Monday, November 26, 2012

ධ්‍යාන හා කුන්ඩලිනි - ප්‍රශ්න හා උත්තර


ප්‍රශ්න:

ඔබ කියන කතාව සාධාරණයි... ඒත් මම මෙහෙම කිවුවොත් බුදුන් කවදාවත් කියල නෑ... සමථය වඩන්න එපා කියල... මොකද සමථය නැතිව විදර්ශනාව කියන්නේ හීනයක් නිසා... සමථයෙන් යන්න පුලුවන් උපරිමය මේ කුන්ඩලිණි ශක්තිය අවධි කිරීමෙන් පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්...එවිට අතිශය පහසුවෙන් විදර්ශනාව කරන්න පුලුවන්..මන්ද බුද්ධ දර්ශනයේ ඇති කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වන නිසා...

ඉහත ප්‍රශ්න , අරුනාචලයේ ශ්‍රී රමණ මහ ඍෂි (1 කොටස) ලිපිය හා බැඳේ


උත්තර:

1. මහා කාරුණික බුදුරජානන් වහන්සේ , සමථයත් , විදර්ශනාවත් දෙකම අගය කළහ. විදර්ශනාව වඩාත් අගය කළහ. මක්නිසාද සංසාරයෙන් මිදෙන මග එය වන බැවිනි.

2. සමථ පුර්වාන්ගම විදර්ශනාව , විදර්ශනා පුර්වාන්ගම සමථය යයි ක්‍රම දෙකකි. විදර්ශනා වැඩීමට සමථය වඩා ධ්‍යාන ලබා තිබීම අවශ්‍ය නොවේ. බුසුන් කල සසුනේ සිටි බොහෝ මාර්ගඵල ලාභී රහත්හු ධ්‍යාන නොමැති ශුෂ්ක විදර්ශිකයෝය. ඔවුන්ගේ මාර්ගපල ලැබීමට ධ්‍යාන ලබා නොතිබීම භාදාවක් නොවිය. සමථය වඩා ධ්‍යාන ලබා එය විදර්ශනාවට හරවන කල , සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය වඩාත් හොඳින් , පැහැදිලිව තියුණු ලෙස ඒකාග්‍ර කරන ලද මනසට වැටහේ. නමුත් එය මාර්ගඵල ලැබීමට ප්‍රමාණවත් නොවේ. නුවණැසින් ඒ සංස්කාරයන් වසා සිටින , සිත මුලා කරන ඝනයන් බිඳ ඒවායේ යථාස්වභාවය ප්‍රත්‍යක්ෂ කල කල්හිම මාර්ඝ පල ලැබුවා වන්නේය. ධ්‍යාන ලබා තිබීම මාර්ගයට රුකුලක් පමණි. පයින් පැය දෙකකින් ගොස් හමාර කරන ගමන , මෝටර් රථයෙන් විනාඩි 15 න් ගොස් හමාර කරනවා වැන්න.

පාරිශුද්ධ විදර්ශනාව වඩනා කල්හිද සිතේ සන්සිඳීමක් ඇති වේ. එය ධ්‍යාන ලබන තත්වයට වර්ධනය වීමක් නම් බොහෝකොට සිදු නොවන බව මගේ නම් පෞද්ගලික අදහසයි. සංස්කාරයන්ගේ ස්වභාවය නොකඩවා නැවත නැවතත් චේදනය කරමින් විමසුමට ලක්කරන විතක්ක විචාර සහිත ඒ විදර්ශනා චිත්තය අතිශයින් මිහිරිය. සැම අතින්ම උසස්ය. පාර ලෞකිකය.

