Sunday, May 29, 2011

සරසවියට තේරී පත්වූ සිසු දරුවනට ශ්‍රීලංකා හමුදාව මගින් ලබාදෙන නායකත්ව පුහුණුව


අපි බොරුවට බයවුනාට ඒක අපූරු අත්දැකීමක්‌!
--පනාගොඩ නායකත්ව පුහුණු කඳවුරේ සිසු සිසුවියන් කියන කතා--


උපුටා ගැනීම දිවයින  ඉරිදා සංග්‍රහයෙන්

ආණ්ඩුව කොරන හැම වැඩක්ම කිසිම හේතුවක් බැලිල්ලක්  නැතිව හොදද   නරකද නොබලා නරි වගේ විවේචනය කරන  එක ලංකාවේ උගත් නුගත් බොහෝ දෙනෙක්ගේ කැත පුරුද්දක්  නේ. අලුතෙන්  මොකක් හරි ව්‍යාපෘතියක්  ගෙනාවොත් ලංකාවේ ඉන්න ගල් බිල්ලෝ කොරන  පලවෙනි වැඩේ තමයි ඒකට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විරුද්ධ  වෙලා හර්තාල් කොරන එක. මං හිතන්නේ මේක මේ ළිං මැඩ්  දුපත්  මානසිකත්වය   සමග  එකතු වෙච්ච හීන අවස්ථා වාදීතත්වය වෙන්න ඕන.

පහුගිය දොහේම තොර තෝංචියක්  නැතුව ජේ වී පි එක සහ ඔව්න්ගෙ බැල  සංගම් ටික කෑමොර දිදී අහිංසක දරුවෝ සහ දෙමව්පියෝ බය කොර  කොර  ගියා  නේ ආණ්ඩුවෙන් ගේන මේ  නව නායකත්ව පුහුණු වැඩ සටහන ගැන. මගේ පොද්ගලිකව මොන මොන  විවේචන තිබුනත් එස්  බි  දිසානායක  මහත්තය මේ දොහේ නම් හිතල මතල කොරල තියෙන්නේ බොහොම අගේ ඇති වැඩක්.

ලංකාවේ විනයක්  නැතිව, කොන්ද පන ඇතිව  කිසිම දේකට මුහුණදෙන්න බැරිව මුළු ගැහෙමින්  , පස්සෙන් ගිහින් හැංගිලා  ගේම  දෙන , උඩින් ඉන්න හැම  එකාටම ගොට්ට අල්ලන ,  අසාධාරණයක් දුටු තැන අහකබලන් ඉවත්වී යන , පොරුෂත්වය කියන්නේ සිගරට් ගැහීම , කරටිය කැඩෙන්න අරක්කු ගසා ඩෝප්  වීම ,  අහිංසකයන්ට  තිරිසන් විදියට අඩත්තේට්ටම්   කිරීම , අනුන්ගේ අත්වැරදීම් වලට කථා විලාසයට  කැත විදියට කොක් හඩ නගා  හිනා වේවි පාච්චල් කිරීම   කියා හිතන් ඉන්න  (අපෝ තව කොච්චරනම් කැත පුරුදු මම දැකල තියෙනවද ! ඒවා ඔක්කොම කියන්න ගියොත් මේකේ ලියල ඉවරයක් කොරන්න බැරි වෙයි )  අයාලේ යන තරුණ පරපුර හරි මගට ගන්න මේක පටන්ගන්න තිබ්බේ මිට බොහොම කලින්. ඇට්ට කුණා වෙච්ච මහ එවුන් හදන්න  දැන් කල් ගියා වැඩියි 

එහෙම කොරා නම් අන්තෙරේට සහ එහි බත් බැලයන්ට යන එනමන් නැති වෙන්නේ මිට බොහොම  කලින්. කිසිම දේශපාලන පක්ෂයක ගැත්තන්   සහ ඉත්තන්  නොවී  විශ්වවිද්‍යාලයට  අපු වැඩේ කොරන් පිටවෙන සාර්ථක තරුණ පරපුරක් බිහි කරන්න මේක හොද  මුල් පියවරක්.

මේ නායකත්ව පුහුණුවත්  එක්ක මේ දරුවන්ට  ආත්මාරක්ෂක සටන් පුහුණුවකුත් ලබා දෙනවනම් බොහොම අගෙයි. එහෙම උනොත් ඊට පස්සේ මින් ඉදිරියට අන්තෙරේ ඉන්න හීනමාන කාරයින්  මේ දරුවන්ට  තිරිසන් විදියට නවකවදේ දෙන්න අවොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ..

පහත දාන සටහන් හා අදහස්  ටික ගත්තේ  දිවයින  ඉරිදා සංග්‍රහයෙන්.
සම්පුර්ණ ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.

මුහුණේ දිලෙසෙන දා බිඳු දැතින් පිස දමමින් එක්‌ සොඳුරු දියණියක පසෙක සිටී. අපි ඇය වෙතට ගියෙමු. ඇය නමින් අයේෂා නිමන්තිය. කඳාන ද මැසනොද් විදුහලින් උසස්‌ පෙළ හදාරා මෙවර සරසවි වරම් ලද්දියක්‌ වූ ඇය පදිංචිව සිටින්නේ ජා ඇළය.

" ඔව් නංගි... මොකක්‌ද මේ වෙන්නේ... ඔයාට මොකද මේ ගැන හිතෙන්නේ... 

"මෙහෙමයි අයියේ.. ඇත්තටම මෙතෙන්නට එනකොට මම හිටියේ හරිම බයෙන්... අපිට කිසිම හැඟීමක්‌ තිබුණේ නැහැ මොනවද වෙන්නේ කියලා.. මම එනකොට මගේ අම්ම ඇඬුවා... මාත් ඇඬුවා. ඒ බයට
ඒත් දැන්නම් කියන්න තියෙන්නේ මෙච්චරයි අයියේ මේක හරිම හොඳ වැඩක්‌... අපිට මෙතනදී ලැබෙනවා ජීවිතය ජය ගන්න හොඳ මූලික පුහුණුවක්‌... මෙහේ අපේ ආරක්‍ෂාව උපරිමයි. හැම වෙලේම හමුදාවේ අක්‌කල දෙන්නෙක්‌ අපිත් එක්‌කම ඉන්නවා... අපිට කිසිම අඩුවක්‌ නැහැ... 

අපිට මේකෙදී තනියෙන් වැඩ කර ගන්න විදිහ... ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ... වගේ ජීවිතයට අවශ්‍ය හුඟක්‌ දේ කියල දෙනවා... හමුදා සොයුරෝත් අපිත් එක්‌ක වැඩ කරන්නේ හරිම සුහදශිලීව... ඒකයි ඇත්තම ඇත්ත...

ඊළඟට මට මුණ ගැසුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ ජනාධිපති විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මෙවර සරසවි වරම් ලැබ පනාගොඩ කඳවුරේ පුහුණුවට පැමිණ සිටින හෂාන්ය. ඔහු මේ පිළිබඳ දැක්‌වූ අදහස්‌ මෙසේ විය. 

මේකයි අයියේ මම ඇත්තමට මේ වැඩේට කිසිම කැමැත්තකින් හිටිය කෙනෙක්‌ නෙමේ... මම උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයට තුන් පාරක්‌ කතා කරලා ඇහුවා මේකට අනිවාර්යයෙන් එන්න ඕනෙද කියලා.. ඒ තරමට මම හිටියේ අකමැත්තෙන්...ඒත් දැන් මම පැහැදිලිවම කියනවා මේක හොඳ වැඩක්‌ කියලා... හැබැයි මට එකම එක ප්‍රශ්නයක්‌ තියෙනවා.. ඒ ගෙදරින් ඈත්වෙලා ටික කාලයක්‌ ඉන්න වෙලා තියෙන එක... ඒත් එකත් තව ටික දවසකින් හරියයි..මේකෙදී අයියේ අපිට මනෝවිද්‍යාව, විලාසිතා,  විනය හැඩගස්‌සවා ගැනීම වගේම නවක වදය පිටුදකින්න වගේ හුඟක්‌ දේවල් ගැන කියලා දෙනවා...

