Saturday, March 31, 2012

උපන් දිනය

පිළිකුල් කටයුතු වූ සත්වයා අයසට පමුණුවන්නා වූ කාමාදී කෙලෙසුන්ගේ උප්පති ස්ථාන වූ ඇස , කන , නාසය ආදී ෂඩ් ආයතනයන්හි පහල වීමත් , සෙම් , සොටු , අසුචි මුත්‍ර , දහදිය නිරතුරු ගලා බස්නා වූ නව ද්වාරයක පහළවීමත් , කෙස් , ලොම් , නිය , මස් , නහර , ඇට , ඇටමිදුළු , ලේ , සැරව ආදී වූ දෙතිස් මහා කුණුපයන්හිපහල වීමත් , එකතු වීමත්,මෙලොව එලිය නැවත වරක් දැකීමත්, ජරා, මරණ , ශෝක, පරිදේව, දුක්ඛ ,දෝමනස්ස, උපායාසන්හි තෙරක් නැති ගලා බසමේ නැවත ආරම්භයත් සිද්ධ වූ "උපන් දිනය" දී මොන සැනකෙලිද ? මොන සුභපැතුම්ද ? මොන නැටුම් ගැයුම්ද? , මොන කේක් කැපිලි ද? මොන සංවත්සර උත්සවද?

මෙය ඒ කුණුප කොටස් එකතුවෙහි , කාමාදී ක්ලේශ පුන්ජයෙහි ප්‍රථම හට ගැන්ම නොවන්නේමය …. අවසාන හට ගැන්මද නොවන්නේමය …. ඉතින් කිම එහි වෙසෙසක් ???? තව තවත් බිහිසුණු සතර අපායේ වැටෙමින් නිරා දුක් විඳිමින් යා යුතු සංසර ඕඝයෙන් නික්මෙනු නොහැකිව තවත් වසරක් ප්‍රමාදයේ ගිලෙමින් නිකරුනේ ඉක්ම යා දුන්නා නොවේදැයි කෑ ගසා හැඩිය යුතු දින උන්මත්තකයින් මෙන් ප්‍රීති සාද කුමට පවත්වමුද ????

කෝනුහාසෝ කිමා නන්දෝ 
නිචචං පජ්ජලිතේසතී
අන්ධකරේන ඕනධ්ධා
පදීපං න ගවේස්සථ

No comments:

Post a Comment