මිතුරෙක් මෙසේ පවසයි ... පුනර්භවයක් නැතැයි අනකකු පවසයි ... කෙසේ නම් ඔහු හට පුනර්භවයක් ඇතැයි ඔප්පු
කොට පෙන්වම්ද ?
මොන මගුලකටද දැයි මට සිතේ... අනෙකා පුනර්භවයක් විශ්වාස නොකරත් නම් ඒ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි. නාස්තික දෘෂ්ටියයි. එය හැර නොදමන තාක් "මිත්‍යා දෘෂ්ටි සමාදානා සත්ථා ගච්චන්ති දුග්ගති" ආකාරව අනන්ත ජිත වූ ලෝක නාථයන් පැවසූ පරිදි දුගති ගත වීමට කර්ම සකස් වීමයි. කාටද පාඩු ? අපිටද ?
කෝටි සංඛ්‍යාත සත්වයන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් පමණක් ධර්මය අවබෝධ කර ගැන්මේ හෝ ධර්ම රසය විඳීමේ හැකියාව ඇතිව සිටිත්. අන් සත්වයන් අනේකාර වූ මිත්‍යා දෘෂ්ටිනට බැඳී සාරය අසාරය ලෙස දකිමින් අසාරවත් වූ පුහු දයම ගරු කොට ගනිමින් වාද විවාදයෙන් කල් යවා දිවි කෙළවර කරත්. ධර්මය අවබෝධ කර ගැන්මට , එහි රස විඳීමට සමත් තැනැත්තා උපතින් අන්‍ය ලබ්ධික වුවත් , කුමන ජාතියකට අයත්ව සිටියත් , ධර්මය අසු සැනෙන් එහි රසය වටහාගෙන එහි බඳේ. පිපීමට සැරසී හිරුරැස් පොරොත්තුවෙන් සිටිනා නෙලුම් වැන්න. වාද විවාදයෙහි , සැඩ මිත්‍යා දෘෂ්ටියෙහි වේලි පවත්නාහු කොපමණ ධර්මය ඇසීමට ලැබුනත් ඔලුවෙන් සිටගෙන පැහැදිලි කිරීමට උත්සාහ කලත් ඉන් පළ නොලබත්. ඇතැම් විට ධර්මය පවසන්නාටද , ධර්මයටද ගරහත්, එමගින් බොහෝ අකුසක් රැස් කර ගනිත්. මඩෙහි සැගවුණු පොහොට්ටු වැන්න.
එහෙයින් මට දැනෙන පරිදි ධර්ම ගෞරවය ඇත්තාහු කිසි ලෙසකින් වත් වාද විවාදයෙහි ධර්මය යොදා නොගත යුතුය. තැන නොතැන නොබලා බණ කීමට යාමෙන් අන් දෘෂ්ටි ගතවුන්ගේ සමච්චලයට අනිවාර්යයෙන් භාජනය වේ. මදක් ධර්මයේ රැස් වැදුණු කල බොහෝ දෙන හට , මෙය අන් අයට කියා දිය යුතුය , තමන් ලැබූ රසය අන් අයද විඳිය යුතුය , පිස්සු කෙලින උන් හට සත්‍යය පැහැදිලි කොට තමා වටේ සිටිනා තමනට මුණ ගැහෙනා සියලු දෙන තමා මෙන් ධර්මයේ උනන්දු කල යුතුය යන කල්පනාව පහල වෙත්. කරුණාවක , ලෝකෝපකාරක චේතනාවක වේශයෙන් එන මෙය සෙයිය මානීය ආත්ම නිශ්‍රිත ක්ලේශ ධර්මයක් විනා අනිකක් නොවේ.
ධර්මය වටහා ගැනීමට නුවන ඇත්තා සමග වාද කිරීමට , point proof කිරීමට අවශ්‍ය නොවේ. පුනර්භවයක් පවතී. ධර්මයේ එය දැක්වේ. එමෙන්ම වර්තමානයේ අන්‍යාගමික ලේකඛයන් , වෙදැදුරන් විසින් ද තමන්ට වැටහෙන ආකාරයට , පෘතග්ජන මනසට ගෝචර වන්නාවූ ප්‍රමාණයට එය ගැන පර්යේෂණ කොට පොත් ලියා ඇත. එඩ්ගාර් කේසි ලියු සංසාර මන්දිර (Edgar Cayce , Many Mansions, The Story on Reincarnation ) ද වයිද්‍ය බ්‍රයන් වයිස් විසින් රචිත බොහෝ ග්‍රන්ථයන්ද පරිශීලනයට සුදුසුය. මට වැටහෙන ආකාරයට මෙපමණක් සැහේ. උනන්දුව ඇත්තේ , පින ඇත්තේ තමන්ම සොයා ගොස් ඉතිරි ටික කර ගනිත්. මග දැක්වීම පමණක් ප්‍රමාණවත්ය. බලෙන් වත් කිරීමට යාමෙන් නැතිවන්නේ ධර්ම ගෞරවයයි. ආගම් පිස්සෙක් යන නම්බු නාමයයි.
ඇත්තටම අන් සත්වයන් කෙරේ කරුණාව ඇත්තේ , ඔව්න් ධර්ම සමාදානයේ උනන්දු කරවීමට ලොබ ඇත්තේ , ධර්මයේ චිරස්ථිය කැමැත්තේ කල යුත්තේ ප්‍රථමයෙන් තමන් ධර්මය හොඳින් ප්‍රගුණ කිරීමයි. ශික්ෂා කාමී වීමයි. දහම් ග්‍රන්ථයන් සුලභ කිරීමයි. ඒවා මුද්‍රණය කිරීමට , අන්‍ය භාෂාවනට පරිවර්තනයට , බෙදා හැරීමට අත හිත දීමයි. ධනය යෙදවීමයි. ධර්ම දේශනා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි. ව්‍යක්ත ධර්ම කථිකයන් ලවා ධර්ම දේශනා කරවීමයි. ධර්මය පහසුවෙන් ශ්‍රවනය කිරීමට , ප්‍රගුණ කිරීමට හැකි වනාකාරයට දහම් ශාලා , අරණ්‍ය ගොඩ නැංවීමයි. පිළිසකර කිරීමයි. පාන්ශුකුලයට , මළ දානය දීමේදී පමණක් මතක්වන ආර්ය සංඝයා එම සමාජීය පුහු චාරිත්‍රයන්ගෙන් මුදා හැර පිළිවෙතෙහි උනන්දු කරවීමයි. මක් නිසාද යත් පිළිවෙත් පුරන සංඝයා නොමැති කල ධර්මයද අතුරුදහන්ව යන බැවිනි. පින ඇත්තෝ ඉන් ඵල ගත්වා. නොමැතිව තැන නොතැන නොබලා බන කීමෙන් කවර පලක්ද ?

No comments:
Post a Comment