Saturday, August 18, 2012

වෙනස....

HaldiRam, Delhi
ස්ථානය 1:  දිල්ලිය , ස්වාස්‌ථි විහාර් හි රස කැවිලි වෙළඳ සැල් සමුහය .....

වෙහ් ක්‍යා  හේ ?
(අර මොනවාද ? )

ජී , යෙහ් කරචි හලවා...   ට්‍රයි  කර කේ දේඛියේ ...
(සර් , ඒ කරචි හලවා .. ට්‍රයි   කරලා බලන්න .. ආ)

විවිධ වර්ගයේ හලවා කැබලි දහයක් පමණ විගසින් කඩදාසි පිඟානක දමා  ප්ලාස්ටික් ගරුප්පු කිහිපයක් සමග අතට දෙයි. දෙන්නෙකුට වේලකට  බඩ පිරෙන්නට කෑමට ප්‍රමාණවත්ය...

ජි , යේ සෝන් පාපඩී ... යෙහ් චොකලට් ෆ්ලෙවර් හේ , යේ  කේසර් ඝන්දෙරි හේ ... තොඩා  සා එක්ස්ට්‍රා   ස්වීට් හේ ...  ලෙකින් ..  ලීජියේ .. ට්‍රයි කරියේ ...
( සර් , මේ සෝන් පාපඩී , මේක චොකලට් රස ඇති එක , මේ කේසර් ඝන්දෙරි .. පොඩ්ඩක් සිනි නම් වැඩියි .. එත් ... ආ අරන් කාල බලන්න ....  )

ඔක්කොම කා රස බැලීමෙන් පසුව...   

තැන්ක්ස් යාර් , හම් දුසරා ෂොප් මේ භි දෙඛ් කේ  ආයෙඟ් ...
(ස්තුතියි යාලුවා ...  අපි එහා කඩේටත් ගිහිල්ල බලල එන්නම්    )

කෝයී බාද්  නහි ජි ... 
(හා සර් , කිසි ප්‍රශ්නයක් නැහැ....   )

දෙවන කඩෙන් තවත් සමුහයක රස බලා , පන්ජීරි  ලඩ්ඩු කිලෝවක් මිලට ගත්තෙමු ....

ස්ථානය 2: පානදුර , ප්‍රසිද්ධ  කැවුම් හා රසකැවිලි වෙළඳ සල...  

මල්ලි කැවුම් තියෙනවද ?

කරමින් සිටි මොබයිල් පෝං කෙටිල්ල නවතා මොන මල වදයක් දැයි පෙනුමක් මුහුණට නගා ගනිමින් ඇස කුඩා කරමින්  .... 

ආ ... ඉන්න බලන්න  ... තියෙනවා ...

පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?

ආ .. 
එකක් දෙයි ...

පස් දෙනෙකු එක කැවුම කඩා කා රස බැලීමෙන් පසු ... 
වරදක් නැහැ ... කියද මල්ලි මේවා ?

ඉන්න බලල කියන්නම් .. ආ එකක් විසි පහයි 

මල්ලි අපිට දානෙකට 200 ක්  විතර ඕන කරනවා ... ටිකක් අඩු කරලා දෙන්න බැරිද ?

විසිළු සිනාවක් මුහුණට නගා ගනිමින් ... 
බැහැ  .. දෙසීයක් නෙමෙයි දාහක් ගත්තත් ඔය ගානම තමයි... 

හා කමක් නැහැ එහෙනම් අපිට ....
දිනය පොරොන්දු වී ඇඩ්වාන්ස්    එකකුත් ගෙවා  එලියට යාමට පිටත් වේ...

කෝ කොහෙද යන්නේ ...  ඔහොම ඉන්න...  අර කාපු එකේ ගාන ගෙවල යන්න .....

1 comment: