රහතුන්ටත් කර්ම විපාක තියෙනවද ? රහතුනුත් කර්ම රැස් කරනවද ? රහතුන්ටත් වේදනා දැනෙනවද ?
ආ ඇයි එහෙනම් ඔවුන් රහත් බලයෙන් , ධ්‍යාන බලයෙන් ඒ කර්ම විපාක වලක්වා ගෙන සතුටින් නොඉන්නේ ?
රහතුන්ටත් පෙර කල දෙයින් උපදනා කර්ම විපාක ඇත. එනමුත් ඔවුන් අලුතින් කර්ම රැස් නොකරති. ඒ කර්ම රැස්කිරීමට අවශ වන්නා වූ තෘෂ්ණාව (කම්මං කෙත්තං , තෘෂ්ණා සිනේහො ) සහමුලින්ම සිතින් ඉවත් ව ගොස් ඇති හෙයිනි. රහතුන්ට යමක් කිරීමේදී පහල වන්නේ ක්‍රියා සිත් ලෙසයි අභිධර්මයේ සඳහන් වන්නේ. ඒවාට මතු විපාක දීමේ හැකියාවක් නොමැත. එනමුත් පෙර කල දැයෙහි විපාක ලෙස එන කුසල හා අකුසල කර්ම විපාකයනට රහත්හුද මුහුණ දෙති. සීවලී තෙරුන් අග්‍ර ලාභී ව බොහෝ සිව්පස ලැබුයේ පෙර සස්නක බුදුනට කිරි පැණි පුජා කල කුසල මහිමයෙනි. ලෝසක තෙරුන් හට බත් ඇටයක් වත් නොලැබී මහා අල්පලාභී වුයේ මිතුරු(?) රහත් තෙර නමකගේ බත්පත ගින්නට දැමීමේ අකුසල විපාක වශයෙනි. අංගුලිමාල තෙරුන්ට රහත් වූ පසුවත් , කොල්ලන් ගස් වල ගෙඩි කැඩීමට ගසනා ගල් මුල් පොලු කැබලි සොයාගෙන විත් ඇඟේ වැදීම සිදුවුයේ උන්වහන්සේ රහත්වීමට පෙර කල මනුෂ ඝාතනයන්ගේ ප්‍රවුර්ති විපාක වශයෙනි.
රහතුන්ටත් සුඛ දුක්ඛ වේදනා දැනේ. සතෙක් සර්පයෙක් කෑ විට වේදනාවක් දැනෙනවා මෙන්ම , මියුරු දෙයක් අනුභව කරන විට එහි රසද ඔවුනට හොඳින් දැනේ. ඒ ඔවුන් ගලින් , යකඩින් සැදී නොසිටින නිසාය. සාමාන්‍ය මනසක හා ලෝකෝත්තර මනසක වෙනස වන්නේ ලෝකෝත්තර මනසෙහි තමන් විඳින සුඛ හෝ දුක්ඛ වේදනාව සම්බන්ධයෙන් ඇලීම් හා ගැටීම් නොඉපදීමයි.
ආ ඇයි එහෙනම් ඔවුන් රහත් බලයෙන් , ධ්‍යාන බලයෙන් ඒ කර්ම විපාක වලක්වා ගෙන සතුටින් නොඉන්නේ ?
අසතුටින් සිටින රහතුන් නැත. තෘෂ්ණා ප්‍රහාණය කර ඇති ඔවුනට කාම මිශ්‍රිත සතුටකුදු නැත . කාම මිශ්‍රිත අසතුටකුදු නැත. නිරාමිස සුව පමණක් ඇත. දුබල වූ , වෙනස්වන ස්වභාව ඇත්තා වූ සංස්කාරයන්ගෙන් සැදී ඇති නිසා ශරීර පීඩා ඇත. නමුත් ඒ ශරීර පීඩා නිසා උපදිනා චිත්ත පීඩා නැත. ශරීර පිඩාවන්හිදී ඔවුන් එය ගනං නොගෙන සිටීමක් ද නැත. හැකි නම්, එය තම කාර්යයන්ට භාදාවක් වේ නම් එම ශරීර පිඩාවට පිළියම් කොට ශරීරය යථා තත්වයට පත් කර ගැනීම රහත්හුද කරති. එසේ නම් රහතුන්ටද ශරීරය කෙරෙහි ඇල්මක් තිබේදැයි විමතියක් ඇතිවිය හැකිය. නැත , ඔවුන් එසේ ශරීරය යථා තත්වයට පත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ ශරීරයට ඇති ඇල්ම නිසා නොව අප යන්ත්‍රයක් අබලන් වූ විට තෙල් දමා පිළියම් කොට අප වැඩය කර ගන්නා සේ , යන්ත්‍රයට ආදරයෙන් බැඳී නොසිටින්නා සේ ශරීරය කෙරෙහි උපේක්ෂාවෙන් යුතුවමයි.