3. සමථයෙන් යා හැකි උපර්ම දුර නම් ලෝක ථුපිකා නම් වූ භාවග්‍රයයි. අතිශයින් සියුම් වූ නේවසඥා නාසඥ චිත්තය වඩා එහි යාම කුන්ඩලිනි ශක්තිය වැඩීමෙන් නම් කිසි ලෙසකින් වත් කල නොහැකිය. කලිනුත් සඳහන් කල පරිදි කුන්ඩලිනිය වැඩිම යනු විශ්ව ශක්තිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ බලය ලබාගැනීමයි. එය සිතේ අධිපති භාවයක් නොව ශක්තියේ අධිපති භාවයකි.

විශාල දොඹකරයක් හසුරුවා වැඩ කරගැනීමට පුහුණු වීමට මනුෂ්‍යයෙකුට හැකිය. එය හැසිරවීමට පුහුණු වූ කල සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට කල නොහැකි විශ්මිත දේ පහසුවෙන් කිරීමට ඔහුට හැකිය. එනමුත් එයින් ඔහු දොඹකරයේ , අධිපති භාවය/වශය භාවය ලබා ගත්තා නොවේ. එය හැසිරවීමට හැකියාව ලැබුවා පමණි. මේ උදාහරණය ආශ්‍රයෙන් කල්පනා කොට වෙනස වටහා ගන්න.

4. බුදුදහමේ ඒකායන මාර්ගය මාර්ග ඵල හා නිවනයි. කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම යමෙකුට අවශ්‍ය නම් කල හැකිය. එනමුත් ඒ ධ්‍යාන , අභිඤා බුදුදහමේ ඒකායන මාර්ගය නම් නොවේ.

මේ මල්ලිගේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යනකොට මේ ලිපිය දැක්කා. ඔහුගේ සිතිවිලි වලත් මේ ෆෝන් මිලදී ගන්නා මිනිසුන්ගේ සිතිවිලි වලත් ඇති සමානත්වය කෙතරම් ද?

නියම දුරකතනයක මිල රු ලක්ෂයකි. ඩුප්ලිකේට් ෆෝනයක මිල රු පහළොස් දහසකි. එතරම් ලාභයට හොඳ දෙයක් ගැනීමට බැරි බව දැන දැනම මිනිසුන් පොර කකා ලාභ ෆෝන් ගනිති. මාස දෙකක් ගොස් එය කැඩී ගිය කල දොස් කියන්නේ තමන්ගේ මෝඩ කමට නොව ෆෝන් අලෙවි කල තැනැත්තාටය.

PHD එකක් ලබා ආචාර්ය කෙනෙක් වීම වසර ගණනාවක් ගතවන දුෂ්කර කාර්යයකි. එසේ හරි විදියට එය ගැනීමට හැකියාවක් නැත්තෝ , මුදල් ගෙවා හෝ ඇඳුනුම් කම මත ආචාර්ය උපාධියක් මිලට ගනිති. එය තම නමට අමුණා උජාරුවට පළඳිති. එනමුත් ඒ දෙකෙහි වෙනස අහසට පොලව මෙනි.

මිනිසුන් කෙතරම් පිට ඔපයට හා බොරු පොරොන්දු වලට , අනුකරණයට රවටෙත් ද? මිනිසුන් බොහොවකට අවශ්‍ය විශිෂ්ටත්වය නොවේ. විශිෂ්ටත්වය අනුකරණය කිරීමයි. ලංකාවේ මිනිසුන්ට වැරදී ඇත්තෙත් මේ හේතුව නිසාය.

දිලිසෙන සියල්ල රන් නොවේ. මර්ක් එකක් පැද විත් බැසි පමණින් ඔහු එහි අයිතිකරු ලෙස ගත නොහැකිය. ඔහු එහි රියදුරු විය හැක. ලාභ බඩුවේ හිලක් ඇත. ඉක්මනින් පහසුවෙන් ලැබෙන දේවල් වල කොලිටිය ප්‍රශ්නකාරිය. හැම තැනටම වඩා ලාබෙට ආර්ථිකෙන් ගත්ත තලගුලිවල පනුවන්ය. හර්දයාංගම ලෙස අස්වාභාවික ලෙස මිත්‍රශීලිව සිනි තවරා කතාකරන මිනිසුන්ගේ හදේ ඇත්තේ විෂය......

