Tuesday, December 20, 2016

වොරන් බෆට් ලංකාවේ උන්නා නං ...

මාමා - ආ කොහොමද අදත් මේ පැත්තේ ඇවිල්ල වගේ

වොරන් - ඔව් මාමේ , සුසී නංගිව බලන්න කියල ආව. ඕමි අතක් බලනවයි ? 

මාමා -  හොඳා හොඳා , අද බැහැ.   මෙහෙන් පොඩ්ඩක් වාඩි උනානං. මං මේ කාරණයක් ගැන  කථා කරන්න තමා හිතන් හිටියේ. පුතා දැන් මොනවාද කරන්නේ ?

වොරන් - ඒ කිව්වේ මාමේ 

මාමා -  මං මේ කිව්වේ රස්සාව ගැන එහෙම 

වොරන් -   දැනට නං රස්සාවක් කරන්නේ නැහැ මාමේ.  

මාමා -  දැන් ඔය එතකොට ඔය උදේට උදේට යන්නේ 

වොරන් -  ආ ඒ මම බෙන්ජමින් සර් ගාව වැඩ ඉගෙනගන්නවා. ඒකට ගෙවන්නේ නැහැ කියක්වත්

මාමා - එහෙමද ? ඔය බෙන්ජමින්ල අඩු කුලේ එවුං. කුණු ලෝබයෝ. ඒක වෙන්නැති කීයක්වත් නොදෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ එතනම රස්සාවක් ලැබෙයි නේද ?

වොරන් - නැහැ මාමේ මම එතන දිගටම ඉන්න කල්පනාවක් නැහැ.  වැඩ ඉගෙනගෙන ගමට යන්න තමා හිතං ඉන්නේ 

මාමා -  කොළඹ දාල ආයි ගමට ගිහිල්ල මොනව කරන්නද ?

වොරන් -  මගේම පොඩි වැඩක් සුළුවෙන් පටං ගන්න තමයි හිතං ඉන්නේ.

මාමා - කලිං වෙන රස්සාවක් කරලා තියෙනවද ?

වොරන් -  එහෙමත් කියල නෑ මාමේ. ඉස්සර අක්කරේ වත්තේ වැටිච්ච පොල් අහුලලා වික්කා. ඊට පස්සේ පරණ ජැක් පොට් මැසින් දෙක තුනක් හන්දියේ බාබර් සාපුවේ දැම්මා. කොළඹ ආවට පස්සේ  ලංකාදීපේ බෙදුවා. ඔයවගේ වැඩ තමා කලේ.

මාමා - ඉගෙනගෙන එහෙම නෑ වගේ නේද ? නැත්නං ඔහොමත් වැඩ කරාවිය !

වොරන් - ජයවර්ධණපුරෙන් මැනේජ්මන්ට් උපාදියක් තියෙනවා  මාමේ 

මාමා - හප්පට සිරි එහෙමද. එත් වැඩක් තියේ හරිහමං රස්සාවක් වත් නැති කොට  !  ඉස්තිර රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

වොරන් -  නෑ මාමේ ගමේ මගේම දෙයක් සුළුවෙන් පටං ගන්න තමා අදහස 

මාමා - පුතා තරහ වෙන්න එපා, මගේ දුවට හොඳක් වෙන දෙයක් කරලා දෙන්න තමා අපේ අදහස. දැනටමත් ගාල්ලේ කච්චේරියේ පැන්ෂන් එහෙම තියෙන ලියන මහත්තයෙක් දුව ගැන අහල එවල තියනවා. අපේ අදහස ඒ කටයුත්ත කරලා දෙන්න. ඉස්තිර රස්සාවක් වත් නැති පොල් අහුලපු , පත්තර බෙදපු කොල්ලෙක්ට අපේ දුව දෙන්න නං අපේ තුං හිතක වත් අදහසක් නැහැ.  ආයි මේ පැත්තේ නාවට කාරි නෑ එහෙනං.  

Sunday, July 10, 2016

අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why ?


