Saturday, August 18, 2012

බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?

ජෝතිෂ ලංකා මහත්මයා දින කීපයකට කලින් පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන් යනුවෙන් ලිපියක් පල කලා. එයට අදහස් දැක්වූ  කිහිප දෙනෙක් ට කරුණු පැහැදිලි කරමින් මා කොමෙන්ට්ස් දෙකක් දැමුවත් එයට , එතන  නැගෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ වැඩි වගකීම තිබෙන්නේ එම ලිපියේ  හිමිකරුට කියල සිතුන නිසා ත් මගේ අදහස් දැක්වීම ලිපිය හයිජැක්  කිරීමක් ලෙස වරදවා වටහා ගැනීමට ඇති ඉඩත් නිසා  වැඩිදුරටත්  දීඝව කරුණු දැක්වීමෙන් වැළකීමට අදහස් කරා. 

නමුත් මා එහි දැක්වූ අදහස් වලින් බියට  පත් වෙලා , බුදුනට කරන උතුම් සත්කාරයක් වන බුදු පහන  තැබීමෙන් යම් කිසි කෙනෙක් වැලකුනා  නම් එයින්  මා හට වෙන්නේ ඉමහත් පාපයක්.  එම නිසා මා එහි නොකී ටික මෙතන දමන්නම්. අග මුල දැනගැනීමට ඒ ලිපියට ගොස් ආවොත් හොඳයි. එහි නොදමා , මෙහි මෙසේ අදහස් දැක්වීමට තවත් හේතුවක් තමයි මෙහි ඇතැම් විට විවාදාත්මක විය හැකි කරුණු , පුද්ගලයන් ඇතුලත්ව සිටීම. ඒක හින්ද කරුණු  දැක්වීමේ සම්පුර්ණ වගකීම මා බාරගත්තොත් හොඳයි කියල සිතුන.

මේ වගේ කරුණු සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න වලට  , දීඝව , පැහැදිලිව කරුණු පැහැදිලි කිරීමක් නොකලොත් බොහෝ අය කරුණු වරදවා වටහා ගන්නවා. එය කිසිවක් නොදැන සිටිනවාටත් වඩා නපුරක්.

ප්‍රශ්නේ මේකයි... 
බුදුනට පහන් තැබීමට  නියමිත වෙලාවක් තිබේද ? එසේ තබන පහන් වලට හෝ අවේලාවේ තබන පහන් වලට  අමනුෂ්‍ය ආකර්ෂණයක් වේද ?

බොහෝ අය සිතන්නේ බුද්ධ බලය ඔක්කොටම වඩා ලොකුයි. (ඇත්තටම ලොකු තමා... නමුත් මිනිස්සු හිතන් ඉන්න විදියට නම් නෙවෙයි ) ඒක  නිසා  කිසි අමනුෂ්‍යයෙක්ට ඒකට විරුද්ධව යන්න බැහැ. කියල..

මේ අදහස් බලන්න 
1.  "මම නම් හිතන්නේ බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න වෙලාවක් ඔනේ නැහැ කියලා, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි)" - Kushi
2. "ඒක ඇත්ත බුදුපහන කිසිකෙනෙකුට භාරගන්න බැහ" - Malnayaka

අපේ මිනිස්සු හිතන් ඉන්නේ අර  ජෙඩයි නයිට්ස්ලට (Jedi Knights) තියෙනවා වගේ අමුතු බලයක් කියල මේ බුද්ධ බලේ... මොන පිස්සුද!!!  ඒක එහෙම ම වෙන්නේ  නැහැ.  බුදු පහනකට වුවත් අමනුෂ්‍ය ආකර්ෂණයක් විය හැකියි.

දිශ්ටියක් කියන්නේ යම් කිසි අමනුෂ්‍යයෙකුගේ බැල්ම එතනට වැටීමකට. ඇතැම් අමනුෂ්‍යයන් පහනක දැල්ලේ ඇති දැවි ගන්ධය ආග්‍රහණ ය කරන්න කැමතියි. ඇතැම් අමනුෂ්‍යයන් ආලෝකයට ප්‍රියයි. මේ ඔක්කොම මනුෂ්‍ය ලෝකය ආශ්‍රිත කරගෙන ඉන්න ඉතා පහත් තත්වයේ සත්ව කොට්ටාශ. චතුර්මහාරාජිකයේ පොඩ්ඩක් වත් ඉහල ඉන්න බුමාටු දෙවි කෙනෙක් වත් කවදාවත් පහන් වලට , පුළුටු වලට ඇදිල එන්නේ නැහැ. ඔවුන්ට කර්මානුකුලාව මැවෙන දිව්‍ය අහර පාන , ඇඳුම් වාසස්ථාන තියෙනවා. 

