Thursday, October 18, 2012

අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස)

අද සිට කොටස් වශයෙන් ලියන්න බලාපොරොත්තු වන්නේ මා ඉතාමත් ප්‍රිය කරන චරිතයක් ගැන. මේ තැනැත්තා ගැන ලියන්න කියා 2008 සිට සිතාගෙන හිටියත් වෙලාවක් ලැබුනේ නැහැ.

පුවත් පත් ලේකඛයෙකුව සිට සත්‍ය ගවේශකයෙකු බවට පත්ව ඉන්දියාව පුරා ගුරුවරයෙක් සොයමින් (ගුරු ජි ) සැරිසැරූ පෝල් බ්‍රන්ටන් අන්තිමේදී නතරවූයේත් මෙතුමන් ළඟ. ඔහු 1934 දී ලියු In Search of Sacred India කෘතියේ ශ්‍රී රමණ මහ ඍෂි ගැන සාමාන්‍ය තරමේ විස්තරයක් ඇතුලත් වෙනවා. නමුත් එය පිටු කිහිපයක් පමණයි. මෙය තිලක කුඩා හෙට්ටි මහත්මයා විසින් කාණ්ඩ දෙකක් වශයෙන් පරිවර්තනය කර භාරත යෝගීන් හා ඉසිවරයන් සමග යන නමින් දයාවංශ ජයකොඩි සමාගම මගින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු විසින් පරිවර්තනය කරන ලද තවත් පොතක් තිබෙනවා භාරත මහ ඍෂි රාමණා නමින්. නමුත් කියවූ බව මතක නැහැ.

ඔහුට මා මෙතරම් කැමති ඇයි දැයි ඇතැම් අය අහනවා. ඇයි බුද්ධාගමේ නැද්ද මිට වඩා උසස් අය ? දැන් ඉන්න සමහර භික්ෂුන්ටත් ධ්‍යාන තියෙනවා නේ. සප්ත අභිඥා , අෂ්ට සමාපත්ති ලාභී මහ රහතන් වහන්සේලාගෙන් පිරි තිබු බුද්ධ ශාසනයේ සිටි තෙර වරුන් මෙයාට වැඩිය හොඳ නැද්ද ? ඇයි ඉතින් ධ්‍යාන ලබා ගත් පමණින් මේ හින්දු තාපසතුමා ගැන පැහැදීමක් ඇති උනේ ?

ප්‍රභල හේතුවක් දැක්විය නොහැකි උනත් කරුණු කිහිපයක් තිබෙනවා එතුමන් අන් යෝගීන් ගෙන් වෙනස් වන. ප්‍රථම එක තමා රමණ මහ ඍෂි ජිවත් වුයේ දශක කිහිපයකට කලින් මෑත අතීතයේ වීම. වසර 2500 කට කලින් ජිවත් වූ ඉර්ධි ලාභීන්ට වඩා ඔහු අපට සමීපයි. එමෙන්ම එතුමන් භාරතයේ ඍෂි පරම්පරාවේ අවසාන පුරුක යයි කිව හැකියි. එතුමන් ට පසුව වැඩ දාගෙන, කැටයම් දාගෙන, සද්දේ දාගෙන බොහෝ අය ආවත් ඔවුන් කිසිවෙක් පෞරානික භාරතීය ඍෂි , තපස්වී , නෙක්ඛම්මිය ලක්ෂණ තම අභ්‍යන්තර හෝ බාහිර ජිවිතයෙන් පෙන්නුම් කල අය නෙමෙයි. ඒ අය ඩුප්ලිකේට් , එහෙම නැත්නම් කොමෂල් ඍෂිල.

ශ්‍රී රමණ මහා ඍෂි දැඩි ආගමික භක්තියක් මුල් කොටගෙන ඒ හේතුව නිසා තපස්වී බවට පත්වූවෙක් එනම් භක්ති යෝගියෙක් නෙමේ. විවිධ යෝග ආසන ක්‍රියාකර කම් මගින් ශරීරය දැඩි කරගෙන, සකස් කරගෙන එමගින් සමාධිය උපදවා ගැනීමට තැත් කරමින් දුෂ්කර දීර්ඝ මාර්ගයක් ගත් හථ යෝගියෙකුත් නෙමෙයි. පොත පතින් නුවණ ගෙන පොතේ ගුරු වෙච්චි ඥාන යෝගියෙකුත් නෙමෙයි.

කුඩා අවදියේදීම සියල්ලටම වඩා අමාරු මාර්ගය ගෙන කිසිදු ගුරුවරයෙකුගේ ඉගැන්වීමක් , සහයක් නොමැතිව වසර ගණනක දැඩි උත්සාහයකින් , කැපවීමකින් , අධිෂ්ටානයකින් පසුව ධ්‍යාන ලබා මහා බ්‍රහ්මයා සමග එකාත්මිය වුනු හෙවත් සුද්ද සිංහලෙන් කියනවා නම් ධ්‍යාන ලබා බ්‍රහ්ම තලයේ පැවැත්වීමට සිත සකස් කර ගත් තැනැත්තෙක්. එනම් පැරණි පාතාංජලී යෝග ක්‍රමය අනුව සියල්ලන්ම උසස්ම යෝග මාර්ගය ලෙස පිළිගන්නා රාජ යෝග මාර්ගයෙන් ඍෂි බවට පත් වුවෙක්.

ඍෂි වරයෙක් නම් මේ වගේ යයි කිව හැකි ලක්ෂණ සියල්ල එතුමන් ළඟ අඩුවක් නැතිව තිබුනා. විමුක්තිය උදෙසා ගිහි ගෙය හැරයන්නෙකු යා යුත්තේ මෙසේ යයි ලැජ්ජාවක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු ගිය ආකාරය පෙන්විය හැකියි. එනම් කිසිවක , තම ජීවිතය කෙරේ පවා කුණු කෙල පිඩක තරම් වත් බැඳීමක් , ආලයක් නොමැතිව නික්ම යාම. විමුක්තිය උදෙසා අතීතයේ හෝ අනාගතයේ යමෙකු දිවියේ ආලය හැර වෙර වැඩියා නම් (බුදු රාජාණන වහන්සේ ඇතුලත් නොවේ ) ඒ වෙර වැඩියේ මෙසේ යයි කිසිදු පැකිලීමක් නැතිව ඇඟිල්ල දිගු කොට ඔහු පෙන්විය හැකියි. කොටින්ම කියනවානම් හුඟක් ඈත අතීතයේ නොව මෑත කාලයේ අප අතර ජීවත්වූ ඔහුගේ චරිතය මෑත කාලයේ විමුක්තිය සොයා යන්නෙකුට පරමාදර්ශී ( rowmodel) චරිතයක්.

ඔන්න ඔය වගේ කරුණු කීපයක් නිසා තම ඔහු මට ප්‍රිය. හරි ඇඩ් එක ඉවරයි. දැන් බලමු ශ්‍රී රාමනා මහා ඍෂි ගැන. ලිපිය දිග වැඩි නිසා කොටස් වලට කඩල දාන්න වෙනවා පරිච්චේද වශයෙන්. පරිච්චේද බෙදමු මෙහෙම.

  • කුඩා කාලය
  • නික්ම යාම
  • නික්ම යන ගමනේදී
  • යෝගියෙකු ලෙස
  • භගවාන් ශ්‍රී රමණ මහා ඍෂි ලෙසින්
  • මරණය

11 comments:

  1. කවදාවත් නොදැන හිටපු, අලුත්ම විස්තරයක්..නියමයි!

    ReplyDelete
  2. නියමයි.. හැබැයි රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන් අමතක කරන්න බෑ බන්, අපට කෙතෙක් දේවල් තිබියදී අප කෙතරම් වල්බිහිවෙලාද.. දැන් ඔය post 1 දන්නේ කවද ද?

