Monday, February 27, 2012

Perfume (パフューム Pafyūmu): Japanese Female Electro Pop Group

© 2012 , AMUSE Inc
Few weeks back suddenly bumped upon this  pop group  and bit by bit absolutely started liking their addicting electro pop tunes. 

Who are they ...
Perfume (パフューム Pafyūmu) is a Japanese all-girl trio from Hiroshima, Japan, consisting of Ayano ŌmotoYuka Kashino, and Ayaka Nishiwaki. They debuted locally in 2001 and made their transition to a major label in 2005, focusing more on electropop. As of April 2011, the group has released twelve major label singles.

In 2000, Ayaka NishiwakiYuka Kashino ("Kashiyuka"), and Yuuka Kawashima ("Kawayuka") formed the group. Because all three members had the Japanese character for fragrance in their names (香), they named the group Perfume. However, before the group could even debut, Kawashima decided to pull out of the project and pursue her studies. Nishiwaki set out to find a replacement, and Ayano Omoto (Nocchi) joined as the third member. The three girls attended the Actors School in Hiroshima, as part of the inaugural class of 1999.

Presently ....
On November 28, 2010, Perfume received the "Best Asia Artist Award" at the Mnet Asian Music Awards in Macau.

In 2011, the representative song "Polyrhythm" was chosen as an inserted song of Pixar's movie, Cars 2. The song is also included in the film's soundtrack. Perfume was invited, and attended the world premiere ofCars 2 in Los Angeles on June 18, 2011.
(2012 ,Perfume (Japanese band) - Wikimedia Foundation, Inc )

Here are some of their most popular MVs:












Their official Site is here.

Sunday, February 19, 2012

Hallyu (한류 ) Explained ....

Hallyu (한류 )  explained in simple English ...



Four Great Places of Lord Buddha - A Documentary

Here is a wonderful 30 minutes video introducing the four great places of Great Lord Buddha. Places that Buddhist pilgrims should visit to develop saddhā and peethi in their mind.

These places include:
1. Lumbini , Nepal - Where Lord Buddha was born
2. Bodhgaya , India - Where Lord Buddha attained enlightenment
3. Saranath , India - Where he preached his first sermon , The turning of the Wheel of Dharma to his first five disciples
4. Kushinagar , India - Where Mahaparinibbana . Cessation of strife was last made.

This video was made possible by: 
U Than Zaw & Family , Yangon , Myanmar
Email: thanzaw@myanmar.com.mm
For this wonderful work may they attain the supreme bliss of Nibbana. Appamadena Sampadetha


Monday, February 6, 2012

පුනර්භවයක් තිබේද ? බුදුදහම බලෙන් පෙවීමට යාම...

මිතුරෙක් මෙසේ පවසයි ... පුනර්භවයක් නැතැයි අනකකු පවසයි ... කෙසේ නම් ඔහු හට පුනර්භවයක් ඇතැයි ඔප්පු කොට පෙන්වම්ද ?

මොන මගුලකටද දැයි මට සිතේ... අනෙකා පුනර්භවයක් විශ්වාස නොකරත් නම් ඒ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි. නාස්තික දෘෂ්ටියයි. එය හැර නොදමන තාක් "මිත්‍යා දෘෂ්ටි සමාදානා සත්ථා ගච්චන්ති දුග්ගති" ආකාරව අනන්ත ජිත වූ ලෝක නාථයන් පැවසූ පරිදි දුගති ගත වීමට කර්ම සකස් වීමයි. කාටද පාඩු ? අපිටද ?