අපේ සමහරක් අය රට, ජාතිය ,සත්ව හිංසනය, මානව සම්පත් කළමනාකරණය ගැන බොක්කෙන් කතා කරනවා නමුත් තමන්ගේ වගකීම රැකියවේදී, වහනය පදවන විට ඉටු කරන්නේ නැහැ .  අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why මෙහෙම වන්නේ ඇයි ? - SPJ


එයට මුලික හේතුව කුහක කම. සමාජයක් වශයෙන්ම මෙහෙම කුහක වීමට හේතුව පරම්පරා කීපයක් තිස්සේ දරුවන්ට ළමා කාලයේදී එකිනෙකට වෙනස් අදහස් ඉගැන්වීම. උදාහරණ විදියට

1. බොරු කියන්න එපා කියන අම්මම ඉස්කෝලේ ඇඩ්මිෂන් එකේදී බොරු කියන්න උගන්වනව
2. සිගරට් , අරක්කු බොන්න එපා කියන තාත්තා හවසට යාලුවෝ එක්ක බොන පාටි දාන්නේ ගෙදර
3. පාරේ ටොපි කොළ දාන්න එපා කියල තාත්ත හවසට කුණු එක එහා ගෙදර මිනිහගේ ගේට්ටුව ගාව දාල එනවා
4. හොරකම් කරන්න එපා කියල, අවංක වීම ගැන උගන්වලා  කඩේ මුදලාලි වැඩිපුර දුන්න මාරුකාසි සාක්කුවේ දාගෙන එනවා
5. වැඩිහිටියන්ට සලකමු , මාතු පාදං, පීතු පාදං  නමාමි  කියල ළමයට උගන්නල සියා , ආච්චි වැඩිහිට නිවාසෙක දාල ගෙදර එනවා
6. කුණුහරප කීම නරකයි කියල ළමයට කිව්වට ගෙදර දෙමව්පියෝ ගෝරි යන්නේ අමු කුණුහරපෙන්
etc

මෙහෙම ද්විවිධ සිග්නල් කුඩා කාලයේ සිටම ළමා මනසට ගියහම ඒ ළමයට කීම සහ කිරීම කියන්නේ එකිනෙකට වෙනස් එකිනෙකට සම්බන්ධ නොවුන ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඔහු වැඩිවියේදී සමාජයට එකතු වෙන්නේ යථා වාදී තථා කාරී නුවුන කුහකයෙක් විදියට. මෙය තමා ලාංකික සමාජයේ දේශපාලකයාගේ සිට හිඟන්නා දක්වා විහිද ගොස් ඇති එකම කේධවාචකය.

සමාජයට බැන වැදිලා , චන්දයෙන් චන්දයට  වෙනත් දේශපාලකයෙක්ට කතිරේ ගහල මෙය වෙනස් කරන්න බැහැ. මෙය තමන්ගෙන් , තමන්ගේ කැපවීම හරහා   දරුවන් ට ලබා දෙන ආදර්ශය හරහාම  ආපසු  හැරවිය හැකි දෙයක් පමණයි 

Tuesday, July 5, 2016

Australian housing bubble. When will it PoP!

Is it a good time to buy a home? Not really. Let’s see why.

For first time home buyers, It’s worth waiting for few more months or a year to get a great bargain. Well, it cannot be called a bargain, just a fair value for a normal dwelling. 

If first-time home investors are thinking of purchasing a second home for renting, it’s going to be a sad way of investing their capital. Reduction of interest rates and easy financing motivate more home renters to be home buyers. This leads to few renters chasing more rental properties which according to supply and demand will bring the rent prices down.  Furthermore, purchasing in a middle of a housing bubble makes investors pay exuberant monthly payment on a mortgage while pocketing less and less rental income, generating a negative cash flow each end of the month.  On top of that, seeing the perceived value of your home going down is not a pleasant experience. I used the term perceived value in here because, the reduction in price will be temporary and it will go up again, which I have explained in the last paragraph.  

Housing bubbles are formed when easy credit is available. But sustaining a bubble (to make the prices go up and up) is made possible by the acceleration of signing in to new mortgages.  Therefore, having a constant mortgage signing numbers is not sufficient enough to sustain a bubble. Mortgage signing numbers has to grow positively. When banks tighten their lending policies, increase initial deposit amounts and place barriers for foreign nationals to enter in to the housing market, it will cause acceleration to go negative. This negative acceleration takes some time to leak in to the economy and to housing market and I believe 2017 will be the time it will show up as a great reduction to house price tags.

