
එම අවස්‌ථාවේ ඇමැති පුත්‍රයා සමඟ සිටි මිතුරන් පිරිසක් ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ඔහු මඩකලපු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ (25 වැනිදා) කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත.
[දිවයින පුවතක් - 26/02/2013]
මේ අතර , ඉතා කාරුණික, සුහදශිලී ශ්‍රී ලාංකික ජනතාව ලංකාවේ ලොකුම සු න්දරත්වය යෑයි බොලිවුඩ් සිනමා නිළි ජැක්‌ලින් ෆර්ඩිනැන්ඩස් දිවයිනට පැවසුවාය.
[දිවයින පුවතක් - 26/02/2013]
ඉතිං බලන්න කොයි තරම් පරස්පරයිද?
ReplyDeleteසිරාවටම වෙලාවකට බොක්ක ගලෝල අතට දෙන අපේ අය ඒ මොහොතේම අනෙකාගේ බොක්ක ගලෝගන්න ජාතියේ වඩ කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ . .
එක මොහොතකින් අන්ත දෙකටම මාරු වෙන අරුම පුදුම ජාතියක් . .
දුකා අයියා .. එකම දවසේ එකම පත්තරේ එක තැන මේ ප්‍රවුර්ති දෙක දැක්කහම මාව කොයිල් වෙලා ගියා. මේකේ තිබෙන උපහාසය ඔබට තෙරුනානම් සතුටක්.
Deleteමගේ පෞද්ගලික අදහස නම් ලංකාවේ මිනිසුන් ඔවුන් හිතන් ඉන්න තරම් මිත්‍ර ශිලිත් නැහැ , සුහදත් නැහැ , කාරුනිකත් නැහැ .. . තමන් එහෙමයි කියල හිතන් සිටි පමණකින් එහෙම වෙන්නේ නැහැ නේ. අනිත් ලෝකයේ සුහදශීලි , අවංක ජනතාවත් එක්ක සංසන්දනය කරලා බැලුවම ලාංකිකයන් ඉන්නේ ගවු ගණනක් පිටුපසින්.
සුද්දන්ගෙන් ගාන කඩා ගන්න ඕනවට උන් ඉස්සරහ හතරට නැමිලා දත් තිස්දෙක පෙන්නුවම ඉස්සර සුද්දෝ ලංකාවේ මිනිස්සු හරි සුහදයි කිව්වට දැන් එන සුද්දෝ එහෙම තම්බන්නත් බැහැ.
කෙනෙක් ගේ සුහදත්වය , මිත්රශිලිත්වය , කාරුණිකත්වය , මනුෂත්වය මනින්නේ ඒ කෙනා අඳුරන කෙනෙකුට ඒ කෙනා දක්වන සැලකිල්ලෙන් නොවේ. නාඳුරන , හිතවත් නොවෙන ඇතැම්විට සතුරු අදහස් ඇති කෙනෙකුට ඒ කෙනා දක්වන සැලකිල්ලෙන්. මේකත් බලන්න.
ලංකාවේ මිනිසුන් කෙතරම් මානාධික , අනිත් අය පහත් කොට සලකන , හිනා වුනහම පෙරලා සිනහවක් පාන්න බැරි , ඉර්ශයධික , වංචනික අදහස් (ටිකක් හිනා වෙන්න ඇවිල්ල අඬල යන්න ) ඇති කොටසක් ද කියල තේරෙන්නේ වෙනත් රටවල ජනකොටස් සමග සංසන්දනය කරලා බැලුවම.
පෙරේද මගේ ෆෝන් එක වොෂ් රූම් එකේ තියල ආව. දෙනෝ දාහක් දෙනා යන එන එතැන තිබ්බ ඒක කෙනෙක් දැකල මාව හොයන ඇවිල්ල ගෙනල්ල අතට දුන්න .... ලංකාවේ එහෙම වෙයිද ?