Showing posts with label LOL කතා. Show all posts
Showing posts with label LOL කතා. Show all posts

Tuesday, December 20, 2016

වොරන් බෆට් ලංකාවේ උන්නා නං ...

මාමා - ආ කොහොමද අදත් මේ පැත්තේ ඇවිල්ල වගේ

වොරන් - ඔව් මාමේ , සුසී නංගිව බලන්න කියල ආව. ඕමි අතක් බලනවයි ? 

මාමා -  හොඳා හොඳා , අද බැහැ.   මෙහෙන් පොඩ්ඩක් වාඩි උනානං. මං මේ කාරණයක් ගැන  කථා කරන්න තමා හිතන් හිටියේ. පුතා දැන් මොනවාද කරන්නේ ?

වොරන් - ඒ කිව්වේ මාමේ 

මාමා -  මං මේ කිව්වේ රස්සාව ගැන එහෙම 

වොරන් -   දැනට නං රස්සාවක් කරන්නේ නැහැ මාමේ.  

මාමා -  දැන් ඔය එතකොට ඔය උදේට උදේට යන්නේ 

වොරන් -  ආ ඒ මම බෙන්ජමින් සර් ගාව වැඩ ඉගෙනගන්නවා. ඒකට ගෙවන්නේ නැහැ කියක්වත්

මාමා - එහෙමද ? ඔය බෙන්ජමින්ල අඩු කුලේ එවුං. කුණු ලෝබයෝ. ඒක වෙන්නැති කීයක්වත් නොදෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ එතනම රස්සාවක් ලැබෙයි නේද ?

වොරන් - නැහැ මාමේ මම එතන දිගටම ඉන්න කල්පනාවක් නැහැ.  වැඩ ඉගෙනගෙන ගමට යන්න තමා හිතං ඉන්නේ 

මාමා -  කොළඹ දාල ආයි ගමට ගිහිල්ල මොනව කරන්නද ?

වොරන් -  මගේම පොඩි වැඩක් සුළුවෙන් පටං ගන්න තමයි හිතං ඉන්නේ.

මාමා - කලිං වෙන රස්සාවක් කරලා තියෙනවද ?

වොරන් -  එහෙමත් කියල නෑ මාමේ. ඉස්සර අක්කරේ වත්තේ වැටිච්ච පොල් අහුලලා වික්කා. ඊට පස්සේ පරණ ජැක් පොට් මැසින් දෙක තුනක් හන්දියේ බාබර් සාපුවේ දැම්මා. කොළඹ ආවට පස්සේ  ලංකාදීපේ බෙදුවා. ඔයවගේ වැඩ තමා කලේ.

මාමා - ඉගෙනගෙන එහෙම නෑ වගේ නේද ? නැත්නං ඔහොමත් වැඩ කරාවිය !

වොරන් - ජයවර්ධණපුරෙන් මැනේජ්මන්ට් උපාදියක් තියෙනවා  මාමේ 

මාමා - හප්පට සිරි එහෙමද. එත් වැඩක් තියේ හරිහමං රස්සාවක් වත් නැති කොට  !  ඉස්තිර රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ?

වොරන් -  නෑ මාමේ ගමේ මගේම දෙයක් සුළුවෙන් පටං ගන්න තමා අදහස 

මාමා - පුතා තරහ වෙන්න එපා, මගේ දුවට හොඳක් වෙන දෙයක් කරලා දෙන්න තමා අපේ අදහස. දැනටමත් ගාල්ලේ කච්චේරියේ පැන්ෂන් එහෙම තියෙන ලියන මහත්තයෙක් දුව ගැන අහල එවල තියනවා. අපේ අදහස ඒ කටයුත්ත කරලා දෙන්න. ඉස්තිර රස්සාවක් වත් නැති පොල් අහුලපු , පත්තර බෙදපු කොල්ලෙක්ට අපේ දුව දෙන්න නං අපේ තුං හිතක වත් අදහසක් නැහැ.  ආයි මේ පැත්තේ නාවට කාරි නෑ එහෙනං.  

Sunday, July 21, 2013

Black Hole Jokes

How does two black holes greet each other ?
With a gravitational wave ...

Why did the Black Hole burp after consuming Jupiter?
Too much gas!

How many black holes does it take to change a light bulb?
none. there is no light around black holes.

If a BlackHole got married , can it still be call a singularity ?

How many black holes can fit on the head of a pin?
All of them.

How do you flatter a BlackHole?
Tell it that it sucks.

Teacher to black hole: I’ve never had a student as dense as you are.
Black hole: Thank you, Sensei.

What do you say to a black hole to make it feel self-conscious?
“Oh, I think I saw a little flash of light there.”

Black hole siblings in the back seat on a long car ride:
“Mom, Bobby’s touching my event horizon.”
“Am not! (whispers to his sister:) You suck like a girl.”
“MOM!”
“You two shut up back there before I go supernova again.”

What’s the difference between the Federal Deficit and a Black Hole?
The event horizon.

"Black holes are where God divided by zero."
Stephen Wright

“Curiosity killed the white dwarf”



Tuesday, February 26, 2013

ඉතා කුඩා LOL කතා ...


නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක්‌ පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී වෙනත් පිරිසක තරුණයකු විසින් ඔවුන් සමඟ දිය නෑ තරුණියන්ගේ දර්ශන ඡායාරූපගත කරමින් සිට ඇත.  නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයා මේ පිළිබඳව එම තරුණයාගෙන් විමසීමේදී "රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යෑයි පවසමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට ඔහු පහර දී ඇත.

 එම අවස්‌ථාවේ ඇමැති පුත්‍රයා සමඟ සිටි මිතුරන් පිරිසක්‌ ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු මඩකලපු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ (25 වැනිදා) කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත.
[දිවයින පුවතක් - 26/02/2013]


මේ අතර , ඉතා කාරුණික, සුහදශිලී ශ්‍රී ලාංකික ජනතාව ලංකාවේ ලොකුම සු න්දරත්වය යෑයි බොලිවුඩ් සිනමා නිළි ජැක්‌ලින් ෆර්ඩිනැන්ඩස්‌ දිවයිනට පැවසුවාය.
[දිවයින පුවතක් - 26/02/2013]