Thursday, May 31, 2012

පැරණි සිංහල ජන ගී (MP3 Download)

Gammadu Natakaya  by U.Sanjani Madurika
ආයිත් අරන් ආවා සෙට් එකක්. මං අහන්න බොහොම ප්‍රිය කලත් අන්තර්ජාලයේ සැරිසරන වෙන කිසිම කෙනෙක් මේවා අහයි ද කියල තියෙන්නේ ලොකු සැකයක් මට. ඒක හින්ද ගෙඩිය පිටින් ඩවුලෝඩ් කරලා එකක් අහල ඩිලීට් කරන්නේ නැතුව , එකක් දෙකක් ඔන්ලයින් ප්ලේයරයෙන් අහල බලල තමන්ගේ රුචිකත්වයට ගැලපෙනවා නම් පමණක් ඔක්කොම බා ගන්න එක සැරේම.

සිංහල ජන ගී අධ්‍යයනය කරන , ප්‍රිය කරන කෙනෙක් ට නම් කියල නිමකරන්න බැරිතරම් වටිනවා මේ ගී සමුහය. රෝහණ බැද්දගේ , ජේ . ඊ සේදරමන් , රත්තොට සිරිසේන , ඩබ් ඇඩින් මහත්මා මෙන්ම මාපා මැණිකේ මැතිනිය වගේ අයගේ හොඳ ගායනා මෙතන තියෙනවා. වැඩි ඇඩ් ඕනි නැහැ එහෙනම්.

MP3 format එකෙන්ම තියෙන හින්ද එකසැරේ සේරෝම download කරගෙන ෆෝන් එකට , iPod එකට ලෝඩ් කරගෙන අහන්නත් බාදාවක් නැහැ. iPad එකෙන් අහනවා නම් ඉතින් on-line ම ඉඳගෙන archive site එකේ තියෙන ප්ලයෙර් එකෙන් ම අහන්න පුළුවන්. හැබැයි මෙව්වා අහන උන් iPod පාවිච්චි කරන ජෙනරේෂන් එකේ ඉඳියි ද කියල තමයි ප්‍රශ්නේ !!!

ගත්ත තැනත් කියන්න එපයි. මේවත් ඔක්කොම ගත්තේ infolanka වෙබ් සයිට් එකෙන්. ආයි මොනවටද බොරු කියන්නේ. ඒ මහත්තුරු ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා.ප්‍රශ්නයක් නම් දැනුම් දෙන්න. contents ටික ඉවත් කරන්නම්.

Usual specifics: 
Authors: Various Ceylonese Artists
Genre: Old Sinhales folk songs
Language: Sinhala
Credits: These songs were taken from the infolanka.com web site.
Uploaded By: Tiraj Adikari
Copyright: All songs in this compilation should be in public domain.
Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


 Download Link : Click Here

Monday, May 28, 2012

පිං පෝලිම

ජේතවනාරාමය , දම්සභා  මණ්ඩපය අභියස
 ©2012 Tiraj Adikari 
ජේතවනාරමේ ඉස්සරහ පන්සල
ඇතුලේ ටිකක් දිග පෝලිමක්
මං අන්තිමට වගේ
වැඩේ මීටර් උනේ අන්තිමට හිංද

නැසී ගිය මවට , පියාට අරයට මෙයාට
දුවට පුතාට නංගිට ලේලිට
වෙනුවෙන් විහාරස්ථ අරමුදලට
සල්ලි දෙන්නයි මේ පෝලිම

අන්තිමට මගේ වාරෙත් ආවා
පුතා කාට පිං පිණිසද
මට පිං පිණිස 
හාමුදුරුවන්ගේ ඇස් උඩ ගියා
ඇයි කරන කෙනාට පිං අකැපද ?

ජිවත් වෙන සුළු කාලේ
තමන්ට පිහිටක් නොකර ගෙන
මැරුණට පස්සේ
මොකට පිං බලං එනවද
දෙන්නෑ!!! 

පිං ගන්න පුළුවන් විනිපාත වගේ විශේෂ ප්‍රේත යෝනි කීපයක උත්පත්තිය ලබල ඉන්න ඈයොන්ට විතරයි.හැම ප්‍රේත කොට්ටශයකටම හැම කාලෙදිමත් පිං අනුමෝදන් වෙලා තමන්ට යහපතක් කර ගන්න බැහැ. ප්‍රේත වීමට මුලික හේතුව මසුරු කම. පිං බලාගෙන එන්නේ තමන් පසුගිය ජීවිතයේදී සුළුවෙන් හෝ කරපු යම් කිසි කුසලයක් මතක් කර ගන්න බැරි අයයි. ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම තමන්ගේ ගොඩ බලාගෙන , බදාගෙන ජිවත්වෙච්චි උදවිය. 

ජිවත් වෙච්චි කාලේ සතෙක්ට කෑම ටිකක් හරි හිත සතුටින් කර්ම කර්මපල විශ්වාස කරගෙන දැම්මා නම් ඒකම ප්‍රමාණවත් ඒ ඇත්තට විමාන ප්‍රේත තත්වෙට අප්ග්‍රේඩ් වෙන්න , විඳින කුසගිනි පිපාසා දුක පොඩ්ඩක් අඩු කර ගන්න. ලොකු දේ කරපු කෙනෙක් අවාසනාවට හරි මේ යෝනියක උපන්නොත් තමන්ගේ ඒ වැඩ සිහි වෙච්චි හැටියේම සිං ගාල චුතවෙලා හොඳ තැනක යනවා. ඔය අගුපිල් වලට වෙලා ටැක් ගැහි ගැහි විරිත්ත විරිත්ත පිං දෙනකම් බලං ඉන්න උන්දලා ගැනනම් මොන කතාද?

අන්ත දුගී ජීවිතේටම කිසි දෙයක් නොදුන්නු අයෙක් සිත සතුටින් අත දික් කර දුගී මගී යාචකයින්ට දන්සැලකට යන පාර කියූව පිනින් දෙව්ලොව ගියා නම් මේ පෙරේත ගොට්ටට කෙල හලන උන්දලා එයිටත් අන්තයි නේද ? 


