Sunday, September 9, 2012

මොකද්ද මේ කරුමේ කියන්නේ ? (එදිනෙදා දිවියට කර්මය)

මේ කර්මය ගැන ලියවෙන ලිපි පෙළක සතරවැන්නයි. පළමු ,දෙවන හා තෙවන  ලිපි පෙර ඇත. අද විමසා බලමු කර්මය ගැන දැනුමින් අපට එදිනෙදා ජීවිතයේදී ගත හැකි ප්‍රයෝජන.

හරි ,හරි ඔය කරුමේ ගැන ඉගෙන ගත්තට ඕකෙන් අපේ එදිනෙදා වැඩ වලට කිසි පලක් නැහැ නේ!!!.  ඕව හොඳයි හැට පැනපු උපාසක මහත්තයන්ට පන්සල් වල කයිවාරු ගහ ගහ කාලේ මරන්න.  අපිත් වයසට ගියහම ඕව ඉගෙන ගන්න එන්නම්. දැන් අපිට ඕනේ අපේ ලෞකික  ජිවිතේ   සාර්ථක කර ගන්න උපදෙසක්. සල්ලි හොයන්නේ කොහොමද කියල පෙන්නන මාර්ගයක්. එහෙමත් නැත්නම් ඉල ඇදෙන විහිළු හරි කුණුහරුප හරි කතාවක්.  ඕව අපිට වැඩක් නැහැ ... ඔන්න අපි ගියා... 

හෝව් හෝව් ඔහොම ඉන්න ....  

හැබෑව ... මෙතන කුණුහරුප නම් නැහැ තමා.. එත් ඒවා නැතුවට  අපි බලමු  කර්ම විෂය සම්බන්ධ  දැනුමෙන් සාමාන්‍ය ලෝකයේ මනුෂ්‍ය සම්බන්ධතා විෂයේ උපකාරයක් ගන්නේ කෙසේද  කියා... 

උදාහරණයක් විදියට ණය දීම හා ගැනීම සලකා බලමු.
පහුගිය  දවස්වල මේක බොහොම සංවේදී මඩ ලොරි පිටින් එහා මෙහා වෙන මාතෘකාවක් වෙච්චි  හින්ද නඩුවක් වෙයිද දන්නේ නැහැ. එත් ඉතින් මේකෙන් ධර්ම කරුණුම ජිවිතයට අරන් ඉතිරි කරුණු බැහැර කලොත් කාටවත් අපහසුවක් වෙන එකක් නැහැ.

බලපන් බන් , මගෙන් සල්ලි ගන්න එවුන් කවුරුවත් ආයි දෙන්නේ නැහැ නේ ! යාලුවෝ කියල අනුකම්පාවෙන් දෙනවා. එත් නැවත ඉල්ලා  ගන්න ඉල්ලුවහම සේරෝම මග අරිනවා. මං හිතාගත්ත ආයි ජිවිතේට කාටවත් ණය දෙන්නේ නැහැ කියල etc etc ... 

මේක බොහොම සුලභ ව අහන්නට ලැබෙන කතාවක්. මෙසේ වීමට හේතුව සංසාරයේ පෙර භව වලදී ඒ තැනැත්තා නය ගෙන නොදී හැරීම් , විශ්වාසය කඩකිරීම් කර තිබීමයි. ඒවායේ විපාක ලෙස ඔහු මේ ආත්ම භාවයේදී වංචාවනට හා විශ්වාසය කඩ කිරීම් වලට හසු වෙනවා.  සංසාරයේදී විශ්වාසය කඩ කිරීම් ඔහු පුරුදු කල දෙයක්. දැන් බලන්න ඕනේ ඒ තැනැත්තා මේ ආත්ම භාවයේදී ධර්මය පිළිබඳව , කර්ම කර්ම පල පිළිබඳව දන්නා නුවනින් ධර්මනුකුල ව දිවි පවත්වන , දැහැමින් කල් ගත කරන කෙනෙක් ද කියා.  එසේ නොවෙනවා නම් ඒ තැනැත්තා සසර පුරුදු කරගෙන ආ ආකාරයටම විශ්වාසය කඩ කිරීම් වලට අනිත් අය ගොදුරු කරන්න හැකියාව වැඩි සම්භාවිතාව වැඩි   පුද්ගලයෙක්. එමනිසා දුන්  ණය නොලැබෙන බව කියා නාහෙන් අඬන පුද්ගලයන්ට  ඔබ ණය දීමේදී අතිශයින් සැලකිලිමත් විය යුතු බවට කර්මානුකුලව , තාර්කිකව ව්‍යුත්පන්න කල හැකියි.

