කුඩා කල රාත්‍රියේ හොල්මන් කතා බලා හෝ අසා බියෙන් ගැහෙමින් නින්දට යන අපහට ඉතිපිසෝ ගාථාව කියා නින්දට යන්නයි අත්තම්මා ඉගැන්වුවා මතකය. පසු කල බොහෝ තැන දී බියක් , තැතිගැනීමක් ඇතිවූ විට බොහොවෙක් ඉතිපිසෝ ගාථාව මන්තරයක් මෙන් මතුරමින් සිටිනු දැක හා අසා ඇත්තෙමි. සිංහල බෞද්ධ සමාජය හා එය තදින් බද්ධ වී ඇති සේය.
කුඩා කල නොදැන මන්තරයක් මෙන් භාවිතා කල , පාසලෙහි දී හෝ දහම් පසලෙහිදී කිසි ලෙසකින් වත් තේරුම හරි හැටි ඉගෙන ගැනීමට නොලැබුනාවූ ගිරවුන් මෙන් කට පාඩමින් විභාග වලට ලිවීමට පමණක් පුහුණු කලා වූ , වැඩිවියට පත් වූ විට මොන විකාරයක් දැයි සිතා අමතක කර දැමුවාවූ , පිරිත් , බෝධිපුජා ආදින්හිදී පමණක්
සවන වැකුනා වූ මෙය පසුකලක දහම කෙරේ ඇතිවූ උනන්දුව නිසා තේරුම් සහිතව මනාව අධ්‍යයනයට ලැබිණි. කැමැත්තෙක් වේ නම්
මෙහි ගොස් තුනුරුවනෙහි ඇත්තා වූ මහත් වූ ගුණයන් ගැන නිරවුල් අවබෝධයක් ලබා ගන්න.
පෙර අනුර පුර යුගයෙහි දීඝවාපි චෙයිත්‍යය කර්මාන්තයේ නියුක්ත වූ භික්ෂුවක් දාගැබිහි ඉහලට නැගි පසු පය පැකිලී පහලට ලිස්සා වැටෙන කල්හි බිම සිට එදෙස බලා සිටි අන්‍ය භික්ෂුන් ඇවැත්නි ධජග්ගය සිහිකරවයි හඬ නැගුවාහුය. ඒ පින්වත් භික්ෂුව ද ඉතිපිසෝ ආදී වූ නවාරහාදී වූ ලොවුතුරා බුදුගුණ සිහි කිරීම් පමණකින් චෙයිත්‍යයයෙන් ඉවතට නෙරා තිබුනාවූ ගඩොලක පය ගැටී වැටීම් අවහිර විය.(සංයුක්ත නිකාය , අට්ට කතා)
මෙලෙසින් තෙරුවනෙහි ගුණ අවබෝධයෙන් හඳුනාගෙන බියක් තැතිගැනීමක් ඇතිවූ කල්හි ක්ෂණ කාලයක් වුව එය සහිපත් කිරීම් පමණකින් ඒ භය අන්ත්‍රාව දුරුවී යත්. එසේ වන්නේ කිම දැයි අප භාග්‍යවත් වූ අරහත් වූ ලොව ඇති සියල්ල පිරිසිඳ දැන වදාලා වූ ගෞතම බුදුන් මෙසේ වදාල සේක්.
පින්වත් මහණනි , දෙවාසුර සංග්‍රාමයේ යෙදී සිට්නා දෙවියනට බියක් තැතිගැනීමක් , ලොමු දැහැගැනීමක් ඇතිවූ කල්හි සක්දෙව් රජ ගේ ධ්වජය දෙස බැලීමෙන් ඒ ඇතිවූ බිය දුරු වන්නේ හෝ නොවන්නේ වෙත්. එයට හේතු කවරේද යත් ...
ඒ සක් දෙව් රජ තෙමේ දුරු නොකළ රාග , දුරු නොකළ ද්වේශ, දුරු නොකළ මෝහ ඇත්තේය. බිය වන , තැතිගන්නා , අතිශයින්ම තැති ගෙන පලා යන්නා වූ ස්වභාවයෙන් යුක්ත වන්නේය.
එහෙයින් අරහත් තථාගත සම්මා සම්බුද්ධ වූ මා තොප හට මෙසේ පවසමි. ආරණ්‍යයට , රුක් මුලට හෝ ශුන්යාගාරයට ගියාවූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් උපදනේ වී නම් එකල්හි මා සිහිකරව්. කෙලෙසින්ද යත්...
ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදු රජුන් සියලු ක්ලේශයන්ගෙන් විනිමුක්තය එහෙයින් ලොවි ලොවුතුරා සැප පතා කරනා වූ දක්ෂිණාව මහත්ඵල කර දීමට, මැනවින් මුදුන් පමුණුවා දීමට සමත් වන්නේය. තමා විසින්ම අවබෝධ කොට සම්‍යක් සම්බෝධියට පත් වී අන් සත්වයනටද කුලුනින් තෙත් වූ හදින් සසර ඕඝයෙන් එතෙරවීමට මග දක්වන සේක. විද්‍යා චරණ නම්වූ අෂ්ට විද්‍යා හා පසළොස් ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් පරිපුර්ණ වූ සේක. යහපත් වූ ස්වභාව ඇති සේක. ලෝකත්ත්‍රයේම තතු ඇති සැටියෙන්ම දැන වදාළ සේක. කායබල , ඍද්ධි බල නැණ බලයෙන් මත්ව ප්‍රචණ්ඩව තොලුව හැසිරෙන්නවුන් මනාසේ දමනය කොට සුමගට පැමිණවීමට සමත් සේක. දෙවි මිනිස් සැමටම එකම නිවැරදි මග පෙන්වන්නාවූ සත්ත වහකයාණන් වන සේක. පරම ගම්භිර වූ චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් අවබෝධ කොට වසන සේක. අවසනදී සියලු ලෝකත්‍රයේ වස්නා වූ මනුෂ්‍ය දේව මාර බ්‍රහ්ම දී වූ සියලු සත්වයන්ගේ ගරු බුහුමනට අතිශයින්ම සුදුසු වන සේක.
පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් මා සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් මා සිහි නොකරවු නම් ඒ උතුම් වූ පර්යාප්ති සහිත නව ලොවුතුරා ශ්‍රී සත්ධර්මය මෙනෙහි කරව්.
ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ මා විසින් ඒ ශ්‍රී සත්ධර්මය මුල මැද අග යහපත්ව මැනවින් දේශනා කරන ලදිමි . මැනවින් පිලිපදනා වූ සත්පුරුෂයනට මේ දිවියේදීම ඵල ලබා ගත හැක්කේය. කල් නොයවාම විපාක දෙන්නේය. අන් දෘෂ්ටි ගතවුනට එව , පිළිවෙත් පුරා බලවයි කියා නිර්භයව ඇමතීමට සුදුස්සේය. අන් සියලු වැඩ පසුවට තබා ඒ සියල්ලට ම පෙර සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු වන්නේය. ධ්‍යාන , ඵල නිරෝධාදී වූ නිරාමිස ප්‍රනීත ඒකාන්ත සුඛයන් තමා විසින්ම මැනවින් ප්‍රගුණ කොට ගෙන රස විඳ ගත යුතු වූ ස්වභාවය ඇත්තේය.
පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් ශ්‍රී සත්ධර්මය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් ධර්මය සිහි නොකරවු නම් තෙපි සුන්දර ප්‍රතිපදාවෙන් යුක්ත වූ ආර්ය මහා සංඝ රත්නය මෙනෙහි කරව්.
ඒ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝ තෙමේ අධි ශීල , අධි චිත්ත , අධි ප්‍රඥ්යා සංඛ්‍යාත සුන්දරවූ , සෘජු වූ ප්‍රතිපදා ඇති සේක. නිවන සඳහාම පිළිපන්නේය. ඒ ශ්‍රාවක සංඝ තෙමේ ත්‍රි ශික්ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේය . පුරුෂ යුගල වශයෙන් සතර කොටසක්ද . පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වූ ඒ සංඝ රත්නය ඉතා දුර සිට වුවද ගෙන ගොස් දෙන සිවු පසය පිළිගෙන පරිභෝග කිරීමට සුදුසු වන සේක. අග්‍ර දක්ඛිනයියව ප්‍රිය මනාප නෑ මිතුරන් උදෙසා පිළියෙළ කලා වූ දෙය ද සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දෙය ද පිළිගැනීමට අතිශයින් සුදුසු වන සේක. දෙව් මිනිස් මර බඹුන් සහිත වූ සියලු ලෝ වැසියන දොහොත් මුදුන් තබා අතැඟිලි බැඳ කරන්නා වූ නමස්කාරය පිළිගැනීමට ඒකාන්තයෙන් ම සුදුසු වන සේක. ඒ ලෝ වැසියනට උතුම් වූ පින් කෙතක් වන සේක.
ඉදින් පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් උතුම් වූ ත්‍රිරත්නය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්.
ඒ කවර හෙයින්ද යත් , මහණනි ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ තථාගත තෙමේ නසන ලද රාග ඇත්තේය. නසන ලද ද්වේශ ඇත්තේය. නසන ලද මෝහ ඇත්තේය. කිසිවක් කෙරේ බිය නොවන්නේය. තැති නොගන්නේය.ඉමහත් බියෙන් තැති ගෙන පලා යන්නා වූ ස්වභාව නැත්තේය.
මෙසේ වූ ලොවුතුරා බුදුන්ද , ශ්‍රී සත්ධර්මයද , ආර්ය සංඝයාද සිහිකරනවුට බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් කිසිකලකත් ඇති නොවන්නේමය.
ගෞතම බුදුන් , සැවැත් නුවර ජේතවනාරාමයේදීය.