 ඇත්තටම .. පොඩ්ඩක් විඳවන්නත් එක්ක .. දේන්නේම නැහැ පිං .... 


ප/ලි:-
ඔය එහෙම කියුවට නොදී ඉන්නෙමත් නැහැ .. ඔයි ගොල්ලොත් නොදී ඉන්න එපා .. පවුනේ
පසුබිම් කරුණු , තර්ක වලට ගත්ත දේ සියල්ල ඇත්ත උනත් , මං මෙතන දේශනා කරේ අසත්පුරුෂ ධර්මයක් මට පෙන්නන්න ඕනේ උනේ තර්කයට එකඟ උනත් , ඉතාමත් සාධාරණ දේ ලෙස පෙනුනත් අසත් ධර්මය අසත් ධර්මය මයි. 
අහුවෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි... පරිසමින් ....
නොමග ගියොත් කොට උඩ ... 


සත්පුරුෂ ධර්මය ත් අසත්පුරුෂ ධර්මයත් , සත්පුරුශයාත් , අසත්පුරුශයාත් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැක්කේ සත්පුරුශයාටම පමණයි
(ගෞතම බුදුන් , සුත්‍රය මතක නැහැ )

Saturday, May 26, 2012

ලංකාවේ තරුණයන්ට පණිවිඩයක් - අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්

අනගාරික ධර්මපාල තුමා , 
බුද්ධගයාවේ බෝධිය අභියස,  ක්‍රිස්තු වර්ෂ 1891 දී 
ලංකාවේ තරුණයනි , අපගේ නැතිවී ගිය පෞරුෂත්වය කලින් පැවති ශ්‍රේෂ්ට ස්ථානයට යලි නගා ලිමේත් පුනර්ජීවනයට පත් කිරීමේත් ශ්‍රේෂ්ට කාර්යය ඉටු කිරීම ඔබට භාරය.

රාජසිංහ ගැන කතා කරන බෙල් සිය "පුරාවිද්‍යා වාර්තාවෙහි" මෙසේ පවසයි. ඉක්බිතිව ලංකාවේ කවර කලකවත් නොවූ විරූ මහ සටන ආරම්භ විය. සිංහලයන් කෙතරම් ඉක්මන් වුවද යුරෝපයේ පුහුණුව ලද භට පිරිස ආපසු පලවා හැරීම නොකළ හැක්කක් විය. තම සොල්දාදුවන් පසු බසින බව රාජසිංහයන්ට පෙනින. රජතුමා තම සේනාවන්ට පසු බැසීමට ඉඩ දුන්නේ නැතැයි රාජාවලිය කියයි. ඒ වෙනුවට ඔවුන් ධෙර්ය ගැන්වූ ඔහු ප්‍රතුගිසීන්ගේ මධ්‍යයටම කඩා වැදුනේය. තව දුරටත් තම තුවක්කු මෙහෙයවීමට අපොහසත් වූ පෘතුගීසීහු මුගුරු වලින් පහර දෙමින් සතුරා සමග අතින්ම සටන්කිරීමට වන්හ. පෘතුගීසින්ට පැත්තකින්ද පසුපසින්ද පහර වදින්නට පටන් ගත්තෙන් එක අඩියක් වත් පසු බැසිය නොහැකිව යුද බිමෙහිදී 1600 ක් දෙනාට මැරුම් කන්නට සිදු වුයේය.

යුරෝපයේ පුහුණුව ලද සේනාව පැරදුනෝය. රාජසිංහ විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. එහෙත් අද සිංහලයෝ තම උතුම් මී මුත්තන්ගේ වීර ක්‍රියාවන් ගැන නොදන්නෝය. සංවර්ධනයේ සියලු බලාපොරොත්තු නැතිකරගෙන සිටින්නෝය. පැරණි ග්‍රීකයන් මෙන් අපගේ මුතුන් මිත්තෝද මානයෙන් , ඊර්ශයාවෙන්ද , අපරාධ කිරීමෙන් හා සුඛෝපභෝගයෙන් වැලකි සිටියෝය. ධන වාදීහු හෝ ඉඩම් හිමියෝ නොවුහ. සෑම කෙනෙකුටම ගෙවත්තක්ද හේනක් ද තිබිණි. ගමට කැලෑවක් තිබිණි. ගමේ තණ බිම්වල තම දෙනුන්ට තණ කැවීමේ අයිතිය ගම් වැසියන්ට තිබිණි. බුද්ධාගම ඔවුන්ට මධ්‍යම ප්‍රතිපදාවේ ආගමක් ලබා දුන්නේය. සිංහලයෝ ධනයට ආශා නොකළෝය. ඔවුන් ආශා කලේ ගුණ ධර්ම වලට හා ධෙයිර්යයටය. මේ ස්වභාවය නිසාය සිංහලයන් නිර්භීත වුයේ.

ධනවත් පවුල් වල තරුණයන් ආත්ම පරිත්‍යාගයේත් විරත්වයේත් උතුම් ගුණාංගයන් ප්‍රගුණ කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් එක්රැස් විය යුතුය. සිංහල මවුපියන්ට ලැබෙනා සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අප වග බලා ගත යුත්තෙමු. අපි අවුරුදු සීයකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ජිවත් වී ඇත්තෙමු. එසේ වුවද කර්මාන්ත උගන්වන උසස් පංතියේ තාක්ෂණ විද්‍යාල එකක් වත් දිවයිනේ නැති කම කණගාටුවට කාරණයකි. ධන නිෂ්පාදනයත් බෙදා හැරීමත් හුවමාරු කිරීමත් හසුරුවන පළමුවන සිද්ධාන්ත වත් අපි නොදනිමු. අපි පරිභෝග කරමු. එහෙත් අලුතින් ධනය නිෂ්පාදනය නොකරමු. අපගේ මුතුන්මිත්තන්ගේ ධනය අපි සුඛෝපභෝගය සඳහා නාස්ති කරමු. කර්මාන්ත මගින් අපගේ ධනය වැඩිකරගන්න අලුත් ක්ෂේත්‍ර අපි සොයා නොබලමු. අපගේ කුඹුරු වලට ජලය සපයා ගැනීම සඳහා ජලය රැස් කිරීමට වැව් තැනීමේ විද්‍යාවේ සිංහලයෝ පරම්පරා හැත්තෑවකට ආසන්න කාලයක් තුල විශේෂඥවරු වුහ. එහෙත් අපි අපේ වැඩ කිරීමට පිටස්තරයන් ගෙන්වා ගනිමු. අපගේ දුම්රිය මාර්ග දෙස බලන්න. දුම්රිය මාර්ග සාදනු ලබන්නේ අපේ මුදල් වලිනි. එහෙත් අපි සෑම දෙයක්ම එංගලන්තයෙන් ගෙන්වා ගනිමු.

