Sunday, July 10, 2016

අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why ?


අපේ සමහරක් අය රට, ජාතිය ,සත්ව හිංසනය, මානව සම්පත් කළමනාකරණය ගැන බොක්කෙන් කතා කරනවා නමුත් තමන්ගේ වගකීම රැකියවේදී, වහනය පදවන විට ඉටු කරන්නේ නැහැ .  අපේ අය හරිම වෙනස් සහෝ ! I don't know why මෙහෙම වන්නේ ඇයි ? - SPJ


එයට මුලික හේතුව කුහක කම. සමාජයක් වශයෙන්ම මෙහෙම කුහක වීමට හේතුව පරම්පරා කීපයක් තිස්සේ දරුවන්ට ළමා කාලයේදී එකිනෙකට වෙනස් අදහස් ඉගැන්වීම. උදාහරණ විදියට

1. බොරු කියන්න එපා කියන අම්මම ඉස්කෝලේ ඇඩ්මිෂන් එකේදී බොරු කියන්න උගන්වනව
2. සිගරට් , අරක්කු බොන්න එපා කියන තාත්තා හවසට යාලුවෝ එක්ක බොන පාටි දාන්නේ ගෙදර
3. පාරේ ටොපි කොළ දාන්න එපා කියල තාත්ත හවසට කුණු එක එහා ගෙදර මිනිහගේ ගේට්ටුව ගාව දාල එනවා
4. හොරකම් කරන්න එපා කියල, අවංක වීම ගැන උගන්වලා  කඩේ මුදලාලි වැඩිපුර දුන්න මාරුකාසි සාක්කුවේ දාගෙන එනවා
5. වැඩිහිටියන්ට සලකමු , මාතු පාදං, පීතු පාදං  නමාමි  කියල ළමයට උගන්නල සියා , ආච්චි වැඩිහිට නිවාසෙක දාල ගෙදර එනවා
6. කුණුහරප කීම නරකයි කියල ළමයට කිව්වට ගෙදර දෙමව්පියෝ ගෝරි යන්නේ අමු කුණුහරපෙන්
etc

මෙහෙම ද්විවිධ සිග්නල් කුඩා කාලයේ සිටම ළමා මනසට ගියහම ඒ ළමයට කීම සහ කිරීම කියන්නේ එකිනෙකට වෙනස් එකිනෙකට සම්බන්ධ නොවුන ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඔහු වැඩිවියේදී සමාජයට එකතු වෙන්නේ යථා වාදී තථා කාරී නුවුන කුහකයෙක් විදියට. මෙය තමා ලාංකික සමාජයේ දේශපාලකයාගේ සිට හිඟන්නා දක්වා විහිද ගොස් ඇති එකම කේධවාචකය.

සමාජයට බැන වැදිලා , චන්දයෙන් චන්දයට  වෙනත් දේශපාලකයෙක්ට කතිරේ ගහල මෙය වෙනස් කරන්න බැහැ. මෙය තමන්ගෙන් , තමන්ගේ කැපවීම හරහා   දරුවන් ට ලබා දෙන ආදර්ශය හරහාම  ආපසු  හැරවිය හැකි දෙයක් පමණයි 

1 comment:

  1. ආවෙ පොසම් ලිපියෙ ලින්ක් එක හරහා. හෙමීට අනිත් ලිපිත් කියවන්න ඕනෙ. RSS feed config කරලා නෑ නේද? blogroll එකේ update වෙන්නෙ නෑ

    ReplyDelete