ටිකක් හිනා වෙන්න ඇවිත් ... එක්කෝ ඕනෙත් නැහැ ....

තැටිය රත් වෙලා තියෙන වෙලාවේ අපිත් ඔය මොනවා හරි පුච්ච ගත්තම මක්ක වෙනවයි ...  නේද ? 

පලවෙනි  පින්තුරේ  අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා. ඔස්ට්‍රලියාවට  ඇවිල්ල ඉගනගන්න , වැඩ කරන්න , එහෙමත් නැත්නම් බෝට්ටුවේ ඇවිල්ල රිෆියුජි වීස ගහගන්න   බලන් ඉන්න හැමෝටම බොහොම වටින  කියන  සාරඝර්භ උපදෙසක් .....   

 දෙවෙනි එක ගැන නම් ඕනෙම නැහැ ...  දන්නෝ දනිති. ගිය මාසෙත් ඩොලර් 160 ක දඩයක් ගෙව්වා  speed fine එකක්.... 


තුන්වෙනි එක ගත්තේ පෙරේදා උදේ පාන්දර  ...  , දෙය්යනේ මොන හිතකින් ඩයිවර් තුමා සුක්කානම කරකවනවද කියල දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි ... 


හතර වෙනි එක නම් අපේ  මානි තුමාට  මංම  ටුඩේස් ඉස්පෙෂල් කියල  හදපු කාඩ් එකක් ... හෙහ් හෙහ් හෙහ් !