අපි බොරුවට බයවුනාට ඒක අපූරු අත්දැකීමක්!
--පනාගොඩ නායකත්ව පුහුණු කඳවුරේ සිසු සිසුවියන් කියන කතා--
උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහයෙන් |
ආණ්ඩුව කොරන හැම වැඩක්ම කිසිම හේතුවක් බැලිල්ලක් නැතිව හොදද නරකද නොබලා නරි වගේ විවේචනය කරන එක ලංකාවේ උගත් නුගත් බොහෝ දෙනෙක්ගේ කැත පුරුද්දක් නේ. අලුතෙන් මොකක් හරි ව්‍යාපෘතියක් ගෙනාවොත් ලංකාවේ ඉන්න ගල් බිල්ලෝ කොරන පලවෙනි වැඩේ තමයි ඒකට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විරුද්ධ වෙලා හර්තාල් කොරන එක. මං හිතන්නේ මේක මේ ළිං මැඩ් දුපත් මානසිකත්වය සමග එකතු වෙච්ච හීන අවස්ථා වාදීතත්වය වෙන්න ඕන.
පහුගිය දොහේම තොර තෝංචියක් නැතුව ජේ වී පි එක සහ ඔව්න්ගෙ බැල සංගම් ටික කෑමොර දිදී අහිංසක දරුවෝ සහ දෙමව්පියෝ බය කොර කොර ගියා නේ ආණ්ඩුවෙන් ගේන මේ නව නායකත්ව පුහුණු වැඩ සටහන ගැන. මගේ පොද්ගලිකව මොන මොන විවේචන තිබුනත් එස් බි දිසානායක මහත්තය මේ දොහේ නම් හිතල මතල කොරල තියෙන්නේ බොහොම අගේ ඇති වැඩක්.
ලංකාවේ විනයක් නැතිව, කොන්ද පන ඇතිව කිසිම දේකට මුහුණදෙන්න බැරිව මුළු ගැහෙමින් , පස්සෙන් ගිහින් හැංගිලා ගේම දෙන , උඩින් ඉන්න හැම එකාටම ගොට්ට අල්ලන , අසාධාරණයක් දුටු තැන අහකබලන් ඉවත්වී යන , පොරුෂත්වය කියන්නේ සිගරට් ගැහීම , කරටිය කැඩෙන්න අරක්කු ගසා ඩෝප් වීම , අහිංසකයන්ට තිරිසන් විදියට අඩත්තේට්ටම් කිරීම , අනුන්ගේ අත්වැරදීම් වලට කථා විලාසයට කැත විදියට කොක් හඩ නගා හිනා වේවි පාච්චල් කිරීම කියා හිතන් ඉන්න (අපෝ තව කොච්චරනම් කැත පුරුදු මම දැකල තියෙනවද ! ඒවා ඔක්කොම කියන්න ගියොත් මේකේ ලියල ඉවරයක් කොරන්න බැරි වෙයි ) අයාලේ යන තරුණ පරපුර හරි මගට ගන්න මේක පටන්ගන්න තිබ්බේ මිට බොහොම කලින්. ඇට්ට කුණා වෙච්ච මහ එවුන් හදන්න දැන් කල් ගියා වැඩියි
එහෙම කොරා නම් අන්තෙරේට සහ එහි බත් බැලයන්ට යන එනමන් නැති වෙන්නේ මිට බොහොම කලින්. කිසිම දේශපාලන පක්ෂයක ගැත්තන් සහ ඉත්තන් නොවී විශ්වවිද්‍යාලයට අපු වැඩේ කොරන් පිටවෙන සාර්ථක තරුණ පරපුරක් බිහි කරන්න මේක හොද මුල් පියවරක්.
මේ නායකත්ව පුහුණුවත් එක්ක මේ දරුවන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුවකුත් ලබා දෙනවනම් බොහොම අගෙයි. එහෙම උනොත් ඊට පස්සේ මින් ඉදිරියට අන්තෙරේ ඉන්න හීනමාන කාරයින් මේ දරුවන්ට තිරිසන් විදියට නවකවදේ දෙන්න අවොත් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ..
පහත දාන සටහන් හා අදහස් ටික ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙන්.
සම්පුර්ණ ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.