ඒ වගේම තමයි ක්‍රීඩා කරන්න අපිට තියෙන අවස්‌ථාව.. අපි උදේ 6.00 ට නැගිටිනවා... එතන ඉඳන් 7.00 වෙනකම් ව්‍යායාම් කරනවා.. ඊට පස්‌සේ උදේ ආහාර ගන්නවා... ඒකෙන් පස්‌සේ දේශනවලට යනවා... ආයෙත් හවස 4.00 ඉඳන් තියෙන්නේ සෙල්ලම් කරන්න...හරිම සතුටින් කට්‌ටිය ඔක්‌කොම ඉන්නේ...

හැබැයි අයියේ මම කිව්වනේ මේකෙදී අපිට නවක වධය පිටු දකින්න කියලා දෙනවා කියලා... අයියේ පුළුවන්නම් කියන්නකෝ මේක දැන් කැම්පස්‌ ඇතුළේ ඉන්න අයටත් දෙන්න කියලා...

ගම්පහ රත්නාවලී බාලිකාවෙන් උසස්‌ පෙළ හදාර මෙවර වෛද්‍යවරියක වීමේ අරමුණින් සරසවියට පිවිස සිටින යසාරා නිර්මාණි මේ පිළිබඳ අපට අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.

අයියේ අපි කාලයක්‌ පාඩම් කරලා මහන්සි වෙලා විවේකයක්‌ නැති කාලයක්‌ ගත කරලා මෙතැනට ආවේ... එනකොට නම් බයක්‌ හිතේ තිබුණා... ඒත් ඒක නැති වෙන්න ගියේ එකම එක දවසයි...මෙහේ අය අපිට හරිම ලෙන්ගතුයි... හමුදා සෙබළියෝ අපිට සළකන්නේ තමන්ගෙම සහෝදරයන්ට වගේ.. අපේ ආරක්‍ෂාව උපරිමයි.. ඒ වගෙම තමයි ආහාර වගේ අනෙකුත් සියලුම දේවල්... පුංචි තුවාලයක්‌ අපිට වුණත් හමුදාවේ අක්‌කල අපිට බෙහෙත්දාන තරමට ඔවුන් අපි වෙනුවෙන් කැප වෙලා...

ඇත්තෙන්ම අයියේ මේ වෙන්නේ හොඳම හොඳ වැඩක්‌... අපි මුලින්ම කැම්පස්‌ එකට ගියා නම් දැන් රැග්වලට හිර වෙලා.. ඒත් අද මෙහෙ අපි ගත කරන්නේ හරිම විනෝද ජීවිතයක්‌... කියන්න කිසිම වරදක්‌ නැහැ... මේක හරිම හොඳයි... 

ඊළඟට අපිට මෙහිදී හමුවූ පස්‌යාල මහ විදුහලින් උසස්‌ පෙළ හදාරා මෙවර සරසවියට තේරී සිටින නදීරා ශ්‍රියා කුමාරිය. ඇය තවත් සිසුවියන් පිරිසක්‌ සමග ගතේ වෙහෙස නිවා ගැනීමට බිම වාඩි වී සිටියදී සියල්ලන් එක්‌ක මේ පිළිබඳ පැවසුවේ මෙවන් කතාවකි.

අයියේ මෙතන අපි සිසු සිසුවියෝ 89 දෙනෙක්‌ පුහුණු වෙනවා... කිසිම කෙනෙක්‌ගේ හිතේ කිසිම අකමැත්තක්‌ නැහැ... මේක හොඳ වැඩක්‌... අපි එනකොට බය වුණා.. අපේ අම්මලත් බය වෙලා හිටියේ... ඒත් මෙතෙන අපේ ආරක්‍ෂාව වගේම හැම දෙයක්‌ම හොඳින් කෙරෙනවා... අපිට පුහුණ වෙන වෙලාවට ඇරෙන්න අනිත් ඕනම වෙලාවකදී ගෙදර එක්‌ක කතා කරන්න පුළුවන්... ඒ වගේම තමයි පුහුණු වෙන වෙලාවට අපිට ශාරීරිකව යම් අපහසුවක්‌ තිබුණොත් පැත්තකට වෙලා ඉන්නත් පුළුවන්... ඒ තරම් නිදහසක්‌ මෙහේ අපිට තියෙනවා... කවුරුත් අපිට කිසිම බලපෑමක්‌ කරන්නේ නැහැ... අපිට නිදහසේ ඉන්න පුළුවන්... ඇත්තෙන්ම මෙහෙ එන්න ඉස්‌සෙල්ලා අපි බයවෙලා තියෙන්නේ බොරුවට... මේකෙදී වෙන තවත් හොඳ දෙයක්‌ තියෙනවා අයියේ.. අද අපි කැම්පස්‌ එකට යන්න ඉස්‌සෙල්ලම අපිට හොඳ යාලුවෝ ටිකක්‌ හම්බවෙලා... මෙතන ඉන්න අය එක එක කැම්පස්‌වලට තේරුණු අය... ඉතින් ඒක හරිම වටින මිත්‍රත්වයක්‌.

ඉදින් මේ නායකත්ව පුහුණුව පිළිබඳ ඒ දරුවන්ගේ අදහස්‌ මෙසේ නම් මීට එරෙහිව ගිරිය පුප්පාගෙන මොරගෑ කණ්‌ඩායම් දැන් කියන්නේ කුමක්‌ද?

2011  ගමගේ එස් , අපි බොරුවට බයවුනාට ඒක අපූරු අත්දැකීමක්‌ , දිවයින  ඉරිදා සංග්‍රහය

Sunday, May 15, 2011

සැනසීමට ගන්නා මධ්‍යසාර නිසා වැනසෙන ජීවිත

©2011 bryanking.net
ඔබ මද්‍යසාර පානය නොකරන්නේ මන්ද?" යි කෙනෙක්‌ තව කෙනෙකුගෙන් ඇසීය.

"මද්‍යසාර පානය කිරීමෙන් පුද්ගලයකුට ලැබිය යුතු කිසිවක්‌ නොලැබෙන හෙයින් හා නොලැබිය යුතු සියල්ල ම ලැබෙන හෙයින් මම මද්‍යසාර පානය නොකරන්නෙමි" යි හෙතෙම පිළිතුරු දුන්නේය.

"හොඳයි, එවිට ඔබ මද්‍යසාර පානය නොකරන්නෙකැ යි කියා ඔබේ යහළුවන් ඔබ කොන් කරන විට - ඔබ තනිකරන විට ඔබට දුකක්‌ සිතෙන්නේ නැති දැ" යි ඔහු නැවත ප්‍රශ්න කළේය.

"මා උපන්නේ තනියම යි. මා කෙදිනක හෝ මිය යන්නේ ද තනියම යි. දවසේ වැඩි වෙලාවක්‌ මා කයින් හා මනසින් ජීවත් වන්නේ ද තනියම යි. එසේ වූ මා මගේ යහළුවන් කිහිපදෙනකු හමුවේ තවත් පැය කිහිපයකට තනි වූවාට දුක්‌ වන්නේ මන්ද?" මේ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර යි.
(දිවයින  ඉරිදා සංග්‍රහය , 15-05-2011 )

මෙයට තවත් යමක් එකතු කෙරන්නේ නම් එය මෙසේ විය යුතු යි සිතේ. "එවන් කාලකන්නි පාපතර අසත් මිත්‍රයන් මා කොන් කිරීමම , ඔවුන් ගේ ආශ්‍රයෙන් බැහැර කිරීමම මට ලැබුන ඉමහත් භාග්‍යයක් කොට සලකමි. එවන් අසත් මිත්‍රයන් ඇසුර නොලබා ලබන පැය කිහිපයද ජීවිතයේ ලැබූ ලාභයකි.

