Monday, May 21, 2012

මලා... හැමතැනම , හැමදේම ගිනි අරං

කලකට පෙර පලකල මෙම ලිපියෙන් කිහිප දෙනෙක් හෝ ජිවිතයට යම් පිහිටක් කරගෙන ඇතිබව දැනගැනීම සතුට ඇතිකරවන්නකි . මා එහි අලුත් යමක් කීමට අදහස් කලා නොව ඉතා පැහැදිලිව සුලභව පත පොතෙහි හමුවන ධර්ම සිධාන්තයක් මට දැනෙන ලෙස විස්තර කලා පමණකි . තිලෝගුරු බුදු රජාණන් වහන්සේ රාග , දේවේශ , මෝහාදී ක්ලේශයන් සිත ගත දවන්නා වූ ගිනි මෙන් ගෙන හැර දැක්වුයේ එක තැනක පමණක් නොවේ.

පහත කොටස බලන්න. පුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය නම් ධර්ම පුස්තකයේ මෙය සඳහන්ව ඇත්තේ මෙසේය.

ඔය තව එකක් තියෙන්නේ ඒ වගේම ,
සබ්බං භික්ඛවේ ආදිත්තං
කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං
චක්ඛුං භික්ඛවේ ආදිත්තං
රූපා ආදිත්තා
චක්ඛු වින්ඥානං ආදිත්තං
චක්ඛු සම්පස්සෝ අදිත්තෝ ... කියල … මේක තියෙන්නේ ආදිත්ත පරියාය සුත්‍ර දේශනාවේ. බලන්න වටින දිනේෂ් කියන්න වගේ "ගේමට සෙට් වෙලා ඉන්න කෙනෙකුට" ලෙසටම වැඩක් ගන්න පුළුවන් හොඳින් විදර්ශනාවට පාදක කර ගන්න පුළුවන් පට්ටම පට්ට සුත්‍රයක්. හරි හමං කෙනෙකුට ඕක විතරක් උනත් ඇති අප්පා...... හරි ...ඇඩ් එක ඉවරයි.

කාමච්චන්දයෙන් , ව්‍යාපාදයෙන් සත්වයා වෙත ඇතිකරවන්නා වූ පීඩනය තැවීම මදක් හෝ අවබෝධ කරගැනීමට එයින් මඳකට මිදී රාමුවෙන් ඉවතට ගොස් නැවත හැරී බැල්මක් කළ යුතුයි . අසුචි වලක බස සිට එහි ගන්ධය ගැන නිර්වචන ඉදිරිපත්කිරීම කළ නොහැක්කකි. ඉන් මඳක් ඉවතට පැමිණ පිරිසිදු වාතයෙන් පෙනහළු පුරවාගෙන ඉන්පසු වලෙහි ගන්ධය ආග්‍රහණය කළ කල්හි පමණක් සැබෑවටම යමක් පැවසීමට අපහට හැකිවෙනවා නොඅනුමානය .

එහෙයින් සත්වයා තවන පෙලන කාම්ච්චන්ද , ව්‍යාපාද ධර්මයන්ගෙන් මදක් ඉවත්ව , ඒවා මදක් යටපත් කොට ගෙන ලෝකය දෙස නැවත බලන්න . පුදුම සිතෙනු ඇත . කෙතරම් වූ තැවිමකින් ගැලවිණි දැයි සතුටක් ඉපදෙනු නොඅනුමානය.

ඇතැමෙක් හට මිනිත්තු කිහිපයක් හෝ එකතැන නිසසලව සිටීමට නොහැකි සේ කාමච්චන්දය පීඩා කරයි. දෙකට කැපූ කිරිපනුවන් සේ එහෙට මෙහෙට ඇඹරෙමින් පසුවනුයේ ෂඩ් ද්වාරයනට ගැලපෙන , සත්ප්‍රාය අරමුණු සොයමිනි . ගිනි අරගත් ඒ ද්වාරයන්ගෙන් ඇතිකරන තාපනයෙන් පෙලෙන සත්වයා උමතුවුවකු මෙන් ඇඹරෙමින් සුසුම් ලමින් , ඒ මේ ආකාරයට සිරුර සකස් කරමින් දුක් විඳින්නේ කොයි මොහොතේ එතැනින් පිටවී ෂඩ් ද්වාරයනට සත්ප්‍රාය අරමුණු පෙන්වා තමන් තවන ගින්න මැඩලීමට හැකිවේදැයි සිතමිනි . මේක ලියන්න මතක් උනේ , ඊයේ පන්සලේදී පැය භාගයක් තුරාවට මා ළඟ  සිඳ සිටි කොලුවෙකු මටද පයින් අනිමින් එකෙල මේකෙල වෙමින් එක තත්පරයක් එක ලෙස නොසිටිමින් නැටු තොවිලය මතක්විය . ලොකු කුඩා බේදයක්‌ නොමැත , කමච්චන්ද ගින්න සැම සිත්හි අඩුවක් නොමැතිව ඇත්තේය .

ඇතැමෙකුගේ දිව ගිනි ඇත්තේය . රස අහර දුටු විට , රස අහර යොදා කලකින් එයට දොළ දීමට නොහැකි වූ කල දිවෙහි ගින්න දැඩිව අවිලගනී . පිඩාවට පත්වන සත්වයා උමතුව ඒමේ තැන සැරිසරමින් පට්ට හෝටල් , කන තැන් සොයමින් ඒ මේ අත දුවත්. මිතුරන් විමසත්. කියක් හෝ දී කටට රසට (කටට රසට නොව දිවට , තෘෂ්ණාවට ඕන පරිදි ) කෑමට සැරසෙත් . පොඩියක් ආහාර දිව මත තැබූ කළ දිව එහි ගින්න පිච්චීම නොදනී යන සේ රේගියුලටරය කරකවා අඩු කර දමයි . අහ් කාලෙකින් හොඳ කමක් කෑවා . අද නම් ගොඩක් සතුටුයි , බුරිය උල්වෙන්න කෑවා කියමින් සත්වයා ප්‍රීති වෙයි .ඔහු නොදන්නා දෙය නම් දිව මගින් ඇතිකරන ලද දැවීම අඩුවිමම හේ සැපයක් ලෙස උපකල්පනය කළ බවයි.

 අනිත් ආයතනයන් ගැනත් ඔහොම්මම ලියුව ඇහැකි . එත් මොකටද . තමන් ම ඉතුරු ටික තේරුම් ගන්න එකයි නුවනට හුරු.

No comments:

Post a Comment