මුහුණේ දිලෙසෙන දා බිඳු දැතින් පිස දමමින් එක් සොඳුරු දියණියක පසෙක සිටී. අපි ඇය වෙතට ගියෙමු. ඇය නමින් අයේෂා නිමන්තිය. කඳාන ද මැසනොද් විදුහලින් උසස් පෙළ හදාරා මෙවර සරසවි වරම් ලද්දියක් වූ ඇය පදිංචිව සිටින්නේ ජා ඇළය.
" ඔව් නංගි... මොකක්‌ද මේ වෙන්නේ... ඔයාට මොකද මේ ගැන හිතෙන්නේ...
"මෙහෙමයි අයියේ.. ඇත්තටම මෙතෙන්නට එනකොට මම හිටියේ හරිම බයෙන්... අපිට කිසිම හැඟීමක් තිබුණේ නැහැ මොනවද වෙන්නේ කියලා.. මම එනකොට මගේ අම්ම ඇඬුවා... මාත් ඇඬුවා. ඒ බයට
ඒත් දැන්නම් කියන්න තියෙන්නේ මෙච්චරයි අයියේ මේක හරිම හොඳ වැඩක්... අපිට මෙතනදී ලැබෙනවා ජීවිතය ජය ගන්න හොඳ මූලික පුහුණුවක්... මෙහේ අපේ ආරක්‍ෂාව උපරිමයි. හැම වෙලේම හමුදාවේ අක්‌කල දෙන්නෙක් අපිත් එක්‌කම ඉන්නවා... අපිට කිසිම අඩුවක් නැහැ...
අපිට මේකෙදී තනියෙන් වැඩ කර ගන්න විදිහ... ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ... වගේ ජීවිතයට අවශ්‍ය හුඟක් දේ කියල දෙනවා... හමුදා සොයුරෝත් අපිත් එක්‌ක වැඩ කරන්නේ හරිම සුහදශිලීව... ඒකයි ඇත්තම ඇත්ත...
ඊළඟට මට මුණ ගැසුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ ජනාධිපති විදුහලෙන් උසස් පෙළ සමත්ව මෙවර සරසවි වරම් ලැබ පනාගොඩ කඳවුරේ පුහුණුවට පැමිණ සිටින හෂාන්ය. ඔහු මේ පිළිබඳ දැක්‌වූ අදහස් මෙසේ විය.
මේකයි අයියේ මම ඇත්තමට මේ වැඩේට කිසිම කැමැත්තකින් හිටිය කෙනෙක් නෙමේ... මම උසස් අධ්‍යාපන අමාත්‍යංශයට තුන් පාරක් කතා කරලා ඇහුවා මේකට අනිවාර්යයෙන් එන්න ඕනෙද කියලා.. ඒ තරමට මම හිටියේ අකමැත්තෙන්...ඒත් දැන් මම පැහැදිලිවම කියනවා මේක හොඳ වැඩක් කියලා... හැබැයි මට එකම එක ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ගෙදරින් ඈත්වෙලා ටික කාලයක් ඉන්න වෙලා තියෙන එක... ඒත් එකත් තව ටික දවසකින් හරියයි..මේකෙදී අයියේ අපිට මනෝවිද්‍යාව, විලාසිතා, විනය හැඩගස්‌සවා ගැනීම වගේම නවක වදය පිටුදකින්න වගේ හුඟක් දේවල් ගැන කියලා දෙනවා...
ඒ වගේම තමයි ක්‍රීඩා කරන්න අපිට තියෙන අවස්‌ථාව.. අපි උදේ 6.00 ට නැගිටිනවා... එතන ඉඳන් 7.00 වෙනකම් ව්‍යායාම් කරනවා.. ඊට පස්‌සේ උදේ ආහාර ගන්නවා... ඒකෙන් පස්‌සේ දේශනවලට යනවා... ආයෙත් හවස 4.00 ඉඳන් තියෙන්නේ සෙල්ලම් කරන්න...හරිම සතුටින් කට්‌ටිය ඔක්‌කොම ඉන්නේ...
හැබැයි අයියේ මම කිව්වනේ මේකෙදී අපිට නවක වධය පිටු දකින්න කියලා දෙනවා කියලා... අයියේ පුළුවන්නම් කියන්නකෝ මේක දැන් කැම්පස් ඇතුළේ ඉන්න අයටත් දෙන්න කියලා...