අවශ්‍ය විටක , අන් සත්වයනට එයින් යහපතක් ඇති විට , තමනට කිරීමට යමක් ඉතිරි වී ඇති කලක රහතුන් වුවද ධ්‍යාන බලයෙන් ශාරීරික දුක්ඛ වේදනා , කර්ම විපාකයන් මැඩ පවත්වාගෙන මඳ කලක් සිටිති. අප බුදු රජාණන් වහන්සේ පිරිනිවීමට පෙර තුන්මස උන්වහන්සේගේ ලේ අතීසාර රෝගය ධ්‍යාන බලෙන් මැඩ පවත්වාගෙන සිටියේත් , මොග්ගලී පුත්ත තෙරුන් සොරුන් විසින් බිඳ දමන ලද කය ධ්‍යාන බලෙන් පිළිසකර කොටගෙන , පිරිනිවීමට බුදුන්ගෙන අවසර පතා පැමිණියේත් එලෙසිනි.
අවශ්‍ය විටක , අන් සත්වයනට එයින් යහපතක් ඇති විට , තමනට කිරීමට යමක් ඉතිරි වී ඇති කලක රහතුන් වුවද ධ්‍යාන බලයෙන් ශාරීරික දුක්ඛ වේදනා , කර්ම විපාකයන් මැඩ පවත්වාගෙන මඳ කලක් සිටිති. අප බුදු රජාණන් වහන්සේ පිරිනිවීමට පෙර තුන්මස උන්වහන්සේගේ ලේ අතීසාර රෝගය ධ්‍යාන බලෙන් මැඩ පවත්වාගෙන සිටියේත් , මොග්ගලී පුත්ත තෙරුන් සොරුන් විසින් බිඳ දමන ලද කය ධ්‍යාන බලෙන් පිළිසකර කොටගෙන , පිරිනිවීමට බුදුන්ගෙන අවසර පතා පැමිණියේත් එලෙසිනි.
සෑම රහතුන්ටම ලෞකික ඉර්ධින් නැත. එය වෙනම සමථ භාවනාවෙන් වඩා ගත යුතු දෙයකි. බුදුන් කල සිටි බොහෝ රහතුන්ද ලෞකික ඉර්ධින් නොමැති ශුෂ්ක විදර්ශකයන්ය. ඔවුන්ගේ සිතෙහි ඇති නිකෙලෙස් බව හැර වෙන කිසිවකින් ඔවුන් අන් මිනිසුන්ගෙන් වෙනස් නොවේ. අඟල් දෙක තුන අහසින් පාවී යෑම , බැබලි බැබලි සිටීම , තමන්ගේ නම මුලට අරහත් යයි කෑල්ලක් එකතු කර ගැනීම (ඔය දැන් කාලේ සමහර උන්නාන්සේලා කරන්නේ .. උන්න්න්සේ කරන්නේ නැත්නම් මුධ ශ්‍රද්ධාවෙන් යුතු දායකයෝ ටික බලෙන් හරි දාන්නේ ) , සිත් දැන කතා කොට ජනයා පැහැදවීම ආදී කිසිවක් කිරීමට ඔවුන් සමත් නොවෙති. ඇතැමුන් ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසුණු පසු අන් අයට , ඒ හාමුදුරුවෝ නම් සෝවාන් වෙලා ඇති , අර හාමුදුරුවෝ නම් රහත් වෙලා ඉන්නේ ආදී වශයෙන් කියමින් ස්වයං සිඟිති ආතල් ගනිමින් කරන මුධ ශ්‍රද්ධාවෙන් යුතු වරුනාව මට නම් ඇසීමට අප්‍රසන්න වුවකි. අන් අයගේ රහත් බව , විමුක්තිය ගැන නොව තමන් උනන්දු විය යුත්තේ තමන්ගේ විමුක්තිය ගැන බව නොකිවමනාද?