තම මිත්‍රයාගේ ප්‍රතිපත්තිනට ගරු නොකරන , සුරාවෙන් සතුට සොයන , උතුම් වූ කිසිදු බුද්ධිමතෙකු විසින් ඝර්භා නොකරන ලද්දාවූ ප්‍රතිපත්තිනට ඝර්භා කරන එවන් පාපතරයන් කෙලෙස මිතුරන් විය හැකිද ?. ජීවිත ගමනේ පරිහානියට හේතුවන්නා වූ ඔවුන් මිත්‍ර ප්‍රතිරුපක සතුරන් ලෙස සලකා දුරින්ම දුරු කල යුතු වන්නේය."


දිවයින හි පලවූ මෙම ලිපියෙහි තවත් වැදගත් කරුණු බොහෝවක් ඇතැයි  සිතුනු හෙයින් මෙහි උපුටා පල කරන්නට සිතුනි.

සැබවින් ම කිහිපදෙනෙකු එක්‌ ව මද්‍යසාර පානය කළා වුව, මද්‍යසාර පානය කරන්නේ ද එකිනෙකා වෙන වෙන ම ය. එබැවින් එහි ඇත්තේ ද මතුපිටින් පෙනෙන එක්‌වීමක්‌ පමණි. ඉන්පසු ව ඔවුන් මත් වන්නේ ද වෙන වෙන ම තනිව ය. මද්‍යසාර නිසා ඇතිවන තාවකාලික හෝ දීර්ඝකාලීන කායික සහ මානසික අපහසුතාවන්සේ ම විවිධ රෝගාබාධ හා අනතුරු නිසා ඔවුන් රෝහල්ගත ව දුක්‌ විඳින්නේ ද තනි තනිවය. එසේ බොහෝ දුක්‌ විඳ අවසන මිය යන්නේ ද තනිවය. මද්‍යසාර පානය කිරීමට එකතු වූ කිසිවෙක්‌ එකී අපහසුතා - කරදර දුක්‌ කම්කොටොළු බෙදා හදා ගැනීමට නම් එක්‌ නොවෙති. එසේ එක්‌වීමට කිසිවකු ඉදිරිපත් වන්නේ වුව ඔහුට කළ හැකි දේ ද ඉතා අල්ප ය. හේතුව තනි ව උපන් පුද්ගලයා තමා කැමැති වුව අකමැති වුව බොහෝ විට ලොව ජීවත් විය යුත්තේ තනි ව නිසා ය.

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා යොමුකරන රෝගීන් ඉතා බහුල වන අවස්‌ථා තුනක්‌ වසරකට වේ. එනම් දෙසැම්බර් 31 සහ ඊට පසු දින කිහිපය, අප්‍රේල් අලුත් අවුරුදු සමය, දෙසැම්බර් නත්තල් සමය ඒ අවස්‌ථා තුන යි. මේ අවස්‌ථා තුනේ දී මාර්ග රිය අනතුරු-හදිසි අනතුරු-අඩ දබර ගහගැනීම් හා කපා කොටා ගැනීම් ඉතා බහුල ව සිදු වේ. මේ කාල වකවානු තුනම මෙරට උත්සව සමයන් වන හෙයින් සමාජයේ මද්‍යසාර පානය වැඩිවීම එයට ප්‍රධාන ම හේතුවයි, එසේ ම වෙසක්‌ හා පොසොන් සමයේත් විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේත් එසේ අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා යොමුකරන රෝගීන්ගේ සුවිශාල අඩුවක්‌ දක්‌නට ලැබේ. එයට හේතුව මද්‍යසාර ශාලා දින කිහිපයක්‌ වසා තැබීම නිසා පෙර කී සිද්ධීන්ගේ විශාල අඩුවක්‌ සිදු විම යි. සමාජයේ සිදුවන ඉහත අපගාමී සිද්ධීන් සහ මද්‍යසාරයෙහි ඇති සෘජු සම්බන්ධය මින් ඉතා පැහැදිලි වේ.

මද්‍යසාර නිසා සෘජු ව ම හෝ වක්‍රව හෝ සිදුවන අනතුරු, ප්‍රකෝපකාරී ක්‍රියාවන් නිසා සමාජයේ සිදුවන ගැටුම් සහ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගතවන තුවාලකරුවන්ට - රෝගීනට අහිමි වන්නේ රෝහලේ රැඳී සිටින දින ගණන පමණක්‌ නොවේ. තම ජීවිත ද, ඇතැමුනට අත් පා ආදී අවයව ද තවකෙකුට තම රැකියාව ද දූ-පුතුන්-මවුපියන්-සොයුරන් අඹු-සැමියන් ඇතුළු හිතවතුන් පමණක්‌ නොව මිල මුදල්-ගේ-දොර-ඉඩකඩම් ද ඇතැම් විට අහිමි වේ.

වසර කිහිපයක්‌ තමා ආදරය කළ තරුණියක සමග විවාහ ගිවිසගත් විසිහය හැවිරිදි තරුණයෙක්‌, ඔවුන්ගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදීම සඳහා තම යතුරු පැදිය පදවමින් සිටියේය. අතරමගදී තම යහළුවන්ගේ ඉල්ලීම මත නැවතී, ඔවුන් සමග හෙතෙම මද්‍යසාර පානය කළේ ය. බීමත් වූ ඔහු එහෙයින් ම අධික වේගයෙන් යතුරු පැදිය අපරික්‍ෂාකාරී ව පදවාගෙන ගොස්‌ වෑන් රියක ගැටී පෙරලුණි. අනතුර වළක්‌වා ගැනීමට ප්‍රයත්න දැරීම නිසා වෑන් රිය ද මාර්ගයෙන් ඉවතට පෙරලුණි. ඔහුට ද අනතුරට පත් වෑන් රියේ සිටි අයට ද බරපතල තුවාල සිදු විය. තරුණයා රෝහල්ගත කෙරිණ.

ශල්‍යකර්ම කිහිපයකින් පසු දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කරනු ලැබූ ඔහු නැවතත් වාට්‌ටුවට ගෙන එනු ලැබිණි. ඔහු සිටියේ විකෘති වූ සිහියකිනි. වරෙක වාට්‌ටුව දෙවනත් කරමින් ඔහු කෑගැසුවේ ය. වාට්‌ටුවේ සිටි අනෙක්‌ රෝගීනට ද කාර්ය මණ්‌ඩලයට ද ඉන් මහත් අපහසුතා ඇති විය. එහෙයින් ඇතැම් විට ඔහු ඔවුනගේ පරිභවයට ද ලක්‌විය. තමා බැලීමට ආ කිසිවකු හඳුනා ගැන්මට ඔහුට සිහියක්‌ නොවීය. ඒ අතර තරුණයා බලන්නට ආ ඔහු හා විවාහ ගිවිසගත් තරුණිය උදේ-දහවල හා හවස ඔහු ළඟට ම වී වේදනාභරිත ව හැඬූ කඳුළින් සිටිනු දක්‌නට ලැබිණි, තරුණයා සුවපත් නොවුණහොත් තමා සියදිවි නසාගන්නා බව ඇය තෙපළා ය. දෙදෙනාගේ ම නෑදැ-හිතමිතුරෝ ඔහු බැලීමට රෝහලට නිරන්තරයෙන් පැමිණෙන්නට වූහ.

මෙසේ දින-සති ගෙවෙන්නට විය. තරුණයා විකෘති සිහියත් ප්‍රකෘති සිහියත් අතර අධික වේදනා විඳිමින් කෙමෙන් සුවපත් වන්නට විය, තම ශරීරයට සිදු ව ඇති තුවාල හා බෙලහීනතාව පිළිබඳ ව හෙතෙම දැඩි වේදනාවටත් - කලකිරීමටත් පත් විය. ඔහු මද්‍යසාර පානය කොට තම යතුරු පැදිය පදවා සිදු වූ අනතුර සහ ඉන් තමා පත් ව ඇති විපත පිළිබඳවත් තමාගේ අනාගතය පිළිබඳවත් කතා කරන්නට විය. ඔහුට අස්‌වැසිල්ලක්‌ වූයේ තමා හා විවාහ ගිවිසගෙන සිටි තරුණිය තමා සමග සිටීමත්, තමාගේ සුවදුක්‌ බැලීමට රෝහලට පැමිණි නෑදැ - හිතමිතුරනුත් ය.