තව උදාහරණයක් අරන් බලමු. මේකත් විවාද සම්පන්න වේවි. මට මොකෝ. :)

ඇතැම් කාන්තාවන් ඉන්නවා කළු පැහැති , දුර්වර්ණ ශරීර වලින් යුත්. ... ලංකාවේ  නම් බහුලයි.  කර්ම විපාකයක් ලෙස දුර්වර්ණ කළු පැහැති ශරීර ඇති වීමට හේතුව ලෙස ධර්මයේ දක්වන්නේ සංසාරයේ පුහුණු කරන ලද  අධික කෝපය සහ ඊර්ශ්යාව. එවැනි කාන්තාවක් ඉතාමත් කුළුපග ලෙස කතා කරන්නට , ඉතාමත් කුළුණු බර ලෙස හැසිරෙන්නට පිළිවන්. සමහර විට ඔබගේ මිතුරියද  එවැන්නියක  විය හැකියි. ඇගේ කරුණාබර වදන් වලට ඔබ හද තෙත් විය හැකියි. නමුත් කලින් කියූ ලෙසම , සංසාරයේදී  ඇය  කෝපය සහ ඊර්ශ්යාව පුරුදු කල දේවල්. දැන් බලන්න ඕනේ ඇය මේ ආත්ම භාවයේදී ධර්මය පිළිබඳව , කර්ම කර්ම පල පිළිබඳව දන්නා නුවනින් ධර්මනුකුල ව දිවි පවත්වන , දැහැමින් කල් ගත කරන කෙනෙක් ද කියා.  එසේ නොවෙනවා නම්  ධර්මයෙන් සරණක් නොලබපු  ඇය සසර පුරුදු කරගෙන ආ ආකාරයටම  ක්‍රෝධ බහුල , ඊර්ශ්යා බහුල   පුද්ගලයෙක් වේවි. අනුශය වශයෙන් යටපත් වී තිබුනත් අවස්ථාව ලැබුණු විගස ඒ ගුණයන් මතු වී එවි. ඔබ එවන් ක්‍රෝධ , ඊර්ශ්යා  බහුල පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට අකමැති නම් ... මගේ නම් කිසිම කැමැත්තක් නැහැ ... ඔබ මේ සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුයි  නේද ?

මේකට හරියන පින්තුරයක් හොයන්න කොච්චර මහන්සි උනත් හරි ගියේ නැහැ. කවුද කැත ගෑනුන්ගේ පින්තුර නෙට් එකට දාන්නේ? අන්තිමේදී කුමාර් මහත්තයාගේ දෝනිගේ පින්තුරේ තමා අහු උනේ.  මක්ක කරන්නද? කවුරුවත් අමනාප වෙන්න එපා හොඳේ ...

හපොයි, මේක මෙහෙම කියුවහම හිතන්න හැකියාව තියෙන  සමහර  අය  අහන ප්‍රශ්නයක් තමයි එහෙනම් ඔය  සුද්දියන්ට එහෙම කේන්ති යන්නේ නැද්ද කියන එක.