අර්ධ ශත වර්ෂයක කාලයක් තුලදී ලංකාවේ පාලකයන් අපට සිදුකර ඇත්තේ කුමක්ද? අපට කෘෂිකර්ම විද්‍යාලයක් පවා නැත. ආණ්ඩුවට ඉන්දියාවේ ඇති විවිධ කෘෂිකර්ම විද්‍යාලවලට යදිමින් යන්නට සිදුවී ඇත්තේය. උසස් වැටුප් ලබන අපගේ නිලධාරීහු අත්දැකීම් නොමැතිව ආණ්ඩුවේ ඒජන්ත වරුන්ගේ කාර්යාල වල කැඩෙට් නිලධාරීන් මෙන් ජීවිතය අරඹා ක්‍රමයේ පළපුරුද්ද ඇරෙන්නට අන් උසස් දැනීමක් නොලබා පියවරෙන් පියවරට උසස් වෙති. එංගලන්තයේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා විශේෂඥවරු සිටිති. එහෙත් මෙහි නම් ඕනෑම දෙයකට ඕනෑම නිලධාරියෙක් සුදුසුය. කොළඹ නාගරික සභාවත් එහි ප්‍රධානයාත් ගෙන නාගරික කටයුතු පරිපාලනය පිළිබඳව ඔහුට ඇති දක්ෂතාවය විමසා බලන්න. නාගරිකයේ සභාපතිවරයා හැටියට රාජකාරිය බාරගැනීමට පෙර , නාගරික කටයුතු පිළිබඳව ඔහුට තිබු පළපුරුද්ද කුමක්ද ? (අවුරුදු සියකට පස්සේ කොළඹ නගරාධිපති වෙන්නේ ත්‍රිවිල් කාරයෙක් කියල දන්නවනම් ධර්මපාල තුමා මේක ලියන එක නවත්තල එතනම එල්ලිලා මැරෙනවා ෂුවර් ).

අපගේ ජාතිය වෙනුවෙන්ද , අපගේ ආගම වෙනුවෙන්ද අපගේ ජාතික සාහිත්‍යය වෙනුවෙන්ද අප විසින් ඉටුකළ යුතු යුතුකමක් ඇතිබව මතක තබා ගන්න. බ්‍රිතාන්‍යයෝ තම දරුවන්ට මහත්සේ ඇලුම් කරන්නෝය. ඔවුහු තම දරුවන්ගේ අනාගත අහුද්‍යය තකා මහා පරිත්‍යාගයන් කරන්නෝය. බ්‍රිතාන්‍යය ශ්‍රේෂ්ට භාවයට පත්වී සිටින්නේ ඔවුන්ගේ පරිත්‍යාගශීලි භාවය නිසාය. ඔහු තමාගේ ජාතියටද තමාගේ දරුවන්ටද ආදරය කරයි. මේ අන්දමින් බලන කල සිංහලයාගේ නම් වටිනා කමක් නැත්තේමය. ඔහු තම දරුවා පුහුණු කිරීමට විදේශිකයෙකුට භාර කරයි. (දැන් නං ඉතින් තියෙන්නේ ඉන්ටර් නැෂනල් ඉස්කුල් කියල විජාතිකයන් බෝ කරන මධ්‍යස්ථාන) එබැවින් පාසලෙන් එලියට එන දරුවා තුල සිය ජාතියට හෝ රටට හෝ ඇල්මක් නැතිවම පුදුමයට කරුණක් නොවේ. සෑම ජාතියකටම එයටම ආවේනික වූ ස්වභාවයක් ඇත. ජාතික ප්‍රාර්ථනාවන්ට විරුද්ධව යන තැනැත්තා නිවැරදිව සිතන සෑම මිනිසෙකුගේම පිළිකුලට භාජනය වෙයි. එම නිසා අපගේ ධන මාර්ග සංවිධානය කර ගැනීමටත් අපගේ ජනතාව නුගත් කමින් මුදවා ගැනීම සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආධාර දීමටත් හැකි සෑම ප්‍රයත්නයක්ම අප විසින් දැරිය යුතුය. අපගේ ජනතාව ගලවාලන එකම ප්‍රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්වයට අප පත්කළ අධ්‍යාපනය නොවිය යුතුය. අප ඉංජිනේරුවන් , ගෘහ නිර්මාණ ශිල්පින් , නිෂ්පාදකවරුන් , විද්‍යාත්මක කෘෂිකාර්මිකයින් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතුයි.

මුළු ආසියාවත් , මුළු යුරෝපයත් ප්‍රගතිය කර ගමන් කරයි. උසස් වර්ගයකට අයත් වූද , සමාජයේ හැකි උසස්ම තැනට නැග්ගා වූ මුතුන් මිත්තන් ඇත්තා වූද අපගේ ජනතාව සමාජීය වුද කාර්මික වුද සාධු ධර්මීයවුද පරිහානියෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක වීමට අපට හැකි ඉහලම ප්‍රයත්නය නොදැරිය යුත්තේ මන්ද ? බියක් නොමැතිව පරම සත්‍යයේ උත්තරීතර ප්‍රඥාවේ , ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය ඇතිව ලොවෙහි සුභ සිද්ධිය සඳහා ක්‍රියා කල මැනව.

