Sunday, September 9, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (චුති චිත්තේ)

මේක කර්මය ගැන ලියන  ලිපි පෙලේ තුන් වැන්න . අද බලමු චුති චිත්තේ ගැන. 

හැමදාම කුසල් / පිං කන් කරන්න ඕනෙද ?
එතකොට චුති චිත්තේ!!!?  
තමන්ට ඕන විදියට ජිවත් වෙලා , ෆන් අරගෙන , ජීවිතය හොඳින්  විඳලා , මැක්සා විදියට ජිවත් වෙලා ... etc etc  ...  මැරෙන වෙලාවට චුති චිත්තේ හරියට දා ගත්තනම් ගොඩ නේද ?  
නිකන් ජීවිතේම ධර්මේ හැසිරෙන්න මහන්සි වෙන්නේ මොකටද ? මැරෙනවෙලාවට චුති චිත්තේ හරියට හදාගත්ත නම් දිවිය ලෝකේ යන්න පුළුවන් නේද ? 

මෙවන් මතයක් සමාජ ගත වීමට හේතු වී ඇත්තේ බුදුන් කල  රජුගේ වධකයා වී දශක ගණනාවක් සොරුන් හිස ගසා දමමින් ජිවත් වී පසුව එසේ හිස් ගසා දැමීමට කඩුව ඔසවා ගැනිමටත් නොහැකි පරිදි අයෝබලත් වූ පසුව මන්ත්‍රයක් කියා නාසයෙන්  සුස්ම පිඹීමෙන් මිනී මැරූ    තඹදැලි තැන මරනසන්නයේදී සැරියුත් ස්වාමින් වහන්සේ  දැක උන්වහන්සේ ගැන  සිත පහදවා ධර්මය අසා සොත්‍රභූ ඥානය(?) ලබා  දෙව්ලොව උපතක් ලැබීමය.

ඇත්තටම  එහෙම වෙන්න පුලුවන්ද ? ඔවු පුළුවන් ... ලක්ෂෙකට , කෝටියකට එකක් වගේ මිනිසෙකුට....

මෙවන් කතාවකින් උදාහරණ ගෙන ධර්මයේ හැසිරීම පමා කිරම, කර්මයට වංචා කිරීමට සිතීම මහම අනුවන කමකි. තමන්ම ඉබේම රැවටීමකි. දුගතියට යාමට  පලවෙනි පෙළ ටිකට් ගැනීමකි. ඒ මොකෝ ? 

මරණාසන්නයේ දී බොහෝ කොට සිතට අරමුණු වනුයේ තමන් ජිවිතකලයේ බොහෝ සෙයින් නියැලුණු  බොහෝ සෙයින් ප්‍රගුණ කල දෙයට අදාල චිත්ත  වීථින්ය. කර්ම නිමිති , ගති නිමිත් පහල වීමය කියන්නේ එයටයි. එය  නිදා සිටියදී පෙනෙන බියකරු  සිහිනයකින් බේරී පලායාමට අසීරු වන්නා සේ , තමාට අවශ්‍ය අවශ්‍ය සේ සිතු සේ   වෙනස් කරගැනීමට පහසු දෙයක් නොවේ .

සැරියුත් තෙරණුවන් වැනි බලවත් කල්‍යාණ මිත්‍රයෙකුගේ බලපෑමෙන් එසේ නැග එන අකුසල කර්ම නිමිති මැඩ පවත්වා චුති  චිත්තය පිරිසිදු කරගැනීමට ලැබීම කෝටියකින් එක මනුෂ්‍යයෙකුට පමණක් ලැබිය හැකි දුර්ලභ වාසනාවකි. ජිවිතයම පාපයේ ගැලුණු ප්‍රමාදීව විසු තැනැත්තෙකු ගේ සිතේ බොහෝ කොට ඇත්තේ , ඔහු බොහෝ කොට ප්‍රගුණ කර ඇත්තේ අකුසල කර්ම සිතිවිලිය. එසේ තිබියදී මරණාසන්නයේ ඔහු තම සන්තානයේ කුසල සිතිවිලි උපදවා ගැනීමට තැත් කිරීමත් , කිසිදු කලක දිවීමට පුහුණු නොවී  ඔලිම්පික් ගොස් මීටර් 100 ජයග්‍රහණය කිරීමට තැත් කිරීමත් දෙකම එකකි. කිසිදා නොවන්නකි.

3 comments:

  1. මරණය ගැන උපන්දිනේදි ලිව්වෙ ????

    කමක් නෑ. ගොඩාක් වටිනවා

    නියම විදියට ජීවිතේ ගැන දකින කෙනෙක් නේ මේ ලිපියෙ කතුවරයා. :D


    සුබ උපන්දිනයක්!

    ReplyDelete
  2. මම කාලෙකට කලින් ධර්ම දේශනාවක් අහද්දී ඒ දේශකයන්වහන්සේ උදාහරණෙකට කිව්වා කිණිහිරියක් උඩ ඉන්න මැස්සෙකුට ක්ෂණිකව පහර දීලා මරද්දී ඒ ක්ෂණයට ඌට සිත් 108ක්(මතක හැටියට) පහල වෙනවාය කියලා... ඒක ඇත්තනම් ඉතින් එච්චර සංකීරණ දෙයක් පාලනය කරගෙන අන්තිම මොහොතේ කුසල සිත්ම උපදවාගන්න හිතන එක මෝඩකමක් නේද..? අනික මේ මැරෙන මොහොතේ :D

    ReplyDelete
  3. මා දකින විදිහනම්: යහපත් චුති චිත්තය ලබන්නට පෙරකල කුසලාකුසල කර්මයන් හේතුවෙනවා, පණ ඇද ඇද ඉන්නට තරම් හොද තැනක් ලැබෙන්නටත් යහපත් කර්මයක් තිබිය යුතුයි තවද එවැනි අවස්ථාවක බුදුදහම අසන්නට ලැබෙනත් එම ඇසෙන දේ සිතට ගන්නට හැකියාව ලැබෙන්නට ජීවත්ව සිටින කාලය තුල සිදුකල මහත් කුසල කර්මය සිහියට නැගෙන්නටත් පෙර කුසල් බලපානු ඇත,
    සහෝදරයා පෙන්වාදුන් විදිහට අප මිනිසුන් කන්න ඕණා වෙලාවට කබරයත් තලගොයා කරගන්න ජාතියේ පිරිසක් එවැනි කාලයක ඔබ වැනි මිතුරෙක් ලැබීම සතුටක්
    සුබඋපන් දිනයක්.. ඔබට තව තවත් දර්මය අවබෝදවෙවා........! තුනුරුවන් සරණයි.....!

    ReplyDelete