Saturday, February 14, 2015

රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ- Mixed Feelings

© maharahathunwadimagaosse.org
මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ ලියු (වා යැයි කියන )  රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා 20 ක් පමණ ඇතුලත් CD පටයක් කීප දිනකට පෙර මට ලැබුනා. ඉදිරි මාසය තුලදී එය අන්තර්ජාලයට එක කොට ඔබ වෙත ලබා දෙන්නම්.  

එහෙම ෂුවර් නැති විදියට සඳහන් කරේ පසුගිය කාලයේ ඒ ලිපි පෙලට අයිතිවාසිකම් කියාගෙන චීවර ධාරීන් කීප දෙනෙක් ම ධර්ම දේශනා කිරීම් සහ සම්මාදම් එකතු කිරීම් කලබව පැතිර ගිය නිසා. එක චීවරධාරියෙක් අල්ල ගත්ත හැටි ගැන  ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා  ලියු ලිපිය මෙතනින්. 

දිවයින පුවත්පතේ පලවූ මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි  පෙළ හරහා  ලොකු රැල්ලක් පසුගිය වසර කීපය තුලදී නිර්මාණයවී ගිය බව පෙනී ගිය දෙයක්. ඒ ලිපිපෙළ එකතු කර පලකල පොත් පෙළත් උණු කැවුම් වගේ විකිණිලා ගිය නිසා ප්‍රකාශකයන්ට එය බොහෝ වාරයක් නැවත මුද්‍රණය කිරිමටත් සිදුවුනා. මම හිතන්නේ ඒ රැල්ලේ කුටප්‍රාප්ති ය සිදු උනේ   මහින්ද රාජපක්ෂ  මැතිඳුන් රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ අරලියගහ මැදුරේ පොහෝදින ධර්ම දෙශනාවට වැඩමවීමත් සමගින්. 

උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු වෙබ් අඩවි ගණනාවකුත් මේ වෙනකොට බිහි වී තිබෙනවා. ඉතා විශාල අනුගාමිකයන් පිරිසකුත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා , පුවත් පත් ලිපි සහ ප්‍රකාශිත පොත් හරහා බිහිවී තිබෙනවා.   හිතවතුන් සමග ධර්ම සාකච්චා කිරීමේදී උන්වහන්සේ ගැන මගෙනුත් විමසනවා. මාත් උන්වහන්සේ ගේ ධර්ම දේශනා ප්‍රිය කරනවාද අහනවා.  ඒ ගැන සාකච්චා  කර පැහැදුනවුන්ගේ සිත් බිඳ අකුසල් රැස්කර ගැනීමේ අකමැත්ත නිසා  නිහඬව සිටීමට සිදුවී තිබෙනවා. ඇත්තෙන්ම මම උන්වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් තියෙන්නේ මිශ්‍ර අදහස් . එයට හේතුව හොඳ ධර්ම කරුණු වගේම  , ධර්ම විකුර්ති කිරීම් කීප සංක්‍යාවකුත්  මම ඒවා තුලින් දුටුව නිසා.  මම රැල්ලට යන කෙනෙක් නෙමෙයි. කෙනෙක් කියන ඕනෑම දෙයක් , උන්වහන්සේලාගේ  ජනප්‍රියත්වය නොසලකා ධර්ම , විනය සමග සසඳා බලා ඒ සම්බන්ධයෙන් නිගමනයකට ඒම තමයි මගේ ක්‍රමය.         

මා ඇසු එක් ධර්ම දේශනාවකදී උන්වහන්සේ පුන පුනා ප්‍රකාශ කිරීමක යෙදුනා සත්වයෙක් ස්ත්‍රී වී උපදින්නේ ඒ තැනැත්තා කල අකුසල කර්මයක් නිසා කියා. එයින් ගම්‍ය වෙන්නේ ස්ත්‍රීන් සියල්ලන් පාපකාරින් බවද ? එසේ නම් මහමායා දේවිය ,  යශෝධරා දේවිය යන අයත් අකුසල කර්ම කොටම එම පාපී උත්පත්තිය ලැබිය යුතුව ඇත. පැහැදිලිව සඳහන් කරනවා නම් ඔවුන් සංසාරයේ අනාචාරයේ හැසිරීමේ පාපය නිසා ස්ත්‍රී ආත්ම ලබා ඇත. 

