කලින් ලිපිය ප්‍රාණ ඝාතය සහ අභය දානය ගැන නේ . මේ ලිපිය සියදිවි නසා ගැනීම ගැනයි. මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක් හින්ද මගේ අදහස ලියන්න හිතුනා. බෞධාගම ගැනත් ජීවිතය ගැනත් වැඩි අවබෝධයක් නොමැති ඇතැමුන් මේ දවස්වල නගන තර්ක කීපයක් පහත දැක්වෙනවා.
- සියදිවි නසා ගැනීම මහා පාපයකි.
- සියදිවි නසා ගැනීම බෞධයෙකු වශයෙන් නොකළ යුත්තකි.
- පර පන නැසීමට වඩා බලවත් පාපයක් සියදිවි නසා ගැනීමෙන් සිදුවේ.
- වෙනකෙකු බේරාගැනීමේ අදහසින් තම පන දෙන්නා මෝඩයෙකි.
- ප්‍රාණඝාතය වැළැක්වීමට තම ප්‍රාණය ඝාතනය කිරීම ත් තවත් ප්‍රාණ ඝාතයකි. තර්කයට නොගැලපෙන්නකි. විහිළුවකි.
ලෝකය යනු කුමක්ද ? භවයයි. ලෝක පාලන ධර්මය වන කර්මය සකස් වී ඇත්තේ කෙසේද ? චේතනාව මතය. චේතනාව යනු කුමක් ද ? සිතා බලා යමක් කිරීමයි. කර්මය කි වදරුම්ද ? කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව අකුසල කර්මයයි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව කුසල කර්මයයි.
මේ බේසික් වේ. නාස්තික දෘෂ්ටි ගත් , මෙලොව පරලොව , භවය , පුනර්භවය , කුසලය අකුසලය විශ්වාස නොකරන්නා වූ නමුත් මනුෂ්‍ය ධර්මයේ පිහිටි පුද්ගලයන්ටත් මෙය අදාළ වේ. එවිට එය මෙසේ වෙනස් කර ගන්න.
කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව වැරදි ක්‍රියාවකි . මනුෂයෙකු වශයෙන් නොකළ යුත්තකි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව උතුම් ක්‍රියාවකි. මනුෂයෙකු වශයෙන් කළ යුත්තකි.
Q: ඇත්තටම සියදිවි නසා ගැනීම මහා පාපයක් ද ? ඇත්තටම බෞධයෙකුට යම්කිසි සාධාරණ කාරණයකට සියදිවි නසා ගැනීම පාපයක් ලෙස ගණන් ගනෙනවාද ?
ඇත්තෙන්ම නැහැ. ඇතැම් අවස්ථා වල බුදු රජාණන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා සියදිවි නසා ගැනීමට සුදුසු වන අවස්ථා. ඒවායින් කීපයක් ගෙන බලමු.
මහලුවී ස්වකිය කටයුතු කරගැනීමට නොහැකි වී එකතැන් වූ අවස්තාවක් ආ විට , මල මුත්‍ර ගොඩේ වැතිර ගෙන උපස්ථාන කරන පුද්ගලයන්ට තමන් සැබවින්ම වදයක් කරදරයක් වූ විට , හොඳ සිහි කල්පනාව පවතී නම් , ආහාර වර්ජනය කොට සියදිවි නසා ගැනීමට අනුදැන වදාරා තිබෙනවා.
මාර්ග ඵලයකට පැමිණ මිස මේ අසුන් ගත ආසනයෙන් නැවත නොනැගිටිමි කියා ධර්මයට ජීවිතය පුජා කොට පධන් විර්යය වැඩිම උන්වහන්සේ පසසා තිබෙනවා මිස ඝර්භා කර නැහැ. එවන් අවස්තාවක ඇතැම් කෙනෙක් තම අධිෂ්ටානයේ දැඩිකම නිසා සහ පින් මද කම නිසා මාර්ඝ ඵලයකට නොපැමිණ වියලී මිය යනවා. නමුත් ඔවුන් එමගින් සුගතියක උපත ලබනවා කියා ඇතිවා මිස සියදිවි හානි කරගැනීමේ පාපයෙන් අපායේ යනවා කියා වදාරා නැහැ. මක්නිසාද එහි අරමුණ හෙවත් චේතනාව වන්නේ වෙන දෙයක් නිසා.