කෝටි සංඛ්‍යාත සත්වයන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් පමණක් ධර්මය අවබෝධ කර ගැන්මේ හෝ ධර්ම රසය විඳීමේ හැකියාව ඇතිව සිටිත්. අන් සත්වයන් අනේකාර වූ මිත්‍යා දෘෂ්ටිනට බැඳී සාරය අසාරය ලෙස දකිමින් අසාරවත් වූ පුහු දයම ගරු කොට ගනිමින් වාද විවාදයෙන් කල් යවා දිවි කෙළවර කරත්. ධර්මය අවබෝධ කර ගැන්මට , එහි රස විඳීමට සමත් තැනැත්තා උපතින් අන්‍ය ලබ්ධික වුවත් , කුමන ජාතියකට අයත්ව සිටියත් , ධර්මය අසු සැනෙන් එහි රසය වටහාගෙන එහි බඳේ. පිපීමට සැරසී හිරුරැස් පොරොත්තුවෙන් සිටිනා නෙලුම් වැන්න. වාද විවාදයෙහි , සැඩ මිත්‍යා දෘෂ්ටියෙහි වේලි පවත්නාහු කොපමණ ධර්මය ඇසීමට ලැබුනත් ඔලුවෙන් සිටගෙන පැහැදිලි කිරීමට උත්සාහ කලත් ඉන් පළ නොලබත්. ඇතැම් විට ධර්මය පවසන්නාටද , ධර්මයටද ගරහත්, එමගින් බොහෝ අකුසක් රැස් කර ගනිත්. මඩෙහි සැගවුණු පොහොට්ටු වැන්න.

එහෙයින් මට දැනෙන පරිදි ධර්ම ගෞරවය ඇත්තාහු කිසි ලෙසකින් වත් වාද විවාදයෙහි ධර්මය යොදා නොගත යුතුය. තැන නොතැන නොබලා බණ කීමට යාමෙන් අන් දෘෂ්ටි ගතවුන්ගේ  සමච්චලයට අනිවාර්යයෙන් භාජනය වේ. මදක් ධර්මයේ රැස් වැදුණු කල බොහෝ දෙන හට , මෙය අන් අයට කියා දිය යුතුය , තමන් ලැබූ රසය අන් අයද විඳිය යුතුය , පිස්සු කෙලින උන් හට සත්‍යය පැහැදිලි කොට තමා වටේ සිටිනා තමනට මුණ ගැහෙනා සියලු දෙන තමා මෙන් ධර්මයේ උනන්දු කල යුතුය යන කල්පනාව පහල වෙත්. කරුණාවක , ලෝකෝපකාරක චේතනාවක වේශයෙන් එන මෙය සෙයිය මානීය ආත්ම නිශ්‍රිත ක්ලේශ ධර්මයක් විනා අනිකක් නොවේ.

ධර්මය වටහා ගැනීමට නුවන ඇත්තා සමග වාද කිරීමට , point proof කිරීමට අවශ්‍ය නොවේ. පුනර්භවයක් පවතී. ධර්මයේ එය දැක්වේ. එමෙන්ම වර්තමානයේ අන්‍යාගමික ලේකඛයන් , වෙදැදුරන් විසින් ද තමන්ට වැටහෙන ආකාරයට , පෘතග්ජන මනසට ගෝචර වන්නාවූ ප්‍රමාණයට එය ගැන පර්යේෂණ කොට පොත් ලියා ඇත. එඩ්ගාර් කේසි ලියු සංසාර මන්දිර (Edgar Cayce , Many Mansions, The Story on Reincarnation ) ද වයිද්‍ය බ්‍රයන් වයිස් විසින් රචිත බොහෝ ග්‍රන්ථයන්ද පරිශීලනයට සුදුසුය. මට වැටහෙන ආකාරයට මෙපමණක් සැහේ. උනන්දුව ඇත්තේ , පින ඇත්තේ තමන්ම සොයා ගොස් ඉතිරි ටික කර ගනිත්. මග දැක්වීම පමණක් ප්‍රමාණවත්ය. බලෙන් වත් කිරීමට යාමෙන් නැතිවන්නේ ධර්ම ගෞරවයයි. ආගම් පිස්සෙක් යන නම්බු නාමයයි.

