සමහර අය ඉස්සර අහනවා , අනේ පුතේ ඔහේ තියෙන හොඳ යුනිවර්සිටිස් ටිකක් කියල එවන්නකො කොල්ල/කෙල්ලව යවන්න. මාත් ඉතින් පණ දාගෙන හොයල යවනවා. පස්සේ තමා තේරුනේ ලංකාවේ කට්ටිය මේ හොඳ යුනිවර්සිටි කියල කියන්නේ අඩුම මුදල් ප්‍රමාණයක් පෙන්නලා අඩුම වියදමකින් මේහෙට එන්න වීස ලැබෙන , ඇවිල්ල සුමානෙකට පැය පනහක් විතර වැඩ කරලා සම්පුර්ණ කෝස් ෆී එකයි , ජිවන වියදමයි හොයාගෙන , හොඳ රස්සාවක් කරනවා වගේ ලංකාවට මුදලුත් යවන්න පුළුවන් විදියේ යුනිවර්සිටි එකක් ... ඒ කියන්නේ සෙමෙස්ටර් එක පුරාවට යුනි එකට පය නොතියල විභාගේ වෙලාවට ඔහේ ඔළුවට එන දෙයක් ලියල පාස් වෙන්න පුළුවන් , පන්ති වලට පැමිණීම කිසි සේත් වැදගත් නොවන යුනියක්. යුනියක් කිව්වට බෝඩ් කෑල්ලක්.... වීස ගන්න විතරක් ...
අනේ එහෙම ඒවා නම් ඇති. මං නම් දන්නේ නැහැ. මං දන්නා ඒවාට ගියොත් නම් , හරියට ඉගෙනගන්නවා නම් , පේල් නොවී ඉන්න ඕනේ නම් පාර්ට් ටයිම් ජොබ් කරන්න , පිස්සු කෙලින්න නෙමේ නිදා ගන්න පැය දෙක තුනක වත් වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. (මෙහෙම තියෙද්දිත් , ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ පිටරට ගිහිල්ල සල්ලි දුන්නහම නිකං උපාදියක් ලැබෙනවා කියල නෙව ) ඔය ලංකාවේ ඉන්න යුනිවර්සිටි පන්ගාර්තු කරලා දෙන කපුටෙකුට කිව්වහම කිසි ප්‍රශ්නයක් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් නෙව.එක නෙමේ මේ කියන්න ගියේ.
2012-2013 සඳහා ලෝකයේ ටයිම්ස් විශ්වවිද්‍යාල වර්ගීකරණය පිටවෙලා කියන එක. මෙහෙ ටොප් එකේම ඉන්නේ මෙල්බන් යුනිය. ඒ ලොවේම 28 වෙනියා විදියට. මොනෑෂ් එක සැහෙන්න පහු වෙලා 99 වෙනියා. මේ දෙකේම ඉගැන්වීම , ගුරුවරු, රිසර්ච්, පහසුකම්... ඔය සියල්ලම සුපිරි. ඔන්න අත්දැකීමෙන්ම තමා කිව්වේ. නයෙක් නෙමේ.
ගේ ඉස්සරහ තියෙන ඩීකින් එක තියෙන්නේ 350-400 අතර රෑන්ක් එකේ . ඔන්න ඉගෙන ගන්න මෙහෙ එනවා නම් අතේ මිටේ සල්ලිත් හොඳට තියෙනවා නම් යන්න ඕන , ගිහිල්ල ගානට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් යුනි කීපය උඩින්ම තියෙන්නා මේ ලිස්ට් එකේ.
ගාන ? මෙල්බන් යුනි එකේ විද්‍යා විෂයන්ගෙන් උපාධියක් කරනවා නම් $94,424–$126,268 අතර ගානකුත් මෙඩිසින් කරනවා නම් $279,710 වගේ ගානකුත් යනවා කියල තමා කියන්නේ.
අනේ!!! කියන්න දුකයි පින්වතුනි. ලංකාවේ එක යුනියක් වත් පැත්ත පළාතේ වත් නැහැ නේ මේ කිසිම ශ්‍රේණිගත කිරීමක . බලමු 6% ලැබුනහම වත් ලිස්ට් එකේ පලවෙනි 1000 ට වත් එන්න ඇහැක් වේවිද කියල.....
