Wednesday, May 9, 2012

කර්ම ශක්තිය හා පලාපල කථනය හබක් වීම

කලක සිට සිතමින් සිටි කර්මය  හා ජෝතිෂය සම්බන්ධ  සිධාන්තයක් තහවුරු කර ගැනීමට අද අවස්ථාවක් ලැබුනේ මරදානේ  ආනන්ද විද්‍යාලය අසල ___ පන්සලේ සිටින කේන්ද්‍ර බලනා මහතා  සමග ඇතිවූ සංවාදයෙන් පසුවය. කිසිදු පොතක දැක නොමැති වුවත් මෙය මෙසේ විය හැකි යයි කර්මානුකුලව ව්‍යුත්පන්න කර ගැනීමට හැකිවූ මේ කරුණ අති මහත් හා සංකීර්ණ වූ කර්මය  හා විපාක ශක්තියේ ඇති තවත් එක් සුළු දෙයක් පමණි. 

උපන් වෙලාව අනුව සැකසු කේන්ද්‍රයක් දෙස බලා නිවැරදි පලාපල පැවසීම ජෝතිෂ්‍ය ඇදුරන් සතු කාරියකි. නමුත් මෙසේ නිවැරදි පලාපල පැවසීම හැම විටම කළ හැකි දෙයක් නොවේ. එය ඔවුන්ගේ හෝ ශාස්ත්‍රයේ අඩුවක් නොව ලෝක ධර්මයේ බලපෑමයි. මේ ගැන පැවසීමට බොහෝ කරුණු ඇතත් ෂෝට් ඇන්ඩ් ස්වීට් ම ලියන්නම්කො. 

මාගේ අදහස අනුව ජන්ම පත්‍රයේ දැක්වෙන්නාවූ ග්‍රහ පිහිටීම  දක්වන්නේ  ඒ ජන්මියාගේ උපතේදී ඇති ග්‍රහ බලයයි. එනම් ජනක කර්ම ශක්තියයි. ධර්මානු කුලව ජිවත් නොවන්නා වූ  ඉතා බලවත් පුණ්‍ය කර්මයන්  ද බලවත් පාප කර්මයන්ද නොකරන්නාවූ ඔහේ ජීවත් වෙන මනුෂයෙකුගේ ජීවිතය හසුරවන්නා වූ ජිව බලය එම කර්ම ශක්තියයි. එවිට ඔහුගේ එම ජන්ම  පත්‍රය දෙස බලා ඉතාමත් නිවැරදි පලාපල කථනයන් පැවසීමට මඳ  උගැන්මක් ලැබූ ජෝති විද්‍යාර්තියෙකුට  වුවද හැකි වේ. එම මහතා පැවසූ ආකාරයට අනුව ඔහු හමුවට පැමිණෙන ඉස්ලාම් භක්තිකයන් (එකනේ බොලේ මං අද තමයි දන්නේ මේ යක්කුත් යමරෙට කේන්දර බලනවා කියල ) පිළිබඳව අති නිවැරදි කැරකී යන පට්ට අනාවැකි , පලාපල,  පසුගිය සිදුවීම් පැවසීම පහසු වෙන්ම කළ හැකි   බව හෙතෙම පැවසීය.

නමුත් අති බලවත් පුණ්‍ය කර්මයන් කරන්නාවූ හෝ ධර්මනුකුලව ජීවිතය පවත්නා වූ බෞධයන් (පොල්තෙල් බෞධයන්  නොවේ .. ඉතාමත් අතලොස්සක් වූ පිරිසිදු බොදුනුවන් ) සම්බන්ධව මෙය මෙසේ නොවේ. පලාපල කථනයේදී විස්තර කරනා අයහපත් සිදුවීම් කිසිවක් සිදු නොවීමට ඇති ඉඩම බොහෝ වැඩිය. පෙර සිදුවූ සිදුවීම්  කිසිවක් ද සත්‍ය නොවීමටම ඉඩ ඇත. 
  • ඔයාගේ කුජ මහා දසාවේ මෙන්න්න මේ අතුරු දසාව තිබු කාලයේ ලොකු ලේ සෙලවෙන අනතුරක් උනා නේද ?
  • නැහැ .. මුකුත් උනේ නැහැ ... ඕකට මදුරුවෝ කාපුවා ගණන් ගන්න බැහැ නේද ?? 
  • ඔයාගේ මේ දශා කාලයේදී වැඩ පොලේ ලොකු සිත් රිදවීමක් , පවුල් ප්‍රශ්න රාශියක් සිදු වුනා නේද ???
  •  නැහැ .. මං ඒ කාලේ බොහොම සතුටින් හිටියා ...

අපොයි අපොයි කේන්දර බලන මනුස්සය එතැනිම නොකවුට්. කිසිම විදියකින් හරි පලාපලයක් කියන්න බැරි උනාම ඔහේ මොකක් හරි කටට එන ප්‍රලාපයක් කියල කස්ටව යවනවා ඇරෙන්න ඔවුන්ට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. තේරුම් ගත  යුතු දේ තමයි  පලාපල කථනයෙන් කියවෙන නරක සිදුවීම් සියල්ලම ධර්මානු කුල පැවැත්මෙන් , පුණ්‍ය බලයෙන් වැලකි යනවා කියන එක. අවාසනාවන්ත කාලෙක උනත් කිසිදු අනතුරකට , සිත් රිදීමකට මුහුණ නොපා සතුටින් ඉන්න ලැබෙනවා කියන එක.  ඕකේ අනිත් පැත්ත තමයි ජඩ විදියට ජිවත් වන්න වූ තැනැත්තෙකුට සුබ  දශා වලදී පවා බොහොම අමාරුවෙන් සිත් වේදනා මැද ජීවත් වෙන්න සිදුවීම. 
  • ඔයාගේ මේ දශා කාලේදී පවුලේ බොහොම සතුටු දායක දෙයක් සිද්ද උනා නේද ?
  • අනේ නැහැ , මං හොර මිනිහ එක්ක ඉන්නවා දැකල  මගේ  මිනිහත් ඉස්සරහ ගෙදර ගැනී එක්ක පැනල ගියා...
දීපන්කො උත්තර .... 


ඕක තමයි මේ තිරශ්චින ශාස්ත්‍රයන්  ගැන අප ලොවුතුරා සම්මා සම්බුදුන්ගේ final verdict එක 

ධම්මං විනා නත්ථි පිතා ච මාතා 
තමේව තානං සරණන් පතිට්ටා
තස්මා හි  භෝ කිච්චමඤඤප්පහාය 
සුනාථ ධාරේත චරාථ ධම්මේ 

ධර්මය හැර  සත්වයනට සරණ වූ අන් මවක්  පියෙක් නැත 
ඒ ධර්මයම සත්වයනට ආරක්ෂාවය , සරණය , ප්‍රතිශ්ටාවය
එහෙයින් අන් සියලු දේ නවතා ඒ මියුරු වූ දහම අසව් ! දරව් ! හැසිරෙව්!  


3 comments:

  1. බොහොම අගේ ඇති ලිපියක්...මම හිතන්නෙත් ඔය විදිහටම තමා... ජය..................

    ReplyDelete
  2. "KIn karissanthi tharaka "kiyala gathawakuth thiyenawa mage hithe...pala pala balana bauddha sedehewathunta hondai ekath den agaththanam.

    ReplyDelete
    Replies
    1. ඉහත විෂයන් දෙකම සම්බන්ධයෙන් ඔබ තුල ඇති අවබෝධය ගැන මට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. පිළිතුරක් දීමට වෙහෙසක් හෝ නොගනිමි. !

      Delete