අපෝ කේන්ති යනවා.  නමුත් ඔවුන් සම්බන්ධව වෙනම විමසා බැලිය යුතුයි.  ක්‍රෝධ බහුල කොකේසියානුන්ගේ ශරීර වර්ණය   ඔවුන් ලබාඇති ගති සම්පත්තිය  විසින් සඟවා දමා තිබෙනවා.  එනම් ඔවුනට කර්මානුකුලව  ලැබිය යුතු වූ කළු පැහැ ශරීර වර්ණය , එයිට වඩා බලවත්  ඔවුන්ගේ ජනක කර්මයේ විපාක ලෙස මැඩ පවත්වා දමා තිබෙනවා. වෙනත් දේශයක , වෙනත් ජාතියක උපත ලැබීමේ විපාක ලෙස ඔවුන්ගේ ශරීර කළු පැහැ වීමේ කර්ම විපාකය වැලකි ගොස් තිබෙනවා. නමුත් හොඳින් අද්‍යයනය  කළහොත් ඔවුන්ගෙන් ඇතැමුන්ගේ මුහුණු වල හා ශරීර වල ඇති අව /දුර්වර්ණ (unplesent features /characteristics) ලක්ෂණ බලා ගැනීමට බැරි කමකුත් නැහැ.  කොකේසියානුන්ගේ  කර්මානුකුල අංග ලක්ෂණ පරීක්ෂණය වෙනම හැදෑරිය යුතු /විස්තර කල යුතු විෂයක්. එකත් මෙතෙන්ට දා ගත්තොත් සම්බෝලේ වගේ වේවි. ආර්යයන් ගේ ශරීර ලක්ෂණ වලට ගැලපෙන සේ සකස් කරන ලද පෙරදිග අංග ලක්ෂණ ශාස්ත්‍රයෙන් චීන ජාතිකයන්ගේ හෝ , කොකෙසියනුන්ගේ හෝ අප්‍රිකානුවන්ගේ අංග ලක්ෂණ විග්‍රහ කල නොහැකියි. 

එතකොට ඔය අංග ලක්ෂණ විද්‍යාව හරිද ?
මෙහෙමයි. සත්වයන් උපත ලබන්නේ කර්මානුකුලව. ඔවුන්ගේ ශරීර අංග පසඟ , මුහුණේ ස්වභාවය ඒ කර්මයේ ඵලයන්. බලවත් කුසලකර්මයන්ගෙන් උපත ලැබුවන්ට ඒ බලයෙන් පැහැපත් , දීප්තිමත් ශරීර  වර්ණ ශරීර අංග පිහිටනවා. එමගින් පෙර පින් ඇත්තෙකුගෙන් සෙස්සෙකු වෙන් කොට හඳුනා ගත හැකියි. යම්කිසි දෙයක් ප්‍රගුණ  කරගෙන ආපු මිනිහෙක් බාහිරව බලපෑමක් නොලැබුණහොත් , ඉදිරියටත් එහෙමම  කරයි කියල සිතීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒක බොහෝ විට නිවැරදියි. එක තමා   අංග ලක්ෂණ විද්‍යාවෙන් පුද්ගලයන් මැනීමේ පදනම.

ඊයේ බණ අහන්න ගිය වෙලේ මා පුද්ගල අද්‍යයනයක් කලා. සියලු දෙනාම පාහේ තලෙළු ශරීර වර්ණ ඇති , ප්‍රියංකර ඉඳුරන් ඇති ප්‍රසන්න , සංවර  පුද්ගලයන්.  පෙර පිනැත්තන්ට , තවත් පින් කිරීමට හිත නැමෙනවා.  කුසල් කරනා ස්ථානයන්  අවට තමා ඔවුන්ගේ එක් රොක් වීම.  ක්‍රිකට් පිට්ටනියකට ගොස් පුද්ගලයන් නිරීක්ෂණය කරන්න. ඇවිස්සුනු ඉඳුරන් ඇති , කාම , මෝහ බහුල අසංවර පුද්ගලයන් බොහෝවක් දක්නට ලැබේවි . මනුව ඉපදීමට පින් ඇත්තේ  නමුත් කාම පරිලාහය බහුලව  ඇත්තන්. ඔවුන් තව දුරටත්  ප්‍රගුණ කරන්නේ ඉඳුරන් ඇවිස්සීම මයි, අර්ථ ශුන්‍ය පිනවීමමයි. ගෝ ඝතකාගරයකට , සොර  මත්පැන් හෝ  කුඩු  තිප්පලකට ගොස් පුද්ගලයන් දෙස බලන්න. දුර්වර්ණ ,  අපහැදිලි ශරීර ඇති කෙසඟ , පාපී මනුෂ්‍ය ප්‍රේත වූ පුද්ගලයන් බොහෝ කොට දක්නට ලැබේවි. සසර කුඩා පිනකින් මනුෂ්‍යව උපත ලැබුවත් පෙර කරගෙන ආ ලෙසම ඔවුන් තම   කාර්යයේ නියැලෙනවා.