    ReplyDelete
  3. මෙතුමා ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ චරිතාපදාන කෘතිවලින් තමා මම නම් දැනගත්තේ

    ReplyDelete
  4. සහෝ... ඔයා කියන දේ හරි හඨ යෝග වල කරන්නේ ශරීරය මගින් විමුක්තිය ලැබීමක්...ඒත් හඨ යෝග වල සඳහන් කුණ්ඩලණි ශක්තියි... භාවනා මගින් චිත්ත සමාධියන් ලබනා ධ්‍යාන කියන්නේ තනිකරම එකිනෙකට වෙනස් දෙකක් කියල තමයි මගේ හැඟිම...මමත් ලොකුම විස්තරයක් මේක ගැන දන්නෙ නෑ..ඒත් කුණ්ඩලිනිය ශක්තිය කියන්නේ ශරීරයේ ස්නායුගත ශක්තිය වැඩි කිරීමක් ලෙස හදුන්වන්න පුලුවන්...එය රාගාදී ක්ලේෂයන්ගේ බලපෑමෙන් නැති නොවෙනා දෙයක් ලෙසයි හඳුන්වනනේ... ඔය වින් චුන් .. කුන්-ෆු.. තායි චී සටන් ක්‍රම තුල අභ්‍යන්තර ශක්තිය වශයෙන් හැඳින්වෙන්නේද මෙයයි...

    ඔබගේ අදහසත් කියනවනං ගොඩක් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. පොඩි එකතු කිරීම් කීපයක් ...
      කුණ්ඩලනිය වැඩීමත් එක්තරා භාවනා ක්‍රමයක්. ක්ලේශයන් සුළුවෙන් සිතේ නැග ආවාට එයට බලවත් හානියක් නොවුනත්, දැඩි ක්ලේශ නිශ්‍රිත හැඟීම් මගින් එම ශක්තිය හැසිරවීමේ මානසික හැකියාවට භාදා පැමිනේ. හැසිරවීමට නොහැකි වූ කල කෙතරම් බලවත් ශක්තියකින් වුවත් කිසිදු පලක් නැත.

      මනුෂ්‍යයා සහ අනිකුත් ජීවින් තනි තනි පද්ධති (entity) නොව විශ්වයේ අනිකුත් සියලුම දේ සමග වෙන්කළ නොහැකි සේ ශක්තින් (energy) මගින් සම්බන්ධ වී ඇති එහි ගිලී ඇති දේය. කුණ්ඩලනිය වැඩිම මගින් කරනුයේ ශරීර අභ්‍යන්තරයේ ඇති ඒ ශක්ති ගමන් කරනා මාර්ග ශුද්ධ කර , භාදක ඉවත් කර විසිර පවත්නා එම ශක්තිය එක දිශාවකට යොමු කර ගමන් කරවීමට උත්සහ කිරීමයි.

      මුලධාර චක්‍රයේ සිට සහශ්‍ර චක්‍රය දක්වා කොඳු අට පෙළ තුලින් ඉහල නංවන එම ශක්තිය සහශ්‍ර චක්‍රයෙන් විශ්ව ශක්තිය සමග එකතු කරයි. හිස මුදුනින් ඉවතට ගලා යන ඒ ශක්තිය පිරවීමට මුලධාර චක්‍රයෙන් උල්පතකින් දිය උනා එන්නා සේ නැවත උපදී. මෙය චක්‍රීය ක්‍රියාවලියකි. සිතේ සමාධිය අවශ්‍ය වනුයේ මේ ක්‍රියාවලිය නොකඩවා ඒක දිශානතව පවත්වාගැනිමටය.

      ගත යුතු දෙය නම් , කුණ්ඩලණි ශක්තිය යනු ශරීර අභ්‍යන්තරයේ උපදින , මනුෂ්‍ය නිර්මාණයක් නොවන බවයි. කුණ්ඩලනිය වැඩිම යනු විශ්වයේ ඇති විශ්ව ශක්තිය මනුෂ්‍ය ශරීරය තුලින් පාලනයකින් යුතුව ගලායාමට පුහුණු කරන භාවනා විධියකි. මින් විමුක්තියක් නම් ලැබිය නොහැක. මරණින් මතු සිත දියුණු කල ආකාරය අනුව නැවත උත්පත්තියක් ලැබේ.