ඇත්තටම අන් සත්වයන් කෙරේ කරුණාව ඇත්තේ , ඔව්න් ධර්ම සමාදානයේ උනන්දු කරවීමට ලොබ ඇත්තේ , ධර්මයේ චිරස්ථිය කැමැත්තේ කල යුත්තේ ප්‍රථමයෙන් තමන් ධර්මය හොඳින් ප්‍රගුණ කිරීමයි. ශික්ෂා කාමී වීමයි. දහම් ග්‍රන්ථයන් සුලභ කිරීමයි. ඒවා මුද්‍රණය කිරීමට , අන්‍ය භාෂාවනට පරිවර්තනයට , බෙදා හැරීමට අත හිත දීමයි. ධනය යෙදවීමයි. ධර්ම දේශනා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි. ව්‍යක්ත ධර්ම කථිකයන් ලවා ධර්ම දේශනා කරවීමයි. ධර්මය පහසුවෙන් ශ්‍රවනය කිරීමට , ප්‍රගුණ කිරීමට හැකි වනාකාරයට දහම් ශාලා , අරණ්‍ය ගොඩ නැංවීමයි. පිළිසකර කිරීමයි. පාන්ශුකුලයට , මළ දානය දීමේදී පමණක් මතක්වන ආර්ය සංඝයා එම සමාජීය පුහු චාරිත්‍රයන්ගෙන් මුදා හැර පිළිවෙතෙහි උනන්දු කරවීමයි. මක් නිසාද යත් පිළිවෙත් පුරන සංඝයා නොමැති කල ධර්මයද අතුරුදහන්ව යන බැවිනි. පින ඇත්තෝ ඉන් ඵල ගත්වා. නොමැතිව තැන නොතැන නොබලා බන කීමෙන් කවර පලක්ද ?

Saturday, February 4, 2012

ධජග්ග සුත්‍රය

කුඩා කල රාත්‍රියේ හොල්මන් කතා බලා හෝ අසා බියෙන් ගැහෙමින් නින්දට යන අපහට ඉතිපිසෝ ගාථාව කියා නින්දට යන්නයි අත්තම්මා ඉගැන්වුවා මතකය. පසු කල බොහෝ තැන දී බියක් , තැතිගැනීමක් ඇතිවූ විට බොහොවෙක් ඉතිපිසෝ ගාථාව මන්තරයක් මෙන් මතුරමින් සිටිනු දැක හා අසා ඇත්තෙමි. සිංහල බෞද්ධ සමාජය හා එය තදින් බද්ධ වී ඇති සේය.

 කුඩා කල නොදැන මන්තරයක් මෙන් භාවිතා කල , පාසලෙහි දී හෝ දහම් පසලෙහිදී කිසි ලෙසකින් වත් තේරුම හරි හැටි ඉගෙන ගැනීමට නොලැබුනාවූ ගිරවුන් මෙන් කට පාඩමින් විභාග වලට ලිවීමට පමණක් පුහුණු කලා වූ , වැඩිවියට පත් වූ විට මොන විකාරයක් දැයි සිතා අමතක කර දැමුවාවූ , පිරිත් , බෝධිපුජා ආදින්හිදී පමණක් සවන වැකුනා වූ මෙය පසුකලක දහම කෙරේ ඇතිවූ උනන්දුව නිසා තේරුම් සහිතව මනාව අධ්‍යයනයට ලැබිණි. කැමැත්තෙක් වේ නම් මෙහි ගොස් තුනුරුවනෙහි ඇත්තා වූ මහත් වූ ගුණයන් ගැන නිරවුල් අවබෝධයක් ලබා ගන්න.