මෙය තමා නය අනුව සිදුවන පුද්ගලයන්ගේ එකතුවීම ලෙසත්  බුදුරජාණන් වහන්සේ හඳුන්ව දී තිබෙන්නේ.  එය ලෝක , සත්ව ධර්මතාවක්.  

බුදුන් වහන්සේගේ  හා සක්විත් රජවරුන්ට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගන්න. ඒවා පෙර කල එක් එක් කුශලයන්ගේ විපාකයන්. උදාහරණයක් විදියට  එදින උපන් දරුවෙකුගේ සේ සියුම් රෝස පැහැති (රතු පැහැති නොවේ ) අත්ල හා පත්ල  ගන්න. කලාතුරකින් මහා පුරුෂ ලක්ෂණ පමණට නැතත් අප අතර සිටින ඇතැම් මනුෂ්‍යයන්ටත් මෙසේ මෘදු රෝස පැහැති අත්ලවල් හා පතුල්  පිහිටනවා  මා දැක තිබෙනවා. මේ පෙර කල තමන් යටතේ සේවය කල පුද්ගලයන්ට දානය , ප්‍රිය වචනය , අර්ථ චර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කිරීමෙන් ලැබෙන පුණ්‍ය විපාකයක්. 

ඔබගේ බොස් විදියට එවන් අයෙකු ලැබුනහොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. සසර පුරුදු කරගෙන ආ ලෙස ම ඔහු ඔබගේ සැප දුක සොයා බලාවි. සැර පරුෂ නොවී හොඳින් කතා කොට ඔබ ලවා සේවය ලබා ගනීවි. ඉර්ශයාවෙන් තොරව  ඔබ ගේ උසස් වීම් , පඩි වැඩි වීම්  නිසි කල නිසි පරිදි , ඔබට ගැලපෙන පරිදි ලබා දේවි. ඔබට ලැබිය යුතු , ඔබට හිමි කම ඇති  දීමනා  වංචා නොකොට , අතපසු නොකොට ඔබ වෙත ලබා දේවි. ඔබ සේවයෙන් ඉවත් වී වෙන එයිට වඩා හොඳ තැනක සේවයට යාමට බලාපොරොත්තු වන්නේ නම් හිතේ කහටක් නැතිව ඔබට සුභ පතාවි... එයට උදවු කරාවි.   පහත් සේවකයෙකු ලෙස නොසලකා සමයෙකු , තවත් එක් මනුෂයෙකු ලෙස සලකාවී... ඔය මදිද ?

13 comments:

  1. මේ වනතෙක් මඟහැරී තිබුණ බ්ලොග් එකක්... දැනටමත් පෝස්ට් ගොඩක් කියෙව්වා... :)

    කර්මානුරූපව කෙනෙකුගේ රූපශෝභාව අඟ පසඟ ලැබෙනවා යැයි කියන මතයට විරුද්ඬව තර්ක කරන්න මට දැනුමක් නැහැ... නමුත් රූප ශෝභාව අඩු අය අනුශය වශයෙන් තමන්ගේ නරක ගතිගුණ යටපත් කරගෙන ඉන්නා අයයැයි කීම හා එහි විලෝමය, පිලිගැනීමට වඩා නොපිලිගැනීමට ඇති බාහිර පරිසරයේ ඇති හේතු මට වැඩියි...

