Tuesday, April 27, 2010

Amba Vidamana (අඹ විදමන) - Gammadu Poojothsavaya



On last Friday night (23 April 2010) had a chance to see a gam-madu held in Piliyandala temple.
As many people have mentioned (and I was eavesdropping) , this one was the best they have seen in their whole life. It was a massive function and really well done.
It started around 10.00 PM and went on continuously till next day 5.00 PM.
Amba vidamana is a item started around 9.00 AM next day and went on for about 2 hours.

Following is a small description of it taken from elakiri.com.

අඹ විදමන

කවි ගායනා කරමින් නාට්‍යාකාරයෙන් රඟ දක්වන මෙම අංගය තුළ, දකුණු ඉන්දියාවේ පඬි රජුගේ උයනේ හටගත් අරුම පුදුම අඹ ගෙඩියක් විද, බිම හෙළීම විදහා දැක්වෙන සේ අඹ විදමන සකස් කර ඇත. ශක්‍රයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණ අඹ ගෙඩිය විදීමේ සිද්ධිය පාදක කරගත් මෙම අවස්ථාවේ, කෝලම් නර්තන සම්ප්‍රදායයේ එන අණබෙර කෝලමේ මුහුණ භාවිතයට ගනී. එහි මහලූ වේශයක් දැක්වෙන අතර, ගම්මඩුව ශාන්තිකර්මය සඳහා වෙනත් ශාන්තිකර්මයන්හි ලත් ආභාසය ද ඉන් නිරූපණය වේ. මහල්ලා බෙර වාදකයින් සමඟ දීර්ඝ සංවාදයක යෙදෙන අතර දෙපැත්ත කැපෙන්නා වූ ද, අසභ්‍ය වූ ද වදනින් තත්කාලීන රූපවාහිනී වෙළඳ දැන්වීම්වල වදන්වලින් ද එය සමන්විත වෙයි. ප්‍රේක‍ෂකයාගේ මනසට ඉතා පහසුවෙන් සමීප විය හැකි ආකාරයෙන් පෙළ ගස්සවා ඇති මේවා මගින් හාස්‍යය උත්පාදනය කරයි. එනම් මෙම ශාන්තිකර්ම අතීතය ප්‍රතිනිර්මාණය කරනවා පමණක් නොව, වර්තමානය ද යාතුකර්මයට සමීප කර රෝග නිවාරණ කාර්යයක යෙදෙන බව පැහැදිලි වේ. මෙම නර්තනාංගය අවසානයේ පත්තිනි දේවියගේ අඹෙන් වූ උපත සඳහන් කර පත්තිනි දේවියගේ ආශීර්වාදය ආතුරයන්ට ලබා දෙති.


‘අහස් ගැබේ වැඩවූ සබේ එරන් අඹේ පිළිසිඳ තෙද පැමිණ
දහස් සබේ මැද එ සුබේ පාපු ලොවේ පඬියා නෙත මකමින
යසස් ඔබේ ගුණ නිළඹේ සිරුරු ගැබේ පණ ගෙන්නූ විගසින
දෑත් ගොබේ දොස නොතිබේ මිනිස් ලබේ තෙද අනුහස් වැයෙන’

Ref: (Sadun Thilaka)http://www.elakiri.com/forum/archive/index.php/t-470951.html

1 comment: