Friday, April 4, 2014

ලාංකේය ඉතා කුඩා ලොල්(?) කතා


ලවර්ස්‌ ලීප් ගිනි තැබීම ගැන ඇල්ලූ ළමයි පරිවාස භාරයට

පිදුරු තලාගල රක්‍ෂිතයේ ලවර්ස්‌ ලීප් කොටසේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් නුරවඑළිය පොලිසිය නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (2 වැනිදා) ඉදිරිපත් කළ ළමයින් තිදෙනකු ලබන 16 දා දක්‌වා පරිවාස භාරයේ තැබීමට නුවරඑළිය මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.

ගින්න පැතිර ගිය රක්‍ෂිතයට ආසන්න පීඩෲ වතුයායේ පදිංචි මෙම දරුවෝ වයස අවුරුදු පහළොව හා දහසය වයස්‌වල පසුවෙති.

පිදුරුතලාගල රක්‍ෂිතයේ අක්‌කර තුනක පමණ ප්‍රදේශයක ගින්න පැතිරී ගිය බවත් රක්‍ෂිතයේ තිබූ මහරත්මල්, අලු බෝම්ඹු, මීමන බෝවිටිය, උඩවැඩියා ආදී ශාක විශාල ප්‍රමාණයක්‌ ගින්නෙන් වැනසී ගොස්‌ ඇති බවත් කියති.

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය

කුඹුක්‌ දැව ජාවාරම වැටලීමට ගිය පොලිසිය ඇමැති ලේකම් දැක දුවයි

පුත්තලම සාලියවැව පොලිස්‌ වසමට අයත් කලාඔය රක්‌ෂිතයේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ කුඹුක්‌ දැව ජාවාරමක්‌ වැටලීමට ඊයේ (03 දා) ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයේ ඇමැතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයකු සිටිනු දැක බියට පත්ව පලා ගිය පුවතක්‌ වාර්තා වේ.

සාලියවැව කලාඔය රක්‌ෂිතයේ තිබූ වසර සිය ගණනක්‌ පැරණි කුඹුක්‌ගස්‌ ඇමැති ලේකම්වරයා ද මැදිහත්වී කපා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පැවැසූහ. දින කිහිපයක්‌ තිස්‌සේ ක්‍රියාත්මකවූ මෙම දැව ජාවාරම සාලියවැව පොලිසියේ උසස්‌ නිලධාරීන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ. ඒ අනුව මෙම දැව ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි සාලියවැව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් අබේනායක මහතාගෙන් අප විමසීමක්‌ කළ අතර එහිදි කියා සිටියේ හැකි ඉක්‌මනින් අදාළ ස්‌ථානයට පොලිස්‌ කණ්‌ඩායමක්‌ යවන බවයි.

ඒ අනුව දැව ජාවාරම ක්‍රියාත්මක වූ ස්‌ථානයට පොලිස්‌ කණ්‌ඩායමක්‌ ගොස්‌ ඇති අතර ඒ අවස්‌ථාවේ ඇමැතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු සිටිනු දැක බියට පත් පොලිස්‌ කණ්‌ඩායම සැකකාර ඇමැති ලේකම්වරයා හා ඔහුගේ කැබ් රථය අත්අඩංගුවට ගෙන නැති අතර පොලිස්‌ කණ්‌ඩායම එම ස්‌ථානයෙන් පලා ගොස්‌ තිබේ. එම අවසරයෙන් ඇමැති ලේකම්වරයා ඇතුළු දැව ජාවාරමේ නිරත වූවන් එම ස්‌ථානයෙන් පලා ගොස්‌ තිබේ. 

සිද්ධියට සම්බන්ධ ඇමැති ලේකම්වරයා ඇතුළු සැකකරුවන් හා ඔවුන් පැමිණ ඇති බවට සැලකෙන ඇමැති ලේකම්වරයාගේ කැබ් රථය ඇසින් දැක තිබියදීත් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි දැන ගැනීමට සාලියවැව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් අබේනායක මහතා දුරකථනය ඔස්‌සේ යළි සම්බන්ධකර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

සුබසිංහ බණ්‌ඩාර -සාලියවැව 

No Comments. Only in Siri Lanka.

Saturday, March 22, 2014

සිය රට දේ සිරිසැප දේ- No Thanks


අද දවල් එ*** හ** එකට ( aka දිය රස කැෆේ ) ගියා බත් පැකට් කීපයක් ගන්න.  උයල පුරුද්දක් නැහැ නේ.  යනකොටම කුස්සියෙන් අක්ක කෙනෙක් ගෙනල්ල දැම්ම කෙසෙල් කොලේ ඔතාපු බත් පැකට් වගයක්. මයේ හිතේ ඒවාට කියන්නේ ගැමි රසද කොහෙද. 