    මම පුද්ගලිකව හිතන්නේ ඒක පදනමක් නැති කතාවක්... සමහරවිට ඔබ කියන්නේ ඔබේ පුද්ගලික අදහස වෙන්න ඇති... එහෙම නැතුව මේ බුද්ධ දේශනාවක්නම් ඒ මුලාශ්‍ර දාන්න හැකිනම් වටිනවා...

    ReplyDelete
    Replies
    1. මචන්, ගුටි කන්න වෙන පොස්ට් එකක් හින්ද සුමාන ගානක් නොදා ඉඳල අද දැම්මේ ඕන එකක් කියල හිතල.

      දෙපැත්තටම ගන්න පුළුවන් විවාදාත්මක කරුණු තියෙනවා. මනුෂ්‍ය ශරීරය කර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන ඵලයක් කියන එක නම් ධර්මයේ සඳහන් වන දෙයක්. ( මුලාශ්‍ර සඳහන් කරන්න මගේ පොත් එකක් වත් මගේ ගව නෑ මචං. ඔක්කොම ලංකාවේ.) නමුත් එයට අනිකුත් දේවලුත් බලපානවා. පහල ඇනෝ සහෝදරයා කියුව වගේ පරම්පරාවේ වර්ණය කලුනම් උපදින දරුවත් කළු තමා. එවිට පාට නොවෙයි බැලිය යුතු. ශරීර අවයවයන්ගේ ප්‍රසන්න තාවය. ඔය කළු ප්‍රසන්න අය ඕන තරම් ඉන්නේ.

      කොහොම උනත් මිනිසුන්ගේ හැඩ රුව ගැන ඒ හා සම්බන්ධ ඔවුන්ගේ පැවතුම් , සිතුම් පැතුම් ගැන තවම මා අධ්‍යයනය කරගෙන යනවා. දැනට පෙනිච්ච ඒවා තමා ලියුවේ. ඔවු මෙහි පෞද්ගලික අදහස් ඇතුලත්. නමුත් ඒවා ධර්මයට විරුද්ධ කරුණු නොවේ. ඒවා ධර්මය හා සසඳා බලා විරුධව නොයනවා නම් පමණයි මා සලකා බැලුවේ. මෙහිදී අංග ලක්ෂණ විද්‍යාවත් , ජෝතිශයත් , මනෝ විද්‍යාවත් සම්බන්ධ කර ගත්තා. ඉතින් මෙහි දක්වපු කරුණු ඔය ඔක්කොගෙන්ම පෙරිල ආපු ඒවා.

      හැම කළු මිනිහම නපුරු නැහැ. හැම නපුරු මිනිහම කළුත් නැහැ. එක කරුණකින් මිනිසෙක් මනින්නත් බැහැ. ඔක්කොම සලකල බලල තමා නිගමනයකට අවසාන වශයෙන් එන්න පුළුවන්. මේ කිසිවකින් එකක් අරගෙන ගෙඩි පිටින් පිළිගන්න , ආදේශ කර ගන්න යන්න එපා. වැරදෙන්න තියෙන ප්‍රතිශතය 100%

      නමුත් කෙනෙකුගේ මුහුණ , ශරීරය ඒ තැනැත්තාගේ අභ්‍යන්තරය පෙන්වන කැඩපත කියල අපේ පැරැන්නෝ කියුවේ හේතුවක් ඇතිව. ඒ හේතුව තමා මා මෙහි පෙන්වා දෙන්න හැදුවේ සුළුවෙන්. :)

      Delete
  2. සුද්දන්ගේ හමේ පාට වෙනත් හේතුවක් නිසා කළු නොවී පවතිනවා වගේම උපතින් කල්ලන්ගේ පරම්පරාවකින් පැවත එන මනුස්සයෙක්ගෙ කර්මවේගය කොහොම වුනත් පරපුරේ වර්ණය ලැබෙනවා කියල නිගමනය කරන්ඩ වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. බීට්ල් ට දීපු පිළිතුර බලන්න මහත්මයා.
      :)

