Sunday, September 15, 2013

ලංකාව සහ චීනය - වර්තමානය සහ අනාගතය

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ චීන නාම පුවරු කියල 33000 හේ  දාපු ලිපියේ තියෙන කොමෙන්ටු ටික දැක්කම පොඩ්ඩක් ලියන්න හිතුන කාලෙකට පස්සේ.  
Sri Lankan fire dancers perform outside the Lotus Pond,
 a new performing arts  theatre in Colombo.
The 3.08 billion rupee  (USD 27 million) theatre,
  was built with aid from China. (AFP)

ලංකාව තුල චීනය මගින් කරන මෙහෙයුම් කටයුතු දැන් බොහෝ දුරට වැඩි වී ඇත. මෙය පුදුමයට කරුණක් නොවේ. වසර ගනනාවක සිට  ම අප විසින් බලාපොරොත්තු ව සිටිය යුතුව තිබුණු  දෙයකි. පශ්චාත්  යුධ  සමයේදී මෙම චීන බලපෑම ලංකාව තුල බහුලව  දක්නට ලැබුනත්  , පැසිෆික් කලාපය සහ අප්‍රිකාව  තුල චීනය තම මෙහෙයුම් ආරම්භ  කලේ බොහෝ කාලයකට  පෙර සිටමය. එහෙයින්     අනාගතයේදීද ලංකාව තුල සිදුවන චීන ආයෝජන , විදේශ ණය දීම ආදිය වැඩි වීම අනිවාර්යයෙන්ම අපේක්ෂා කල යුතුව ඇත.  

මහින්ද රාජපක්ෂ රජය විසින් චීන රජයේ  මෙම උනන්දුව  හරියන්නට හෝ වරදින්නට හෝ හොඳින් ග්‍රහණය කරගත් බව  මට පෙනී ගිය දෙයකි.  කෙසේ වුවත්  අනාගත සුපිරි බලවතුන් වන ඉන්දියාව සහ චීනය සමබරව තබා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික අතුරේ යාමක් ලංකා රාජ්‍යය විසින් ඉදිරි දශක කීපය තුල සිදු  කල යුතුව ඇත. මෙය චීනයේ  මෙහෙයුම් කටයුතු සිදුවන රටවල් අතරින් ලංකාවට පමණක් විශේෂිත වූ   තත්වයකි.  

ලංකාව තුල මෙන්ම චීනය පෙරදිග , පැසිෆික් කලාපයේ   සහ අප්‍රිකානු මහාද්වීපයේ   තවත් බොහෝ රටවල් අතරත් ඉතාමත් තදබල ආකාරයෙන්  තම ආයෝජන ව්‍යාප්ත කරමින් පවති.  මේවා මුලික වශයෙන් සහනාධාර සහ ආයෝජන ලෙස වෙන් කල හැකිය. 

මුලින්ම සහනාධාර සහ මුල්‍ය උදව් දීම මගින් හොඳ හිත වර්ධනයත් දෙවනුව ණය සහ ආර්ථික ආයෝජන පුළුල් කිරීමත් සිදු කරනු ලබයි.   වසර කීපයකට පෙර ඇමරිකා එක්සත්ජනපදය  මුලික වූ  ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ප්‍රධාන  වශයෙන් තුන්වල ලෝකයේ රටවලට යටිතල පහසුකම් නැංවීම සඳහා ණය  මුදල් සැපයුවත් දැන් චීනය එම ලෝක අරමුදල් පරදවා  බොහෝ පෙරමුණුවලදී ජාත්‍යන්තර ණය දීමේ පෙරමුණට පැමිණ ඇත. 

මෙයට ප්‍රධාන හේතු හතරකි  . 
1.  ඇමරිකාව , ජපානය ප්‍රමුඛ විශාල වශයෙන් ජාත්‍යන්තරව ආධාර ලබාදෙන රටවල පසුගිය වසර කීපයේ සිදුවූ ආර්ථික පසුබැස්ම.  

ජපානයේ පසුගිය දශක 2ක පමණ කාලයක් මුළුල්ලේ සිදු වූ ආර්ථික පසුබැස්ම මෙන්ම  ඇමරිකාව පසුගිය දශකයක පමණ කාලයේ සිට නොනවත්වා කරන අන්තර්ජාතික තලයේ යුද්ධයන් නිසා , දියුණුවන රටවලට මෙම රටවලින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  හරහා ලබා දුන් ආධාර බොහෝ ලෙස අවම වී ඇත.

2. චීනයේ සිදුවන බලවත් ආර්ථික ප්‍රසාරණය  සහ විශාල  වශයෙන් සිදුවන අපනයන   හේතුවෙන් අතිවිශාල විදේශ මුදල් සංචිතයක් (trade  surplus ) එරටට හිමි වී ඇත.  ඩොලර් ට්‍රිලියන ගණක මෙම විදෙස් මුදල් සංචිතයන් එරට රාජ්‍ය බැංකු විසින් විවිධ රටවල ආයෝජනය කිරීම සිදු කරනු ලබයි.  එසේ නොමැතිව එම සන්චිතයනට  කරන්නට දෙයක් චීනයට නොමැත.