Q: එතකොට අරමුණද ඔක්කොටම වඩා වැදගත් ?
නැත්නම්. බුද්ධාගමේ පමණක් නොවෙයි සාමාන්‍ය මනුෂ්‍ය නිතිය අනුව ගත්තත් චේතනාවකින් තොරව (Mens rea) හානි කිරීමේ අදහසකින් තොරව වෙන දෙයක් මහා අපරාධ ලෙස අපරාධ නීතියේදී ගණන් ගන්නේ නැහැ.
උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පිලිනොගන්වාගෙන යමක් වැළඳීම කැප නැත. එසේ වළඳුවහොත් ඇවත් වේ . දිවි දෙවැනි කොට ස්වල්ප වූ වරදෙහිත් දොස් දකිමින් ප්‍රතිපත්තීන් රකිනා ස්වාමින් වහන්සේ නමක් හට ආහාර ළඟ තිබුනේවි වුවද පිළිගැන්වීමට කිසිවෙකු නොමැති නම් සිදු වන්නේ කුසගින්නේ මියයාමටයි. මෙයත් එක ආකාරයක සිය දිවි නසා ගැනීමකි. නමුත් එසේ දිවි දෙවැනි කොට තම ප්‍රතිපත්තීන් සහ ශිලය රක්ෂා කිරීම නිසා තම දිවි තොර වීම පාපයක් නොව උතුම් කුසලයක් බව වදාරා ඇත්තේය.
Q: අපෝ ඕව මේ ආදී කාලේ ඒවනේ. දැන් කාලෙන් උදා හරණයක් දෙන්න.
හා ඔන්න ඉන්නවා පාතාල නායකයෙක්. උන්නැහේ ගෝලයෙක් ලඟට අඬගහල කියනවා අරුව මරපන් නැත්නම් මං උඹව මරනවා කියල. මේ ගෝලය ප්‍රතිපත්ති ගරුක තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්. ඔහු තමන් වෙත බාරදුන්න කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරනවා. තමන් මැරුණත් වෙන කෙනෙක් ගේ ජීවිතය තොර කරන්න ඔහු කැමති නැහැ. එසේ කිරීමෙන් ඔහු මරණය තෝරා ගන්නවා. මෙයත් සිය දිවි නසා ගැනීමක්. නමුත් එය පවක්ද පිනක්ද ? හීන , පහත් ක්‍රියාවක්ද ? උතුම්, සත්පුරුෂ ක්‍රියාවක්ද ?
ආ .. එක නම් හොඳ වැඩක් නේ ..
එතකොට දැන් තේරුනාද සියදිවි නසා ගැනීම සෑම විටම පවුකාර නරක ක්‍රියාවක් වෙනෙන් නැති බව ? චේතනාවට අනුව එහි කුසලාකුසල බව තීරණය වෙන බව තේරුනාද ?
Q: එතකොට කොහෙන්ද මේ සියදිවි නසා ගැනීම කියන්නේ මහා පවුකාර වැඩක් කියන මතය මේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටුනේ ?
දේව නිර්මාණ වාදී ක්‍රිස්තියානි , ඉස්ලාම් වැනි ආගම් වලට අනුව මිනිහට ජිවිතේ දුන්නේ දෙයියෝ. මෙලොවක් , පරලොවක් නැහැ. කර්මයක් විපාකයක් නැහැ. භවයෙන් භාවයට යන ජිවිතයක් නැහැ. දෙයියෝ දුන්න ජිවිතේ සම්පුර්ණයෙන් එන්ජෝයි කරලා මැරෙන්නේ නැතුව ඒක තම මතයට හමාර කිරීම ලොකු වරදක්. දෙවියන්ට එරෙහි වී යාමක්. එක හින්ද එක ලොකු පවක් විදියටයි ඒ ආගම් වලට අනුව නම් ගැනෙන්නේ. එහෙම වෙන්න ඇති මෙහෙම මිත්‍යා මතයක් එන්න හේතුව.
කොහොම උනත් සර්ව ව්‍යාපී , සියල්ල දන්නා , සියල්ල තීරණය කරනා , සියල්ල මැවූ දෙවියන් වහන්සේ කියල තමයි කියන්නේ. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙනම් මිනිහ සියදිවි නසා ගන්නෙත් දෙවියන්ගේ කැමැත්තට අනුව නේද ? එහෙනම් දෙවියන්ගේ කැමැත්තට දෙවියෝ කරපු දෙකට ඒ මිනිහ මොනවා කරන්නද ?