ලංකාවේ තරුණයනි. මේ ඔබට මගේ පණිවිඩයයි.
අනගාරික ධර්මපාල උතුමන් , 1922 දී කල්කටාවේදීය

චතුරාර්ය සත්‍යය (optimistic approach )

BSP Elephant
සැප   - ක්ලේශ ප්‍රහාණයෙන් ලැබෙනා ලොවුතුරු සැප 
සැපතට හේතුව - ක්ලේශ නොමැති බව 
සැප ඇතිකරගැනීමේ මාර්ගය - අරි අටඟි  මග ගමන 
සැපතට පත්වීම - කෙලෙසුන් ගේ නැවත නුපදනා සේ නිවීම 

Monday, May 21, 2012

මලා... හැමතැනම , හැමදේම ගිනි අරං

කලකට පෙර පලකල මෙම ලිපියෙන් කිහිප දෙනෙක් හෝ ජිවිතයට යම් පිහිටක් කරගෙන ඇතිබව දැනගැනීම සතුට ඇතිකරවන්නකි . මා එහි අලුත් යමක් කීමට අදහස් කලා නොව ඉතා පැහැදිලිව සුලභව පත පොතෙහි හමුවන ධර්ම සිධාන්තයක් මට දැනෙන ලෙස විස්තර කලා පමණකි . තිලෝගුරු බුදු රජාණන් වහන්සේ රාග , දේවේශ , මෝහාදී ක්ලේශයන් සිත ගත දවන්නා වූ ගිනි මෙන් ගෙන හැර දැක්වුයේ එක තැනක පමණක් නොවේ.

පහත කොටස බලන්න. පුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය නම් ධර්ම පුස්තකයේ මෙය සඳහන්ව ඇත්තේ මෙසේය.

ඔය තව එකක් තියෙන්නේ ඒ වගේම ,
සබ්බං භික්ඛවේ ආදිත්තං
කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං
චක්ඛුං භික්ඛවේ ආදිත්තං
රූපා ආදිත්තා
චක්ඛු වින්ඥානං ආදිත්තං
චක්ඛු සම්පස්සෝ අදිත්තෝ ... කියල … මේක තියෙන්නේ ආදිත්ත පරියාය සුත්‍ර දේශනාවේ. බලන්න වටින දිනේෂ් කියන්න වගේ "ගේමට සෙට් වෙලා ඉන්න කෙනෙකුට" ලෙසටම වැඩක් ගන්න පුළුවන් හොඳින් විදර්ශනාවට පාදක කර ගන්න පුළුවන් පට්ටම පට්ට සුත්‍රයක්. හරි හමං කෙනෙකුට ඕක විතරක් උනත් ඇති අප්පා...... හරි ...ඇඩ් එක ඉවරයි.

කාමච්චන්දයෙන් , ව්‍යාපාදයෙන් සත්වයා වෙත ඇතිකරවන්නා වූ පීඩනය තැවීම මදක් හෝ අවබෝධ කරගැනීමට එයින් මඳකට මිදී රාමුවෙන් ඉවතට ගොස් නැවත හැරී බැල්මක් කළ යුතුයි . අසුචි වලක බස සිට එහි ගන්ධය ගැන නිර්වචන ඉදිරිපත්කිරීම කළ නොහැක්කකි. ඉන් මඳක් ඉවතට පැමිණ පිරිසිදු වාතයෙන් පෙනහළු පුරවාගෙන ඉන්පසු වලෙහි ගන්ධය ආග්‍රහණය කළ කල්හි පමණක් සැබෑවටම යමක් පැවසීමට අපහට හැකිවෙනවා නොඅනුමානය .

එහෙයින් සත්වයා තවන පෙලන කාම්ච්චන්ද , ව්‍යාපාද ධර්මයන්ගෙන් මදක් ඉවත්ව , ඒවා මදක් යටපත් කොට ගෙන ලෝකය දෙස නැවත බලන්න . පුදුම සිතෙනු ඇත . කෙතරම් වූ තැවිමකින් ගැලවිණි දැයි සතුටක් ඉපදෙනු නොඅනුමානය.

ඇතැමෙක් හට මිනිත්තු කිහිපයක් හෝ එකතැන නිසසලව සිටීමට නොහැකි සේ කාමච්චන්දය පීඩා කරයි. දෙකට කැපූ කිරිපනුවන් සේ එහෙට මෙහෙට ඇඹරෙමින් පසුවනුයේ ෂඩ් ද්වාරයනට ගැලපෙන , සත්ප්‍රාය අරමුණු සොයමිනි . ගිනි අරගත් ඒ ද්වාරයන්ගෙන් ඇතිකරන තාපනයෙන් පෙලෙන සත්වයා උමතුවුවකු මෙන් ඇඹරෙමින් සුසුම් ලමින් , ඒ මේ ආකාරයට සිරුර සකස් කරමින් දුක් විඳින්නේ කොයි මොහොතේ එතැනින් පිටවී ෂඩ් ද්වාරයනට සත්ප්‍රාය අරමුණු පෙන්වා තමන් තවන ගින්න මැඩලීමට හැකිවේදැයි සිතමිනි . මේක ලියන්න මතක් උනේ , ඊයේ පන්සලේදී පැය භාගයක් තුරාවට මා ළඟ  සිඳ සිටි කොලුවෙකු මටද පයින් අනිමින් එකෙල මේකෙල වෙමින් එක තත්පරයක් එක ලෙස නොසිටිමින් නැටු තොවිලය මතක්විය . ලොකු කුඩා බේදයක්‌ නොමැත , කමච්චන්ද ගින්න සැම සිත්හි අඩුවක් නොමැතිව ඇත්තේය .