යලිත් මාතෘකාවට එමු. සමථය වඩා කසිණ භාවනා වශී කර වඩා අභිඤා ලැබීම අතිශය දුෂ්කර ක්‍රියාවක් විය හැකිය. විශිෂ්ටත්වයට කෙටි මං නොමැත. නියම මග ගොස් හරි විදියට PHD එකක් ලැබුවා වැන්න. කුන්ඩලිණි වඩා විශ්ව ශක්තිය තම වශයට ගෙන අභිඤා ලැබුවන් අනුකරණය කිරීමටද හැකිය. විවිධ ප්‍රතිභාර්ය පැමටද හැකිය. අභිඤා ලැබුවෙකු ලෙස පෙනී සිටිය හැකිය. නමුත් එය නියම චිත්ත දියුණුවක් නොවේ. මුදල් ගෙවා PHD එකක් ලබා ගෙන පැළඳ ගත්තා වැන්න. තමා , තමාවම රවටා ගැනීමකි .....

24 comments:

  1. මගේ වචනයෙන් කියනවනං අතිශයින්ම සුපිරි පැහැදිලි කිරීමක් සහෝ...නියමයි....නමුත් ප්‍රශ්නය චක්‍ර භාවනා තුලින් ලැබිය හැකි විශ්ව ශක්තිය තම කැමැත්ත මත භාවිතා කිරීමේ බලය බුදුන් තම අනුගාමිනයන්ට දේශනා නොකලේ මන්ද...යෝගාසන මගින් භාවනාවට තම සිත හා ශරීරය මැනවින් පාලනය කර ශරීරය ලෙඩ දුක් රහිත වජ්‍රයක් ආකාරයට හරවයි...අතිශය නිරෝගී ශක්තිමත් ශරීරයක් ලබා ගත හැක...මෙය බුදුන් විසින් දේශනා නොකලේ මන්ද???

    ReplyDelete
    Replies
    1. ලොවුතුරා බුදු කෙනෙක්ගේ අභිමතය ගැන ප්‍රශ්න කරන්න , කරුණු ඉදිරිපත් කරන්න මං මොකෙද්ද ? ඒවුනත් ඔබගේ ප්‍රශ්නයට උත්තරය ප්‍රශ්නය තුලම තිබෙනවා නෙව.... "විශ්ව ශක්තිය තම කැමැත්ත මත භාවිතා කිරීමේ බලය" ...

      Power corrupts and absolute power corrupts absolutely.....

      අනිත් කාරණේ , දෙතිස් කුණුපයෙන් පිරි , නව ද්වාරයකින් නොකඩවා අසුචි වැගිරෙන , අසු මහා කුලයක් පණුවන්ට වාසභූමිව , සමින් වටකොට ඇති , බිත්තරයක් වැනි වහා බිඳී යනසුළු ලෙඩදුකින් නිතර පෙලෙන ආතුර කයක් වජ්‍රයක් කර ගන්නට තැතනීම උන්වහන්සේට විසුලුවක් වුවා විය හැකිය.

      එම "අතිශය නිරෝගී ශක්තිමත් ශරීරයක්" ලබා ගැනීමට වෙර වැඩුවෝ කිසිවෙක් අද නම් අප අතර නැත. ඔවුන් සියල්ලෝම පණුවන්ට එම "අතිශය නිරෝගී ශක්තිමත් ශරීරය " අහර පිණිස ලබා දී වැලිගම් ගියෝය.

      විජ්ජා දැක්වීමට , මල්ලවයන් මෙන් , නගර ශෝභිනියන් මෙන් ගත වැඩීමට , අලංකාර කරගැනීමට , ආතුර කය අනාතුර කරගැනීමට නොව සිත අනාතුර කරගැනීමට වෙර වැඩු බුද්ධ පුත්‍රයෝ නම් නිවනින් සැනසුනහ ..... එයට මාර්ගය නම් උන්වහන්සේ අපුරුවට මුල මැද අග කලණ සේ දේශනා කර ඇත්තාහ...

