Wednesday, January 20, 2016

හලාල්


ප්‍රසිද්ධ , කවුරුත් නම කිව්වම දන්න, කෑම කඩ රාශියක් තියෙන තැනක මමත් වාඩිවෙලා පොඩි ජුස් එකක් බිබී ඉන්න අතරේ ඔන්න ඇහුනා ... 

මිතුරන් කීප දෙනෙක්  : මොකද්ද බං උඹ කඩේ හලාල් කෑම විකුනනවා කියල ගහගෙන ඉන්නේ. උඹ සිංහල බෞධයෙක් නේද ? ගලෝල දාපං ඕක. ලජ්ජ නැද්ද යකෝ. උඹත් අහුඋනාද හලාල් මාෆියාවට!

කඩ හිමියා : අනේ පලයන් යකෝ යන්න ගොං කථා කියන්නේ නැතුව. 

මිතුරන් : ඒ මොකෝ. උඹ දන්නේ නැද්ද දැන් අපේ රැල්ලක් යනවා හලාල් වලට විරුද්ධව. උඹත් එකට උදව් කරපන්. 

කඩ හිමියා :  නිකං කුහක මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. මගෙන් මුකුත් අහන්නේ නැතුව. 

මිතුරන් :  නෑ කියපං
කඩ හිමියා :   එහෙනං අහගනින්. දැන් බලපන්  ඔලුව උස්සල වටේට. කොච්චර මුස්ලිම් අය මෙතන මේස වල වාඩිවෙලා ඉන්නවද කියල ..

මමත් හිස ඔසවා බැලුවෙමි. හතර අතේ මේස රාශියක වාඩි  වී සිටින  අබායා පොරෝගත් ගැහැනුන්  සිටී.   

කඩ හිමියා :  දැක්කද ? මෙතෙන්ට  රුපියල් 400 ක්  දීල ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න එන්න සිංහල මිනිස්සුන්ට වත් කමක් නැහැ.   මෙතෙන්ට විතරක් නෙවෙයි දැන්  ලංකාවේ ඕන හයි එන්ඩ් තැනකට , කඩේකට , කෑම දෙන තැනකට , ඉස්පිරිතාලෙකට වැඩිපුරම කස්ටමර්ස් ල විදියට එන්නේ මුස්ලිම් අය. හොඳ හොඳ තැන්වල ගෙවල් තියෙන්නෙත් , හොඳ වාහනවල යන්නෙත් උන්මයි. උන්ගේ අතේ තමා සල්ලි තියෙන්නේ. උං තමයි දියුණුවෙන්න උත්සාහ උත්සාහ කරන්නේ. 

සිංහල එවුං  කෂියා , අරක්කු ගගහ  තමන්ගේ අතේ තියෙන පිච්චිය නැති    භංඝස්ථාන කරගෙන කුජිත වෙනවා. ගෑනු උදේ ඉඳන් මෝඩයාගේ පෙට්ටිය ඉස්සරහ.  ළමයින්ට ඉගෙනිමකුත් නෑ , හැකියාවකුත් නෑ  නන්නත්තාරයි. තාත්ත පියං වෙනකොට පුතා සෙකුරිටි.   ඒ සිංහල උං මෙතෙන්ට කන්න එන්නේ නෑ බං. උන් එක්කෝ  ගෙදරින් බත් පැකට් එක ගෙනල්ල ඔතාගෙන කයි , නැත්නං එළියේ පෙට්ටි කඩේකින් වඩේ කෑල්ලක් කාල ප්ලේන්ටියක් ගහයි. 

උඹල කියන විදියට හලාල් කෑම නොදී ඇරියොත් මට වෙන්නේ කඩේ වහන්න. 

මිතුරන් :  හරි හරි ... මොකද්ද උඹ කිව්ව කුහක කතාව ?

කඩ හිමියා :  ආ ඒකද !  දැන් කියපල්ලා එහෙනං තොපිට බීම නවත්තන්න පුලුවන්ද ?