සමහර දිෂ්ටි වලට නම් තියල තියෙන්නේ දෙවියන් ගේ නම් උනත් ඒ දෙවිවරු , උදාහරණයක් විදියට සුමන සමන් දෙවි දිෂ්ටිය ගන්න... කවදාවත් , මොන පුද තිබ්බත් මොනවා මැතිරුවත් කොහේටවත් දිෂ්ටි දාන්න එන්නේ නැහැ. ඔවුන්ගේ යටතේ විවිධ මෙහෙවර කරන පහත් යක්ෂ , ප්‍රේත , සත්ව කොට්ටාශ ඉන්නවා. ඔවුන් තමයි ඒ උසස් දෙවිවරුන් ගේ නාමයෙන් පැමිණ දිෂ්ටි දෙන්නේ. උදාහරණයක් විදියට උත්සවේකට ඇමති තුමාට එන්න කියුවහම , ඒක මේ පොඩි එකක් නම් උන්නැහේ එන්නේ නැහැ නේ. කවුරු හරි පොඩි ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් එවල ශේප් වෙනවා නේ. ඒ වගේ...

දැන් මේ කුඩා කෙනෙක් ට උනත් ඇමති පවර් තියෙන හින්ද වැඩක් කියල කරගන්න බැරි කමක් නැහැ. ඒ වගේ ම පහත් යක්ෂයෙක් ලවා උනත් වැඩක් තියෙනවා නම් කර ගන්නේ මේ විදියට. 

බුද්ධ බලයට බිය අමනුෂ්‍යයන් වගේම බිය නැති නාහෙට අහන්නේ නැති එවුනුත් ඉන්නවා. ආටානාටිය සුත්‍රය දේශනා කරලා තියෙන්නේ ඒ වගේ උන් උදෙසා. ඔබ බුදුනට පුජා කරලා එළියේ කෑම එකක්  තියන්න. සැනෙකින් කපුටෝ  ඇවිල්ලා කාල යාවි. එතකොට කපුටු බලේ  බුද්ධ බලේට වඩා ඉහලද ?. ඒක  තිබ්බේ බුදුන්ටද නැද්ද කියන එක උන්ට  වැදගත් දෙයක් වත් එය පරිභෝග නොකිරීමට හේතුවක් වත් නොවෙයි..

එලෙසින් ම තමයි බුදු පහනට උනත් පහත් අමනුෂ්‍ය දිශ්ටින් වැටීමට ඉඩ තියෙන්නේ. උන්ට ගානක් නැහැ පහන තිබ්බේ කාටද කියන එක.

තවත් ප්‍රශ්නයක් මේකෙන්ම පැන නැගුනා.. 
මේ වෙලාවල් බලපාන්නේ ගෙවල් වලට විතරද? පන්සල් වලත් පහන් පත්තු කරන්න වෙලාව බලනවාද?

ඇත්ත වශයෙන්ම නැහැ. බුදුන් පිරිනිවන් පෑමට ආසන්න කාලයේ දිනක් උන්වහන්සේ දුටුවා අනාගත දඹදිව අග නගරය වන පාටලී පුත්‍ර  ග්‍රාමයේ අහසේ දෙවියන් භුමියේ  ඉඩ වෙන් කරනවා. මහේශාක්‍ය දෙවියන් හොඳ හොඳ තැන්වලින් ඉඩ අල්ල ගන්න අතර අවශේෂ උදවිය ඉඩ ලැබෙන තැන වලින් කොටස් වෙන් කර ගන්නවා. මහේශාක්‍ය දෙවියන්  වාසය කරන තැන්වල අනාගතයේ ලොකු රජ වරුන්ට, සිටු වරුන්ට , නිවාස තැනීමට සිත් දෙන බව  බුදු රජාණන් වහන්සේ දුටුවා. ප්‍රකාශ කර සිටියා. මේකෙන් පෙනෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ලොකු ලොකු VIP  කට්ටිය ඉන්නේ අහම්බෙන් හම්බ වෙච්ච තැන වල නෙවෙන බවයි. 