      Delete
    2. වැටහුනා....ලොව්තුරු බුදු කෙනෙකු ලොවට පහල වන්නේ නිවනේ විඳ්‍යාව ලොවට ඉගැන්වීමට මිස වෙනත් විදයාවන් ඉගැන්වීමට නොවේ..සසරෙන් ගැලවීමේ විද්‍යාව මනුෂ්‍යයන්ට කියා දීමටයි...එහෙත් බෞද්ධයන්ට යෝගා ආසන වල ප්‍රාණායාම වල නියැලී තම භෞතික ශරීරය නිරෝගීව තබා ගැනීම අකැපද???

      Delete
    3. අපෝ මොකද නරක ... ඉතාම හොඳයි...
      සාර්ථක අධ්‍යාත්මක ජිවිතයකට කයෙහි නිරෝගී බව අත්‍යවශ්‍ය සාධකයකි
      හොටු හූර හුරා කරන ආනාපාන සතියක් නැත
      ගැස්ට්‍රික් ඇති සංවේදී බඩක් සහිතව කළහැකි පිණ්ඩපාතයක් නැත
      මයිග්‍රෙන් සමග කළහැකි බාවනාවකදු නැත
      කය නිරෝගිව තබා ගැනීම තමන්ටත් , අනුන්ටත් , තම කාර්යයටත් පහසුවකි
      යම්පමනකට තම කාලය හා ශ්‍රමය බිඳී යන කය පිළිසකර කොටගෙන තම
      අරමුණ වෙත යාමට ඔරුවක් මෙන් භාවිතා කිරීම වරදක් වන්නේ කෙසේද .. නොවේමය ...

      එහෙත් ...

      කය එහෙට මෙහෙට කොට කරන එරෝබික් ආකාරයේ යෝගාසන කිහිපයක් පමණක් පුහුණු වී සැනසීමට ඔබට සිදුවනු ඇත යෝග සම්බන්ධ බොහෝ හින්දු සුත්‍ර ලිය ඇත්තේ ඉතාමත් ව්‍යංග ලෙසිනි. බුදුන්ගේ නිමල පිරිසිදු ගැට පද නොමැති ධර්මය කියවා ඇති බෞධයන් හට හින්දු යෝග සුත්‍රනම් එසේ කියවා අවබෝධ කොටගෙන තනියම පුහුණු වීම සුකර නොවනු ඇත. කුණ්ඩලනිය වැඩීමේදී ඒ ඒ නාඩින් ශුද්ධ කිරීමට , ශක්තිය ගලායාමට ඇති භාදා ඉවත් කිරීමට කලයුතු නොයෙක් පුහුණුවීම් ඇත්තේය. ඒවා ගුරුකුල වලින් පැවත එනවා මිස පොත් වල ලියා නැත්තේය. ගුරුවරයෙක් ආශ්‍රයේ සිට වසර ගණනාවක කැපවීමකින් පුහුණු විය යුත්තේය.

      ඔවුන් තම ශාස්ත්‍රය ලබාදෙනුයේ හින්දු ක්‍රමය අනුව අද්‍යාත්මික දියුනක් බලාපොරොත්තුවෙන් පැමිණෙන ශිෂ්‍යයන්ට මිස අංග වැඩීමට , නිරෝගිව සිටීමට , කුණ්ඩලණි විජ්ජා පෙන්වීමට ආදී දෙකයි පනහේ අරමුණු ඇතිව එන ශිෂ්‍යන්ට නොවේ.

      සතියෙන් සෝවාන් කරදීමට පොරොන්දුවෙන් ශිෂ්‍යන් රවටන බෞද්ධ ගුරුන් සිටින ලෝකයක , ඉක්මනින් කුණ්ඩලණි උපදවදීමට පොරොන්දුව සිසුන් රවටන හින්දු ගුරුන්ද බොහෝ ඇත. ඔබ වැනි අදහස් ඇති ශිෂ්‍යයන් එවැනි සොරුන්ට හසුවීමට ඇති සම්භාවිතාව නම් බොහෝය.