ඇතැමෙකුගේ දිව ගිනි ඇත්තේය . රස අහර දුටු විට , රස අහර යොදා කලකින් එයට දොළ දීමට නොහැකි වූ කල දිවෙහි ගින්න දැඩිව අවිලගනී . පිඩාවට පත්වන සත්වයා උමතුව ඒමේ තැන සැරිසරමින් පට්ට හෝටල් , කන තැන් සොයමින් ඒ මේ අත දුවත්. මිතුරන් විමසත්. කියක් හෝ දී කටට රසට (කටට රසට නොව දිවට , තෘෂ්ණාවට ඕන පරිදි ) කෑමට සැරසෙත් . පොඩියක් ආහාර දිව මත තැබූ කළ දිව එහි ගින්න පිච්චීම නොදනී යන සේ රේගියුලටරය කරකවා අඩු කර දමයි . අහ් කාලෙකින් හොඳ කමක් කෑවා . අද නම් ගොඩක් සතුටුයි , බුරිය උල්වෙන්න කෑවා කියමින් සත්වයා ප්‍රීති වෙයි .ඔහු නොදන්නා දෙය නම් දිව මගින් ඇතිකරන ලද දැවීම අඩුවිමම හේ සැපයක් ලෙස උපකල්පනය කළ බවයි.

 අනිත් ආයතනයන් ගැනත් ඔහොම්මම ලියුව ඇහැකි . එත් මොකටද . තමන් ම ඉතුරු ටික තේරුම් ගන්න එකයි නුවනට හුරු.

Thursday, May 17, 2012

Two Dhamma talks from Venerable Ajahn Brahmavamso ( 13-14 May 2012 ,Melbourne)

Venerable Ajahn Brahmavamso,
Monash Religious Centre , May 2012
Following talks were given by Venerable Ajahn Brahmavamso on 13th and 14th of May 2012 during his visit to Melbourne.


1. Extending Love - 13 May 2012 - Monash Religious Centre , Clayton
2. Rebirth (Scientific Explanation) - 14 May 2012 - Monash Religious Centre , Clayton

Theres only 2 in here because my laziness kept me away from attending the last dhamma talk that took place in BSV center. Sorry guys.!

Anyways Enjoy!

Monday, May 14, 2012

ඔබා මාමත් මළා එහෙනං

සාටර් ඔයි. ඊයේ හවස (ලංකාවේ වේලාවෙන් නම් උදේ ) මාරයාගේ පොස්ට් එකේ හෙඩිම දැක්ක විතරයි මට චික් කියල හිතුනේ , ඒක නරක විහිළුවක් කියල හිතුන හින්දයි. මේ හොඳට ගහක් ගලක් වගේ ඉන්න මනුස්සය විහිළුවට මරාගන්න හදන්නේ මොකටෙයි කියලයි හිතුනේ. විහිළු වලත් සීමාවක් තියනවා නොවැ.

පොඩ්ඩක් විතර පහලට කියවගෙන යනකොට තමයි තේරුනේ ඒක විහිළුවක් නොවේ කියල. මං පෞද්ගලිකව දැන හඳුනා ගත් කෙනෙක් නොවුනත් , හිතවත් කෙනෙක් ගේ මරණය වුනත් හිනහවෙන් බාරගන්න පුළුවන් මට පොඩි වේදනාවක් එක්ක පාළුවක් ආවේ මොකද කියල කියන්න මං ම දන්නේ නැහැ. එක පාරටම හිතුනේ පහුගිය අවුරුදු උත්සවේට ලංකාවේ ඉඳලත් අන්තිමේදී කම්මැලි කමට ගොඩ නොවැදී ගියේ මගේම ගොං කමට කියලයි.

කොහොමින් කොහොම හරි නිවෙන්න ලං වෙච්ච පානක් වෙනදට වඩා දීප්තියෙන් දැල්විලා නිවිලා යන්නා වගේ , ජීවිතේ අන්තිම කාලේදී නොදැනීම සිංහල බ්ලොග් ලෝකයේ අමතක නොවෙන නමක් කාගේත් හිත තුල රඳවලා ඔබා මාමත් යන්න ගියා එහෙනං.

සංස්කාර ධර්මයන්ගෙන් හටගත් සියල්ල නැසෙන සුළුය
උපදිනා සියල්ල ජරපත් වී විනාශයෙන් අවසන් වේ
මෙලොව ඇති එකම සනාථන දහම එයයි 

ඔබා මාමේ ඔබට නිවන් සැප....

Wednesday, May 9, 2012

කර්ම ශක්තිය හා පලාපල කථනය හබක් වීම

කලක සිට සිතමින් සිටි කර්මය  හා ජෝතිෂය සම්බන්ධ  සිධාන්තයක් තහවුරු කර ගැනීමට අද අවස්ථාවක් ලැබුනේ මරදානේ  ආනන්ද විද්‍යාලය අසල ___ පන්සලේ සිටින කේන්ද්‍ර බලනා මහතා  සමග ඇතිවූ සංවාදයෙන් පසුවය. කිසිදු පොතක දැක නොමැති වුවත් මෙය මෙසේ විය හැකි යයි කර්මානුකුලව ව්‍යුත්පන්න කර ගැනීමට හැකිවූ මේ කරුණ අති මහත් හා සංකීර්ණ වූ කර්මය  හා විපාක ශක්තියේ ඇති තවත් එක් සුළු දෙයක් පමණි. 

උපන් වෙලාව අනුව සැකසු කේන්ද්‍රයක් දෙස බලා නිවැරදි පලාපල පැවසීම ජෝතිෂ්‍ය ඇදුරන් සතු කාරියකි. නමුත් මෙසේ නිවැරදි පලාපල පැවසීම හැම විටම කළ හැකි දෙයක් නොවේ. එය ඔවුන්ගේ හෝ ශාස්ත්‍රයේ අඩුවක් නොව ලෝක ධර්මයේ බලපෑමයි. මේ ගැන පැවසීමට බොහෝ කරුණු ඇතත් ෂෝට් ඇන්ඩ් ස්වීට් ම ලියන්නම්කො. 