පන්සල් වැනි වැදගත් පුජනිය ස්ථාන අශ්‍රිතව බලවත් මහේශාක්‍ය දෙවියන්ගේ වාසස්ථාන පවතිනවා. පහුගිය  යුද්ද කාලේ , බෞධාලෝක මාවත වැනි පාරවල් හයි සෙකියුරිටි සෝන් කරලා මැස්සෙක්ට  වත් එහා මෙහා යන්න බැරි වෙන්න ගාඩ් දාගෙන හිටිය වගේ තමයි මේ කට්ටිය ඉන්න තැනුත්. නිකං දෙකයි පනහේ අමනුෂ්‍යයෙකුට   පාන් වලට දිෂ්ටි දාන්න  තියා පැත්ත පළාතේ යන්න වත්  බැහැ. සැරියුත් ස්වාමින්වහන්සේට ආත්ම  සතකට පෙර මවු වුන පෙරේතියක් උන්වහන්සේ හම්බ වෙන්න ජේතවනාරාමෙට  ආවට එහි දොරකඩ රකින දේවතාව එයාට ඇතුලට යන්න දුන්නේ නැහැ කියන එක කවුරුත්  දන්නා කාරණයක් නේ.     ඒක හින්ද බය නැතුව පන්සල් වල ඕන වෙලාවක පාන් පත්තු කරන්න.  කිසි ප්‍රශ්නයක් නැහැ. මොකෙක් වත් එන්නේ නැහැ ලෙඩ දාන්න. 

තව එකක්.  මහේශාක්‍ය දෙවියන්  වාසය කරන තැන්වල පෙර කළ පින් ඇති මනුෂ්‍යන්ට වාසය කරන්න සිත් දෙනවා කියල කියුවනේ. ඉතින් මේ අයගේ ගෙවල් වලත් ඕන පානක් ඕන වෙලාවක පත්තු කරාට කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ. ඉන්නේ හයි  සෙකියුරිටි සෝන් එකක නේ.  එකෙත් හැටි....  දුප්පතාට මයි , අසරණයාට මයි තියෙන ඔක්කොම ප්‍රශ්න. 

අමනුෂ්‍ය කරදර වැඩි , පෙර කළ පින් අඩු මෙලොවද ධාර්මිකව ජිවත් නොවෙන මනුෂ්‍යයන්ට මයි. පානක් බුදුන්ට  කියල  මුනිච්චාවට පත්තු කරාට අමනුස්සයෝ දන්නවා මේක මේ බොරුව කරන්නේ කියල. ඉතින් උන් ඇවිල්ලා පිස්සු කෙලින්න ගත්තහම මිනිහ බනින්න ගන්නවා බුදු හමුදුරුවන්ටයි , පානටයි.

"මොන මළ කරදරක්ද ..... මේ ඔක්කොම ප්‍රශ්න  ආවේ මේ කෙහෙම්මල් පානක් පත්තු කරන්න ගත්තම තමා..." බ්ලා බ්ලා බ්ලා....   

ධාර්මිකව ජිවත් වෙන හොඳ මනුස්සයෙකුට උනත් සමහර විට සාංසාරික වශයෙන් බැඳීම් ඇති අමනුශ්‍යන්ගෙන් බලපෑම් එන්න පුළුවන්. නමුත් ඒ තැනැත්තා ධර්මයේ නිසි ලෙස  හැසිරෙනවා නම් එමගින් තම ආරක්ෂාව සලසා ගන්නවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

ඔන්න හොඳ මනුස්සයෙක් ඉන්නවා. මේ මනුස්සයට අමනුස්ස කරදරයක් එනවා.   සාමකාමිව  තිබ්බ ගෙදර අඬ දබර.  එකිනෙකා රුස්සන්නේ  නැහැ. මුදල් නාස්තියත් වැඩියි. ලෙඩ දුක් හැමදාම. ඒ මනුස්සයත් බොහොම දුකින් මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නවා. දැන් පහල දේව සබේ කතාව යන්නේ මෙහෙමයි.

ඒකයැ , දන්නවද අර කුඹුක් ගහ ගෙදර උපාසක   මහත්තයාගේ ගෙදර කරදරයක් නේ.

ඔය කියන්නේ අර බොහොම ධාර්මිකව ජිවත් වෙන , තුනුරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් තියෙන   බොහොම සිල්වත් ගුණවත් සත්පුරුෂයා ගැන නේද ?

ඔව්  ඔව්  එයා තමයි...

ඉතින්  මොකෝ සීන් කෝන් එක ? මේ පහුගිය පෝය කීපෙකට කලිනුත් සාංඝික දානයක් දීල අපිට පිං දුන්නේ... මොකද්ද ප්‍රශ්නේ ?