      Delete
    2. අගගන්න්ය සුත්‍රය සිංහලෙන් තියනවා එය හොදින් අසන්න කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවන්ගෙය් දේශනය අහල ආවානම් ඔය පිළිතුර වෙනස්වෙන්න තිබුණ, ඔබ ප්‍රමාද නෑ මෙය අවශ්‍යනම් කියවන්න..
      තව දේවල් තියනවා මුලින් මෙය කියවන්න යමක් ඔබට දැනගන්න ලැබේවි
      http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/27-agganna-s.html

      Delete
    3. ඒක කියවන්න , අපබ්‍රංශ ඉගෙන ගෙන එන්න ඕනේ බං .. :)
      මෙන්න මෙහෙමයි මට ඒක පෙන්නේ ... ඇපැලේ , වින් හතේ , සහ එක්ස් පීයේ යන ... තුනේම ...
      " l2vq rys;jQ oyhshd" *fmd;2( rys;jQ iqjZo we;a;djQ iy,au M, fldg we;a;djQ".....

      Delete
    4. අකුරු දාගන්න ඔනා, ඕනාකම තියනවනම් හොයන්න, වැරදි දෙයක් දුන්නනම් යයි ඉබ්බා දියේ දැම්ම වගෙ තියයෙයි , හොදදෙයට සිත නමන්න ටිකක් අමාරුයි යන වග පැහැදිලියිනෙ

      Delete
    5. හි හි ඇත්ත. නමුත් එහි තව පැත්තක් තිබෙනවා. සත්පුරුෂ දාන හා අසත්පුරුෂ දාන. යම් කිසිවක් දිය යුත්තේ එය ලබා ගන්න තැනැත්තාට අවම හිරිහැරයකින් යුතුව එය පරිභෝග කල හැකි වන ලෙස. පිපාසෙන් දිව ගිලෙන්න ඉන්න මනුස්සයෙකුට කුරුම්ම්බා ගෙඩියක් දී ඕන කම තියෙනවා නම් කපාගෙන බීපන් කීම අසත්පුරුෂ දානයක්.

      ධර්මය උනත් හිරිහැරයක් වන ලෙස දීම අසත්පුරුෂ ධම්ම දානයක්. නෙට් එකේ තිබෙන සියලුම ධර්මය ඩවුන්ලෝඩ් කරගත හැකි සයිට් වලින් ඒවා බා ගත හැක්කේ එකින් එක. 100 ක් විතර ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා නම් ඉවරයි. පන යනවා. එය ලබාගන්න තැනැත්තාට කරන අති මහත් වදයකුත් , නිරර්ථක කාලය නාස්ති කිරීමකුත් එක්ක තමයි ඔවුන් ඒවා ලබා දෙන්නේ. ඇතැම් ඒවා ඔවුන් හරි හැටි නම් කිරීමට වත් උනන්දු වී නැහැ. ඒවා තියෙන්නේ ra005 .wma , 45dc .mp3 වගේ විදියට. මෙලෝ යකෙක්ට හොයා ගන්න බැහැ අන්තර්ගතය කුමක් ද කියල. ඒ ගැන හිතලයි මං මෙහි බොහෝ ධර්මය එක ක්ලික් එකකින් ඩවුන් ලෝඩ් කරගත හැකි වන ලෙස ලබා දී තිබෙන්නේ.

      මතක තියා ගන්න මචං, ධර්මය සුලභ කලොත් , පහසුවෙන් ලබා ගන්න හැකි වුනොත් පමණයි මිනිසුන් නිකන් බලන්න හරි එය අතට අරගන්නේ. අරන් කියවන්නේ. බොහෝ දෙනෙක් ධර්මයට ක්ලික් වෙන්නේ එලෙස. මටත් උනේ එහෙම. ජන්මෙන් පොල්තෙල් බෞධයෙක් උනාට බුද්ධ ධර්මෙට හැම විභාගේටම D තිබුනට , සැබෑ බෞධයෙක් උනේ අහම්බෙන් ලැබිච්ච පොතක් කියවල .