මාගේ අදහස අනුව ජන්ම පත්‍රයේ දැක්වෙන්නාවූ ග්‍රහ පිහිටීම  දක්වන්නේ  ඒ ජන්මියාගේ උපතේදී ඇති ග්‍රහ බලයයි. එනම් ජනක කර්ම ශක්තියයි. ධර්මානු කුලව ජිවත් නොවන්නා වූ  ඉතා බලවත් පුණ්‍ය කර්මයන්  ද බලවත් පාප කර්මයන්ද නොකරන්නාවූ ඔහේ ජීවත් වෙන මනුෂයෙකුගේ ජීවිතය හසුරවන්නා වූ ජිව බලය එම කර්ම ශක්තියයි. එවිට ඔහුගේ එම ජන්ම  පත්‍රය දෙස බලා ඉතාමත් නිවැරදි පලාපල කථනයන් පැවසීමට මඳ  උගැන්මක් ලැබූ ජෝති විද්‍යාර්තියෙකුට  වුවද හැකි වේ. එම මහතා පැවසූ ආකාරයට අනුව ඔහු හමුවට පැමිණෙන ඉස්ලාම් භක්තිකයන් (එකනේ බොලේ මං අද තමයි දන්නේ මේ යක්කුත් යමරෙට කේන්දර බලනවා කියල ) පිළිබඳව අති නිවැරදි කැරකී යන පට්ට අනාවැකි , පලාපල,  පසුගිය සිදුවීම් පැවසීම පහසු වෙන්ම කළ හැකි   බව හෙතෙම පැවසීය.

නමුත් අති බලවත් පුණ්‍ය කර්මයන් කරන්නාවූ හෝ ධර්මනුකුලව ජීවිතය පවත්නා වූ බෞධයන් (පොල්තෙල් බෞධයන්  නොවේ .. ඉතාමත් අතලොස්සක් වූ පිරිසිදු බොදුනුවන් ) සම්බන්ධව මෙය මෙසේ නොවේ. පලාපල කථනයේදී විස්තර කරනා අයහපත් සිදුවීම් කිසිවක් සිදු නොවීමට ඇති ඉඩම බොහෝ වැඩිය. පෙර සිදුවූ සිදුවීම්  කිසිවක් ද සත්‍ය නොවීමටම ඉඩ ඇත. 
  • ඔයාගේ කුජ මහා දසාවේ මෙන්න්න මේ අතුරු දසාව තිබු කාලයේ ලොකු ලේ සෙලවෙන අනතුරක් උනා නේද ?
  • නැහැ .. මුකුත් උනේ නැහැ ... ඕකට මදුරුවෝ කාපුවා ගණන් ගන්න බැහැ නේද ?? 
  • ඔයාගේ මේ දශා කාලයේදී වැඩ පොලේ ලොකු සිත් රිදවීමක් , පවුල් ප්‍රශ්න රාශියක් සිදු වුනා නේද ???
  •  නැහැ .. මං ඒ කාලේ බොහොම සතුටින් හිටියා ...

අපොයි අපොයි කේන්දර බලන මනුස්සය එතැනිම නොකවුට්. කිසිම විදියකින් හරි පලාපලයක් කියන්න බැරි උනාම ඔහේ මොකක් හරි කටට එන ප්‍රලාපයක් කියල කස්ටව යවනවා ඇරෙන්න ඔවුන්ට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. තේරුම් ගත  යුතු දේ තමයි  පලාපල කථනයෙන් කියවෙන නරක සිදුවීම් සියල්ලම ධර්මානු කුල පැවැත්මෙන් , පුණ්‍ය බලයෙන් වැලකි යනවා කියන එක. අවාසනාවන්ත කාලෙක උනත් කිසිදු අනතුරකට , සිත් රිදීමකට මුහුණ නොපා සතුටින් ඉන්න ලැබෙනවා කියන එක.  ඕකේ අනිත් පැත්ත තමයි ජඩ විදියට ජිවත් වන්න වූ තැනැත්තෙකුට සුබ  දශා වලදී පවා බොහොම අමාරුවෙන් සිත් වේදනා මැද ජීවත් වෙන්න සිදුවීම. 
  • ඔයාගේ මේ දශා කාලේදී පවුලේ බොහොම සතුටු දායක දෙයක් සිද්ද උනා නේද ?
  • අනේ නැහැ , මං හොර මිනිහ එක්ක ඉන්නවා දැකල  මගේ  මිනිහත් ඉස්සරහ ගෙදර ගැනී එක්ක පැනල ගියා...
දීපන්කො උත්තර .... 


ඕක තමයි මේ තිරශ්චින ශාස්ත්‍රයන්  ගැන අප ලොවුතුරා සම්මා සම්බුදුන්ගේ final verdict එක 

ධම්මං විනා නත්ථි පිතා ච මාතා 
තමේව තානං සරණන් පතිට්ටා
තස්මා හි  භෝ කිච්චමඤඤප්පහාය 
සුනාථ ධාරේත චරාථ ධම්මේ 

ධර්මය හැර  සත්වයනට සරණ වූ අන් මවක්  පියෙක් නැත 
ඒ ධර්මයම සත්වයනට ආරක්ෂාවය , සරණය , ප්‍රතිශ්ටාවය
එහෙයින් අන් සියලු දේ නවතා ඒ මියුරු වූ දහම අසව් ! දරව් ! හැසිරෙව්!  