පෙර ලක්දිව රහතන් වහන්සේ නමක් පෙරටුකොටගෙන උන්වහන්සේ පිටුපසින් දනකට යන , පන්සලෙහිම ජිවිත කාලය ගෙවූ මහලු කැපකරු උපාසකයෙකු එසේ යන ගමන් මෙසේ ඇසීය.
"ස්වාමිනි රහතුන් යනු කවුරුන්ද? ඔවුන් කෙසේ නම් හඳුනා ගනිමුද අප? "
සිනාසී මහල්ලා දෙස බලු උන්වහන්සේ මෙසේ පැවසිය.
"ඇතැම් හු රහතුන්ගේ පා සිවුරු ගෙන ඔවුන් පිටුපසින් දිවි ඇති තුරා යති. එහෙත් රහතුන් නොහඳුනති.... රහතුන් හැඳිනීම එතරම්ම අපහසුය"
එයිනුදු මහල්ලාට කාරණය නොවැටහින
එතකොට රහත් වීමේදී කර්ම ක්ෂය උනා කියන්නේ ?
ඒ ක්ෂය ව ගියේ නැවත ඉපදීමට හේතුවන සියලු කර්මයන්. කර්මය කෙත නම් තණ්හාව දිය වේ. තණ්හාව නැතිකර දැමීම මගින් ඒ කෙතට ජලය එන සියලු මාර්ග අහුරා දැමුවේ වෙයි. නැවත එහි එහි වපුරන්නෙක් නැත. වපුරුවාට එයින් පලක් ද නැත. මක් නිසාද යත් ජලය නොමැතිව කිසිවක් පැල නොවන බැවිනි.
වටින ලිපියක්. බොහොම ස්තූතියි. පලදියයුතු කර්ම නම් පල දෙනව කියල කියනවනෙ. බුදුරදුන්ටත් හිසරද පීඩාවක් තිබුනෙ ගොඩදාපු මාලුවෙක් දඟලන හැටි ආසාවෙන් බලා හිටපු නිසා, කියල අහල තියනව.
ReplyDeleteඉතා වටිනා පැහැදිලි කිරීමක්. මමත් හිතාගෙන හිටියේ සියලුම රහතන් වහන්සේලා ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාවෙන් යුක්ත බවයි. කාරණය පැහැදිලි කරදීම ගැන පින්.
ReplyDeleteAwesome.... your articles are really meaningful....
ReplyDeleteබ්ලොග් එක අලුත් වෙලා ලස්සන වෙලා නේ...නියමයි
ReplyDeleteමේ ලිපිය ගොඩාක් වටිනවා. ගොඩාක් පිං අපිට මේ දේවල් දැනගන්න, ඉගෙනගන්න ඉඩ සලස්වනවාට
අගෙ ඇති ලිපියක් මෙය හා සමාන කර්ම විපාක මෙය තැන්වල තියනවා
ReplyDeleteපළමු :http://www.blogger.com/post-edit.g?blogID=5177038018981805942&postID=8810178035947893135
දෙවනුව:http://www.blogger.com/post-edit.g?blogID=5177038018981805942&postID=7665460066812887351
තුන්වනුව:http://www.blogger.com/post-edit.g?blogID=5177038018981805942&postID=2453377885842784103
රහතන් වහන්සෙ කිපනමකට හා බුදුරජාණන් වහන්සේට පෙර කල කර්මය
(http://www.blogger.com/post-edit.g?blogID=5177038018981805942&postID=1854316168109365483) පලදුන් ආකාරය මානව පැහැදිලිවෙ
සියලු දෙනාට සත්‍ය දකින්නට සිත්පහල වේවා..! තෙරුවන් සරණයි...!