කොහෙන්ද ආපු මල යකෙක් ඒ ගෙදර  පැල පදියන් වෙලා. දැන් ඒ ගෙදර එකම විකාරයක් වෙලා. උන්නැහේට පිනක් දහමක් කර ගන්නවත් හිත එකලාසයක් නැහැ. 

හැබෑට... කවුද යකෝ  ඒ ගුණවතාට ලෙඩ දාන යකා ? හඃ , මට මේ දිව්‍ය මරුති එක ලැබුනෙත් උන්ද සංඝයාට පිරිවෙනට වඩින්න මාස් පතා දෙන සීසන් එකෙන් අපිට දීපු පින්  අනුමෝදන් කරගෙන නෙව.
දැන් බලපන් උඹේ ලොකු කෙලීට සුධර්මා  බ්‍රෑන්ඩ්   එකෙන් මේක් අප්  සෙට් එකක් ඕන කියල අඬ අඬා ඉන්න කොට , ඒ මහත්තය ලොකු හාමුදුරුවන්ට හමේ ලෙඩට පුජා කරපු ක්‍රීම් එකේ පින් අනුමෝදන් වෙච්චි හැටියේම සුටුස් ගාල කෙලිගේ අතටම මේක් අප්  සෙට් එක පහල උනා නෙව. වෙන කවුද මේ පළාතේ ඉන්නේ අපිට අනුමෝදන් වෙන්න පුළුවන් විදියට සද්දාවෙන් , කර්ම කර්ම-ඵල සලකාගෙන ඒ වගේ උසස් පින් කරන කෙනෙක්. ඔක්කොම් ඉන්නේ මේ මුනිච්චාවට , කිසි අවබෝධයක් නැතුව බොරුවට පිං කියල ඔය මොනවා හරි කරන පොල්තෙල් බෞධයෝ නෙව. සාංඝික දං ගෙදරත් පදමට ස්ටෙලා වෙච්චි ගමන් ඉන්න පාපතර  හැතිකරයක් නෙව මේ වටේ පිටේ ඉන්නේ.  මුන්දට මේ මල  යකා හින්ද මොනවා හරි උනොත් අපිටත් වෙන්නේ මහ පාඩුවක් බං ඇත්තටම.

හැබෑව මචං ... අපි ට මෙච්චර උදවු කරන , තුන්රුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් භක්තියක් තියෙන , නිති විචිත්‍ර කුසල් කරන  මේ මනුස්සයට මේ වගේ කරදරයක් වෙලා තියෙන වෙලාවට අපි   මෙහෙම  අහක බලං නිකං හිටියොත් අපිට වඩා (දිව්‍ය) බල්ලෝ තවත් නැහැ බොල . මෙහෙම ඉඳල බැහැ...   කෝ වරෙල්ලා යන්න. අඩේ , උඹේ යාලුවන්ටත් එන්න කියාපන්. කෝ අර කැලණියේ ඩිවිෂන් එක බාර ආචාර්‍ය දෙයියොත් එයාගේ යක්ෂ  ස්ක්වාඩ් එකත් එක්ක අපේ වැයික්කියට   ඇවිල්ලා ඉන්නවා නේද ?  එයාටත් එන්න කියපන්. බලන්න යන්න මොකද්ද   මේ සීන් කෝන් එක කියල... පොර මේවගේ වලි සීන්  වලට , ගූ කේස් වලට  කියාපු බඩ්ඩ... 

ඔන්න දැන් තමන්ගේ  හිතවතාට වෙච්ච කරදරේට අම්බානට මල පැනපු දෙයියෝ ගැන්සියම ෆුලි ආමඩ්  බොඩි ගාඩ්ල සෙට් එකත් එක්ක    උපාසක මහත්තයාගේ  මිදුලට දෙගොඩ හරි ජාමේ ලෑන්ඩ්  කරනවා.

කෝ!!!  කවුද මෙතන චන්ඩි? වරෙල්ලා ඉන්නව නම් එලියට...
කවුද අපේ උපාසක මහත්තයට ලෙඩ දාන යකා...
වරෙන් එලියට නිකං ඇට කටු තලා ගන්නේ නැතුව. හඃ හඃ හඃ!!!

අනේ , ගෙදර බින්න බැහැල ඉන්න මල යකා ට රෙද්දේම එක දෙක වෙලා ආයිත් ඒ පැත්ත පළාතේ නොඑන්නම පැනල දුවන්න ඔය දාන සද්දේ හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතත් ආචාර්‍ය දෙයියන්ට කියල ගස් බැඳ ගන්න මොන මළ යකාද  කැමති?