මිතුරන් :  සද්දයක් නැත 

කඩ හිමියා :   ඒකනේ යකෝ කියන්නේ.  බුද්ධාගමේ තොපි ගන්න පන්සිල් වල පේන්නම තියෙන 4 වෙනි සිල් පදය ඒක. හලාල් කන්න එපා , විකුනන්න එපා කියල ත්‍රිපිටකේ වාටියෙවත් ලියල තියෙනවද ? හලාල් නැතිකරන්න වලි කන්න ඉස්සෙල්ලා තොපි අඩුගානේ පේන්න තියෙන පන්සිල් පද පහවත් රැකගෙන  කාලකන්ණි පුරුදු අතැරලා හැදිලා හිටපියව්.  

අතට පිච්චියක් ලැබිච්ච හැටියේ තොපි බලන්නේ  ගන්න බෝතලේ ගල්ද , පොල්ද , රෙඩ් ද , බ්ලැක් ද කියල .  තොපි මෙහෙං හම්බ කරන දේ නාස්ති කරගෙන බීල කුනුවෙනකොට,  තම්බි සල්ලි ඉතුරු කරගෙන සිහිකල්පනාව යෝදෝල දියුනුවෙනකොට ඒකටත් ඉරිසියාව.  ඒකටයි යකෝ කුහක කම කියන්නේ.   

තොපි බීම නවත්තපු දාට මම හලාල් කෑම විකුණන එකත්  නවත්තන්නං.

මම නැගිට ආවෙමි ....
   

13 comments:

  1. නැගිටලා ආවට ආයේ ලැජ්ජා නැතුව ආපහු ගියා නේද මචෝ උඹ

    ReplyDelete
    Replies
    1. ෂා ඔයා මාරයි නේ...

      Delete
    2. කෙලින් කතා කරන එකෙක් ගාවට ආපහු යන්න ලැජ්ජ වෙන්න ඕනෙද?

      Delete
    3. ලජ්ජා විය යුතු කරුණු 5 ක් ධර්මයේ සඳහන් වේ
      යමෙක් ,
      පර පණ නසාද , වංචා සිතින් සොර කමේ යෙදෙත් ද , පර අඹුවන් කරා යේද , මුසා බස් පවසත්ද , මධ්‍ය පානය කර සිහි මුලාව හැසිරෙත් ද හෙතෙම වියත් සභා මැදට හිස පහත් කරගෙන ලජ්ජාවෙන් පිවිසේ. සත්පුරුෂයන් ඉදිරියේ හැකිලී පසුවේ. චෝදනා කරන ලද හර්ධය සාක්ෂියෙන් ලැජ්ජාවට පත්ව කල් ගත කරයි....

      Delete
  2. එකෙම්ම එකඟයි මේ කතාවට. මුස්ලිම් උදවියට ආගමෙන්ම නීතියක් තියෙනවලු නේද බොන්න එපා කියල?

    අනික මුස්ලිම් ආගමික සංස්ථාව දුප්පත් පවුල් වලට උදව් කරනව. අපේ පංසල්? අසූ හාරදාහෙ පහන් පූජා, බෝධි ප්‍රාකාර, රන් වැට, සංඝාවාස ටයිල් කිරීම්...

    ReplyDelete
    Replies
    1. ඒවාට බනින්නෙපා සහෝ.. "මහණ අයත් මනුෂ්‍යයෝය".

      Delete
    2. ආමිෂ පුජා වලට මුල් තැන දෙන ආරාම මෙන්ම ප්‍රතිපත්ති පුජා වලට මුල් තැන දෙන ආරාමද ලංකාවේ අපමණ ඇත. කුසලයේ දක්ෂ තැනැත්තා අවස්තානුකුලව , අවශ්‍යතානුකුලව ඒ ස්ථාන තෝරා ගනී. සමාජ සත්කාර වල නියැලෙන ආරාම සහ භික්ෂුන් වහන්සේලාද අපමණ ඇත. අද ලාංකික ගිහි සමාජය කුණු වී ගොස් තිබෙන හැටියට භික්ෂුන් සිවුරක් දරාගෙන පන්සලට දන් පිංකම් වලට උපකාර වී සිටීමද විශාල සමාජ මෙහෙයකි.

