පිටකොටුවට පොඩි බඩු වගයක් ගන්න ගිය වෙලේ වැස්ස වැටෙන්න පටං ගත්ත නිසා ගුණසේන පොත් සාප්පුවට රිංගුවා.
එහෙං මෙහෙං බලනකොට හොඳ පොත් කීපයක්ම දැක්ක නිසා පොත් 4ක් 5 ක් මිලදී ගන්න අතේ තියාගෙන ඉන්නකොට පනාව දාගෙන හොඳ පෙනුම තියෙන කාන්තාවක් අහසින් පාත් උනා වගේ සම්ප්‍රාප්ත උනා.
කාන්තාව : සර් ට අපේ කාඩ් එක තියෙනවද ?
මම : (බෑග් එක කවුන්ටරේ තැබීමෙන් පසු ලැබුන කාඩ් පත පෙන්වමින් .. ගොනා පාර්ට් රඟපාමින් ) මේකද ?
කාන්තාව : අයියෝ නෑ සර් අපේ මෙම්බ ෂිප් කාඩ් එක. ඒකෙන් ගන්න හැම පොතකටම 2% ක් ම ඩිස්කවුන්ට් ඇඩ් වෙනවා.
මම : ආ ඇත්තද !
කාන්තාව : සර් අපේ ෂොප් එකට නිතර එනවද ?
මම : නෑ අනේ. කලාතුරකින් තමයි එන්නේ. (පිටත වැස්ස දෙස බලමින් ) වෙන යන්න තැනක් නැත්නම්
කාන්තාව : එහෙනං සර් අපි මෙම්බ ෂිප් කාඩ් එකකට ඇප්ලයි කරමුද ?
මම : ආ .. ඔහොම ඉන්නකෝ බලන්න.... සියට දෙකයි නේද කිව්වේ ? එතකොට දාහකට රුපියල් 20. ලක්ෂෙකට රුපියල් 2000. මට ලක්ෂෙක පොත් ගන්න තව අවුරුදු 10 වත් යාවි. එතකොට රුපියල් 2000 ක වාසියක් ලබන්න මට අවුරුදු 10 ක් සහ රුපියල් ලක්ෂයක් මෙතනට කැප කරන්න වෙනවා ....
කාන්තාව : හි හි
මම : අනිත් අතට , මම සාමාන්‍යයෙන් පොත් ගන්න යන මරදානේ තැන්වල 20% - 30% ඩිස්කවුන්ට් මට හැමදාම ලැබෙනවා.
කාන්තාව : ඒ කොහෙද ඒ ?
මම : දයාවංශ ජයකොඩි , ගොඩගේ , ආරිය වගේ තැන්
කාන්තාව : ඒ පොත් ගොඩක් ගත්තොත් නේ !
මම : නැහැ .. එක පොතක් ගත්තත් එහෙමයි. සාමාන්‍යයෙන් ප්‍රකාශකයෙක් 30% ක ඩිස්කවුන්ට් එකකට තමයි කඩ වලට පොත් දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක් ප්‍රකාෂකයගෙන්ම ඇවිල්ල ගන්නකොට ඒ ඩිස්කවුන්ට් එක ඒ විදියටම නොවුනත් 20% වත් කස්ටමර් ට දෙන එක නේද සදාචාරය.
දැන් බලන්න මෙතන ඔයගොල්ලෝ ප්‍රකාශ කරන පොත් 100 ක් ගත්තත් සත පහක ඩිස්කවුන්ට් එකක් නෑ නේ. එහෙම පාරිභෝගිකයෝ ගසා කන ගමං , ඒ අයව රවට්ටන්න හිතාගෙන 2% කේ සිනි බෝල දෙන්න හදන වැඩේ නං කුජීතයි.
