Sunday, December 18, 2011

හෙනහුරාදා යුද්දේ

කියල වැඩක් නෑ. සෙනසුරාදා දවසම ඉවරයි. පහුගිය දොහේ සර්වර් කාමරේ තිබ්බ A/C එක සත්තපෝච්චි වෙච්චි. ඇයි බොලන් , ගුරු ගුරු ගගා බැරිමරගාතේ ඇද ඇද ගිය ඒ උලවුවට වැඩ වැඩි කරන්න උණු හුලන් පිඹින තව සර්වර් 3 ක් ගනැල්ල අඩුක් කොරාම තව මොනවා වෙන්නද ?

පහුගිය දවසක බලනකොට ඒ කාමරේ ඇතුලේ රස්නේ හතලිහට විතර නැගල තිබිච්චි. A/C එක හාන්සිම හාන්සි. ඒ පාර තමයි මේ සෙනසුරාදා අලුත් එකක් මාට්ටු කොරන්න වැඩේ සෙට් උනේ. කොහොමින් කොහොම හරි කස්ටියම උදේ නමය වෙනකොට රපොර්තු කරලා වැඩේ පටන් ගත්තේ පැය දෙකෙන් ඉවර කරලා ගෙදර යන සුන්දර මායාවී වූ බලාපොරොත්තුවෙන්. කස්ටිය කියුවේ මායි තව නාකි ඔසී ඩයල් එහෙකුයි අවුරුදු විස්සක විතර පොඩි අර සිහලෙන් apprentice කියන වැඩ පුරුදු වෙන එහෙකුයි. පොඩි කියුවට මන් වගේ තුනක් විතර වෙච්චි. අපොයි කියන්න දැන් හවස තුනටත් කිට්ටුයි තාම මේ A/C කාරයෝ දෙන්න පන නහගෙන මේකත් එක්ක ඔට්ටු වෙනවා.

එක තද වෙලා තියෙන ඇනයක් ගලෝගන්න පැය 2 කට වැඩියෙන් ගියා. යන්තම් ඒක එලියට ආවට පස්සේ දැන් තියෙන්නේ ඒක අපහු තිබුණු තැනම හයි කරන සීන් එක. දැන් අහන්න එපා හයි කොරන්න නම් ගැලෙව්වේ මොන ඉටි ගෙඩියකට ද කියල ? ඒකටත් දැන් පැයකට වැඩිය හිහිල්ල ... තාම ඒක තද වෙලා නෑ වගේ ඇහෙන ගෙරව්ලි විලාප වලින් තේරෙන විදියට.

මටත් අරාදනා කීපයක් ආව ඇන ගලවන්න උදවුවෙන්න. මන් එතන වාඩි වෙලා හිනා වේවි ඉන්නකොට උන්ට ටිකක් මල වගේ ඇති මයේ හිතේ.හිනා යන්නේ නැතුවයි මෙව්වා කියෝනකොට. එත් ඉතින් මන් ඒ අරාදනා සියල්ල ගරු කටයුතු විදියට ප්‍රතික්ෂේප කොරල කොරගෙන ගිය වැඩේ එහෙම්ම කොරගෙන ගියා.

ඔය අස්සේ කුණුහරුප සාගරයි. දැන් නම් අහාන ඉඳලම එපා වෙලා. උන් දෙන්නටත් කියලම එපා වෙලාද කොහෙද. එහෙම නැත්නම් තව කියන්න , බනින්න අලුත් යමක් ඉතුරුවෙලා නැතුව ඇති මයේ හිතේ. දෙන්නම කන කට්ට දැක්කම දුකත් හිතෙනවා නමුත් ඉතින් මන් කියල මක්ක කොරන්නද ? පුටුව උඩට වෙලා ඔහේ උන් දෙන්නගේ ඔට්ටු විල්ල බල බල හැමදාම කරන බ්ලොග් කියෝ කියෝ ඉන්න එක ඇරෙන්න ?

सच में थो , मेरे अंदर में लड्डू फोड़ रहा था ... ख़ुशी में .....හේතුව ඉතින් මගේ නම් ඉතින් නිකන් හිටියත් , වැඩක් කරත් එක ගානට මීටරේ කැරකෙනවා නොවැ . පැයකට පනහක් වත් නැතැයි ඉතින් මේ හෙනහුරාද කොරේ. මේක වෙන්නැති මාරයා අයිය කිව්ව නිකන් ඉඳන් සල්ලි හම්බ කිරිල්ල.