තව සති කිහිපයක්‌ ගත විය. තරුණයා බැලීමට ආ පිරිස අඩුවන්නට විය. රෝහල්ගත වන විට තරුණයාට තිබූ පෘෂ්ටිමත් සිරුර බොහෝ බෙලහීන කෘශ සිරුරක්‌ බවට පත්වෙමින් තිබිණි. තවත් මාස කිහිපයකින් ස්‌ථිර ව නොතිබූ ඔහුගේ රැකියාවට වෙනත් අයකු බඳවා ගැනීම නිසා ඔහුට රැකියාව අහිමි විය.

ඔහුගේ එක්‌ පාදයක අස්‌ථි කිහිපතැනකින් දරුණු ලෙස කැඩී බිඳී යැම නිසා ඒ පාදය සදාකාලිකව ම කෙටි ව තිබිණි. එය දැනගත් ඔහු හා විවාහ ගිවිසගෙන සිටි තරුණිය ඔහු මගහරින්නට වූ අතර තවත් සති කිහිපයක්‌ ගත වන විට ඇය රෝහලට නැවත නොආවා ය. තවත් මාස කිහිපයකින් තරුණයාගේ මිතුරෙක්‌ රෝගී තරුණයාට ආරංචියක්‌ ගෙනාවේ ය. එනම් තරුණිය වෙනත් පුද්ගලයකු හා හදිසියේ විවාහ වූ බව යි. එම ආරංචිය ලද සැණින් තරුණයා වික්‍ෂිප්ත විය. දින කිහිපයක්‌ ගතවන තුරු ම ඔහු හැඬුවේ ය. කිසිවකු හා කතා බහ නොකළේ ය. ඔහුගේ මුහුණේ හෝ සිරුරේ කිසිදු ප්‍රාණයක්‌ දිස්‌ නොවී ය.

ඒ වන විට සතියකට වරක්‌ හෝ දෙවරක්‌ ඔහු බැලීමට පැමිණියේ ඔහුගේ මහලු මව හෝ පියා පමණි. ඔහුට මුළුමනින් ම රෝහලෙන් සැපයුණු ආහාරවලින් පමණක්‌ යෑපෙන්නට සිදුවිය. ඒ වන විට බීමත් ව යතුරු පැදියක්‌ පදවා රිය අනතුරක්‌ කිරීම සම්බන්ධ ව පොලිසිය විසින් ඔහුට විරුද්ධ ව නඩු පවරා තිබිණි. එසේ තවත් මාස ගණනාවක්‌ ප්‍රතිකාර ලැබූ තරුණයා දිනක්‌ ඒ වන විටත් සම්පූර්ණ සුවය නොලද කෙටි වූ සිය කකුල ඔසවාගෙන කිහිලිකරු දෙකක වාරුවෙන් ඔහුගේ මහලු පියා සමග රෝහලින් නික්‌ම යනු දක්‌නට ලැබිණි.

තම යහළුවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමට අනුව ඔවුන් හා එක්‌ව පානය කළ මද්‍යසාර වීදුරුවක්‌ විසින් ඔහුගේ ජීවිතය මුළුමනින් ම වෙනස්‌ කෙරිණි. මාස කිහිපයකට පෙර තාරුණ්‍යයේ මහත් අභිමානයෙන් නිදහසේ යතුරු පැදිය පැද වූ කඩවසම් තරුණයා රැකියාව ද තමා පෙම් කළ තරුණිය ද අහිමි කරගෙන එකී යතුරුපැදිය පැද වූ තම සිරුර කිහිලිකරු දෙකකට වාරු කරගෙන, එතෙක්‌ තමා දරා ගෙන ලෝකයේ තමා රැගෙන ගිය පය තමා ම ඔසවාගෙන යන සදාකාලික ආබාධිතයකු බවට පත් විය. එමෙන් ම වසර ගණනාවක්‌ පුරා ඇසෙන මාර්ග රිය අනතුරු නඩුවක විත්තිකරු ද විය.

මෙම තරුණයාගේ බීමත්කම නිසා ඔහුට නොලැබිය යුතු ව තිබූ බොහෝ දේ ලැබිණි. ලැබිය යුතු ව තිබූ බොහෝ දේ නොලැබිණි.

මද්‍යසාර හේතුවෙන් රෝහල්ගතවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජයට වාර්ෂික ව වැය වන මුදල් සම්භාරය අතිවිශාල ය. එම මුදල් මෙරට ජනතාවගේ මුදල් ය. මෙරට ජනතාවගේ සුබ සාධනය සඳහා වැය කළ හැකි මුදල් ය. මෙකී මුදල අවම කරගත හැකි නම් එකී මුදලින් මෙරට ජනතාවගේ සුබ සාධනය සඳහා තව බොහෝ දේවල් කළ හැකි ය. එහෙයින් මද්‍යසාර පානය කරන්නන් විනාශ කරගන්නේ තමන්ගේ ජීවිත පමණක්‌ නොවේ. ඔවුහු මද්‍යසාර පානය කොට මත්ව කරන ක්‍රියා හේතුවෙන් අනුන් ද විපතට පත් කරති තම පවුලේ හිතාදරයන්ගේ ද කාලය, මුදල් හා ශ්‍රමය විනාශ කරති. රටේ ආර්ථිකය ද එහෙයින් මුළු රට ම ද විනාශ කරති.

බටහිර විද්‍යාවේ දී මද්‍යසාර,  එතිල් ඇල්කොහොල් නමින් රසායන විද්‍යානුකූල ව හැඳින්වෙයි. එහිදී මෙම ද්‍රවනය හඳුනාගනු ලබන්නේ "අඩපණකාරකයක්‌", "නිද්‍රකාරකයක්‌" සහ "ප්‍රබල ඇබ්බැහිකාරකයක්‌" ලෙස ය. යම් සතෙකුට මද්‍යසාර දුනහොත් ඌ කරන්නේ පසෙකට වී නිදා ගැනීම යි. හේතුව උගේ ස්‌නායු පද්ධතිය අඩපණ ව ඌ නිද්‍රවට පත් වීම යි. එහෙත් මිනිස්‌ සමාජයේ මුල සිට ම මද්‍යසාර යනු අඩපණ කරන්නකි - නිද්‍රගත කරන්නකි යන්න සමාජගත නොකළ හෙයින් හා එය පානයක්‌ ලෙසින් සමාජගත කළ හෙයින් මද්‍යසාර පිළිබඳ මෙකී සත්‍යය යටපත් විය. අද ද සමාජයේ බහුතරයක්‌ එය නොදනිති. මද්‍යසාරවලට ඇබ්බැහි වූ පුද්ගලයා කවර වෘත්තිමය හෝ දැනුම් හෝ සමාජ මට්‌ටමක සිටින්නේ වුව හෙතෙම ජීවත් වන්නේ මහමග වේවා, පැල්පතක වේවා, මහ මන්දිරයක වේවා, ඔහුගේ ජීවිතයේ පළමු තැන, ප්‍රමුඛ ඉල්ලීම හා ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මද්‍යසාර ය. මද්‍යසාර ඔහුගේ ධනය, බලය, ශක්‌තිය, දැනුම, පුරුෂාර්ථ, දර්ශනය, ල-ජාව, බය, ආගමික නැඹුරුව හා ඔහුගේ මව්-පිය, සොයුරු-දූ-දරු-හිත-මිතුරු සමාජ ආදරය ක්‍රම ක්‍රමයෙන් බිලිගනියි. අවසන හෙතෙම මද්‍යසාරය ම සියල්ල කොටගත් ශක්‌තියෙන් තොර වූ නිවට, නියාලු හිස්‌ මිනිස්‌ හපයක්‌ බවට පත් කරයි.