      Delete
    4. මාගේ අදහස කුන්ඩලිණි ශක්තියෙන් විජ්ජා පෙන්වීම නොවේ..... :D :D
      මා කුඩා කල පටන්ම යෝගා යන වචනය ඇසූ දා පටන්ම එයට ඇති වූ ඇල්ම නිසා ඒ පිලිඔද සෙවීමට උත්සාහ ගත්තා..ඒවිට මේ කුණ්ඩලිනි ශක්තිය ගැන අසන්නට ලැබුනා...මෙහි ඇති මනුෂ්‍ය ජීවිකයට ඇති කල හැකි විදිමත් බලපෑම නිසා...මේ මගින් නිරෝගී කයක් මනසක් ලබා ගැනීම සහ බුද්ධි වර්ධනය වීමට රුකුලක් ගෙන දේ යන කරුණු නිසා... මා අත්දැක ඇති කාරනා අනුව කුන්ඩලිණිය අවධිවීම කේසේ වෙතත් යෝගාසන මගින් භාවනාවට අවශ්‍ය මානසික හා ශාරීරික ශක්තිය ලබාදේ...බටහිර රටවලින් හඳුන්වාදුන් කායවර්ධන ව්‍යායාම් වලට වඩා මේ යෝගාසන අතිශය ආරක්ෂිත හා ඒ ව්‍යායාම වලට වඩා ශරීරය ශක්තිමත් කරගැනීමට.යම් ක්‍රියාවකට අතිශය වේගවත්ව ප්‍රථික්‍රියාවක් කිරීමේ ක්ෂණික බලය..මහන්සි නොදැනීම වැනි විශාල හොඳ ප්‍රතිඵල යෝගාසන මගින් ශරීරයට ලැබේ(මේව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ..ඔබතුමා අනිවාර්යයෙන් මේව ගැන දන්නවා)...මෙන්න මේ කරුනු නිසා තමයි මම මේ හින්දු යෝගාසන පිලිඔඳ මෙතරම් උනන්දු... :)

      හැබැයි ඔබතුමා මගේ අරමුණු දෙකයි පනහෙ අරමුණු කිවුව එක නං එච්චර හොඳ මදි... :'(

      Delete
    5. අනේ මට ඔබතුමා කියන්න එපා ... මට නිකන් දේශපාලුවෙක්ට වගේ හැඟීමක් එනවා එතකොට ... නිකන් හිරිකිතයි වගේ ... කකුලේ බලුබෙට්ටක් ගෑවුනා වගේ හැඟීමක් ... :)

      ඔබට මගේ කමකට නැති කුප්පන සුළු නරක වචන වලින් සිත් තැවුලක් වුවා නම් සමා වෙන්න ..මාව වරදවා ගන්නත් එපා. යෝග ආසන ක්‍රම පුහුණුවෙන් ලබාගත හැකි සෞක්යමය වාසි අසීමිතයි.දියවැඩියාව , අධි රුධිර පීඩනය , කොලෙස්ටරෝල් අධිකබව සහ තව නොයෙක් නිධන්ගත රෝගවලට යෝග ආසන පුහුණුවෙන් නිට්ටාවට සුවයක් ලබාගත හැකියි. කරන්න පුළුවන් නම් මගේ හර්දයාංගම සුබපැතුම් ඔබට හිමි වෙනවා. මයිසුරයේ අෂ්ටාංග ඉන්ස්ටිට්යුට් , පුනෙහි රමණමනි අයියෙන්ගර් ඉන්ස්ටිට්යුට් වැනි තැනකින් ඉගනගැනීමට ලැබේ නම් අගෙයි.