Tuesday, May 8, 2012

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් - කස්ටන් හොරුන්ට ඇන්දවීම

නෑ නෑ මේ ගඳ කඩේ නෙවෙයි .. හොඳ කඩේ   
පහුගිය සුමානේ  කොරේ ඇඳුම් ටිකක් එක්කහු කොර ගන්න කියල සුපියල් හතලිහකුත් ගෙවාගෙන ට්කට් කාරිය එහෙම අරගෙන  රත්මලානේ ඉඳන්ම කිරිබත්ගොඩ ගියේ ගේ ගාව , කොළඹ , පිටකොටුවේ ඇඳුම්  සාප්පු නැති හින්ද එහෙම නොවෙයි. විනාඩි පහේ දුරින් තියෙන  පත විලාසිතා මකුණා කඩෙත් , තව අනෝ රාසියක් සිරා කඩත් පහු කොරාන කිරිබත්ගොඩම  ඇද්දේ හිතේ තියෙන අපේ කමට. සිංහල කඩේකින් බඩු  ටිකක්  ගන්න තියෙන ආසාවට. එක විඩේම ඇඳුම් කඩමලු හැට හුටාමාරක් ගෙනියන්න ගන්න වෙන  හින්ද අපේ සිංහල එකෙක් දාපු කඩේකට කරන උදව්වක් විදියට තමයි අයිබෝවන් ඔච්චර දුර පු* ඉරාගෙන ඇද්දේ.

ඔන්න ඉතින් කඩේ ඇතුලටත් ගිහිල්ල නගින්න තියෙන මහගිරි දබේත්  නැගල උඩම තට්ටුවට ම  ගියා ෂර්ට් ගන්න. දහයක් විතර ගන්න තමා අදහස තිබ්බේ. එකක් බලල අතට ගත්ත විතරයි ඔන්න එක පාරටම වැඩ කරන කොල්ලෙක් ඇවිල්ල වැලමිට ගාව හිට ගත්ත. කොටින්ම කියුවොත් මං මගේ ඉනට අත  තිබ්බොත් උන්නැහේගේ බඩේ මගේ වැලමිට වදින දුර. මං හිතුව අනේ පොඩි එකා පොඩ්ඩක් බලල යයි කියාල. මොන මේ අපතය එහනින් හෙල්ලෙනේ නැතුව මගේ උරහිස උඩින් බලාන  ඉන්නවා. ටිකක් විතර හුස්ම ගන්නත් අමාරු විදියට ලඟින් හිටපු හින්ද මං ටිකක් ඈත්  උනාම මෙන්න බොලේ මුත්   මගේ පිටිපස්සෙන්. මං අඩියක් ඉදිරියට තිබ්බම මෙයත් තියෙනවා. පස්සට නම් පස්සට. ආටානාටිය  සුත්තරේ ඉන්න මලපෙරෙතයෙක් වගේ.  කොටින්ම පුකේ ඇනයක් ගහල අඩියක නුලකින් මුව බැඳගෙන යනවා වගේ. අනේ මං හොරකම් කරයි කියාල හිතල වෙන්න ඇතිනේ. ඉති මං උන්දැට බොහෝම කරුණාවෙන් කියාල දැම්මා. නැත්නම්  පස්සේ කියයි නේ "කියුවේ නැහැ" කියල

මල්ලි... මං ආවේ හොරකම් කරන්න නෙවෙයි. රට යන හින්ද එක සැරේම ඇඳුම් ටිකක් ගන්න. ඔයා මගේ වැලමිට ගාවට වෙලා මගේ පස්සෙන්ම වැටීගෙන ඉන්නකොට මට ඇඳුම් තෝරන්නත් අපහසුයි , හැරෙන්න හෙලවෙන්නවත් අමාරුයි. මට උදව්වක් ඕනි නම් ඔයාට කතා කරන්නම්. පොඩ්ඩක් ඇතට වෙලා බලන් ඉන්නවද ? මොන , මේ යකාට ඔය කියුව එක අකුරක් වත් තේරුනාද කියල සැකයි. එතන අපහසුවෙන් ෂොපින් කරපු විනාඩි හතලිස් පහක් පමණ තුරාවට මේ කොලුවා මගේ පිටිපස්සේ. කොච්චර ලඟින්ද කියනවා නම් උන්දැගෙ ප්‍රශ්වාසේ  මගේ මුණ ට වැදෙන දුර.

හරි එහෙමයි කියමුකෝ. ඔන්න ඉතින් මං නමොවිඨියෙන් ඇඳුම් කෑල්ලකට අසාවෙන් අතට ගත්තා . ඔන්න මේක අහනවා "ඕක ගන්නවද?" ඔවු කියුවොත්  මේක ඒක මගේ අතින්  අරගෙන උන්දැ ගාව තියෙන කොලේක ඇඳුමේ නොම්බරේ ලියල මගේ අතට දෙනවා. එකක් වත් මං උස්සයි කියල සැකේට වෙන්න ඇති  අතට ගන්න ගන්න ඇඳුම මාක් කරන්නේ. චික් විතරක්. ඇයි කොල්ලෝ "තෝ හොරා!"  කියල මගේ මුනටම කියුව  නම් එයිට වැඩිය හොඳ නේ බොලං!

 චෙන්නායි වල මාම්බලම් ඉස්ටේෂම  ගාව  රෙදි කඩේක කොල්ලෙකුත් මේ වැඩේ කලා  මට. එත් උන්දැට මෙයිට වැඩිය මොලේ කලඳක් තිබ්බ හින්ද ඌ කරේ , සර් දෙන්න , මං ඇඳුම් තියා ගන්නම් , සර් හෙමිට ෂොපින් කරන්න කියල ඔක්කොම ඇඳුම් ඌ උස්සගෙන ගිය එකයි. එතකොට ඇඳුනුත් පරිස්සං  වෙනවා. කස්ටට පල් හොරා නොකිය කියන්න ඕනිත් නැහැ නේ.  ඒ අතින් උන් සාදාරණයි. කොහෙන් ආපු  ටුවරිසයෙක් ද කියල දන්න නැති හින්ද.

ඔය අතරේ මං ඉතින් නිකමට ඇහැ කරකෝල බැලුව අනිත්  කස්ටන්ගේ පස්සෙන්ත් මෙහෙම මුර දාල තියෙනවද කියල. මොන අනිත් කස්ටෝ , ගැණු උදවිය එහෙම ලොකු මලු තියාගෙන  තමන්ගේ පාඩුවේ ෂොපින්. මට විතරයි වගේ මේ  බන්ධනාගාර සැලකිලි. කොච්චර ආඩම්බරයක්ද ?