Australian government's take on this matter will be pretty obvious though. Since some time, many countries are avoiding and postponing a contraction in their economy which are by the way natural in a capitalist economy as a boom-bust cycles through deficit spending and facilitating easy credit. I believe it will continue to happen in this time too. So there will be a temporary reduction in housing prices for 1 or 2 years and then it will start raging ahead again.  So a good time to buy is in late 2016 to mid 2017. If you miss that window , you may have to wait for 4-7 years more to get a sweeter deal.

To grow GDP and to provide jobs, government will encourage more housing projects in various ways and we all know where that’s going to end. You won’t need to go to China to see Ghost cities and Suburbs. YeY !! ?

Wednesday, March 30, 2016

අනාගතයට සැරසීම

මිතුරනේ , උද්ධමන අවස්තාවක මුදලේ අවප්‍රමාණ වීම රේඛියව කලින් කීමට හැකි ආකාරයෙන් (predictable ) සිදුවෙන දෙයක් නොවේ. මුදලේ අවප්‍රමාණ වීමේ යම් අවස්ථාවකදී භාණ්ඩ හිමිකරුවන් අනාගත මහාපරිමාණ ලාභ බලාපොරොත්තුවෙන් තම භාණ්ඩ සැඟවීමට උත්සාහ කිරීම නිසා දින කීපයක් ඇතුලත උද්ධමන අගය එක විටම විශාල ප්‍රමානිකව ඉහල නැගීම සිදුවේ. එම නිසා රජයෙන් නිකුත් කරන උද්ධමන නිල දත්ත සහ බිම් මට්ටමේ යතාර්ථය අතර විශාල වෙනසක් ඇතිවීම සිදුවේ. සරලව කිවහොත් අද රුපියල් 60 ක් වන පාන් ගෙඩියක හෙට මිල රුප්යල් 350 ක් සහ අනිද්දා 600 වීමට ඉඩ ඇත. කූරක ආකාරයෙන් ප්‍රස්ථාරයේ පෙන්වන්නේ එයයි.

ලක්ෂ ගණනින් මුදල් බැංකුවේ තිබුනත් එම මුදලේ වටිනාකමක් නැත්නම් ඒවා නිකන්ම නිකන් අංක පමණයි. අවස්ථානුකුලව තමන් ගේ අනාගතයට කර ඇති ඉතිරි කිරීම් වල සුරක්ෂිත භාවය සඳහා ඒවා උද්ධමනයෙන් බලපෑමක් නොවෙන දිර්ඝකාලින ආයෝජන (inflation hedge) සඳහා මාරු කිරීමට කල් නොගන්න.

මගේ අවබෝධයේ හැටියට රත්රන් මේ අවස්ථාවේ සාමාන්‍ය මිනිසුන්ට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ඇති හොඳ උද්ධමන ආරක්ෂණයක් වේවි. ඊට අමතරව විදේශ මුදල් ගැනද සිත යොමු කිරීම සුදුසුයි. වගා නොකරන ඉඩම් වල මුදල් ආයෝජනය උද්ධමන වකවානුවේ මධ්‍යම අවධියේ කිරීම සුදුසුයි. ඒ , ඔබට ඒ සඳහා ආයෝජනය කිරීමට ක්ෂණිකව මාරුකළ හැකි මාධ්‍යයකින් (high liquidity) ඔබගේ වත්කම් පැවතුනොත් පමණයි.

වැඩිදුර පැහැදිලිකිරීම් වලට නොයන්නේ එය දේශපාලනික අර්ථයකින් ගැනීමට ඇතැමුන් පෙලෙබේ යයි සිතෙන නිසාය.

මගේ අදහසට වෙනස් අදහසක් ඔබට තිබේ නම් කරුණාකර පහත ලියා දක්වන්න.

Tuesday, February 9, 2016

Retreat at Nilambe, Srilanka

Few weeks back, I’ve had the pleasure of spending 5 days at the Nilambe (Pronounced Nil-lamba) Buddhist meditation centre in Srilanka.  It was a 5-day silent retreat conducted by Venerable Khema Dhamma, started on 4th December 2015.

In here I will put down my experience living, meditating and experiencing things in and around the centre during that few days plus some additional background information that might be helpful for a fellow practitioner or for a curious mind.

There are few ways to get to Nilambe and I used the route through Peradeniya to get there from Colombo. There is also a different route you can take through Gampola but either way you have to stop at the office junction. You can also catch the bus 633 from Peradeniya to Delthota via Galaha and get down at the Office junction.