      නැවත උත්පත්තියක් ඇති තැන , ජාති ,ජරා ,ව්‍යාධි, මරණ , දුක්ක , දෝමනස්ස , උපායාස , ප්‍රිය විප්පයෝග , අප්‍රිය සම්පයෝග ආදී දුක් සියල්ල අඩුවක් නැතිව ඇත.
      :)

      Delete
  5. ඔබ කියන කතාව සාධාරණයි... ඒත් මම මෙහෙම කිවුවොත් බුදුන් කවදාවත් කියල නෑ... සමථය වඩන්න එපා කියල... මොකද සමථය නැතිව විදර්ශනාව කියන්නේ හීනයක් නිසා... සමථයෙන් යන්න පුලුවන් උපරිමය මේ කුන්ඩලිණි ශක්තිය අවධි කිරීමෙන් පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්...එවිට අතිශය පහසුවෙන් විදර්ශනාව කරන්න පුලුවන්..මන්ද බුද්ධ දර්ශනයේ ඇති කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වන නිසා...

    පොඩි ප්‍රශ්නයක්.... රාජයෝගා මගින් කරන්නෙත් කුණ්ඩලිණිය වැඩීමක්ද නැතිනම්.. මනසේ සිතුවිලි නැගීම නවත්වා සිත සමාධිගත කර ලබනා අෂ්ඨ සමාපත්තිමද???

    ReplyDelete
    Replies
    1. සොයුර, ඔබට බොහෝ කරුණු පැටලී ඇති බව පෙනී යයි. ඔබ පලවෙනි චේදයේ දක්වා ඇති සියලු කරුණු වැරදිය. කෙටියෙන් පිළිතුරු දැක්විය නොහැකිය. ඔබ තවත් පැටලී යා හැකිය. නොදැන සිටීමට වඩා පොඩ්ඩක් දැන ගැනීම නපුරුය.

      හෙමිහිට ලිපියකින් දක්වන්නම්.
      :)

      Delete
  6. ඔබ කියන්නේ මේ කුණ්ඩලිණි ශක්තිය අවධි වීමත් සමගම ධ්‍යාන තත්වයන් නිරායාසයෙන්ම පහල වන බවද???චක්‍ර සියල්ලම අවධි කල පුද්ගලයෙකුට සමථයෙන් කී වෙනි ධයාන මට්ටමක් ලැබිය හැකිද...පූර්ව ජාති වල අතිශය ලෙස සමථව වඩා අභිඥා වැඩූ උතුමන්ට මෙම ආත්මයේදී සතර වන ධ්‍යානයට පැමිණිම සමගම නිරායාසයෙන් අභිඥා ලැබේ.. එසේ නොවන කෙනෙක්ට මෙම ආත්මයේ දස කසිනයම චතුර්ථ ධ්‍යානය තෙක් වඩා එය පංච වශියෙන් වශී කර නැවතත් අභිඥා සඳහා වෙනමම උත්සාහ කල යුතුය...අනාගාමී මාර්ඝ ඵලයවත් නොලබා සිටියොත් මෙම ශක්තිය ක්ෂණිකයකින් නැති වේ...මෙසේ අතිශය දුෂ්කර කියාවකින් ලබා ගත යුත්ත හින්දු යෝගීන් මෙතරම් පහසුවෙන් ලබන්නේ කෙසේද??... ෂඩ් අසාධාරණ ඥානය තිබූ බුදුන් මෙම ශරීරයේ නිද්‍රෝපගතව පවතින ශක්තිය ගැන දැනගෙන සිටින්නට ඇති... එසේනං මෙම ශක්තිය ප්‍රගුණ නොකර අති දුෂ්කර සමථ මාර්ගයක් ලබා දුන්නේ මන්ද??