බත් ඉල්ලුවම අක්ක ඇහුව ගැමි රසෙන් දෙන්නද කියල. මගෙත් තියෙන කැසිල්ලට මම ඇහුව මොනවාද තියෙන්නේ කියල ඕක අස්සේ. වට්ටකයි කරෝලයි , කංකුන් එක්ක නෙලුම් අළලු. බුදු අම්මෝ මට එපා.  අක්ක අහනවා ඇයි එලොලු  කන්න ආස නැද්ද ? ලංකාවේ අපේ කෑම කොච්චර රහද කියල පොඩි මාකටිං  පාරකුත් දුන්න. මම ඉතිං මෝඩය  වගේ ඔලුව  වන වන හිනා වේවි ඉඳල සාමාන්‍ය බත් වලින් පැකට් දෙකක් අරගෙන ආව. 

ඇයි මොකද්ද ප්‍රශ්නේ ? ලාංකේය දේවල් , ලාංකේය කෑම කළු සුද්දට  දැන් හොඳ නැති වෙලාද ? ඒවා පොෂ් මදිද ?

මෙහෙමයි. ඔය හැම හොටලේකම තියෙන කෑම දිව ගාන එකා වෙච්චි     ,  හොඳට  උයන්න දන්න  කෙනෙක් ගේ අතින් හදපු ලංකාවේ කෑම තරං රස කෑම මං නං වෙන කිසිම තැනකින් කාල නැහැ.  ඒක නෙවෙයි පුරස්නේ,

නෙලුම් අල හැදෙන්නේ කොහෙද ? ලංකාවේ වියලි කලාපයේ තියෙන වැවු පොකුණු වල මඩේ. ලංකාවේ වකුගඩු රෝග හැදිලා මැස්සෝ වගේ ගොයියෝ මැරෙන්නේ කොහෙද ? එහෙම වෙන්නෙත් ලංකාවේ වියලි කලාපයේ. 

ලංකාවේ මෝඩ ගොයි රාලලා  දැන් දශක ගානක් තිස්සේ භාවිතා කරන කෘමි නාශක සහ වල් නාශක වල   තියෙන    ආසනික් , ක්‍රෝමියම් , රසදිය , කැඩ්මියම් , කොබෝල්ට් , ඊයම් වගේ බැර ලෝහ ගොවි බිම් වලින් ගහගෙන ගිහිල්ල  තැන්පත් වෙන්නේ  මේ කලාපයේ තියෙන  වැවු පොකුණු වල පතුලේ ඇති රොන් මඩ  වල.  නෙලුම් අල සරුවට වැඩෙන මේ මඩේ ඇති මේ සියලුම ලෝහ වර්ග නෙලුම් අල මගින් උරාගෙන එහි මුල් වල තැන්පත් කර ගනු ලබනවා.  මේ ගැන නොදන්නා උදවිය  රස කරමින් සිය රට දේ සිරිසැප දේ  කියමින්  ආහාරයට ගන්නේ මේ වස ගුලි.  

ඒ සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලට ලිංක් කීපයක් පහතින්, 

මට මේ තියෙන විදියට සුද්දගේ අල ගෙඩියක් , කැරට් අලයක් තම්බන් කාල ඉන්න එක ශරීර සනීපෙට හොඳයි .. සල්ලි ගෙවල  ඉල්ලං ශ්‍රීලාංකේය වහ ගිලල  හොයාගන්න බැරි ලෙඩක් හැදිලා අකාලේ ස්වර්ගත වෙනවට වැඩිය.

ලංකාවෙන් අපනයන කරන නෙලුම් අල වගේ දේට අමතරව , මෙහෙ කඩ  වල මිලදී ගන්න තිබෙන සිටවූ දිනයේ සිට වෙළඳපොළට දමන දිනය දක්වා   වස වලින්  නාවන සම්බා වගේ හාල් වර්ගත්  පරිභෝජනය  නොකර ඉන්න තරමට හොඳයි කියා මට සිතේ.  ඉන්දියාවෙන්  අපනයනය  කරන කෘමිනාශක භාවිතා නොකර නිෂ්පාදනය කරන  බාස්මති   භාවිතය ශරීර  සෞක්‍යයට වඩා හිතකරය .  

ලංකාවේ ජිවත් වෙන උදවියට මේ සම්බන්ධයෙන්  ඇති ඔප්ෂන් සිමා සහිතයි. නමුත් ලංකාවෙන් පිට ජිවත් වෙන ලාංකිකයන්ට  වස නැති ආහාර තෝරා ගැනීමට  තිබියදී  වසම කන්න උත්සාහ  කිරීම , නොදැනුවත් කම නිසා සිදුවෙන්නක් විය හැකියි.