ලැබිච්ච අති විශේෂ සැලකිලි   වලින් ආපු ඔක්කාරෙත් එක්ක බාගෙට ෂොපින් කරලා එලියට බැහැල ගියේ ආයි නම් ඒ ගඳ කඩේ නුලක් වත් ගන්නේ නැහැ කියලයි ආයිබෝවන්ඩ 

අපරාදේ කියන්න බැහැ , තිලකවර්දන් එකෙන් එලියට බැහැල මිනිත්තුවක් ඇවිදන් ගියාම තියෙන ඔසාක එකේ උදවියගේ සර්විස් එක නම් මල් හතයි.  පාඩුවේ ගිහිල්ල ඕන ඇඳුමක් තෝරාගෙන , ෆිට් ඕන් කරන්න තියෙන එකක් එහෙමත් කරලා , උදවුවක් ඕන නම් ඉල්ලා ගෙන වැදගත් විදියට ගෙවල එලියට අවා. කිසි සේල්ස් කොල්ලෙක් ආවේ නැහැ මට මුර කරන්න. ඈතට  වෙලා බලන් ඉන්න බව මං දන්නවා. නමුත් කිසිම  ජඩ , පහත් , අපරාධකාරයෙක්ට  සලකන ආකාරයෙන් පස්සෙන් වැටීගෙන මුර  කරේ නැහැ එතන කොල්ලෝ ටික. හොද වැඩට ප්‍රසංසා කරන්නත් එපාය. 

මං නම් මගේ බල්ලා විතරයි අයිබෝවන් ආයි තිලකවර්දන එකට යවන්නේ. ඒ ඉතින් එතනින් ඇතුල් වෙච්ච විඩේ ඉඳන් ගැටයෙක් ඉන්නවනේ උගේ මුරට. මට ඌව  එතෙන්ට බස්සෝල  දෙයියනේ කියල වෙන තැනකට නිදහසේ ගහිල්ල ෂොපින් පාරක් දාන්න  පුළුවන්. පස්සේ යන ගමන් බල්ලවත් එක්කහු කොරගෙන යන්න බැරිය?

තිලකවර්දන මහත්තයෝ , ඔතන වැඩ කරන කොලු ගැටයන්ට unoffensive customer service කරන හැටි ගැන  ගැන පොඩි ට්‍රේනින් පාරක් දුන්නොත් නරකද ? මට නෙමෙයි ... මේ ඔතෙන්ට යන අනිත් අසරණ උන්දලට

Thursday, May 3, 2012

දම්පල් ප්‍රතිරාව - ඉන්දියාවේ බුදු දහමේ විනාශය

දහ අට වන ශත වර්ෂයේ දස වන දශකයේ දී විවිධ යුරෝපිය රටවලින් විනාශකාරී ආයුධ වලින් හා වස විස වලින් සන්නද්ධ වූ දාමරිකයෝද සොරුද මුහුදු කොල්ල කරුවෝද සහසිකයෝද දුරචාරී පදඩයෝද ආසියාවට අවුත් දුබල ජාතින් විනාශ කොට ඔවුන් යටත් කොට ඒ රටවල් කොල්ල කෑහ. දේශපාලන වශයෙන් නිදහස් ජාතීන්ට වහලුන් වීමට සිදු වුයේය. ප්‍රතිමා නාශක මුස්ලිමුන් ගේ යුගය හැර , මේ යුරෝපිය සාහසිකයන් විසින් කරන ලද දේශපාලන අපරාධ වලට සමාන්තරයක් මුළු ලෝක ඉතිහාසයේම නැත්තේය.

මොහොමඩ් ගේ අනුප්‍රාප්තිකයන් විසින් ආරම්භ කරන ලද රටවල් කොල්ල කෑමේ ක්‍රියා පිළිවෙල අනුව , තවත් රටවලට ලෝභයෙන් අරාබියේ සිට ආ කෘර වුද ම්ලේච වුද සේනා , කඩුව හා කොරානය ගත් අත් ඇතිව , පර්සියාවත්   ඉන්දියාවත් අතර තිබු රටවල් විනාශ කර පාළු කර දැමුහ. කලාවක් හෝ සාහිත්‍යයක් හෝ කලාත්මක සෞන්ධර්යයක් නොදත් ම්ලේච කෘර සේනාවකට මුහුණ දීමට අවුරුදු දෙදහසක් තිස්සේ පවතී ආර්යය ශිෂ්ටාචාරයට  සිදු වුයේය.  ඔවුන්ගේ මුඛ පාටය වුයේ විනාශ කිරීමය.

ඉන්දියාවට ඇතුළු වූ ඔවුහු බුධාගම අල්ප මාත්‍රයක් වත් ඉතිරි නොකොට විනාශ කර දමා, ජනතාව බලෙන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ. අධ්‍යාපන මධ්‍යස්ථාන කොල්ලකෑමේ මධ්‍යස්ථාන බවට පත් විය. ඉන්දියාවට බුදුන් වහන්සේගේ උතුංග වූ ආගම නැති වී ගියේය. ගිහි බෞධයෝ බලහත් කාරයෙන් ලක්ෂ ගනනින් අරාබියාවේ සෙම්මතික ආගමට හරවා ගනු ලැබුහ.

එකල ඉන්දියාවේ එකදු මුස්ලිම්මේක් වත් නොවූයේය. අද  (1926)  මුස්ලිම්හු හැත්තැ  ලක්ෂයක් ඉන්දියාවේ සිටිති. හින්දු වරු හා මුස්ලිම් වරු එකිනෙකා මරා ගනිති. බ්‍රිතාන්‍යයෝ සිය අපක්ෂ පාති භාවයෙන් යුතුව දෙපක්ෂයටම වෙඩි තබා මරා දමති.
(අනගාරික ධර්මපාල - ම.බෝ.ස 34 වෙළුම , දෙසැම්බර් 1926)