From the Office Junction, its a 3 Km steep winding road up to the centre. This road is narrow, not well maintained and has few trenches created by running rain water that might be hard to get through if you are driving a vehicle with low clearance. Only a 4x4, a Maruti or a three-wheeler should be able to make it up to the hill. As of December 2015, a three-wheel ride will cost around 350 Rupees from the office junction to the centre.  If you decide to walk, just note that the path may be swarming with leeches during the rainy season. So be cautious.  

On arrival, I went directly to the centre office, filled few forms and was handed over the key to my room.  Centre will provide a pillow, pillow cover, bed sheet and a blanket if you haven’t brought your own. 

Rooms:
Rooms are small, narrow but adequate for the purpose. They can get damp with heavy moist air when raining (which seems to be all the time , everyday ) and anything kept inside will absorb a heavy load of moisture. So biscuits and match boxes kept outside will be not be usable after a day. Rooms are also not suitable for closterfobics or to meditate inside. I’ve noticed some people smoke inside their rooms regardless of the restrictions in place. So if you are allergic to cigarette smoke, maybe its good to request for a different room. 

Food and drinking water: 
Food is prepared on premises, is vegetarian, basic, tasty and adequate for the purpose. Breakfast is served at 7.30 AM, Lunch at 12 PM and a snack usually consist of bread, jam and margarine is served at 6 PM.

Tea is served at 6 AM after morning meditation, afternoon tea at 3 PM and Coffee is served at 6 PM. After first day I found out that my belly is rumbling around 5.30 AM so I had a Milo (which I bought and took with me) before going to the meditation hall in the morning.

Direct water from the tap is not safe to drink as we were advised.  Centre has provided 2 basic water filters that you can use.  But if you really want to be safe with water and haven’t got your travel vaccinations before you arrive to Srilanka (which is a must), you can bring a hot water flask with you. If you keep them in the kitchen at right times, which are displayed on the notice board, centre staff will fill them up with boiling hot water. This might be the best option for getting safe drinking water. 

Hygiene: 
All facilities in the centre are well maintained. Toilets and shower rooms are clean, spacious and adequate. Kitchen and all the communal areas are clean and kept tidy at all times. However, if you go to the kitchen at night you will find its swarming with hundreds of cockroaches of all sizes and shapes. Maybe spreading Metta has gone bit beyond its practical limits. But if you care to wash your cup, plate and utensils with soap in the morning before use as I did, you will be safe…  I guess.

Electricity:
There’s no electricity at the centre. You must have a torch, batteries, few candles and a lighter. I found not having electricity is really helpful for the practice and I hope that the centre will remain that way for the foreseeable future.

Hot water shower:
Solar heated hot water showers are in all bathrooms. So there’s no excuse for not taking a shower. Clean body and clean cloths aids in practice and definitely will help others who are sitting next to you.

Leeches:
The dreaded leeches. They are anywhere and everywhere. They crawl on the paths in search of victims during night and when it rains. This was my first real experience with these creatures and boy, they taught me a great deal. They are an integral part of living at Nilambe so instead of hating and feeling disgusted, try to live along with them. They are great meditation masters who are there voluntarily to teach you some good lessons on compassion, presence of mind and patience.

To avoid a leach bite, make it a habit to always inspect your feet and slippers. If they are marching on your feet you can grab them and throw them away. No not towards another practitioner. LOL.  I kept few tissues in my pocket for this purpose because I felt yucky to touch them with my bare fingers.

If they have bitten in to you and started feeding, don’t pull them out by force, apply soap, squeeze them out or spray insect repellent on them.  These actions will cause the bite wound to infect. To remove the leach, use your fingernails and slide the mouth away from the bite wound. Once the bleeding stops (yes those tissues come real handy), wash ,  apply some antibiotic cream to the wound and put a plaster/Band-Aid.

To avoid leaches altogether, wear a pair of thick old socks and spray insect repellents on them (Thanks Rebecca for the tip) I’ve used Aeroguard and it worked well. Many locals use a local ointment called Sidhalepa which has a distinctively sharp odor which may hinder other practitioners during sessions. So avoid it if possible. 

Mosquitoes:
Its not easy to practice anything when tiny mosquitoes are singing around your ears. Cover up as much as possible and ideally use a hoodie or a scarf   sprayed with insect repellent to get pass that barrier.

