Tuesday, September 20, 2011

මිණි වදන්

©2011 Buddha Dharma
 Education Association Inc
පින්වත් මහණනි, තොප තථාගතයන් දෙසු සත් ධර්මය කෙලෙසින් නම් සිත්හි ධාරණය කොට වසත්ද ?

භාග්‍යවතුන් වහන්ස අප ඔබ වහන්සේ දෙසු සත් ධර්මය මෙලෙසින් සිත්හි දරා සිටින්නෙමු, මෙලෙසින් මෙනෙහි කරමින් වසන්නෙමු .

භාග්‍යවතුන් වහන්ස මේ අක්මුල් නොමැති සසරෙහි පටන් ගැන්මක් හෝ අවසානයක් දැක ගත නොහැක්කේමය. එහි පවත්නා සියලු සත්වයන් ඉපදීම , ජරාව හා මරණය උරුම කොට වසත්.මෙසේ අක්මුල් නොමැත්තා වූ ඝෝරතර වූ සංසාර මෙඝයෙහි ගසා යන්නාවූ අප විසින් ඉපදුනු ඒ එක් එක් භවයන්හිදී තිරිසන් සත්ව ඉපිද ගෙල කැපිමාදී දුක්ඛයනට පාත්‍රවීමෙන් ගලා හල රුධිරය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි වන්නේය . සතර මහා සාගරයේ ජලයම අල්ප වන්නේය .අප විසින් ප්‍රියයන්ගෙන් වෙන්වීම් වශයෙන් , අප්‍රියයන් හා සම්භෝග වශයෙන් හෝ කැමති දෑ නොලැබීම හේතුවෙන් හල කඳුළු මේ සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවනේමය .

මේ අනවරාග්‍ර සංසාරයෙහි මිනිසත්ව ඉපිද දෙතිස් වධකාදී රාජ දඩුවමට පත්‍රව මේ ශරිරෙයෙන් ගලා හල සියලු රුධිරය එක් කල කල්හිදී සතර මහා සාගරයේ ජල කඳ ම ස්වල්ප වන්නේය. එමෙන්ම භාග්‍යවතුන් වහන්ස , තිරිසන් සත්ව ඉපිද දිවි පවත්වද්දීම අන් සතුන් විසින් අල්වාගෙන සලව සල්වා ආහාරයට ගත්තා වූ වාර අපමණය , ගිනිය නොහැක්කේමය .

මෙවන් වූ ධර්මයක් භාග්‍යවතුන් වහන්ස අප සිත්හි දරාගෙන වසන්නෙමු . මෙනෙහි කරමින් වසන්නෙමු .

සාධු සාධු පින්වත් මහණනි තොප තථාගතයන් දෙසා වදාළා වූ සත් ධර්මය මැනවින් සිත්හි දරාගෙන වසත්. මෙසේ වූ ධර්මයක් ම තථාගත වූ ම විසින් වදාරන ලද්දේය . මෙයම සිත් හි දරවු , භව ගමන් සිඳ ලවු , අප්‍රමාදි වවු.

No comments:

Post a Comment