අම්මපල්ල අතිං දැම්මෙත් නෑ අඩු කරෙත් නෑ. පෞද්ගලික වල් පල් ටිකක් විතරක් අයින් කරා
අපේ අයිය ඉන්නවනේ.. මිනිහ තද යහපාලන කාරයෙක්. ඇහුවොත් කටේ තියෙන්නේ යහපාලනය , මහින්ද හොරා , අරය හොරා , මූ හොරා ... මහින්ද බලය අයුතු විදියට පාවිච්චි කරා , මහින්ද උසාවියට , පොලිසියට බලපෑම් කළා , ප්‍රජාතන්ත්‍ර වාදය බල්ලට ගිහිල්ල etc ... ඒවගේම පිළිගත් , සිවිල් බලපෑම් කල හැකි වෘතියක් කරන කෙනෙක්. තාත්තා විශ්‍රාමිකයි. තවත් තද යහපාලන කාරයෙක් වගේම අර මන්තර ටිකම ජප කරන කෙනෙක්.
තාත්තා : බලන්නකෝ තමුසෙගෙ අයිය ඊයේ රෑ **** හංදියේ සිග්නල් දාන්නේ නැතුව හරවලා මෝට බයිසිකල් කාරයෙක් හප්පලා නේ. මිනිහට හොඳටම අමාරුයි. ඉස්පිරිතාලේ.
මම : හැබෑටම. ඉතිං මොකද උනේ ?
තාත්තා : පොලිසි ගියා. අයිය හොඳට පොලිසිය අඳුරනවා නේ. එයාගේ වැරැද්ද උනත් ඒගොල්ල ශේප් කරලා දාල.
මම : ඉතිං අර හැපුන මිනිහ පවු නේ. හොඳටම තුවාලත් ඇති. කියක් වත් අඩු ගානේ දුන්නේ නැද්ද ?
තාත්තා : ඒ මොකටද. මිනිහනේ ඇවිල්ල හැප්පුනේ. මිනිහට මොකටද සල්ලි දෙන්නේ
මම : රෑ ඩ්‍රයිව් කරලා සිග්නල් නොදා මිනිහෙක්ව හප්පලා , ඒ මිනිහට සතයක් වත් නොදී , පොලිසියේ තමන්ගේ සිවිල් බලය පාවිච්චි කරලා සිද්දිය යට ගහන එක එයා විශ්වාස කරන යහපාලන මුලධර්ම අනුව වැරදියි නේද ?
තාත්තා : කොහොමද දැන් ඔහෙට වහිනවද ?
.
.
.
.
මම : කොහොමද දැන් දේශපාලනය .. හොඳටම උණුසුම් ඇති නේද ?
තාත්තා : ආ ඔව් ඔව්. දන්නවා ඇතිනේ සන්ධානේ ලේකම් දෙන්නල දොට්ට දැම්මනේ. උං ට දැන් යන එන මං නැහැ.
මම : ඔව් ඔව් ඉතිං.
තාත්තා : වැඩේ කරේ ආයි ගොඩ එන්න බැරි වෙන්න. හෙහ් හෙහ් . සිකුරාදා උසාවිය වාහන වෙලාවටම නියෝගයට අත්සන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සෙනසුරාද , ඉරිදා නිවාඩුයි. සඳුදා අඟහරුවාදාත් නිවාඩුයි. උන්ට කිසි දෙයක් කරන්න බැරි වෙන්න , විරෝධතාවයක් වත් උසාවියට ගේන්න බැරි වෙන්නම තද කරලා දැම්ම.
මම : හෑ.!!! මිනී මරුවෙක්ට උනත් විරුද්ධව කරුණු දක්වන්න අවස්තාවක් තියෙනවා නේද ? මුලික විරෝධතාවයක් වත් ගෙන එන්න බැරි වෙන විදියට එහෙම කරන එක යහපාලනයට එකඟනෑ නේද ?
තාත්තා : ඒ වගේ වෙලාවට යහපාලනය , ප්‍රජාතන්ත්‍ර වාදය බල බල ඉන්න බෑ. ගහලම දාන්න ඕන.
පට්ට.. මට මතක් උනේ අර කතාවට කොල්ලෝ අහන්නේ..'මේකද යකෝ යහපාලානේ?' හැක හැක හැක..
ReplyDeleteයහපාලනේ වරදක් නැහැ. කරන මිනිස්සුයි සපොර්ටර්ලයි නං අනේ මන්ද :D
Deleteඇනෝ කෙනෙක් ගේ පිළිතුරක් අයින් කරා භාෂාව නිසා. ඔහු වැරදි වැටහීමක් ඇතිවීම ගැන කනගාටු වෙනවා. විහිළුවක් වත් තේරුම් ගන්න බැරිව බුරා පනින මිනිස්සු යහපාලන දේශපාලනය කිරීම ගැන ලොකු භිතියකුත් ඇති වෙනවා , 88 කාලේ ගම්පෙරලිය කියවන්න ගිහිල්ල තරුණයන්ට වෙච්ච දේවල් මතක් උනාම. :D
ReplyDeleteඋඹ මහ කෂඩයෙක්. මම දෙවෙනි සැරේට දැම්ම කමෙන්ට් එකත් කපලා. මම අනාවැකියක් කියන්නද. මේ පෝස්ට් එකට ආයේ කිසිම කමෙන්ට් එකක් වැටෙන්නේ නැහැ.
DeleteLOL ඇනෝ සහෝදරයා... මම මේ බ්ලොග් එකේ වත් වෙන කිසි තැනකවත් කියල තියෙනවද මම නිදහස් අදහස් දැක්වීමේ අයිතිය පිලිගන්නවා , සියලු මතවාද වලට සමානව සලකනවා , නිදහස් මාධ්‍ය කලාවක් ගොඩ නගනවා කියල ? නැහැ නේ. මොකද මම එහෙම දෙයක් පිළිගන්නේ නැති නිසා. කෂඩ , මම අකමැති පිළිතුරු දැක්කොත් මම ඒවා ඉවත් කරනවා.
Deleteනිදහස් මාධ්‍ය කලාව සුරකිනවා , නිදහස් ව අදහස් දැක්වීමේ අයිතිය සුරකිනවා කියල බොරුවෙන් බලය අරගෙන වාරණය දාන , අපේ අයිය , තාත්ත වගේ යහපාලනය බඩ යන නමුත් ක්‍රියාවෙන් බලු වැඩ කරන මුණු දෙකේ කුහකයෝ අතර මම අවංකයි කියල මම විශ්වාස කරනවා. තව පිළිතුරු සපයන්න මහන්සි වෙන්න එපා... වැඩක් නැහැ. තේරෙනවා නේ ! ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කිව්වේ.
කවුරු ආවත් බලයක් තියන එකාටයි, නැති එකාටයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දෙවිදිහකට. ඒක වෙනස් වෙයි කියල හිතන්න බෑ.
ReplyDelete