Sunday, October 7, 2012

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (2012-2013)

සමහර අය ඉස්සර අහනවා , අනේ පුතේ ඔහේ තියෙන හොඳ යුනිවර්සිටිස් ටිකක් කියල එවන්නකො කොල්ල/කෙල්ලව යවන්න. මාත් ඉතින් පණ දාගෙන හොයල යවනවා. පස්සේ තමා තේරුනේ ලංකාවේ කට්ටිය මේ හොඳ යුනිවර්සිටි කියල කියන්නේ අඩුම මුදල් ප්‍රමාණයක් පෙන්නලා අඩුම වියදමකින් මේහෙට එන්න වීස ලැබෙන , ඇවිල්ල සුමානෙකට පැය පනහක් විතර වැඩ කරලා සම්පුර්ණ කෝස් ෆී එකයි , ජිවන වියදමයි හොයාගෙන , හොඳ රස්සාවක් කරනවා වගේ ලංකාවට මුදලුත් යවන්න පුළුවන් විදියේ යුනිවර්සිටි එකක් ... ඒ කියන්නේ සෙමෙස්ටර් එක පුරාවට යුනි එකට පය නොතියල විභාගේ වෙලාවට ඔහේ ඔළුවට එන දෙයක් ලියල පාස් වෙන්න පුළුවන් , පන්ති වලට පැමිණීම කිසි සේත් වැදගත් නොවන යුනියක්. යුනියක් කිව්වට බෝඩ් කෑල්ලක්.... වීස ගන්න විතරක් ...

අනේ එහෙම ඒවා නම් ඇති. මං නම් දන්නේ නැහැ. මං දන්නා ඒවාට ගියොත් නම් , හරියට ඉගෙනගන්නවා නම් , පේල් නොවී ඉන්න ඕනේ නම් පාර්ට් ටයිම් ජොබ් කරන්න , පිස්සු කෙලින්න නෙමේ නිදා ගන්න පැය දෙක තුනක වත් වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. (මෙහෙම තියෙද්දිත් , ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ පිටරට ගිහිල්ල සල්ලි දුන්නහම නිකං උපාදියක් ලැබෙනවා කියල නෙව ) ඔය ලංකාවේ ඉන්න යුනිවර්සිටි පන්ගාර්තු කරලා දෙන කපුටෙකුට කිව්වහම කිසි ප්‍රශ්නයක් නැතුව ඔය වැඩේ කර ගන්න පුළුවන් නෙව.එක නෙමේ මේ කියන්න ගියේ.

2012-2013 සඳහා ලෝකයේ ටයිම්ස් විශ්වවිද්‍යාල වර්ගීකරණය පිටවෙලා කියන එක. මෙහෙ ටොප් එකේම ඉන්නේ මෙල්බන් යුනිය. ඒ ලොවේම 28 වෙනියා විදියට. මොනෑෂ් එක සැහෙන්න පහු වෙලා 99 වෙනියා. මේ දෙකේම ඉගැන්වීම , ගුරුවරු, රිසර්ච්, පහසුකම්... ඔය සියල්ලම සුපිරි. ඔන්න අත්දැකීමෙන්ම තමා කිව්වේ. නයෙක් නෙමේ.

ගේ ඉස්සරහ තියෙන ඩීකින් එක තියෙන්නේ 350-400 අතර රෑන්ක් එකේ . ඔන්න ඉගෙන ගන්න මෙහෙ එනවා නම් අතේ මිටේ සල්ලිත් හොඳට තියෙනවා නම් යන්න ඕන , ගිහිල්ල ගානට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් යුනි කීපය උඩින්ම තියෙන්නා මේ ලිස්ට් එකේ.

ගාන ? මෙල්බන් යුනි එකේ විද්‍යා විෂයන්ගෙන් උපාධියක් කරනවා නම් $94,424–$126,268 අතර ගානකුත් මෙඩිසින් කරනවා නම් $279,710 වගේ ගානකුත් යනවා කියල තමා කියන්නේ.

අනේ!!! කියන්න දුකයි පින්වතුනි. ලංකාවේ එක යුනියක් වත් පැත්ත පළාතේ වත් නැහැ නේ මේ කිසිම ශ්‍රේණිගත කිරීමක . බලමු 6% ලැබුනහම වත් ලිස්ට් එකේ පලවෙනි 1000 ට වත් එන්න ඇහැක් වේවිද කියල.....