      එක සාමනේර නමක් සිවුරු අරින්න හිතාගෙන රෙදි පෙට්ටිය අස් කරනකොට , ඒකෙ පතුලේ තිබිච්ච රේරුකානේ හාමුදුරුවන්ගේ ශාසනාවතරණය පොත ඇහැ ගැටිලා , රෙදි අස් කරන එක පැත්තක තියල එම පොත කියවල තම අදහස සිතෙන් ඉවත් කරලා දැම්ම කියා තිබෙනවා නෙව. ඒවගේ කාට කොයි වෙලේ , මොන ආකාරයෙන් ධර්මය ක්ලික් වෙයි ද කියල කියන්න කවුරුවත් දන්නේ නැහැ. හදිසියේ වත් අර පොත කියවන්න බැරි පාලියෙන් තිබ්බ නම් ඒ ස්වාමින්වහන්සේ අද ගිහි දුක විඳින ගිහියෙක්. උන්වහන්සේට "ඕන කම තියෙනවා නම් හොයාගෙන ගිහිල්ල පාලි ඉගෙනගෙන කියවන්න " කියල , කියල පලක් නැහැ නෙව

      වැට කඩොලු දාල , භාදක පනින්න සකස් කරලා අමාරුවෙන් මිනිස්සු ධර්මය වෙත දුවගෙන එයි කියල සිතනවා නම් ඒක වැරදීමක්. ඒ වෙබ් අඩවිය කරන තැනැත්තා , මෙපමණ යුනිකෝඩ් අකුරු තිබියදී propertiry ෆොන්ට් එකකින් ධර්මය ඉදිරිපත් කිරීම නිසා හානි වෙලා තිබෙන්නේ ඔහුගේ ඒ ධර්මය ප්‍රචාරය කිරීමේ , සත්ධර්මය සුලභ කිරීමේ උතුම් අදහසටමයි.

      කොම්පුටර් කාල වතුර බීල ඉන්න ඔබ , මම නම් ඔය ෆොන්ට් එක කොහෙන් හරි හොයාගෙන දා ගනියි. නමුත් 95% නෙට් පාවිච්චි කරන අය එහෙම කරන්න දන්නේ නැහැ. එහෙම කරන්න දන්නා කට්ටියට ධර්මය ගැන කිසි උනන්දුවක් ඇත්තෙත් නැහැ. කාගේ වරදද?

      Delete
  3. අපි වපුරන දේවල් තමයි අන්තිමට අස්වැන්න වෙන්නේ...
    උඹ බණ අහන්න යන්නේ කොහේද?

    ReplyDelete
    Replies
    1. මෙතන බං
      http://mahamevnawa.org.au/home/
      :)

      Delete
  4. සියල්ල සිදුවන්නේ කර්මයෙන් නෙවෙයි..බුදුදහම කර්මවාදයක් නෙවෙයි..පඤ්චනියාම ධර්ම වාදයක්..
    හේතුඵල දහමක්..කෙනෙකු කලුසුදු වන්නේ කර්මය නිසාම නොව කර්මය නිසා තෝරාගත් භවයතුල(කාමභව රූපභව අරූපභව)නියාම ධර්ම වල හේතූන් නිසයි..අඹගසක මිදිගෙඩියක් හටගන්නේ නෑනේද??කර්මය කියන්නෙ අන් කිසිවක් නෙවෙයි.ක්‍රියා වලට..සිදුකෙරන සහ සිදුවන සෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් (විපාකයක් ආදීනවයක් )වශයෙන් එනවා..කර්ම ප්‍රභේද තුනක් තියෙනවා
    1.පුඤ්ඤාභි සංස්කාර
    2.අපුඤ්ඤාභි සංඛාර
    3.අනෙඤ්ඣාභි සංඛාර...
    මේවා සිදුවන සිදු කෙරෙන තැන් වශයෙන් දැක්වෙනවා
    1.කාය සංඛාර 2.වචී සංඛාරය 3.චිත්ත සංඛාරය කියලා

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි මහත්මයා. මාත් පොඩ්ඩක් මගේ අදහසත් කියන්නම්. වාදෙකට නෙමේ.