මද්‍යසාර මගින් මිනිසාගේ ස්‌නායු පද්ධතිය අඩපණ කරන හෙයින් රථ වාහන පැදවීමේ දී බීමත් රියෑදුරන්ගේ ප්‍රතික්‍රියා කාලය දිගු වෙයි. එහෙයින් මාර්ගයේ දී යම් යම් ක්‍ෂණික අවස්‌ථා-බාධා අනුව තීරණ ගැනීම ප්‍රමාද වෙයි. ප්‍රතිඵලය රිය අනතුරු ය. රියෑදුරකු හෝ රථයේ ගමන් කරන වුන් හෝ මාර්ගයේ ගමන් කරන වුන් හෝ එවන් අනතුරකට ලක්‌විණි නම් ඉන් ඔහු හෝ ඇය හෝ ඔවුහු ආබාධිත වෙත් නම් හෝ මිය යා නම් හෝ ඔවුන්ගේ පවුල් නඩත්තු කරන එක ම පුද්ගලයා ඔවුන් නම් ඉන්පසු එකී පවුලට සිදුවන්නේ කුමක්‌ ද? එකී පවුලේ මවුපිය - දූ දරු - සොයුරු සොයුරියනට සිදුවන්නේ කුමක්‌ ද? සියල්ල කඩා බිඳ වැටීම නොවේ ද? එය සමාජ ව්‍යසනයක්‌ නොවේ ද? සමාජ ව්‍යසනයකින් හානි සිදුවන්නේ එක්‌ පුද්ගලයකුට - පවුලකට පමණක්‌ නොව මුළු මහත් සමාජයටමය ලෝකයටමය.

මද්‍යසාර භාවිතයෙන් පසු සිදුකරන ප්‍රචණ්‌ඩ ක්‍රියා, දූෂණ, මිනීමැරුම් ආදිය නිසා ද රථ - වාහන අනතුරු නිසා ද පොලිසිය විසින් එකී පුද්ගලයන්ට විරුද්ධ ව නඩු පවරා උසාවියට ඉදිරිපත් කරනු ලැබෙයි. ඇතැම් විට බොහෝ දීර්ඝ කාලයක්‌ එකී නඩු උසාවි හමුවේ ඇසෙයි. එහි දී එකී පුද්ගලයනට තව දුරටත් අහිමි වන වටිනා කාලය, ශ්‍රමය හා මුදල් අතිවිශාල ය. නඩු ඇසීමෙන් පසු නීතිය හමුවේ වැරදිකරුවන් වන පුද්ගලයනට, රජයට දඩ ගෙවීමට ද, ඇතැම් විට සිර දඬුවම්වලට ලක්‌වීමට ද සිදු වේ. මේ සියල්ලට හේතුව මද්‍යසාර වීදුරුවක්‌ හමුවේ පුද්ගලයකු සතු දැනුම, අවබෝධය. පාලනය, ශික්‍ෂණය. පිටකොන්ද හා පුරුෂාර්ථ දිය කර හැරීම නොවේ ද? මද්‍යසාර වීදුරුවකට තම මුළු අනාගතය ම, තමන් ආදරය කරන සියල්ල සහ තම ජීවිතය බිලිදීම නොවේ ද? මද්‍යසාර ශරීරයට ඉතා විෂ හෙයින් එය ශරීරගත වූ වහා ම ඉන් යම් ප්‍රමාණයක්‌ මද්‍යසාර ලෙසින් ම මූත්‍ර මගින්, දහඩිය මගින් හා ප්‍රශ්වාස වාතය මගින් පිටකෙරේ. බීමත් පුද්ගලයන්ගේ මූත්‍රවල ද ඔවුන් ළඟ ද මද්‍යසාර දුගඳ වහනය වන්නේ එහෙයිනි.

ඇතැම් නව යොවුන් තරුණයෝ තම පිරිමිකම විදහා දැක්‌වීමේ හා සමාජශීලිත්වය හෝ සමාජගතවීමේ හැකියාව පෙන්වීමට මද්‍යසාර පානයට පෙළඹෙති. ඇතැම් දෙමවුපිය - නෑදැ - හිතමිතුරෝ ද එය නව යොවුන් තරුණයකුගේ පිරිමි බව පෙන්වීමේ අහිංසක ප්‍රයත්නයක්‌ ලෙස ඉතා සැහැල්ලුවෙන් දකිති. එයට විරෝධය නොපා නිහඬ වෙති.

මිනිසාගේ පිරිමි බව ඇතිකර එය පවත්වාගෙන යනු ලබන්නේ "ටෙස්‌ටොස්‌ටෙරොන්" නමැති හෝර්මෝනය මගිනි. එයට ප්‍රතිපක්‍ෂ හෙවත් ස්‌ත්‍රීත්වය ඇතිකර පවත්වාගෙන යනු ලබන හෝර්මෝනය ඊස්‌ට්‍රජන ය. එහෙත් පිරිමි සිරුරක්‌ තුළ ද මෙකී ඊස්‌ට්‍රජන හෝර්මෝනය කිසියම් මට්‌ටමකින් නිපදවෙන අතර එය විනාශ කරනු ලබන්නේ අක්‌මාවේ සෛල මගිනි. පිරිමියකු දීර්ඝකාලීන ව මද්‍යසාර භාවිත කිරීමෙන් ඔහුගේ අක්‌මා සෛල විනාශ වන හෙයින් සිරුර තුළ නිපදවෙන ඊස්‌ට්‍රජන් හෝර්මෝනය විනාශ කිරීමේ කාර්යය අඩපණ වේ. එවිට ඊස්‌ට්‍රජන හෝර්මෝනය එකී පිරිමි සිරුරේ ක්‍රියාත්මක වෙමින් ස්‌ත්‍රී ලක්‍ෂණ ඇතිකරයි. එනම් පිරිමියාගේ සමේ රෝම හැලීම, සම සිනිඳු වීම, පියයුරු විශාල වීම සහ ශ්‍රොණියේ රෝම  ස්‌ත්‍රියකගේ ශ්‍රොණියේ රෝම පිහිටීමේ ආකාර ගැනීම ආදි වශයෙනි.

නව යොවුන් තරුණයකුගේ පිරිමි ගති පෙන්වීම, හෙතෙම පිරිමියකු ලෙස සමාජගත කිරීම හෝ සමාජශීලී පෞරුෂත්වය වැඩි පිරිමියකු කිරීමේ අදිටනින් මද්‍යසාර පානය යොදා ගැනීමේ මහා ඛෙදවාචකය නම් ඔහු දීර්ඝකාලීන ව මද්‍යසාර භාවිතයට අබ්බැහි වී පිරිමියකු නොවන පිරිමියකු හෙවත් කාන්තා ලක්‍ෂණ සහිත පිරිමියකු වීම යි. මද්‍යසාරය මෙරට හෝ පිටරටින් ගෙන්වන ලද ඉස්‌තරම් නමකින් යුක්‌ත වුව ද එය එන්නේ පොලිතීන් පැකට්‌ටුවල හෝ විවිධ වර්ණ - හැඩතල ඇති බෝතල්වල හෝ වුව ද පානය කෙරෙන්නේ මහපාරේ, සඳළුතලයක, ඉහළ ම හෝටලයක හෝ වටිනා මේසයක්‌ මත, පොල්කට්‌ටක, පොලිතීන් බෑගයක හෝ වටිනා බඳුන්වල වුව මද්‍යසාර, මද්‍යසාර ම ය. එය පානය කරන පුද්ගලයාගේ අක්‌මාව, මොලය ප්‍රධාන ස්‌නායු පද්ධතිය, වකුගඩු, මාංස පේශී, අග්න්‍යාශය, අන්නස්‍රොතය (ගලනාලය) සහ අන්ත්‍ර ආදි සියලු ම අවයවවලට හානිකර කවර හෝ මොහොතක දුක්‌ත මරණයක්‌ ගෙන එයි.

