©2011 Underground Teacher |
සුළු මොහොතක් හෝ මද වූ හෝ පරිසර වෙනසක් වත් දරා සිටීමට අසමත්ව එය වෙනස් කිරීමට තැත් කිරීම හෝ
එසේ කර ගත නොහැකි නම් ඔක්කොම දමා ගසා පැත්තක් අල්ලාගෙන කිසිවක් නොකර අලසව සිටීම සිංහලයන්ගෙන් පමණක් මා දැක ඇත්තකි.දිනක් කොරියානුවෙකුගෙන් දවස කෙසේදැයි විමසු විට ලැබුණු පිළිතුර වුයේ එළියේ වැසිත් සමග විශාල සුළි කුණාටුවක් (hurricane)හමා යන බවයි.
එසේනම් ඇයි වැඩට පැමිණියේ ? නිවාඩු දමා ගෙදර සිටීමට හැකි නේදැයි ඇසුවිට පුදුමයට පත් වූ ඇය පැවසුවේ කිසිවෙකුත් එය වැඩ නතර කර ගෙදර නැවතී සිටීමට තරම් හේතුවක් කර නොගන්නා බවයි.මෙය අසු විට අප හට අපගේ ජාතිය ගැන ලජ්ජා නොවී කෙලෙස සිටිම්ද ?
දින දෙකකට පෙර වැදගත් අත්‍යවශ්‍ය කටයුතකට පන්සලට යාමට පැවසූ කල මගේ මව පැවසුයේ ...
අහස ටිකක් කළු කරලා .. හවසට පොඩ්ඩක් වහියි වගෙයි .. අද නම් යන්න බැහැ කියාය ...
අහෝ මෙවැනි කම්මැලි, මද වූ හෝ පරිසර වෙනසක් නිසා තම වැඩ පල පාලු කර ගනිමින් හෝ අසහනයට පත් වෙමින් පැමිණිලි කරමින් සිටින මගේ මව වැනි කුසීත වස්තුන් අටම තම සන්තානයේ නොඅඩුව පිහිටුවාගෙන සිටිනා බහුරු කෝලම් සිටින රටක් කෙසේ නම් දියුණට පත් වේද ?
මේ අනවරාග්‍ර සංසාරයේ ඇටකටු මුදවන සීතලෙන් යුත් ලෝකාන්තරික නරකයේ ගෙවූ කාලය පමණ දැක්විය නොහැකිය. ඇටකටු වලින් දුම් දමමින් පිටතට පැනීමට දොරක් සොයමින් අවීච්යේ ගතකල කාලය ප්‍රමානාතික්‍රානතය. තිරිසන් සතුන්ව වැස්සට තෙමෙමින් ,අවුවට වේලෙමින් කර බාගෙන හවු හරනක් නොමැතිව ගත කල කාලය කෙසේ නම් මනිමුද ?
එසේ තිබියදී මදක් හෝ අවට පරිසරය තම සිතැඟි පරිදි නොමැත්තේනම් ,පොද වැස්සක් වැටී නම් එය ගැන මුර ගසමින් පැමිණිලි කරමින් තොප්පි , කුඩ සොයමින් නටන පෙරලිය මට නම් නොතේරේ.
පෙර ලක්දිව්හි කෙලෙස් තවන වැරින් ,පුරුෂ වික්‍රමයෙන් යුත් එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිම වැටෙන රාත්‍රියේ එළිමහනට වී ලෝකාන්තරිකය හා සම වන කල මෙය නම් කිම් දැයි සිතමින් කමටහනෙහිම සිත දවටා විසිය. සැඩ හිරු රසින් යුත් වසන්ත කාලයේ සියලු ශරීරයෙන් දහදිය පෙරමින් , අවිචිය හා සසඳන කල මෙය කිම්දැයි කමටහනෙන් යුතුවම වාසය කළේය. අවසන් ඵලය ගැන කවර අටුවා ටීකාද ?
කටුක සිසිල ඇති දේශයන්ගේ මෙන්ම අධික රස්නය ඇති ප්‍රදේශ වලද බොහෝ ජනයා වෙසෙති. ඔවුනට එසේ තම ජීවිත කාලයම සිටීමට හැකිනම් අප හට මිනිත්තු කිහිපයක් , පැය කිහිපයක් එය උපේක්ෂාවෙන් යුතුව කෙසේ නම් දරා නොසිටිය හැකිද ?. මදක් තෙමුනාට දියවී යන කවරක් නම් මේ කුණු ශරීරයේ පවතීද ??