      සියල්ල සිදුවන්නේ කර්මයෙන් කියා මං කොහෙවත් කියා නැහැ නෙව. එහෙම කියනවනම් ඒක හරිම අධර්මයක් නෙව.

      ඔබ නොදැනුවත්වම වගේ මං මෙතන කියන්න හදන දෙය කියා තිබෙනවා.. එනම් ... " කෙනෙකු කලුසුදු වන්නේ කර්මය නිසාම නොව කර්මය නිසා තෝරාගත් භවයතුල" ....

      මේ වාක්‍යයේ " කර්මය නිසා තෝරාගත් භවයතුල" කියන කොටස තමා බොහොම වැදගත්.මං මේ අපුල්ල, අපුල්ල තතන, තතනා කියන්න හදන්නෙත් ඕකම තමා. ගොඩක් අය තේරුම් ගන්නේ රුවිතෙට. කර්මය විසින් තෝරා දෙන භවය. එහෙමත් නැත්නම් හරියටම කියනවා නම් කර්මය විසින් සකස් කර දෙන භවය තමා අපි හැමෝටම තියෙන්නේ. එහෙම බැලුවහම , මං කියන දෙය හේතුඵල දහමට එකඟයි නේද ?...

      උදාහරණයක් විදියට බොහොම ද්වේශ සහගත , දානාදිය කරන තැනැත්තෙකුට ඊළඟ භවය ලෙස කර්මයෙන් සකස් කර දෙනවා ධනවත් , දුර්වර්ණ , කළු පැහැති මවකගේ කුසක්. ඉතින් ඔහු ඒ භවයේ දී අනිකුත් නියාම ධර්ම වලට අනුකුල ලෙස ධනවත් , කළු පැහැති දුර්වර්ණ ශරීර ඇත්තෙක් ලෙස ඉපිද කල් ගෙවනවා. මා කියන එක ඔබට පැහැදිලිද ? මා මේ ලිපියෙන් පෙන්වා දෙන්න උත්සාහ කලේත් මනුෂයෙකුගේ ජිවිතයේ පේලි අතර කියවීමක් කරන්නේ කොහොමද කියන එකමයි .
      Reading in between lines.

      ඔබ පවසන අනිකුත් දෙයට නම් මට එකඟ වෙන්න බැහැ... එනම්
      1. "කර්මය කියන්නෙ අන් කිසිවක් නෙවෙයි.ක්‍රියා වලට"
      මේක නම් අධර්මයක්. කර්මය කියන්නේ ක්‍රියා වලට නම් ක්‍රියා සිත් ඇති රහතුනුත් අම්බානකට කර්ම රැස් කල යුතුයි නේද ? කර්මය කියන්නේ ක්‍රියා වලට නම් චේතනාවකින් තොරව කර්ම කරන පිස්සන්ට කර්ම රැස් වෙනවද ? චේතනාවකින් තොරව කරන ක්‍රියා නිසා භික්ෂුන්ට පරිජි ආපත්ති සිද්ද වෙනවද ? නැහැ නේද ? චේතයිත්තන් කම්මං කරෝති... කියන දහම් පදය අසා ඇති නේද ?

      2. "සිදුකෙරන සහ සිදුවන සෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් (විපාකයක් ආදීනවයක් )වශයෙන් එනවා"
      එතකොට විපාක නොඑන අහෝසි කර්ම ? නිවුටන් ගේ යාන්ත්‍රික නියම ධර්මයට නම් අදාල නොවේමය ..

      හරවත් දහම් සංවාදයකට කැමතියි. සතුටු නම් පිළිතුරු සපයනු මැනව...
      :)

      Delete
  5. Hi,
    I am reading all your articles.... I like your writing style and keep it up... You have very good knowledge of Buddhism and this blog is awesome comparing to other useless blogs.

    ReplyDelete