What to bring (Essentials):

  • Soap
  • Washing power or washing soap to wash cloths
  • Tooth brush / Tooth Paste
  • Razors or a fully charged shaver
  • Good torch and batteries
  • Warm cloths 
  • Umbrella 
  • Insect repellent spray
  • Towel
  • Candles
  • Lighter - As I have found out ,all my match boxes were useless after first day because they have absorbed moisture.
  • Tissues
  • Antibiotic cream for leach bites - If you inform that you have a leach bite and its getting in to the infectious state, the friendly and helpful staff will quickly prepare a home remedy made with Turmeric, which has antibacterial qualities to apply on you wound.  Even though it works, the paste has a distinctive and strong staining qualities and it will get in to blankets , cloths  and meditation mattresses.  So “YES” to Antibiotic cream.
  • Few Band-Aid Plasters to cover up leach bite wounds.
What to bring (Good to have)
  • Fully charged Power bank
  • Bed sheets and blankets
  • Few pair of old thick socks
  • Biscuits and drinks to consume and share
  • Hot water flask
  • Rubber Gloves - If you would like to clean the garden and communal toilets, which of cause is a voluntary service, these will come very handy.  It is a great way to contribute, to take a break from the rigorous meditation routine, realistically practice loving kindness meditation by servicing others selflessly and to collect merits.
  • Paracetamol
  • A basic camping chair - After few days of practice, sitting cross legged on a mediation mattress, both my legs, knees, ankle joints and bums started aching and on 5th day I was hardly able to sit down for few minutes in one posture because of the pain which  was unbearable. This made me think a basic camping chair might be really useful in that type of circumstances.
My practice:
I have been practicing (trying to) different mediation techniques since few years now. But it has never developed in to a stage that I feel adequate enough. Practicing meditation in real/normal world is similar to running towards the opposite direction of an escalator. Yes you try hard, and just for a moment you think you have actually progressed a bit ... but at the next moment, the world will catch up and put you back in your starting place.

So, for me, the purpose of visiting this retreat was to find out how far I can go ahead with the practice in an ideal environment and to see how good it is going to feel.

During the first  2 days , it was a constant struggle with run away thoughts and I’m sure I haven’t spent even a  minute concentrated on breath alone. But from the third day onwards, mind started settling in and the practice became easier and more concentrated.  On fifth day the joy and peace I felt was overwhelming and I was wishing the retreat will never end.

Poya day program:
Every full moon day, there is a full day program at the centre. Food and drinks will be provided and is conducted in Sinhala for local practitioners.

Official websites:
English: www.nilambe.net
Sinhala: www.nillambe.org
Dharma Resources: www.nilambe-deshana.net

Many thanks to the administration, Venerable Khema Dhamma and fellow practitioners with who I have spent 5 joy fully peaceful and productive days. May you all attain peace, happiness and liberation in your journey through the samsara.

Finally , here are some photos:


Nilambe, Road from office junction
Nilambe, Entrance
Nilambe, Garden
Nilambe, Communal Area
Nilambe, Dana Hall
Nilambe, Flower Offerings
Nilambe, Second Meditation Hall
Nilambe, Communal Area
Nilambe, Main Meditation Hall
Nilambe, Outside the Library
Nilambe, Path to rooms
Nilambe, Storage Room

Derana TV has done a small program on the centre on 23rd of July 2016. Program is in sinhala but you can have a look if interested. relevent part starts from minute 13.00.


Wednesday, January 20, 2016

හලාල්


ප්‍රසිද්ධ , කවුරුත් නම කිව්වම දන්න, කෑම කඩ රාශියක් තියෙන තැනක මමත් වාඩිවෙලා පොඩි ජුස් එකක් බිබී ඉන්න අතරේ ඔන්න ඇහුනා ... 

මිතුරන් කීප දෙනෙක්  : මොකද්ද බං උඹ කඩේ හලාල් කෑම විකුනනවා කියල ගහගෙන ඉන්නේ. උඹ සිංහල බෞධයෙක් නේද ? ගලෝල දාපං ඕක. ලජ්ජ නැද්ද යකෝ. උඹත් අහුඋනාද හලාල් මාෆියාවට!

කඩ හිමියා : අනේ පලයන් යකෝ යන්න ගොං කථා කියන්නේ නැතුව. 

මිතුරන් : ඒ මොකෝ. උඹ දන්නේ නැද්ද දැන් අපේ රැල්ලක් යනවා හලාල් වලට විරුද්ධව. උඹත් එකට උදව් කරපන්. 