      Delete
    6. දේශපාලුවො ඇලජික් වෙන එක හොඳයි.... :P
      නෑ නෑ කිසි කිසි සිත් තැවුලක් නෑ..වරදවා ගත්තෙත් නෑ..මේ අයියයේ යටිපින් ස්ටයිල් එක තමයි කියල මම වෙන පෝස්ට් එකක දැක්කා...කියන දේ කෙලින් කියන ස්ටයිල් එක... :D :D

      (මයිසුරයේ අෂ්ටාංග ඉන්ස්ටිට්යුට් , පුනෙහි රමණමනි අයියෙන්ගර් ඉන්ස්ටිට්යුට් වැනි තැනකින් ඉගනගැනීමට ලැබේ නම් අගෙයි)

      හුටා...ඕකට ඉන්දියාවෙ යමන්කෝ... :O

      Delete
  2. රෙපා මේ ගැන හොද ලිපි ටිකක් දාල තිබ්බා.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපි ඔක්කොම වගේ බලන්නෝනි. වෙනසක් තියෙනවා.

      Delete
    2. ස්තුතියි සෑම්
      :)

      Delete
  3. වටිනා පැහැදිලි කිරීමක්. මමත් මේ කුන්ඩලිනි ශක්තිය ගැන බ්ලොග් ලිපි කිහිපයක් ලියලා තියෙනවා. මමත් මේ ගැන හොයන්න යොමු උනේ මේ ශක්තිය යොදාගෙන කාලතරණය කරන්න පුළුවන් කියන කාරණය මත. එතැනදී මට දැන ගන්න ලැබුනා මෙම යෝගය වැඩිමෙන් ලබාගන්න පුළුවන් මේ කියන ශක්තින් පිලිබදව.
    අනිමා - මහිමා - ලඝිමා - ගරිමා - ප්‍රාප්ති - ප්‍රාකම්‍ය - ඊසත්ව - වශිත්ව -

    මෙම ශක්ති මට්ටම් වලින් එක්තරා මට්ටමකට ගියාම කාලතරණය කරන්න පුළුවන් කියලා දැනගත්තත්
    කාලතරණය පිළිබද පැහැදිලි අදහසක් තවමත් මට නැහැ. එක කරන්න පුලුවන්ද? පුළුවන් නම් එක සිද්ද වෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවකින් කියන්න අමාරුයි , නාහේ ගාවට ගිලෙන්න වැඩත් තිබේ. වෙලා ඇති පරිදි පසුව අදහස දක්වන්නම් ...

      Delete
  4. මම කැමතිම විෂයක් තමයි මේක....
    මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද...

    කුන්ඩලීණී ශක්තිය අවධි කිරීමත් සමග ධ්‍යාන තත්ව පිහිටනවාද...??
    තවත් සරලව කිවුවොත් සහස්‍රාර චක්‍රය දක්වා කුණ්ඩලීණී ශක්තිය අවධී කල කෙනෙකු ලබනා උපරිම ධ්‍යාන තලය කුමක්ද??? ඔබ පලමුව කියා තිබෙනවා මේ ශක්තිය හොඳින් පාලානය කරන්නට යම් තරමක හෝ මානසික ඒකාග්‍රතාවක් තිබිය යුතුයි කියා.....

    ReplyDelete
  5. ඉහතින් රෙප් මහත්තයා අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද???
    මෙහෙම කමෙන්ට් වලින් උත්තර ලියනවට වඩා තවත් සවිස්තරාත්මකට පෝස්ට් එකක් ලියන්න් පුලුවන්නං වටිනවා.... :)

    ReplyDelete
  6. රාජ යෝග සහ හඨ යෝග වල වෙනස පැහැදිලි කර දීමට හැකිද???

    මේ දෙගොල්ලන්ගේම අවසාන උත්සාහය කුණ්ඩලිනී ශක්තිය සහස්‍රාර චක්‍රය දක්වා නැංවීමද?? රාජ යෝගීන්ගේ ඉලක්කය චිත්ත ශක්තියෙහි අධිපති භාවයද ලබා ගැනීමද නැතිනම් විශ්ව ශක්තියේ අධිපති භාවය හා සිතේ අධිපති භාවය යන කරුණු දෙකමද???.....