      Delete
    3. දෙක,
      මනුෂ්‍යයෝ හැටියට සාමාන්‍ය ජීවිත ගත කිරීම එකක්. යුනිෆෝම් එක සහ නිල නිවාසය පදනම් කරගෙන බිස්නස් කිරීම උදෙසා මෝහය වැපිරීම තවත් එකක්.

      Delete
    4. මුස්ලිම් උදවියට 'බොන්න එපා' නීතියක් ඇති බව අසා තිබේ - එහෙත් බොන මුස්ලිමුන් ද සිටී. මෙය බෞද්ධයන්ගේ 'සුරාමේරය...' පිළිපැදීම හා සමය.

      එසේම 'මුස්ලිම් ආගමික සංස්ථාව දුප්පත් පවුල් වලට උදව් කරනව' යන්නත් එවැනිම නීතියකි. මෙය අන්‍යාගමිකයන් සූරා කෑම, හොරා කෑම, සහ මංකොල්ල කෑම යන ක්‍රම වලින් උපයා ගත් ධනය මුස්ලිම් සමාජය තුලට විසරණය කිරීමේ අනුමත ක්‍රමවේදයයි. එමගින් පොහොසත් අන්‍යාගමිකයින් නැති වේ (කොමියුනිස්ට්වාදය?). දුප්පත් අන්‍යාගමිකයින් මුස්ලිම් වේ. මුස්ලිමුන් පොහොසත් වේ. පොහොසත් මුස්ලිමුන් විසින් දුප්පත් කම නඩත්තු කෙරේ.

      මෙවැනි ක්‍රමවේදයක් බුදුදහමේ නැත. "අපේ පංසල්?" ය යනුවෙන් දැමීමෙන් ඔබ අදහස් කරන්නේ පන්සල් ඉස්ලාම් විය යුතු බවද ?
      ---------

      ඉහත සියල්ල නොකියා මහණ අයටත් ලෞකික ආශාවන් ඇති බව කීමටයි මා ඉහත උත්සාහ කළේ.

      Delete
  3. සුරාමේරය 4 වෙනි සිල් පදේ උනේ මුදලාලිගේ තුන් වෙනි සිල් පදේ හැලිලද නැත්නම් පුරුද්දක් විදියට හතර වෙනි සිල් පදේ කඩන නිසාද කියල අරුන් අහල නැත්තේ උන් පන්සිල් දන්නේ නැති නිසාම තමා.

    ReplyDelete
    Replies
    1. එය මට වූ වැරදීමකි . සමාවෙන්න :)

      Delete
    2. සමාවෙන්න නෙවෙයි ඕයි ලිපිය නිවැරදිව නැවත ලියනවා.

      Delete
    3. ලිපිය නැවත ලිව්වම කමෙන්ට් එකේ අරුත නැතුව යනවා ඕයි. අනිත් එක ඕයි ... සියල්ල පෙර්ෆෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ. ඕයි ත් පෙර්ෆෙක්ට් නැහැ. මාත් පෙර්ෆෙක්ට් නැහැ. ඒ නිසා මේ ලිපියක් පර්ෆෙක්ට් වෙන්නම අවශ්‍ය නැහැ නේ.

      වරදක් දුටු තැන වරද වටේ නටන්නේ නැතුව එය පිළිගෙන ඒගැන උපේක්ෂක වීම ඇතැම් විට සුදුසුයි. ඉංග්‍රීසියෙන් කියන්නේ letting go කියල (ඇලීම් ගැටීම වලින් වියුක්ත වීම). ඕයි සිඥ්ඥෝ ... ඔබත් letting go පුහුණු කරලා බලන්නකෝ. :)

      Delete