කඩ හිමියා :  නිකං කුහක මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. මගෙන් මුකුත් අහන්නේ නැතුව. 

මිතුරන් :  නෑ කියපං
කඩ හිමියා :   එහෙනං අහගනින්. දැන් බලපන්  ඔලුව උස්සල වටේට. කොච්චර මුස්ලිම් අය මෙතන මේස වල වාඩිවෙලා ඉන්නවද කියල ..

මමත් හිස ඔසවා බැලුවෙමි. හතර අතේ මේස රාශියක වාඩි  වී සිටින  අබායා පොරෝගත් ගැහැනුන්  සිටී.   

කඩ හිමියා :  දැක්කද ? මෙතෙන්ට  රුපියල් 400 ක්  දීල ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න එන්න සිංහල මිනිස්සුන්ට වත් කමක් නැහැ.   මෙතෙන්ට විතරක් නෙවෙයි දැන්  ලංකාවේ ඕන හයි එන්ඩ් තැනකට , කඩේකට , කෑම දෙන තැනකට , ඉස්පිරිතාලෙකට වැඩිපුරම කස්ටමර්ස් ල විදියට එන්නේ මුස්ලිම් අය. හොඳ හොඳ තැන්වල ගෙවල් තියෙන්නෙත් , හොඳ වාහනවල යන්නෙත් උන්මයි. උන්ගේ අතේ තමා සල්ලි තියෙන්නේ. උං තමයි දියුණුවෙන්න උත්සාහ උත්සාහ කරන්නේ. 

සිංහල එවුං  කෂියා , අරක්කු ගගහ  තමන්ගේ අතේ තියෙන පිච්චිය නැති    භංඝස්ථාන කරගෙන කුජිත වෙනවා. ගෑනු උදේ ඉඳන් මෝඩයාගේ පෙට්ටිය ඉස්සරහ.  ළමයින්ට ඉගෙනිමකුත් නෑ , හැකියාවකුත් නෑ  නන්නත්තාරයි. තාත්ත පියං වෙනකොට පුතා සෙකුරිටි.   ඒ සිංහල උං මෙතෙන්ට කන්න එන්නේ නෑ බං. උන් එක්කෝ  ගෙදරින් බත් පැකට් එක ගෙනල්ල ඔතාගෙන කයි , නැත්නං එළියේ පෙට්ටි කඩේකින් වඩේ කෑල්ලක් කාල ප්ලේන්ටියක් ගහයි. 

උඹල කියන විදියට හලාල් කෑම නොදී ඇරියොත් මට වෙන්නේ කඩේ වහන්න. 

මිතුරන් :  හරි හරි ... මොකද්ද උඹ කිව්ව කුහක කතාව ?

කඩ හිමියා :  ආ ඒකද !  දැන් කියපල්ලා එහෙනං තොපිට බීම නවත්තන්න පුලුවන්ද ?

මිතුරන් :  සද්දයක් නැත 

කඩ හිමියා :   ඒකනේ යකෝ කියන්නේ.  බුද්ධාගමේ තොපි ගන්න පන්සිල් වල පේන්නම තියෙන 4 වෙනි සිල් පදය ඒක. හලාල් කන්න එපා , විකුනන්න එපා කියල ත්‍රිපිටකේ වාටියෙවත් ලියල තියෙනවද ? හලාල් නැතිකරන්න වලි කන්න ඉස්සෙල්ලා තොපි අඩුගානේ පේන්න තියෙන පන්සිල් පද පහවත් රැකගෙන  කාලකන්ණි පුරුදු අතැරලා හැදිලා හිටපියව්.  

අතට පිච්චියක් ලැබිච්ච හැටියේ තොපි බලන්නේ  ගන්න බෝතලේ ගල්ද , පොල්ද , රෙඩ් ද , බ්ලැක් ද කියල .  තොපි මෙහෙං හම්බ කරන දේ නාස්ති කරගෙන බීල කුනුවෙනකොට,  තම්බි සල්ලි ඉතුරු කරගෙන සිහිකල්පනාව යෝදෝල දියුනුවෙනකොට ඒකටත් ඉරිසියාව.  ඒකටයි යකෝ කුහක කම කියන්නේ.   

තොපි බීම නවත්තපු දාට මම හලාල් කෑම විකුණන එකත්  නවත්තන්නං.

මම නැගිට ආවෙමි ....