කොහොමින් කොහොම හරි හවස 3.30 වෙනකොට යන්තන් අටෝල තියල දෙන්නම මාරු උනා. මෙන්න බොලේ විනාඩියක් යන්න ඉස්සෙල්ල ඒ අටමගල හුචුස් ගාල නැවතුනා. ඒ පාර දඩ බඩ ගාල දුවල එලියට යනකොට මෙන්න දෙන්න බඩුත් පටෝගෙන යන්න ලෙස්තිය. අටෝපු අටමගල වැඩ කොරන්නේ නෑ කියුවම දෙන්නට ඇතිවෙච්ච සන්තෝසේ , මුහුණෙන් පෙනුණු ප්‍රීතිය කෙලෙසින් නම් වචනෙන් විස්තර කරම්ද ?

Koo In-Hwoi ගේ මෑණියන්දෑත් සිහිකොරාගෙන මදිපාඩුවට තව කුණුහරුප ටිකකුත් කියාන දෙන්නම වැඩේට යලි එන්ටෙර් උනා. බලනකොට විදුලි බලය ලබා දෙන වෑර් එක ගැලවිලා වැටෙන්න ලෙස්තිය. හයි කොරාපු එවුන් දෙන්නගේ හොඳ කම තමයි. තව පැය බාගෙකට පස්සේ මට ඒක ආයි වැඩ කරන බවට සහතික වෙලා දෙන්නම වාෂ්ප උනා. මේ බලනකොට හිටියා. මේ බලනකොට නෑ. බූතයෝ හොඳයි තව. උන් අපි බයවෙනකම් ෆුල් ට්‍රයි දිදී දැවටී දැවටී ලඟින්ම ඉන්නවා නෙව. මුන් දෙන්න මං බයවෙන්න කලින්ම එර්දි උනා.

අනේ ඉතින් මාත් දොරවල් ජනෙල් , ජනෙල් කියුවට ජනෙල් තිබ්බේ නෑ .... ඔහේ දොරවල් කියුවොත් ජනෙල් නොකිය ඉඳීම මොකද්ද වගේ හින්ද ලියුවේ ... වහල දාල චුත වෙන්න ලේස්ති වෙලා ආයි පොඩ්ඩක් ඔලුව දාල බැලුවහම දෙයියෝ සාක්කි. මෙන්න බොලේ ඒ අටමගලෙන් පීල්ලකින් වගේ වතුර වැක්කෙරෙනවා කාමරේ ඇතුලට . මේක කරුමෙටවත් මීටර් නොඋනා නම් සඳුදා උදේට මැනේජර් නෝනගේ සොඳුරු මුණයි , දිය බුන් ගහ ගහ සතුටින් පීන පීන ඉන්න සර්වර් ටිකයි බලා ගන්න තිබ්බ හිතේ හැටියේ. වෑර් ෂෝර්ට් එකක් වෙලා ගිනි ගත්ත නම් දෙයියනේ කියල මාසයක් විතර ගෙදර ඉන්නත් තිබ්බ නොවැ.

කෝල් කරපුවම මෙන්න කියපි ආයි එන්න බැහැ , සඳුදාම එන්නම් කියල. නොදෝමකින්. අපි සුද්දෝ වැඩ කාරයෝ. කම්මැලි නෑ. තිතට වැඩේ කරලා තියන්න දස්සයෝ කියල අහල තිබ්බට මෙහෙ නම් ඉන්න ඔක්කොම කිසිම වැඩක් හරියට කරගන්න බැරි කම්මැලි වැඩබැරි දාසල. මේ රට මෙහෙම දුවන්නේ පිටරටවලින් මෙහෙ පුරවැසි භාවය අරන් ඇවිල්ල කට්ට කන අපි වගේ ඈයෝ හින්ද කියලයි මට නම් හිතෙන්නේ. ආණ්ඩුවත් ඒ බව දන්නා බව හිතෙනවා.

අනේ ඉතින් මමත් ගොටු , කෝප්ප තිය තිය පීල්ලෙන් වැක් කෙරන වතුර එකතු කරන ගමන් හැම තැනම තිබ්බ මඩ මොප් කොරල දාල , අන්කල් ට පින්සිද්ද වෙන්න ඒක නම් හරියට තිතට කරන්න පුළුවන් , තිබිච්චි සේරෝම ආයි තබුන විදියටම හදල කාරිය නමොවිත්තියෙන් හවස හතට විතර ගෙදර ආව ගුටි කාල වගේ .

3 comments:

  1. ආ මේකද මේ, මේ ඇත්ත දොහක් දෙකක් අතුරුදාන් වෙලා උන්නෙ?!

    ReplyDelete
  2. Intriguing .. whats the story here?

    ReplyDelete
    Replies
    1. No big deal.... just a simple incident. If you want to know remind me when we meet next time.... :)

      Delete