Saturday, March 22, 2014

සිය රට දේ සිරිසැප දේ- No Thanks


අද දවල් එ*** හ** එකට ( aka දිය රස කැෆේ ) ගියා බත් පැකට් කීපයක් ගන්න.  උයල පුරුද්දක් නැහැ නේ.  යනකොටම කුස්සියෙන් අක්ක කෙනෙක් ගෙනල්ල දැම්ම කෙසෙල් කොලේ ඔතාපු බත් පැකට් වගයක්. මයේ හිතේ ඒවාට කියන්නේ ගැමි රසද කොහෙද. 

බත් ඉල්ලුවම අක්ක ඇහුව ගැමි රසෙන් දෙන්නද කියල. මගෙත් තියෙන කැසිල්ලට මම ඇහුව මොනවාද තියෙන්නේ කියල ඕක අස්සේ. වට්ටකයි කරෝලයි , කංකුන් එක්ක නෙලුම් අළලු. බුදු අම්මෝ මට එපා.  අක්ක අහනවා ඇයි එලොලු  කන්න ආස නැද්ද ? ලංකාවේ අපේ කෑම කොච්චර රහද කියල පොඩි මාකටිං  පාරකුත් දුන්න. මම ඉතිං මෝඩය  වගේ ඔලුව  වන වන හිනා වේවි ඉඳල සාමාන්‍ය බත් වලින් පැකට් දෙකක් අරගෙන ආව. 

ඇයි මොකද්ද ප්‍රශ්නේ ? ලාංකේය දේවල් , ලාංකේය කෑම කළු සුද්දට  දැන් හොඳ නැති වෙලාද ? ඒවා පොෂ් මදිද ?

මෙහෙමයි. ඔය හැම හොටලේකම තියෙන කෑම දිව ගාන එකා වෙච්චි     ,  හොඳට  උයන්න දන්න  කෙනෙක් ගේ අතින් හදපු ලංකාවේ කෑම තරං රස කෑම මං නං වෙන කිසිම තැනකින් කාල නැහැ.  ඒක නෙවෙයි පුරස්නේ,

නෙලුම් අල හැදෙන්නේ කොහෙද ? ලංකාවේ වියලි කලාපයේ තියෙන වැවු පොකුණු වල මඩේ. ලංකාවේ වකුගඩු රෝග හැදිලා මැස්සෝ වගේ ගොයියෝ මැරෙන්නේ කොහෙද ? එහෙම වෙන්නෙත් ලංකාවේ වියලි කලාපයේ. 

ලංකාවේ මෝඩ ගොයි රාලලා  දැන් දශක ගානක් තිස්සේ භාවිතා කරන කෘමි නාශක සහ වල් නාශක වල   තියෙන    ආසනික් , ක්‍රෝමියම් , රසදිය , කැඩ්මියම් , කොබෝල්ට් , ඊයම් වගේ බැර ලෝහ ගොවි බිම් වලින් ගහගෙන ගිහිල්ල  තැන්පත් වෙන්නේ  මේ කලාපයේ තියෙන  වැවු පොකුණු වල පතුලේ ඇති රොන් මඩ  වල.  නෙලුම් අල සරුවට වැඩෙන මේ මඩේ ඇති මේ සියලුම ලෝහ වර්ග නෙලුම් අල මගින් උරාගෙන එහි මුල් වල තැන්පත් කර ගනු ලබනවා.  මේ ගැන නොදන්නා උදවිය  රස කරමින් සිය රට දේ සිරිසැප දේ  කියමින්  ආහාරයට ගන්නේ මේ වස ගුලි.  

ඒ සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලට ලිංක් කීපයක් පහතින්, 

මට මේ තියෙන විදියට සුද්දගේ අල ගෙඩියක් , කැරට් අලයක් තම්බන් කාල ඉන්න එක ශරීර සනීපෙට හොඳයි .. සල්ලි ගෙවල  ඉල්ලං ශ්‍රීලාංකේය වහ ගිලල  හොයාගන්න බැරි ලෙඩක් හැදිලා අකාලේ ස්වර්ගත වෙනවට වැඩිය.

ලංකාවෙන් අපනයන කරන නෙලුම් අල වගේ දේට අමතරව , මෙහෙ කඩ  වල මිලදී ගන්න තිබෙන සිටවූ දිනයේ සිට වෙළඳපොළට දමන දිනය දක්වා   වස වලින්  නාවන සම්බා වගේ හාල් වර්ගත්  පරිභෝජනය  නොකර ඉන්න තරමට හොඳයි කියා මට සිතේ.  ඉන්දියාවෙන්  අපනයනය  කරන කෘමිනාශක භාවිතා නොකර නිෂ්පාදනය කරන  බාස්මති   භාවිතය ශරීර  සෞක්‍යයට වඩා හිතකරය .  

ලංකාවේ ජිවත් වෙන උදවියට මේ සම්බන්ධයෙන්  ඇති ඔප්ෂන් සිමා සහිතයි. නමුත් ලංකාවෙන් පිට ජිවත් වෙන ලාංකිකයන්ට  වස නැති ආහාර තෝරා ගැනීමට  තිබියදී  වසම කන්න උත්සාහ  කිරීම , නොදැනුවත් කම නිසා සිදුවෙන්නක් විය හැකියි.    
 

2 comments:

  1. මේක වැහුණු බ්ලොග් එකක් උනත් මේක කිව යුතුයි කියල හිතුනා.

    1. ලංකාවේ මෝඩ ගොයි රාලලා දැන් දශක ගානක් තිස්සේ භාවිතා කරන කෘමි නාශක සහ වල් නාශක වල තියෙන ආසනික් , ක්‍රෝමියම් , රසදිය , කැඩ්මියම් , කොබෝල්ට් , ඊයම් වගේ බැර ලෝහ ගොවි බිම් වලින් ගහගෙන ගිහිල්ල තැන්පත් වෙන්නේ මේ කලාපයේ තියෙන වැවු පොකුණු වල පතුලේ ඇති රොන් මඩ වල.
    2. මට මේ තියෙන විදියට සුද්දගේ අල ගෙඩියක් , කැරට් අලයක් තම්බන් කාල ඉන්න එක ශරීර සනීපෙට හොඳයි ..

    ඉහත තිබෙන්නේ ඔබ තුමාගේ ලිපියේ වාක්‍ය දෙකක්.

    මට වැඩි දෙයක් කියන්න නෑ. නුවරඑළියේ, බදුල්ලේ වැලිමඩ පැත්තේ එළවලු කොටු ජීවිතෙට දැකලා තියෙනවද කියල විතරයි අහන්න තියෙන්නේ.

    ලිපිය කියවන අය මේ පැත්තත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ඉස්තුතියි කනිෂ්ක මහත්මයා. ඔබ අදහස් කරන්නේ කුමක් ද කියා හරියටම දන ගැනීමට කැමතියි. ඔව් මම නුවරඑළියේ, බදුල්ලේ වැලිමඩ පැත්තේ එළවලු කොටු දැකල තියෙනවා.
      But what's your point ?

      Delete