  3.  ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  රටකට ණය ආධාර ලබා දීමේදී විවිධාකාර කොන්දේසි පැනවීම් සිදුකරනු ලබයි. එම ණය  ලබාගන්නා  රටවලට එම මුල්‍ය අරමුදල් මගින් පනවන  යහ පාලනය ,  නාස්තියෙන් සහ දුෂණයෙන් තොර විනිවිද භාවය , ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කිරීම  , මාධ්‍ය  සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ආදී මෙකි නොකී  විවිධාකාරයේ කොන්දේසි වලට යටත්ව එම අරමුදල් පරිහරණය කිරීමට සිදු වේ.    නමුත් චීනය මේ කිසිදු කොන්දේසියක් පැනවීමකින් තොරව ණය ආධාර ලබාදීම සිදුකරයි. එමනිසා දුෂිත ආණ්ඩු මගින් පාලනය වන තුන්වන ලෝකයේ බොහෝ රටවල් දැන් චීනයෙන් අවම කොනේදේසි  යටතේ ණය  ගැනීමට ප්‍රිය කරති.
   
 4. චීනයේ යුදමය සහ ආර්ථික බලය  ජාත්‍යන්තර තලයේ ව්‍යාප්ත කිරීම.
 ණය  දීමෙන් ලෝක බලවතෙක් වන්නේ කෙසේ දැයි කෙනෙකුට ප්‍රශ්නයක් පැනනැගිය හැක.  නමුත් එය ඉතා සරල දෙයකි. 

ප්‍රථමයෙන් ණය  ආධාර ලබා දීම මගින්  රටක ආර්ථිකයේ විශේෂ ස්ථාන තම පාලනය යටතට ගැනීමට චීනයට හැකි වේ. උදාහරණයක් ලෙස චීන ණය  මගින් ගොඩ නැගු  මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ,  විවිධ අදිවේගී මාර්ගයන් සහ තවත් විවිධ අනාගත ආයෝජනයන්  එම ණය  මුදල් ගෙවා නිම වෙන තෙක් රටක් ග්‍රහණයේ තබාගැනීමට අවශ්‍ය තුරුම්පු බවට පත් වේ. 

 දැනටත් චීනයේ ණය  ආධාර ලබාගත් ආසියානු  සහ පැසිෆික් කලාපයේ ඇතැම් කුඩා රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී  චීනයේ අභිමතය පරිදි ස්වකිය චන්දය භාවිතාකිරීම සිදුකරනු ලබයි.  

අති විශාල චීන ආයෝජන සහ මෙහෙයුම් පවතින රටකට යුධමය  අවස්ථාවකදී  එම යුද මෙහෙයුම් සඳහා චීන සහ ඔවුන්ගේ මිත්‍ර හමුදා සඳහා  අනිවාර්යයෙන් පහසුකම් සැපයීමේ වගකීම පැමිණේ.  මෙය කර ඇරිය නොහැකි වගකීමකි 

ලෝකයේ සම්පත් පාලනය කරන්නා ලෝකය පාලනය කරතියි යන්න දැන්  දශක ගණනාවක් පැරණි මුලික අදහසකි.  ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමුහාණ්ඩුව මගින් දශක ගණනාවක් තිස්සේ ක්‍රියාවට නැංවූ මෙම නුතන අධිරාජ්‍ය වාදී  ආර්ථික පිළිවෙත චීනය විසින් ඉදිරියට ගෙනයාම ඉදිරි දශක කීපයේදී අප හට දැකගත හැකි වනු ඇත.  මෙහිදී චීනයේ මුලික  ඉලක්කය වනු ඇත්තේ ඛනිජ සම්පත් බහුල  අප්‍රිකානු මහාද්වීපය  ,  තෙල් සහ ස්වභාවික  වායුන් ගෙන් පොහොසත් මැලේසියානු සහ ඉන්දුනීසියානු  රටවල් සහ  අප්‍රිකානු මහාද්වීපය සහ චීනය අතර  පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් ලංකාවයි 

කෙසේ වුවත් ඉදිරි දශක කීපයේදී අන්තර්ජාතික තලයේ වෙළඳාම්  කරනා  ටයි කෝට් දැමු සුද්දන්   , ෂර්ට් කලිසම් හැඳි  චීන බස කතා කරනා චිනුන්  මගින් ආදේශ වෙන බව  මතක් කල දිය යුතුව ඇත. කලිනුත් සඳහන් කල පරිදි  තම දරුවන්ට ප්‍රංශ  , ජර්මන් වෙනුවට කලින්ම මැන්ඩරින් උගන්වා ඔවුන්  future  ready කර තැබිම කෝකටත් හොඳය. 

නිකං ඉන්න ගමං ගාය  වැඩි කමට ලිව්වේ.   තාක්ෂණික වැරදි ඇත්නම් කරුණාවෙන් පෙන්වා දෙත්වා.

Further Reading: 

Sunday, July 21, 2013

Black Hole Jokes

How does two black holes greet each other ?
With a gravitational wave ...

Why did the Black Hole burp after consuming Jupiter?
Too much gas!

How many black holes does it take to change a light bulb?
none. there is no light around black holes.

If a BlackHole got married , can it still be call a singularity ?

How many black holes can fit on the head of a pin?
All of them.

How do you flatter a BlackHole?
Tell it that it sucks.

Teacher to black hole: I’ve never had a student as dense as you are.
Black hole: Thank you, Sensei.

What do you say to a black hole to make it feel self-conscious?
“Oh, I think I saw a little flash of light there.”

Black hole siblings in the back seat on a long car ride:
“Mom, Bobby’s touching my event horizon.”
“Am not! (whispers to his sister:) You suck like a girl.”
“MOM!”
“You two shut up back there before I go supernova again.”

What’s the difference between the Federal Deficit and a Black Hole?
The event horizon.

"Black holes are where God divided by zero."
Stephen Wright

“Curiosity killed the white dwarf”