 පෙර අනුර පුර යුගයෙහි දීඝවාපි චෙයිත්‍යය කර්මාන්තයේ නියුක්ත වූ භික්ෂුවක් දාගැබිහි ඉහලට නැගි පසු පය පැකිලී පහලට ලිස්සා වැටෙන කල්හි බිම සිට එදෙස බලා සිටි අන්‍ය භික්ෂුන් ඇවැත්නි ධජග්ගය සිහිකරවයි හඬ නැගුවාහුය. ඒ පින්වත් භික්ෂුව ද ඉතිපිසෝ ආදී වූ නවාරහාදී වූ ලොවුතුරා බුදුගුණ සිහි කිරීම් පමණකින් චෙයිත්‍යයයෙන් ඉවතට නෙරා තිබුනාවූ ගඩොලක පය ගැටී වැටීම් අවහිර විය.(සංයුක්ත නිකාය , අට්ට කතා)

 මෙලෙසින් තෙරුවනෙහි ගුණ අවබෝධයෙන් හඳුනාගෙන බියක් තැතිගැනීමක් ඇතිවූ කල්හි ක්ෂණ කාලයක් වුව එය සහිපත් කිරීම් පමණකින් ඒ භය අන්ත්‍රාව දුරුවී යත්. එසේ වන්නේ කිම දැයි අප භාග්‍යවත් වූ අරහත් වූ ලොව ඇති සියල්ල පිරිසිඳ දැන වදාලා වූ ගෞතම බුදුන් මෙසේ වදාල සේක්.

 පින්වත් මහණනි , දෙවාසුර සංග්‍රාමයේ යෙදී සිට්නා දෙවියනට බියක් තැතිගැනීමක් , ලොමු දැහැගැනීමක් ඇතිවූ කල්හි සක්දෙව් රජ ගේ ධ්වජය දෙස බැලීමෙන් ඒ ඇතිවූ බිය දුරු වන්නේ හෝ නොවන්නේ වෙත්. එයට හේතු කවරේද යත් ... ඒ සක් දෙව් රජ තෙමේ දුරු නොකළ රාග , දුරු නොකළ ද්වේශ, දුරු නොකළ මෝහ ඇත්තේය. බිය වන , තැතිගන්නා , අතිශයින්ම තැති ගෙන පලා යන්නා වූ ස්වභාවයෙන් යුක්ත වන්නේය.

 එහෙයින් අරහත් තථාගත සම්මා සම්බුද්ධ වූ මා තොප හට මෙසේ පවසමි. ආරණ්‍යයට , රුක් මුලට හෝ ශුන්යාගාරයට ගියාවූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් උපදනේ වී නම් එකල්හි මා සිහිකරව්. කෙලෙසින්ද යත්...

 ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදු රජුන් සියලු ක්ලේශයන්ගෙන් විනිමුක්තය එහෙයින් ලොවි ලොවුතුරා සැප පතා කරනා වූ දක්ෂිණාව මහත්ඵල කර දීමට, මැනවින් මුදුන් පමුණුවා දීමට සමත් වන්නේය. තමා විසින්ම අවබෝධ කොට සම්‍යක් සම්බෝධියට පත් වී අන් සත්වයනටද කුලුනින් තෙත් වූ හදින් සසර ඕඝයෙන් එතෙරවීමට මග දක්වන සේක. විද්‍යා චරණ නම්වූ අෂ්ට විද්‍යා හා පසළොස් ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් පරිපුර්ණ වූ සේක. යහපත් වූ ස්වභාව ඇති සේක. ලෝකත්ත්‍රයේම තතු ඇති සැටියෙන්ම දැන වදාළ සේක. කායබල , ඍද්ධි බල නැණ බලයෙන් මත්ව ප්‍රචණ්ඩව තොලුව හැසිරෙන්නවුන් මනාසේ දමනය කොට සුමගට පැමිණවීමට සමත් සේක. දෙවි මිනිස් සැමටම එකම නිවැරදි මග පෙන්වන්නාවූ සත්ත වහකයාණන් වන සේක. පරම ගම්භිර වූ චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් අවබෝධ කොට වසන සේක. අවසනදී සියලු ලෝකත්‍රයේ වස්නා වූ මනුෂ්‍ය දේව මාර බ්‍රහ්ම දී වූ සියලු සත්වයන්ගේ ගරු බුහුමනට අතිශයින්ම සුදුසු වන සේක.

 පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් මා සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් මා සිහි නොකරවු නම් ඒ උතුම් වූ පර්යාප්ති සහිත නව ලොවුතුරා ශ්‍රී සත්ධර්මය මෙනෙහි කරව්.

 ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ මා විසින් ඒ ශ්‍රී සත්ධර්මය මුල මැද අග යහපත්ව මැනවින් දේශනා කරන ලදිමි . මැනවින් පිලිපදනා වූ සත්පුරුෂයනට මේ දිවියේදීම ඵල ලබා ගත හැක්කේය. කල් නොයවාම විපාක දෙන්නේය. අන් දෘෂ්ටි ගතවුනට එව , පිළිවෙත් පුරා බලවයි කියා නිර්භයව ඇමතීමට සුදුස්සේය. අන් සියලු වැඩ පසුවට තබා ඒ සියල්ලට ම පෙර සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු වන්නේය. ධ්‍යාන , ඵල නිරෝධාදී වූ නිරාමිස ප්‍රනීත ඒකාන්ත සුඛයන් තමා විසින්ම මැනවින් ප්‍රගුණ කොට ගෙන රස විඳ ගත යුතු වූ ස්වභාවය ඇත්තේය.

 පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් ශ්‍රී සත්ධර්මය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් ධර්මය සිහි නොකරවු නම් තෙපි සුන්දර ප්‍රතිපදාවෙන් යුක්ත වූ ආර්ය මහා සංඝ රත්නය මෙනෙහි කරව්.

 ඒ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝ තෙමේ අධි ශීල , අධි චිත්ත , අධි ප්‍රඥ්යා සංඛ්‍යාත සුන්දරවූ , සෘජු වූ ප්‍රතිපදා ඇති සේක. නිවන සඳහාම පිළිපන්නේය. ඒ ශ්‍රාවක සංඝ තෙමේ ත්‍රි ශික්ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේය . පුරුෂ යුගල වශයෙන් සතර කොටසක්ද . පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වූ ඒ සංඝ රත්නය ඉතා දුර සිට වුවද ගෙන ගොස් දෙන සිවු පසය පිළිගෙන පරිභෝග කිරීමට සුදුසු වන සේක. අග්‍ර දක්ඛිනයියව ප්‍රිය මනාප නෑ මිතුරන් උදෙසා පිළියෙළ කලා වූ දෙය ද සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දෙය ද පිළිගැනීමට අතිශයින් සුදුසු වන සේක. දෙව් මිනිස් මර බඹුන් සහිත වූ සියලු ලෝ වැසියන දොහොත් මුදුන් තබා අතැඟිලි බැඳ කරන්නා වූ නමස්කාරය පිළිගැනීමට ඒකාන්තයෙන් ම සුදුසු වන සේක. ඒ ලෝ වැසියනට උතුම් වූ පින් කෙතක් වන සේක.

 ඉදින් පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් උතුම් වූ ත්‍රිරත්නය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඒ කවර හෙයින්ද යත් , මහණනි ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ තථාගත තෙමේ නසන ලද රාග ඇත්තේය. නසන ලද ද්වේශ ඇත්තේය. නසන ලද මෝහ ඇත්තේය. කිසිවක් කෙරේ බිය නොවන්නේය. තැති නොගන්නේය.ඉමහත් බියෙන් තැති ගෙන පලා යන්නා වූ ස්වභාව නැත්තේය.

 මෙසේ වූ ලොවුතුරා බුදුන්ද , ශ්‍රී සත්ධර්මයද , ආර්ය සංඝයාද සිහිකරනවුට බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් කිසිකලකත් ඇති නොවන්නේමය.

 ගෞතම බුදුන් , සැවැත් නුවර ජේතවනාරාමයේදීය.