ගම්පහ රත්නාවලී බාලිකාවෙන් උසස් පෙළ හදාර මෙවර වෛද්‍යවරියක වීමේ අරමුණින් සරසවියට පිවිස සිටින යසාරා නිර්මාණි මේ පිළිබඳ අපට අදහස් දැක්‌වූයේ මෙලෙසිනි.
අයියේ අපි කාලයක් පාඩම් කරලා මහන්සි වෙලා විවේකයක් නැති කාලයක් ගත කරලා මෙතැනට ආවේ... එනකොට නම් බයක් හිතේ තිබුණා... ඒත් ඒක නැති වෙන්න ගියේ එකම එක දවසයි...මෙහේ අය අපිට හරිම ලෙන්ගතුයි... හමුදා සෙබළියෝ අපිට සළකන්නේ තමන්ගෙම සහෝදරයන්ට වගේ.. අපේ ආරක්‍ෂාව උපරිමයි.. ඒ වගෙම තමයි ආහාර වගේ අනෙකුත් සියලුම දේවල්... පුංචි තුවාලයක් අපිට වුණත් හමුදාවේ අක්‌කල අපිට බෙහෙත්දාන තරමට ඔවුන් අපි වෙනුවෙන් කැප වෙලා...
ඇත්තෙන්ම අයියේ මේ වෙන්නේ හොඳම හොඳ වැඩක්... අපි මුලින්ම කැම්පස් එකට ගියා නම් දැන් රැග්වලට හිර වෙලා.. ඒත් අද මෙහෙ අපි ගත කරන්නේ හරිම විනෝද ජීවිතයක්... කියන්න කිසිම වරදක් නැහැ... මේක හරිම හොඳයි...
ඊළඟට අපිට මෙහිදී හමුවූ පස්‌යාල මහ විදුහලින් උසස් පෙළ හදාරා මෙවර සරසවියට තේරී සිටින නදීරා ශ්‍රියා කුමාරිය. ඇය තවත් සිසුවියන් පිරිසක් සමග ගතේ වෙහෙස නිවා ගැනීමට බිම වාඩි වී සිටියදී සියල්ලන් එක්‌ක මේ පිළිබඳ පැවසුවේ මෙවන් කතාවකි.
අයියේ මෙතන අපි සිසු සිසුවියෝ 89 දෙනෙක් පුහුණු වෙනවා... කිසිම කෙනෙක්‌ගේ හිතේ කිසිම අකමැත්තක් නැහැ... මේක හොඳ වැඩක්... අපි එනකොට බය වුණා.. අපේ අම්මලත් බය වෙලා හිටියේ... ඒත් මෙතෙන අපේ ආරක්‍ෂාව වගේම හැම දෙයක්‌ම හොඳින් කෙරෙනවා... අපිට පුහුණ වෙන වෙලාවට ඇරෙන්න අනිත් ඕනම වෙලාවකදී ගෙදර එක්‌ක කතා කරන්න පුළුවන්... ඒ වගේම තමයි පුහුණු වෙන වෙලාවට අපිට ශාරීරිකව යම් අපහසුවක් තිබුණොත් පැත්තකට වෙලා ඉන්නත් පුළුවන්... ඒ තරම් නිදහසක් මෙහේ අපිට තියෙනවා... කවුරුත් අපිට කිසිම බලපෑමක් කරන්නේ නැහැ... අපිට නිදහසේ ඉන්න පුළුවන්... ඇත්තෙන්ම මෙහෙ එන්න ඉස්‌සෙල්ලා අපි බයවෙලා තියෙන්නේ බොරුවට... මේකෙදී වෙන තවත් හොඳ දෙයක් තියෙනවා අයියේ.. අද අපි කැම්පස් එකට යන්න ඉස්‌සෙල්ලම අපිට හොඳ යාලුවෝ ටිකක් හම්බවෙලා... මෙතන ඉන්න අය එක එක කැම්පස්‌වලට තේරුණු අය... ඉතින් ඒක හරිම වටින මිත්‍රත්වයක්.
ඉදින් මේ නායකත්ව පුහුණුව පිළිබඳ ඒ දරුවන්ගේ අදහස් මෙසේ නම් මීට එරෙහිව ගිරිය පුප්පාගෙන මොරගෑ කණ්‌ඩායම් දැන් කියන්නේ කුමක්‌ද?