    ReplyDelete
  7. කසුන් , චාමර , අනේ මචංලා මේ දවස් වල ඉන්න හිටින්න බැරි වෙන්න වැඩ. අනිත් එක පිට රට ඉන්න හින්ද මේ සම්බන්ධයෙන් ලියන , කියන දේවල් වෙරිෆයි කරගන්න ඕන පොත පතත් නැහැ. වැරදි දෙයක් ලියවුණොත් බලන අයත් නොමග යනවා , මාත් කිච වෙනවා. ගොඩක් දේවල් සහ උදාහරණ මතකයෙන් ඈත් වෙලත් ගිහිල්ල. වෙලාවක් ලැබෙන විට දමන්නම්.

    ReplyDelete
  8. :D :D :D සිරා කතාව.... හරි හරි ඒනං මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක නිදහස් වෙලාවක් බලල අලුත් පෝස්ටුවක් ලියන්න tiraj සහෝ..... ඒත් පොඩි ප්‍රශ්නයක් අහන්නං...කොහොමද මේව ගැන ඉගෙන ගත්තේ??? පොත් පත් වලින්ද?? නැතිනං ගුරුවරයෙකුගෙන්ද???

    ReplyDelete
  9. කුණ්ඩලිණි ගැන අලුත් පෝස්ට් එකක් ලියන්න පුලුවන්ද???

    එක් පුද්ගලයෙක් මට පැවසුවා ධ්‍යාන තත්ව වලට එනවිට නිරායාසයෙන්ට චක්‍ර අවධි වන බවක්...මේ කතාවේ සථතාවයක් ඇතිද...පැහැදිලි කර දීමට පුලුවන්ද??

    නැතිනම් පලමු ධ්‍යාන වැනි තත්වයක සිත පවත්වා චක්‍ර අවධි කල හැකිද?? නැතිනම් ඉහල ඉහල චක්‍ර වලට චක්‍ර අවධි කරන විට සිත ඉහල ඉහල ධ්‍යාන තත්ව වලට පත්වීම අත්‍යවශ්‍යද???

    ReplyDelete
  10. මේකෙන් කියල තියෙන ගොඩක් දේවල් වැරදි කියල තමා කියන්න වෙන්නේ.වලේ ගැඹුර දන්නේ වලට බැහැපු මිනිහයි. කුන්ඩලිනි ශක්තිය අවධි නොකළ කෙනෙක් ඒ ගැන කරන ප්‍රකාශ සත්‍යවාදී නෑ

    ReplyDelete
    Replies
    1. "තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලිදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්."http://rawanaking.blogspot.com/


      අනාගතය හා අතීතය දැකිය හැකි අධිමානසික විශේෂඥයෙක් නම් 1 වන අගෝස්තු සෙනසුරාදා දිනුම් අදින ශනිදා වාසනාවේ දිනුම් අංක සඳහන් කරන්න. නැත්නම් ඔබත් වලේ මුවවිටේ සිට පොත් පත් මාර්ගයෙන් ගැඹුර දක්වන කෙනෙකු වශයෙන් පිළිගැනීමට සිදු වේ. ස්තුතියි.

      Delete
    2. මම ඔබ සමග තර්ක කරන්නේ නෑ.මමා මෙහෙම ඇහුවොත්.ඔබ හෝ ඔබ දන්නා කියන කෙනෙක් මේ අත්දැකීම් විදල තියේද

      Delete
  11. කුන්ඩලිනි යෝග විද්‍යාව වැඩීමෙන් 7 වැනි සමාධි මට්ටම උපරිම වශයෙන් ලැබිය හැක. එනම් ප්‍රථම අරූප ධ්‍යානයයි. ආකාශානංචායතනයයි.

    ReplyDelete