මට කාලෙක ඉඳං පුරස්නයක් තිබ්බා. ඒක තමයි කියවීම මිනිසා සම්පුර්ණ මිනිසෙකු කරයි(ද?) කියල. මෙතන සම්පුර්ණ මිනිහ කියල ලෝකයා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ බුද්ධිමත් තැනැත්තෙක් වීම. ටිකක් හිතුවම තේරුනා එහෙම නෙවෙයි කියලා.
මම දන්නා තැනැත්තෙක් ඉන්නවා . ඔහු අතට හසුවන සෑම දෙයක්ම කියවීමට හරිම කැමතියි. ඒ වගේම ඒ කියවපු කරුණු අවශ්‍ය වෙලාවක ගෙනහැර දක්වන්නත් පුළුවන්. පිටිං බැලුවම ඉතාමත් බුද්ධිමත් පරිනත බවක් පලවෙනවා . ඒ වගේම බාහිර ලෝකයා ඔහුට ඒ විදියට සලකනවා. නමුත් මා නිතර දෙවේලේ ඉතාමත් ලඟින් ආශ්‍රය කරන ඥාතියෙක් නිසා මට විතරයි තේරෙන්නේ ඔහු ඉතාමත් මෝඩ බව. ජිවිතයේ ඉතාමත් සරල දේවල් වලදී හැර අනිත් සෑම කටයුත්තකදීම ඔහු ගන්නා තීරණ ඉතාමත් වැරදියි. කිසිම තර්කානු කුල බවක් , බුද්ධිමත් බවක් ඒ තීරණ වල හෝ කටයුතු වල පෙන්නන්නේ නැහැ. එම තීරණ නිසා වෙන අලාභ , හානි බොහොමයි
කියවීමෙන් දැනුම ලැබෙන බව නම් ඇත්තයි. නමුත් එයින් හරි ප්‍රයෝජනය ගැනීමට නම් ඒ කියවන කරුණු නුවනින් සලකා බැලීම ඉතාමත් වැදගත්. කියවන ප්‍රමාණය ට වඩා කියවන ස්වල්ප දෙයක් උනත් දිගින් දිගටම නුවනින් සලකා බලමින් ප්‍රයෝගිකව එය භාවිතා කල හැකි තැනදී බුද්ධිමත්ව එය භාවිතා කරන තැනැත්තා තමයි මට නම් බුද්ධිමතෙක් ලෙස පෙනෙන්නේ.
ධුම පානය හා බැඳුනු මුඛ පිළිකා සම්බන්ධ මෙඩිකල් ජර්නල් එකක් සිගරට් එකක් බොමින් කියවන තැනැත්තා බුද්ධිමතෙක්ද ? අමු මෝඩයෙක්ද ? යන ප්‍රශ්නයත් හිතට නොආවාම නොවෙයි
අප අතර ඉන්න බොහෝ අය කියවීම විනෝදාංශය කරගත්ත අය. ඔවුන් කියවන්නේ විනෝදය සඳහා මිස දැනුම වර්ධනය කරගැනීම උදෙසා නොවෙයි. එසේත් නැත්නම් ඔවුන් බුධිමත් බව යනුවෙන් අර්ථ දක්වන්නේ තමන් කියවූ දෙය , සංක්යා දත්ත ඒ ආකාරයෙන්ම ගිරවා දැමීමට. නමුත් තමන් කියවන දෙය විභේදනය කරමින්, නුවනින් අර්ථ වශයෙන් සලකා බලමින් එහි වැදගත් දෙය ග්‍රහණය කරමින් , ඒ දේ තමන්ගේ ජිවිතයට , තමන්ගේ කටයුතු වලට ආදේශ කර ගන්න අය ඉතාමත් දුර්ලභයි.
කියවන තැනැත්තෙක් දුටු පමණින් ඔහු හෝ අය බුද්ධිමතෙක් යයි හදිසි තීරණයකට එළඹෙන්න එපා. බුද්ධිමත් බව උපතින් රැගෙන එන දෙයක්. කියවීම එසේ නොවෙයි. ඇතැම් අය කාලය ගෙවා ගැනීමට කියවනවා. ඇතැම් අය වෙන්නේ මොනවාද කියා දැනගැනීමට කියවනවා. ඇතැම් අය විනෝදය පිණිස කියවනවා. ඇතැම් අය විභාග පාස් වීම සඳහා කියවනවා. ඇතැම් අය බුද්ධිමතෙකු ලෙස පෙනී සිටීම සඳහා කියවනවා ඉතාමත් සුළු පිරිසක් බුද්ධිය වර්ධනය කර ගැනීමට කියවනවා
එහෙනං කියවන එකෙන් වැඩක් නැද්ද ? නැහැ කියවීම ඉතාමත් වැදගත්
බුදුරජානන් වහන්සේ නාථකරන සුත්‍ර දේශනාවේදී දක්වනවා බොහෝ ඇසු පිරු තැන් ඇතිබව අනාත නොවී සිටීමට උපකාරී වන එක ධර්මයක් බව. වර්තමානයේ මේ ආකාරයෙන් බොහෝ ඇසු පිරු තැන් ඇතිකරගැනීමට ඇති පහසුම ක්‍රමයක් තමයි කියවීම.
කියවීම මිනිසා බොහෝ ඇසූ පිරු තැන් ඇති තැනැත්තෙක් හෙවත් බහුශ්‍රුතයෙක් නං කරයි. බුද්ධිමතෙක් ? අනේ මන්ද ..
කියවීමෙන් දැනුම ලැබෙනවා.නමුත් තීරණ ගනිද්දි ඒ දැනුම හරි විදිහට පාවිච්චි කරන විදිහ දැන ගන්න වෙනවා.අනික කියෙව්වට ඒ දේවල් ඔලුවේ නැත්නම් ඒත් වැඩක් නෑ.මේ මොනදේ තිබ්බත් බාහිර හේතු නිසා ගන්න තීරණ වැරදෙන්න පුළුවන්.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඇත්ත තමයි. කොච්චර දැනුම තිබ්බත් හාමිනේගේ උපදෙස් පිලිපදින්න ගියොත් ඉවරයි :D
Deleteවැඩක් ඇති යමක් කියෙව්වොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. හැබැයි වැඩක් ඇති දේ කියලා වෙන් කරන මිනුම් දණ්ඩ සාපේක්ෂයි තම තමන්ට
ReplyDeleteඑකඟයි හසිත. පොතක් අතේ තියං ඉන්න මිනිසා බුද්ධිමතෙක් යන සමාජ මිත්‍යාව ගැන කතාකරන්නයි මම උත්සාහ කලේ .
Delete