ශෘහස්‌ථ ව නිපදවා පැකට්‌ වශයෙන් බෙදාහරිනු ලබන එක්‌තරා මද්‍යසාරයක සැරගතිය වැඩිකිරීම සඳහා යෑයි කියමින් එකී මද්‍යසාරය නිෂ්පාදනය කරනු ලබන අවස්‌ථාවේ දී එය නිපදවන්නන් විසින්  වල්පැළෑටි නාශකයක්  එකතු කරනු ලබයි. එක  විවාහ උත්සවයට සහභාගි වී එකී මද්‍යසාර පානය කළ මනාල සහ මනමාලිය යන දෙපාර්ශ්වයේ ම පිරිමින් මාස කීපයක්‌ ඇතුළත මිය ගියේය. මනාලියගේ සේ ම මනමාල මහතාගේ සීයලා ද තාත්තලා ද සොයුරෝ ද නෑදැ හිතවත්තු ද ඒ අතර වූහ. එකී විවාහ උත්සවයෙන් මාස කීපයකට පසු මනාලියගේ නිවසේ කුඩා පිරිමි දරුවකු හැර අනෙක්‌ සියලු ම පිරිමි මරණයට පත් වූහ. මනාමාල මහතාගේ නිවසේ මනමාල මහතා හැර අනෙක්‌ සියලු ම පිරිමින් මරණයට පත් වූ අතර මනමාල මහතා එසේ ජීවත් වන්නට වාසනාවන්ත වූයේ එදින ඔහු "මනමාල මහතා" වූ හෙයින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එකී මධ්‍යසාර පානය නොකළ හෙයිනි.

ලොව කිසිදු ද්‍රවයක්‌ හෝ ද්‍රව්‍යයක්‌ එක ම අවස්‌ථාවේ දී දෙවිදියකට ක්‍රියාත්මක නොවේ. ජලය පිපාසය සංසිඳුවයි පිපාසය වැඩි නොකරයි. ආහාර කුසගින්න දුරුකරයි කුසගින්න වැඩි නොකරයි ආදී වශයෙනි. එහෙත් උත්සව අවස්‌ථාවක දී සතුට වැඩිකිරීම හෝ සතුට පෙන්වීම සඳහා මද්‍යසාර උපයෝගී කරගන්නා මිනිස්‌සු ම දුක්‌බර අවස්‌ථාවක දුක පෙන්වීම සඳහා ද මද්‍යසාර උපයෝගී කර ගනිති. මද්‍යසාරවල මේ උපයෝගීතා දෙක කිසිසේත් ම විද්‍යානුකූල ව හෝ වෙනත් කවර දර්ශනයකට අනුව හෝ වෙනත් මූලධර්මයකින් හෝ පැහැදිලි කළ නොහැකි එකිනෙකට සම්පූර්ණයෙන් පටහැනි උපයෝගීතා දෙකකි. සැබවින් ම මද්‍යසාර යන්න හැඳින්විය යුත්තේ "මිනිසුන්ට සියලු කල්හී සියලු දුක ඇති කරන, දුක වැඩිකරන සහ ජීවිත විනාශ කරන ද්‍රවණය" ලෙස ය. එහෙයින් මද්‍යසාර පානය කිරීම සේ ම මද්‍යසාර පානය කිරීම අනුමත කිරීම හෝ එයට කිසියම් හෝ විරෝධයක්‌ නොදැක්‌වීම යන සියල්ල ම එක සේ වැරැදි ය.

දෙමවුපියන්ගේ - සොයුරු සොයුරියන්ගේ - දියණියන්ගේ සහ ළබැඳි මිතුරියන්ගේ බලාපොරොත්තුව තම පුතා - සොයුරා - පියා හෝ ළබැඳි මිතුරා පෞද්ගලික සහ සමාජයේ පොදු යහ අභිමාතාර්ථ සාක්‌ෂාත් කරන පුතකු - සොයුරකු - පියකු හෝ ළබැඳි මිතුරකු වනු දැකීම නම් හා හෙතෙම සමාජ විරෝධියකු, අංගවිකල වූවකු, රෝගියකු, පිරිමි බව හීනවන්නකු, අකාලයේ මිය යන්නකු හෝ නීතිය හමුවේ වැරදිකරුවකු වනු දැකීම නොවේ නම් ඔවුන් විසින් කළ යුතු වන්නේ කුමක්‌ ද? මද්‍යසාර හා මද්‍යසාර භාවිතය වෙනුවෙන් මීට වඩා සියදහස්‌ වරක්‌ ප්‍රබල විරෝධයක්‌ එල්ල කිරීම යි. ඒ සඳහා පෞද්ගලික ව ක්‍රියා කිරීම යි එක්‌ ව ක්‍රියා කිරීම යි.

කිසියම් සමාජයක ගුණාත්මක බව වැඩි කිරීම සඳහා තම බුද්ධිය, ශ්‍රමය, කාලය හා මුදල් දායකත්වයෙන් කෙරෙන පිංකම් - ශ්‍රමදාන - උත්සව ආදිය කෙළවර වන්නේ මද්‍යසාර පානය කළ කිහිපදෙනකුගේ නොහොබිනා කාය හා වාග් මාලාවන් නිසා ඇතිවන කලබලකාරී, කලහකාරී හා විනාශකාරි ක්‍රියාවන් නිසා දුකෙන්, පීඩාවෙන්, සිත්තැවුලෙන් හා සියල්ල විනාශවීමෙන් නම් බහුතරයක්‌ වූ මිනිසුන් මද්‍යසාර සහ මද්‍යසාරයේ භාවිතය පිළිබඳ ව මුනිවත රැකීම, නිහඬ ව සිටීම හා බොහෝ උදාසීන ප්‍රතිපත්තියක හිඳීම කෙතරම් අවාසනාවක්‌ ද?

විවාහ මංගෙල්‍යාaත්සවයක්‌ යනු "එක්‌ වීමක්‌" හෙයින් එහි දී මිනිසුන් "වෙන් කරන" මද්‍යසාර භාවිත කිරීමට ඉඩ දෙන්නේ මන්ද? උපන්දින සාදය "ඉපදීමක්‌" නිසා ඇතිවන සතුටක්‌ නිසා පවත්වන්නේ නම් "මරණය" ගෙන දෙන මද්‍යසාර එම සාදයේ ප්‍රධාන ම අංගය වන්නේ කෙසේ ද? පිරිත සහ පිංකම "පිං පිරවීම" සඳහා කරන ආගමික උත්සව නම් එහි දී සියලු "පව් රැස්‌කිරීමට" හේතුවන මද්‍යසාරවලට ඉඩක්‌ වෙන් වන්නේ කෙසේ ද?

මරණය යනු අප අතර හුන් අයකු මෙලොවින් නික්‌ම යන සංවේගජනක අවස්‌ථාව නම් ඔහුගේ ගුණ සිහිකර ඔහුට "පිංපෙත්" අනුමෝදන් කිරීමට සිහියෙන් සිටිය යුතු ම අවස්‌ථාවක අවසිහිය ම ඇතිකරන මද්‍යසාරවලට ම එහි ඉඩ වෙන් වන්නේ කෙසේද?

චාරිකාව යනු සොබාදහමේ නිර්මිතයන් - මිනිසුන්ගේ කලාකාමීත්වයේ සහ චින්තනයේ අප්‍රතිහත ධෛර්යයේ පිළිබිඹුවන් නැරඹීම සඳහා යන ගමනකි, එය නෙත්-සිත්-හදවත් හොඳින් විවර කරගෙන ඒවා දැක බලා තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරගත යුතු අවස්‌ථාවකි, එහෙත් කය - මනස නිද්‍රවට පත්කර, හදවත වසා තබන මද්‍යසාර චාරිකාවක දී භාවිත කරන්නේ කවර හේතුවකට ද? එවන් චාරිකාවල දී නෙතින් - සිතින් හා කයින් ජලයෙහි සුන්දරත්වය - සිසිලස - පහස දකිනු හා විඳිනු විනා එහි කිසිවක්‌ විඳගත නොහැකි වන පරිදි මද්‍යසාරයෙන් මත් ව ජලයෙහි සැඟ ව ඇති "මරණය" වෙත යන පුද්ගලයන් කොපමණ නම් පිරිසක්‌ ගැන නිරන්තරයෙන් අපට-අසන්නට දකින්නට ලැබේ ද?