9 comments:

  1. අපරාදේ..මොනැෂ් යන්න සල්ලි ගෙව්වෙ. :P

    එහෙනම් ඔන්න මමත් මෙල්බර්න් යුනිය පැත්තට අද ඉඳලා පොඩ්ඩක් වැඩියෙන් ඔළුව දාලා බලනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ... දැන්ම එහෙ මෙහෙ ඔලු දාන්න ඕනේ නැහැ ... :D
      මොනෑෂ් යුනියත් සුපිරි. MUFY ඉවරවෙලා බැරිය ඕන නම් මෙල්බන් පැත්තට ඔළුව දාන්න ... :)

      Delete
    2. හ්ම්ම් බලමු එහෙනම්...

      ඒත් මේ දවස්වල අපේ බැච් එකේ අය චීප් කැම්පස් හොය හොයා රට වටේට යනවා...මොනෑෂ්වල recognition එක යකාට ගියාවේ කියලා. මම විතරයි පැත්තකට වෙලා උන්නෙ..'හද්ද ඩොටේ' නිසා ඕවායෙ ගිහින් නාස්තිකරගන්න මට වෙලාවක් නෑ නේ කෝච්චියක් අල්ලගන්න ස්ටේසමට දුවනවා ඇරෙන්න :D

      Intensive MUFYය නිසා කාලය ඉගිල්ලෙනවා දැනෙන්නෙවත් නෑ.

      Delete
    3. ඒ අයට වරදක් කියන්න බැහැ. යුනියක් තෝරා ගැනීමේදී prestige එක වගේම මුල්‍යමය කරුනුත් බලපානවා නේ. මෙල්බන් , මොනෑෂ් , RMIT ගණන් වැඩිම යුනි වලින් කීපයක්. ස්වින්බර්න් , ඩිකින් , ල ට්‍රොබ් වගේ ඒවත් බොහොම හොඳයි. වික්ටෝරියා එක මද්‍යමයි. අනිත් ඒවා ගැන නම් ඉතින් මං කියන්න දන්නේ නැහැ.

      අනික දැන් මෙහෙ පුරවැසි භාවය ගන්නත් එන්න එන්නම බොහොම අමාරු වෙන නිසා ඉගෙනීමට ආයෝජනය කරපු මුදල නැවත උපයගන්න නම් සිංගප්පුරුව වගේ වෙන රටක වැඩ කරන්න වෙයි ඉදිරියට.... එහෙම උනොත් ලේසියෙන් ලෝකේ ඕන තැනක රස්සාවක් හොයාගන්න නම් prestige එක වැදගත් වෙයි කියල හිතෙනවා ....
      :)

      ඔය ඩොටේ පැත්තට එන්නේ ගල් අඟුරු කොච්චිද ???

      Delete
    4. ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි

      ගල් අඟුරුද මංදා කෝච්චි නම් එනවා. වැඩේ තියෙන්නෙ පැය 1 1/2 කට දෙකකට සැරයක් විතරක් බස් තියෙන එක නේ. බස් එක මිස් වුනොත් සොරි තමයි.එක්කො පැය දෙකක් ස්ටේසමේ හීතලේ..තනියම, නැත්තම් පැයක් + 20 min ඇවිදින්න ගෙදරටම. පැය 1/2 ඇවිදින එක කෙසේ වෙතත් පැයක් + 20 min ගාටන්න (100m දුවන්න ) නම් වකාට බැරියෝ.. ඇයි ඉතින් ගෙදර ගිහිල්ලත් නිවනක් නෑ නොවැ..අහස උසට හෝම්වර්ක්නුයි, කෑම හදන්නයි, පාඩම් කරන්නයි, උඩින් පල්ලෙන් නෙට් එකෙන් පත්තර කෑල්ලක් කියවන්නයි, කොහොම කොහොමහරි අඩුම ගානේ පැය 5ක් වත් නිඩාගන්නයි, etc

      (ආයෙත් පෝස්ට් එකක්ම ලියවීගෙන ආවා. යන්තම් මීටරේට වැටුණා මේ මගේ බ්ලොග නෙවෙයි කියලා)

      Delete
  2. ලංකාවේ යුනි ඔය අධිරාජ්‍යවාදීන්ගේ ලිස්ට්වලට දාන්නේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. ඉලව්වේ ... සමාජවාදියෝ හදන ලිස්ට් එකෙත් අහලකවත් නැහැ නේ බොලේ ... :D
      http://www.shanghairanking.com/ARWU2012.html

      Delete
    2. ඒ ලිස්ට් එකත් මේ ලිස්ට් එකත් හැර තවත් ලිස්ට් තිබේද :D

      Delete
    3. එසේය ස්වාමිනි! ඒ නම් තමන්ම සාදා ගන්නා ලිස්ට් එකයි. එකේ නම් පළවෙනියට තම නම දමාගත හැකිය. ;)

      Delete