    ReplyDelete
    Replies
    1. හින්දු යෝග සාධනාව ලෙහෙසි දෙයකියි ඔබ පවසන්නට කිසි ලෙසකින් වත් එකඟ විය නොහැකිය. බොහොමයක් යෝග සාධකයන් තම ජිවිත කාලයම එය වෙනුවෙන් කැප කර , දිනයේ බොහෝ වෙලාවක් විවිධ යෝග සාධනාවෙන්ම කල් යවනෝ වෙති. ඔවුනට එම ක්‍රියාවේ ප්‍රතිපලයක් ලැබීමට බොහෝ කල් ගත වේ. සාමාන්‍ය සාධකයකුගේ සධානා කාලය වර්ෂ 12 කියි කියා ඇත.

      කසින භාවනාව මහාකාරුණික බුදු රජාණන් වහන්සේ ලොවට හඳුන්වා දුන්නක් නොවේ. එය ඊට පෙරද පැවතිනි. උන්වහන්සේ එය ශුද්ධ කොට පහසුවෙන් කල හැකි ආකාරයට ලොවට ලබා දුන්නා පමණි. පින් ඇත්තෙකුට බුදුන් වදාල ලෙස කරන කසින භාවනාවෙන් ප්‍රතිපල ලබා ගැනීමට මාස කීපයකින් හැකි වේ.

      අනික් කරුණ නම් ධ්‍යාන එකකි. පංච අභිඥ , අෂ්ට සමාපත්ති අනිකකි. කුණ්ඩලණි ශක්තිය හැසිරවීමට හැකි වූ පමණකින් ඒ තැනැත්තා පංච අභිඥ , අෂ්ට සමාපත්ති ලැබුවා ලෙස සැලකිය නොහැකිය. පංච අභිඥ ලබා අහසින් ය හැකිය. ඒ භාවනාමය ඉර්ධියයි. කුරුල්ලෙකුද අහසින් යයි. ඒ උපතින් ලැබූ ඉර්ධියකි. දෙවියන්ද අහසින් යයි. ඒ පුණ්‍ය ඉර්ධියකි. මිනිසුන් ද අහසින් යති. ඒ ප්‍රයෝග ඉර්ධියෙනි. මේ කරුණින් සැලකිය යුත්තේ කුණ්ඩලණි ශක්තිය හැසිරවීමට හැකි වූ අයද ඒ බලයෙන් පංච අභිඥ ලැබූ අය කරනා ඇතැම් දෙය කලද එය පංච අභිඥ ලැබූ ලෙස සැලකීමක් නොකළ යුතු බවයි.

      Delete
    2. එසේනං මේ සම්බන්ධව ඉතා සම්පූර්ණ ලිපියක් කරන්න මම ඔබතුමාට ඇරයුමක් කරනවා...

      පොඩි ප්‍රශ්නයක්... චක්‍ර අවධි කිරීම චක්‍ර පිලිඔඳ ධාරණය කිරීමෙන් පහසුවෙන් කල හැකි දෙයක් ලෙස මම අසා තිබෙනව... එමෙන්ම හඨ යෝග වල ආසන මගින් ශරීරයේ ඕජස් ශක්තිය උරාගෙන එය භාවනාවට රුකුලක් වෙනවා එය මගින් භාවනාව.. සමාධිය..චක්‍ර අවධිවීම ඉක්මන් වීමක් සිදු වෙනවා...මා අසා තිබෙන්නේ චතුර්ථ ධ්‍යානයට සමවැදනු කෙනෙකුට තම අධිෂ්ඨාන බලයෙන් මෙම චක්‍ර අවධි කිරීමට හැකි බවකි...එමෙන්ම අනාහත ශබ්ද වලට සවන් දීම මගින් පංච ඉන්ද්‍රියයන් පාලනය කර භාවනාවට හිත පහසුවෙන් යොමු කරවීමට පුලුවනි...

      ඔබගේ අදහසත් කියන්න....

      Delete
  7. Tiraj oba kundaliniya awadi karagath kenekda?

    ReplyDelete