මා දන්නා තරමින් මහමායා දේවිය කල්ප ලක්ෂයක් එම පදවිය උදෙසා පෙරුම් පිරු අයෙකි. යශෝධරා දේවියගේ පෙරුම් දම් පිරිම සාරා අසන්ක්‍ය  කල්ප ලක්ෂයක් දක්වා දිව යයි.  ඔවුනුත්  මේ දීර්ඝ කාලය තුලදී අනාචාරයේ හැසිරෙමින් දිගටම ස්ත්‍රී ආත්ම ලබමින් පැමිණ බව හඟවමින් කතා කිරීමද  නොදන්නා කමින් කරන බලවත් අකුසලයක් බව පැවසිය යුතුමය.  

සත්වයෙක් ස්ත්‍රී  බවට පත්වන්නේ අකුසල කර්ම බලයෙන් පමණක් බව පැවසීම මුසාවකි.  අකුසල කර්ම බලයෙන් වනවා නම් එයට අනාචාරයේ හැසිරීම හේතු පාදක වෙයි. නමුත් ප්‍රර්ථනා බලයෙන්ද සත්වයන්   ස්ත්‍රී වී  ඉපදීම සිදු වේ. මහමායා දේවිය ,  යශෝධරා දේවිය වැනි කාන්තාවන් සංසාරයේ දිගටම ස්ත්‍රී වී ඉපදුනේ ඔවුන්ගේ ප්‍රර්ථනා බලයෙනි.   එමෙන්ම ආචින්න කර්ම බලයෙන්ද ස්ත්‍රී වී ඉපදීම සිදුවිය හැක. තවත් හේතු තිබිය හැක ඔබ දන්නවා නම් පහත සඳහන් කරන්න.

4 comments:

  1. ඔබ හා එකඟයි..උන්වහන්සේගෙ නොයෙකුත් දේශනාපිළිබඳ මටත් ඇත්තේ කුකුසක්. ස්ත්‍රියක් නැත්නම් මනුෂ්‍ය වර්ගයාට පැවත්මක් කෝ ? "දුකකිනි මිනිසත් බව ලැබගන්නේ " මව් කුසෙන් නේද ? ස්ත්‍රියක් වීම පහත් දෙයක් බවට ඉන්දියාවේ එදා සහ අදත් පවත්නා දුර්මතය ඉදිරියට යාමක් පමනයි මේ. ස්ත්‍රියක් වීම කිසිසේත් පහත් දෙයක් නොවන බවත් ඔවුන් පුරුෂයා සම බවත් බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. බොදු සාහිත්‍යය බුදු දෙසුම් හා පටලැවීම මේ දුර්මතයට හේතුවයි.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ සාහිත්‍යයේ සහ ත්‍රිපිටක බුද්ධ දේශනාවේ පරස්පරයක් තිබෙන බව ගැන නම් මට අවබෝධයක් නැහැ සරත් අයියා. බුද්ධ දේශනාවේත් ඇතැම් තැනක සඳහන්ව තිබෙනවා කර්ම විපාක නිසා ස්ත්‍රී වී ඉපදුන සත්වයන් ගැන. ඉසිදත්තා රහත් මෙහෙණින් වහන්සේ එයට උදාහරණයක්. නමුත් කර්ම විපාක දීම් වශයෙන් පමණකින් ස්ත්‍රී වනවා යයි පැවසීමේ වරදයි මා පෙන්වා දෙන්න උන්ත්සාහ කලේ.

      බුදුන් වහන්සේ ස්ත්‍රීය සහ පුරුෂයා සම තත්වයේ පවත්වපු බවකුත් මම දැක නැහැ. උන්වහන්සේ පැවසුවේ ස්ත්‍රිය සහ පුරුෂයා ධ්‍යාන, මාර්ඝපල හරහා ලබන ලොකාවබෝධයේ වෙනසක් නැති බවත් .. එය සම තත්වයේ ඇති බවත් ය. ( මහමායා දේවිය පැවිදි වීමට අවසර ඉල්ලු අවස්ථාවේ ) සම තත්වයේ තබනවාට වඩා උන්වහන්සේ සමාජය තුල ස්ත්‍රිය ස්ත්‍රියට අයත් ස්ථානයේත් , පුරුෂයා පුරුෂයාට අයත් ස්ථානයේත් තැබූ බවක් තමයි බුද්ධ දේශනා වලින් මට නම් පෙනෙන්නේ. විමසිය යුතුයි ....

      Delete
    2. ඔබ හා එකගයි.. ඒත් මේවැනි කාරණා නිසාත් එය සිදුවනවා, තවත් ස්ත්‍රී ආත්ම ගැනම පතන්නකු හා විපාක දීම යන්න කාරනා දෙකකී,

      http://mahason-brotherhood.blogspot.com/2012/06/blog-post_20.html

      Delete