Wednesday, January 11, 2012

මිණි වදන්

වදන් ඇති සත්වයන් අතැර මනුෂ්‍ය ශ්‍රේෂ්ට වූ
කල යුතු සියල්ල කර නිම ලූ භාග්‍යවත් ශාක්‍ය මුනින්ද්‍රයන්
ඉමහත් වැර විරියෙන් යුතුව සියලු පැරුම් දම් පුරා සසරින් එතෙරට වැඩි සේක්
ඒ සුගත තථාගතයන් වසන්සේ අදරින් යුතුව සරණ යමි

රාග සිත් විරාගී කොට තෘෂ්ණා ශෝක දුරුකොට
පිළිකුල් රහිත වූ ඒ අසංකත නිර්වාන ගාමී ධර්මය
මනාකොට පුහුනින් ඉතා මධුර වූ ඉමිහිරි අමා නිවන් සුව ලැබදෙන්නේමය
ඒ උතුම් ශ්‍රී සත්ධර්මය හද බැතියෙන් සරණ යමි

යම් සේ වූ පිරිසකට දෙන දානය මහත් ඵල කරනේ
ඉතා පාරිශුද්ධ වූ චතුර් ආකාර වූ ආර්ය පුරුෂයන් ද
ධර්මය තුල හැසිරෙන්නා වූ අට පිරිසක් වූ ඒ පුද්ගලයින් සවොමද වෙත්
එසේ වූ ඒ උතුම් ආර්ය සංඝ රත්නය මා අදරින් යුතුව සරණ යමි

ගෞතම බුදුන් , ජත්ත මනවකයනට

No comments:

Post a Comment