දහ දාහක්ම පොත් මෙතනින් ගත්තොත් මට ඩිස්කවුන්ට් ලැබෙන්නේ රුපියල් 200. රුපියල් දෙසිය කියන්නේ මොකද්ද !! මම ඊයේ ටොයිලට් පේපර් රෝල් දෙකක් ගත්තා රුපියල් දෙසිය විස්සකට. බලං ගියාම ඔයගොල්ලොන්ගේ කාඩ් එකෙන් එහෙමවත් ප්‍රයෝජනයක් නෑ නේ
කාන්තාව : අන්තරස්දාන විය
Wednesday, November 18, 2015
Sunday, August 16, 2015
දේශපාලන ලොල් කතා

අම්මපල්ල අතිං දැම්මෙත් නෑ අඩු කරෙත් නෑ. පෞද්ගලික වල් පල් ටිකක් විතරක් අයින් කරා
අපේ අයිය ඉන්නවනේ.. මිනිහ තද යහපාලන කාරයෙක්. ඇහුවොත් කටේ තියෙන්නේ යහපාලනය , මහින්ද හොරා , අරය හොරා , මූ හොරා ... මහින්ද බලය අයුතු විදියට පාවිච්චි කරා , මහින්ද උසාවියට , පොලිසියට බලපෑම් කළා , ප්‍රජාතන්ත්‍ර වාදය බල්ලට ගිහිල්ල etc ... ඒවගේම පිළිගත් , සිවිල් බලපෑම් කල හැකි වෘතියක් කරන කෙනෙක්. තාත්තා විශ්‍රාමිකයි. තවත් තද යහපාලන කාරයෙක් වගේම අර මන්තර ටිකම ජප කරන කෙනෙක්.
තාත්තා : බලන්නකෝ තමුසෙගෙ අයිය ඊයේ රෑ **** හංදියේ සිග්නල් දාන්නේ නැතුව හරවලා මෝට බයිසිකල් කාරයෙක් හප්පලා නේ. මිනිහට හොඳටම අමාරුයි. ඉස්පිරිතාලේ.
මම : හැබෑටම. ඉතිං මොකද උනේ ?
තාත්තා : පොලිසි ගියා. අයිය හොඳට පොලිසිය අඳුරනවා නේ. එයාගේ වැරැද්ද උනත් ඒගොල්ල ශේප් කරලා දාල.
මම : ඉතිං අර හැපුන මිනිහ පවු නේ. හොඳටම තුවාලත් ඇති. කියක් වත් අඩු ගානේ දුන්නේ නැද්ද ?
තාත්තා : ඒ මොකටද. මිනිහනේ ඇවිල්ල හැප්පුනේ. මිනිහට මොකටද සල්ලි දෙන්නේ
මම : රෑ ඩ්‍රයිව් කරලා සිග්නල් නොදා මිනිහෙක්ව හප්පලා , ඒ මිනිහට සතයක් වත් නොදී , පොලිසියේ තමන්ගේ සිවිල් බලය පාවිච්චි කරලා සිද්දිය යට ගහන එක එයා විශ්වාස කරන යහපාලන මුලධර්ම අනුව වැරදියි නේද ?
තාත්තා : කොහොමද දැන් ඔහෙට වහිනවද ?
.
.
.
.
මම : කොහොමද දැන් දේශපාලනය .. හොඳටම උණුසුම් ඇති නේද ?
තාත්තා : ආ ඔව් ඔව්. දන්නවා ඇතිනේ සන්ධානේ ලේකම් දෙන්නල දොට්ට දැම්මනේ. උං ට දැන් යන එන මං නැහැ.
මම : ඔව් ඔව් ඉතිං.
තාත්තා : වැඩේ කරේ ආයි ගොඩ එන්න බැරි වෙන්න. හෙහ් හෙහ් . සිකුරාදා උසාවිය වාහන වෙලාවටම නියෝගයට අත්සන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සෙනසුරාද , ඉරිදා නිවාඩුයි. සඳුදා අඟහරුවාදාත් නිවාඩුයි. උන්ට කිසි දෙයක් කරන්න බැරි වෙන්න , විරෝධතාවයක් වත් උසාවියට ගේන්න බැරි වෙන්නම තද කරලා දැම්ම.
මම : හෑ.!!! මිනී මරුවෙක්ට උනත් විරුද්ධව කරුණු දක්වන්න අවස්තාවක් තියෙනවා නේද ? මුලික විරෝධතාවයක් වත් ගෙන එන්න බැරි වෙන විදියට එහෙම කරන එක යහපාලනයට එකඟනෑ නේද ?
තාත්තා : ඒ වගේ වෙලාවට යහපාලනය , ප්‍රජාතන්ත්‍ර වාදය බල බල ඉන්න බෑ. ගහලම දාන්න ඕන.
Subscribe to:
Posts (Atom)