සර්වඥ නොවූ ශාස්තෘන් දේශනා කරන ලද මිත්‍යා ශාසන වල සවභාවය මෙසේ වන්නේය. තමන් දේශනා කල දෙය තමන්ටම පාරාවළල්ලක් වී පැමිණ දිරුණු අටුවක් කඩා වැටෙන්නා සේ ඔවුන්ගේ ඉගැන්වීම් ද තර්කයට යටවී නිෂ්ප්‍රභා වී යයි.
කොටින්ම කියනවා නම් මහා බෝධිසත්ව වරයෙකුට පාරමිතා මුදුන් පමුණුවාගෙන බුධත්වය ලබාගන්නත් බැහැ සියදිවි නසා ගැනීම ඔය කියන ආකාරයේ ඝෝර පාපයක් වෙනවා නම්. බුද්ධත්වය ලැබීමට නම් මහා බෝධිසත්ව වරයෙකුට ඇස් , ඉස් , ලේ , මස් පමණක් නොව ජිවිතයද පරමත්ත පාරමිතා පිරිම් වශයෙන් දන් දිය යුතු වෙනවා. මේ සියල්ල අනෙකුගේ බල කිරීමක් නොමැතිව තමන්ම සව කැමැත්තෙන් අන් සත්වයන් සුවපත් කිරීමේ පරමාර්ථයෙන් කල විට ලැබෙන්නේ කුසල් ද අකුසල් කියා සිතා බැලිය යුතුයි.
ස්වකිය ජීවිතය යනු සත්වයෙකුට ඇති ප්‍රියතම දෙය බව සඳහන්. මෙය අන් සත්වයෙකුගෙන් උදුරා ගැනීම හෙවත් සත්ව ඝාතනය නම් අති මහත් පාපයක්. වරදක්.
Q: ආ , එතකොට තමන්ට ප්‍රියතම දේ වන තමන්ගේ ජීවිතය තමන් උදුරා ගැනීම , විනාශ කර ගැනීම පාපයක් වෙන්නේ නැද්ද ?
ජිවිතයේ ඇතැම් අවස්ථා වල ඔබ තමන්ට ඉතාමත් ප්‍රිය දේවල් අනිත් කෙනෙකුට දී සතුටු වෙනවා. කුඩා දරුවෙකුට තමන් කන කේක් කැබැල්ල ඉතාමත් ප්‍රියයි. නමුත් ඇතැම් විට ඒ දරුවා එය තම යහළුවාට පරිත්‍යාග කොට ඇය එය භුක්ති විඳිනු බලා සතුටු වෙනවා. මෙය ලෝභයෙන් තොරවූ පරිත්‍යාග චිත්තය. තමන් සතු තමන්ට ඉතා ප්‍රිය දෙයක් අනිකෙකුට දීම සහ එයින් සතුටු වීම.
තමන් සතු දෙයක් පිලිබඳ තීරණය ගැනීම තමන් ට අයිති දෙයක්. කේක් කැබැල්ලක් , මිල මුදල් , ඇඳුමක් වගේම තමයි තමන් සතු තමන්ගේ ජීවිතයත්. තමන් සතු එය අනිකෙකු ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම වරදක් වන්නේ කෙසේද ?
තමන් ගේ දේ කොහොමද තමන් උදුරා ගන්නේ ? එය තමන්ගේ නොවේද ?. මෙය තමන්ගේ පර්ස් එකේ තියෙන තමන්ගේ මුදල් තමන් ගැනීම , උදුරා ගැනීමක් , වරදක් විදියට දකිනවා වගේ නොවේද ?.
කෙසේ වුවත් බෞධයෙක් වශයෙන් නොව ප්‍රයෝගික භාවිතාව සලකන කෙනෙකු වශයෙන් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සියදිවි නසා ගැනීම මා නම් පොඩ්ඩක් වත් අනුමත කරන්නේ නැහැ. මැරුණු මිනිසෙකුට සමාජීය සහ ශාසනික වශයෙන් කල හැකි මෙහෙවර අවමයි. ජිවත්ව සිට තම අරමුණ වෙනුවෙන් දිවි නොතකා කටයුතු කරා නම් එයයි උතුම්. එයයි ප්‍රායෝගික. එයයි මේ වෙලාවේ වැදගත් වන්නේ.