ක්‍රි.ව. 1505 වන විට "මම මදයට සහ ප්‍රමාදයට හේතුවන මද්‍යසාරයෙන් වළකිමි" යි යන ශික්‍ෂා පදය ඉතා ඉහළින් අගය කළ සහ සුරකින්නට උත්සාහ කළ සමාජයක්‌ අපට තිබිණ. මද්‍යසාර භාවිත කළ යම් යම් අවස්‌ථා තිබුණේ වුව ද එය කිසිසේත් ම සමාජගත මද්‍යසාර භාවිතයක්‌ නම් නොවී ය. බුදුදහමේ ආභාසයෙන් නිවන අරමුණු කරගත් එකී සමාජයට මද්‍යසාර මහා පරිමාණයෙන් හඳුන්වා, හුරු කොට මද්‍යසාරය අරමුණු කරගත් සමාජයක්‌ බවට පත්කරන ලද්දේ පිං-පව් හෝ නිවන පිළිබඳ ව කිසිදු අවබෝධයක්‌ නොතිබූ අප රටට ආක්‍රමණිකයන් ලෙස පැමිණි බටහිර ජාතීන් විසිනි. මද්‍යසාර පිළිබඳ ව මෙරට අද ඇති සමාජ තත්ත්වය හා භාවිතය මුළුමනින් ම අප සමාජයට බලෙන් පටවන ලද්දේ ඔවුන් විසිනි. ඉන් ඔවුනගේ අරමුණ වූයේ මෙරට සමාජයේ බුදුදහමේ ආභාසයෙන් පැවැති ශක්‌තිය - සංස්‌කෘතිය - දැක්‌ම සිතීමේ හා ක්‍රියා පිළිවෙත් බිඳ දමා දීන - හරසුන් සමාජයක්‌ ඇති වූ පසු, ඔවුනට ඇවැසි පරිදි අප සමාජය නතු කර ගැනීම ය. සමාජයක්‌ වශයෙන් මද්‍යසාර පිළිගෙන අප ඔවුනට නතු වීම අප කළ මහත් වරදකි.

ඉංග්‍රීසීන් විසින් වර්ෂ 1815 දී අප රට මුළුමනින් ම ඔවුනගේ යටත් විජිතයක්‌ කර ගත් මුත් අප සමාජයේ චින්තනය සහ ක්‍රියා පිළිවෙත් ඔවුනට අවශ්‍ය පරිදි නතු කරගැනීමට නොහැකි විය. ඒ පිළිබඳ ව සොයා බැලූ ඔවුහු බුදුදහම - ගම - පන්සල - භික්‍ෂුව හා ගිහි සමාජය බැඳ තිබූ "රන්හුය" එයට හේතුව බව දුටුවහ. එකී "රන්හුය" බිඳ දැමීමේ බිහිසුණු ආයුධයක්‌ ද ඔවුහු සොයා ගත්හ. එකී ආයුධය වූ කලී "මද්‍යසාර යි".

පළමු ව ඔවුහු සමාජයේ මද්‍යසාර ව්‍යාප්ත කළහ. එහෙත් අප සමාජය එයට නතු නොවිණි. එවිට ඔවුහු මද්‍යසාර මිනිසුන්ට නොමිලේ දෙන්නට වූහ. කල්යත් ම සමාජය මද්‍යසාරයට හුරු වූ විට සමාජයේ මද්‍යසාර තව තවත් ව්‍යාප්ත කර මද්‍යසාර භාවිතය සමාජගත කෙරිණි. ඔවුන් විසින් අප සමාජයේ පැවැති තත්ත්වය බිඳ දැමීම සඳහා යොදාගන්නා ලද ආයුධය කෙතරම් බිහිසුණු ද හා අද වන විට එහි ප්‍රතිඵලය කුමක්‌ ද යන්න ඉතා පැහැදිලි ය. දුරාතීතයේදී ද ලෝකයේ ඇතැම් රාජ්‍ය, ශිෂ්ටාචාර, සභ්‍යත්ව සහ සංස්‌කෘතීන් එලෙස බිඳ වැටීමට ප්‍රධාන හේතුව මද්‍යසාර බවට හඳුනාගෙන තිබේ. සිංහල රාජාවලියේ අවසන් රජතුමාගේ - මද්‍යසාර ඇබ්බැහිය විසින් චිරාත් කාලයක්‌ පැවැති සිංහල රාජධානියේ එකී පැවැත්මට නැවතුම් තිත තැබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මුළුමනින් ම වෙනත් ජාතියකට යටත් වීම ය. ස්‌වාධීන ජාතියක, සංස්‌කෘතියක හා රාජ්‍යයක පරාධීනත්වයට ප්‍රධාන ම හේතුව මද්‍යසාර වීම, මද්‍යසාර කෙතරම් විනාශයක්‌ කරන්නේ ද යන්නට කදිම උදාහරණයකි.

අප සමාජයේ බහුතරයක්‌ වන නැණවත්, අවංක දැක්‌මක්‌ ඇති රටට-ඇයට-තම දහමට හිතැති මිනිසුන් මේ පිළිබඳ ව වහ වහා නැවත නැවත සිතිය යුතු වේ. එය වැළැක්‌වීම සඳහා පෞද්ගලික වද පොදුවේ ද තමාට කළ හැකි යමක්‌ වේ නම් එය කළ යුතු වේ. දැනටමත් යමකු මද්‍යසාර භාවිත කරන්නේ නම් එය නැවැත්වීම, සමාජය ද ඉන් මුදා ගැනීමට දැනුවත් කිරීම හා ක්‍රියා කිරීම ආදිය කළ හැකි දේ ය.

ගෞතම බුදුන් වහන්සේ පහළ වන විට ද භාරතීය සමාජය තුළ මද්‍යසාර පානය කිරීම වැරදි ක්‍රියාවක්‌ ලෙස සමාජගත ව තිබිණ. බොහෝ විට දුක ම-සැප ලෙසත් නොහොඳ ම හොඳ ලෙසත් අධර්මය ම - ධර්මය ලෙසත් ගත් දීර්ඝ වූ සසර ගමනක, යෙදෙන පුහුදුන් මිනිස්‌සු මද්‍යසාරයෙනුත් තවදුරටත් මත්වී නිවන් මග වෙත යැමෙන් බැහැර වනවා පමණක්‌ නොව මෙලොව ජීවිතයේ ද මහත් අවුල් වියවුල් ඇතිකර ගනිති. සමාජගත ව තිබූ එකී මද්‍යසාරයෙන් වැළකීමේ ක්‍රියාව අනුමත කළ බුදුන්වහන්සේ එය ශික්‍ෂා පදයක්‌ ද කර ඉන් වැළැකීම ඉතා යෙහෙකැයි වදාරා තිබීමෙන් පැහැදිලි වන්නේ එය යි.

