Sunday, November 13, 2011

කුල සුත්තං

©2011 Buddha Dharma
 Education Association Inc
ගාමිණිය, යම් වූ පින්වත් දායක පවුලක් බොහෝ රන් රිදී අතැතිව , මහත්වූ ධනයෙන් , භෝග සම්පතින් ආඪයව , බොහෝ සැප උපකරණ අතැතිව සුවයෙන් වසන්නේ නම් ඒ වූකලී තමන් පෙර පුරුදු පුහුණු කරන ලද්දා වූ දානයේ බලයෙනි , ශිල සංයමයැනි, සත්‍යවූ නිබොරු වූ වචනයේ අනුසසිනි.

කල්පඅනුවක් කාලයේ වැලිතලාවෙන් වැසි පවතින්නා වූ පෙර අතීතය මාගේ බුදු ඇසින් විමසන්නෙමි. යම් වූ ශ්‍රමන බ්‍රාහ්මණයකු හට පිසින ලැද අහර බිඳක් ලබාදීමෙන් , පරිත්යාගයෙන් අගතියට පත්වූ විනාශවී ගිය කිසිදු වූ හෝ සත්වයෙක් , ගෘහපති පවුලක් සර්වඥ්ඥ වූ මාගේ බුදු ඇසට විෂය නොවනේමය. එහෙයින් තොපගේ මේ වන් වූ මිත්‍යා විශ්වාසය අතැර නොපවතින්නේ නම් ඔසවා ආ බරක් බිම හෙලන්නා සේ නිරයාගමනය තොප හට වන්නේය.

අසව, සියල්ලෙන් ආඪයව ජීවත් වන්නා වූ පවුලක්හි ධනය විනාශ වන්නා වූ අන් ක්‍රම අටක් තථාගත වූ මා දක්නෙමි. රජුන් හා ආණ්ඩු සන්තක වීමෙන්ද , සොරුන් පැහැර ගැනීමෙන්ද , ජලයෙන් හා ගින්නෙන් ද ඇතැම් පවුල්හි ධනය විනාශ වී යත්. තැන්පත් කල ධනය නොලැබී යාමෙන් හෝ අන්සතු වීමෙන්ද , වැරදි ලෙස යොදන ලද නුපුහුණු තමනට හිතෙෂි නොවූ සේවකයන්ගේ දුෂ්පරිහරනයෙන්ද ධනය විනාශ වී යත්. යම් පවුලක මහත්වූ භෝග සම්පත්තීන් පිඹ හරින්නා , වනසන්නා වූ පාපී වූ කුල නාශක වධක දරුවකුගේ උපදිමෙන්ද අවසන් වශයෙන් සියලු සංස්කාරයනට පොදු වූ අනිත්‍යත්වයට පත්විමෙන්ද ධන භෝග සම්පත්තීන් විනාශ වී අගතියට යත්. මේ කරුණින් හැර ධනය විනාශ වී යන්නා වූ අන් කරුණක් නැත්තේමය.

ගෞතම බුදුන් , නාලන්දාවේ පාවාරික අඹ වනයේදීයැ (කුල සුත්තං)


No comments:

Post a Comment