ගෞතම බුදුන්වහන්සේගේ විග්‍රහය වූයේ මද්‍යසාර මදයට හා ප්‍රමාදයට හේතු වන බව ය. මදය යනු මත්වීම යි. ප්‍රමාදය යනු එසේ මත්වීම නිසා සිහියෙන් තොර ව ලෝකයේ තතු ඇති සැටියෙන් නොදැන-නොදැක අනවබෝධයෙන් කටයුතු කිරීම යි. යමකුගේ මෙලොව ජීවිතය සියලු අතින් පිරිහීම ද එහෙයින් සංසාර ගමන තව තවත් දිගු වීම ද නිවන තවදුරටත් ඈත් වීම ද එහි ප්‍රතිඵලය යි. බුදුන්වහන්සේගේ අවසන් උපදේශය ද වූයේ අප්‍රමාද ව නොපමා ව කටයුතු කරන ලෙස ය. එහෙයින් මද්‍යසාර පිළිබඳ ව අද ලෞකික වූ කවර තරාතිරමේ උගත්-නූගත් කවරකු කවර මතයක්‌ දැරුව ද සාධාරණය කළ ද පිළිගත්ත ද ඒ සියල්ල කිසිදු සැලකිල්ලකට ලක්‌ නොකර අපි ප්‍රතික්‍ෂේප කළ යුතු වෙමු. මන්ද අප විසින් පිළිගත යුතු ව ඇත්තේ බුදුවරයකුගේ පිළිගැනීම - අනුමත කිරීම - දේශනා කිරීම සහ අවවාද හා උපදෙස්‌ හෙයිනි. එහෙයින් මද්‍යසාර නිරෝධනය හෙවත් වැළැක්‌වීමේ ඉතා හොඳ ම ක්‍රමය ගෞතම බුදුන්වහන්සේගේ එකී අවවාදය පිළිගැනීම ය. පිළිපැදීම ය එසේ කරන ලෙස සමාජයට ද පැවසීම ය.

මද්‍යසාර පානයේ නොමනා බව ගැන එසේ නිරන්තරයෙන් දේශනා කළ ගෞතම බුදුහිමියෝ මේ සමාජයේ පුද්ගලයන් විසින් සැමවිට ම පානය කළ යුතු සුවිශේෂී එක ම පානයක්‌ පිළිබඳ ව අනුදැන වදාළහ.

"ධම්මෝසධ සමං නත්ථි එතං පිබථ භික්‌ඛවො"

මහණෙනි, ධර්මය හා සම කළ හැකි ඖෂධයක්‌ නැත. එය පානය කරන්න.

වෛද්‍ය ලලිත් විඡේසිංහ - සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී, මහනුවර මහ රෝහල


Saturday, May 14, 2011

Korean Drama - Cinderella Eonni - 신데렐라 언니 - (OST Download)

Finished watching 10 episodes out of 20 of the Korean drama Cinderella Eonni (Cinderella Sister - 신데렐라 언니). Ten more episodes to go. The theme is refreshing and the acting of Ms Eun-Ju in character Moon Geun-Youn is one of the best I have seen. Not to mention that the OSTs are stunning too. Even though there are not many positive reviews on this drama, I think it deserves much more admiration than what it has already received as the characters are so vibrant, vivid and the lines are so simplified yet touching. For me the story is a battle between dark and good side of human nature portrayed in a heart touching storyline.

Bit of an Introduction first:
KBS broadcasted the Cinderella's Sister from March 31st 2010 to June 3rd 2010 in South Korea, taking over the Wednesday and Thursday time slots previously occupied by "The Slave Hunters" with an average rating of 19.2 % nationwide.

It is a modern day adaptation of Cinderella with a twist as our Cinderella, Seo Woo, is loved by everyone whereas her stepsister, Moon Geun-Young, has a dark past and struggles with the fact that her mother starts to care more for Seo Woo than her.

As the story unfolds, Moon Geun-Young, who lost her father many years ago, moves gets a new family home when her mother remarries. Although things seem to have turned the better for the cynical Moon Geun-Young, she immediately faces problems when she meets her new step-sister Seo Woo. Seo Woo with her bright character is the apple in her father's eyes and the clear favourite in the house. Furthermore, Moon Geun-Young mother also seems to have fallen for the charismatic personality of Seo Woo.

Making matters worse for Moon Geun-Young, Seo Woo seems to like Moon Geun-Young‘s prince Cheon Jeong-Myeong. Moon Geun-Young decides then and there to take matters in her own hands and exact revenge on her Cinderella like stepsister.
(2010 , AsianMediaWiki , Cinderella's Stepsister ) 

Let’s see what others say:

mykamicks Says: (Oct 18 2010 2:27 am)
Cinderella Sister is one of the best dramas I’ve ever watched. The characters portrayed by Eun Jo - a cold hearted person, very fierce, strong and very independent. While Hyo Seon - is a bubbly, loving and has a very submissive personality. The drama shows how two different people learned how to love and defend each other for their father and the whole family. Congrats KBS!

james Says: (May 13 2010 8:28 am )
One thing that really impressed me about this drama is moon geun-young acting. It seems like yesterday i watched her in the 'My Little Bride' as a young, naive actress. Her transition to a much older role really leaves a deep impression in me.

yc Says: (May 05 2010 9:04 am )
This has a very interesting story and a great twist. Very addictive.
(2010 , AsianMediaWiki , Cinderella's Stepsister )  


If you are interested in downloading the OSTs for this drama follow the direct link below. It is generously provided by Ms Ji-Hye through her blog.

Here is the direct download link:
Cinderella's Sister OST

Wednesday, May 4, 2011

Korean Drama - Baker King, Kim Tak Goo - 제빵왕 김탁구 - (OST Download)



Baker King, Kim Tak Goo
 © 2011 Han Mania
Just finished watching the 14th episode of the Korean drama Baker King, Kim Tak Goo (제빵왕 김탁구).16 more episodes to go. Quite eager to  see how things turn out to be at the end.This drama is highly entertaining and inspiring . Well what can I say. Lets see what others think.

Little introduction first:
KBS broadcasted the Baker King  from June 2010 to September 2010 in South Korea and during its finale, the Korean drama got a record viewer rating of 50.8%. The Baker King was also accorded presidential honors in the 2010 Republic of Korea Content Wards Ceremony for its contribution in the overseas popularity of Korean popular culture.
(2011,  The Baker King (Baker Kim Tak-gu on GMA Network , Han Mania)

It is an emotional roller coaster of a series that tells a story of revenge, hope, love, and dreams in a way no other Korean drama has done.what probably makes Baker King stand out from the rest is that the writers have written a carefully crafted story that continually drives the series forward.

The series is fast paced, easily able to fill its 30 episode order with story when some dramas can’t even fill the typical 16-episode order without going in circles and/or unrelated subplots.
There are so many moving pieces in each episode, all contributing to the overarching story. With one surprise and twist after another.

Baker King manages to not only keep the story moving, but grab a hold of viewer's interest and never lets it go. The series’ ability to jerk itself away from tired drama clichés is a major part in that continuous flow. Just when one think they’ll delve into stereotypical soap, they jerk you back onto the road less traveled.

Baker King is an emotional roller coaster in the best way possible. Happiness, sadness, anger, excitement; Tearing up from being so moved  to standing up and cheering to wanting to throw something at the television in anger, Baker King arouses emotion so well that you are more than invested in the lives of these characters
(2010 , dryedmangoez , Review: KBS’ Baker King, Kim Tak Goo – Best Korean Drama of the Year )
Baker King, Kim Tak Goo
 © 2011 Han Mania

cristi dimaano says: (April 20, 2011 - 9:59 pm)
Baker king is not your typical soap opera. it is full of twists and turns yet maintains its interesting story. what i love about baker king is the that it is full of moral values that would inspire the viewers. It made me realize a lot of things about life.like how important friendship is,honesty and gratitude. never quit on your dreams and achieve your dreams the right way.

bro says : (January 20, 2011 - 7:36 pm )
This one is terrific! It really moved my heart. I recommend this series to everyone out there, and I’m sure you will never blame me afterwards.. I've spent almost two days watching the whole movie, leaving me only 4 hours to take a nap. 

Myonlyhappiness  says :( January 2, 2011 - 12:31 am )
Ah, I can see why it was the nation’s drama. I started watching it and it was already intense! The storyline is really good and really inspirational. Although it was really long, it was so totally worth every episode. Definitely a drama that  needs to be watched by everyone!



If you are interested in downloading the OSTs for this drama follow the direct links below. They are generously provided by Ms Ji-Hye through her blog.

Here are the direct download links.