කේස් ක්ලොස්ඩ් ... පහුවෙන්ද ඉඳන් .. උපාසකයාගේ ගෙදර බිස්නස් ඈස් යුශුවල්.... 

විහිළුවට මෙහෙම ලියුවට , මේ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ.  නිකං මුනිච්චන් කාර බෞධයන්ට මෙහෙම සප් එකක් දෙයියන්ගෙන්  නැහැ කියන එක ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ.

ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකවරණය ලබයි කියල කියල තියෙනවා නෙව. එදි නෙදා ජීවිතයේදී සිද්ද වෙන මේ වගේ කරදර භාදක  වලින් ධර්මයේ හැසිරෙන්නා රැකවරණය ලබන්නේ මේ ආකාරයේ ක්‍රම වලින් . එහෙම නැතුව  මේ පිරිත් පොත් වහන්සේ කඩුවකුයි , හෙල්ලකුයි අරන් දොර ගාව ධර්මයේ හැසිරෙන්නගේ ආරක්ෂාවට මුරට ඉන්නවා කියන එක නෙමෙයි.  ධර්මයේ හැසිරීමෙන් ආයු කෙළවර දුගතියකට නොවැටී සිටීමට ලැබීමත් , දුක් කෙළවර කොට සසර ගමන අවසන් කිරීමත් තමයි අනෙක් රැකවරණ වන්නේ.

මේ ඇති නෙව... ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ටුවක් දාන්න... 

15 comments:

  1. හොඳ ලිපියක්. අමනුෂ්‍යයොත් ඉතින් සත්තු නොවැ අපි වගේ ඒ ලෝකවලත් වැඩ කෙරෙන පිළිවෙලක් ඇතිනෙ.

    මම නම් විශේෂ තැනක් තියාගෙන ඉන්නවා පහන් පූජා කරන්න ආගමික වතාවත් වලට. මගේ ගුරුවරයෙක් කියල තියනවා හුඟාක්ම රෑ වෙලා ඒ කටයුතු කරනවාට පුළුවන් තරම් කලින් කරන එක හොඳයි කියල. නමුත් ඉතින් සමහර දවස්වල රෑ නමය දහය වගේ වෙලාවටත් කෙරෙනවා.

    පිරිත් දේශනයක් කරල පින් අනුමෝදන් කරන එක හොඳයි කියල කියන්නෙ. (තුන් සූත්‍රය වත්)
    තාම නම් කරදරයක් ඇති වෙලා නෑ. හැමෝටම එකම විදියට හරි යනව කියල වෙන්නෙත් නෑ. තමුංගෙ කුසල් අකුසල් එහෙමත් බලපානවා ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි මහත්මයා , මිනිහත් සතා , අමනුෂ්‍යයාත් සතා , දෙවියත් සතා (සත්වයා) ...
      කොහෙත් තියෙන්නේ එකම පංච උපාදානස්කන්ධ පොදියක් නෙව. ඒකට ඕන විදියට තමා වැඩ.

      මගේ අම්ම , ගමනක් ගිහිල්ල පරක්කු වෙලා රෑ දොළහට ගෙදර ආවත් බුදු පහන පත්තු කරනවා.
      වෙලාවක් කියල විශේෂයක් නැහැ . කිසි ප්‍රශ්නෙකුත් නැහැ. අවබෝධයෙන් කරනවා නම් එපමණයි .

      පිං අනුමෝදම් වීම ගැන නම් කියන්න ගොඩක් කරුණු තියේ. මෙතන ලියන්න දිග වැඩියි. වෙනම පොස්ට් එකක් දාන්න වෙයි. වෙලා තියෙන විදියට බලමු නේද ?

      අපි හැමෝම පින පව දායාද කරගෙන , ඤාතියා කරගෙන , කර්මයම පිළිසරණ කරගෙන ඉන්න සත්තු නෙව. එක තමයි අපි බොහෝ දෙනෙක්ගේ ජිවිතයට වැඩියෙන්ම බලපාන නියාම ධර්මය . කර්මයේ විවිධත්වය තමයි සත්වයාගේ විවිධත්වය . කිසි කෙනෙක් තව කෙනෙකුට සමාන නැහැ. .. :)

      Delete
  2. හොඳ ලිපියක්.

    ඔබට ජය!

    ReplyDelete
  3. හොඳ සටහනක්, බොහෝ අදහස් වලට එකඟ මුත් ඇතැම් ඒවා ට එකඟ නොවෙමි...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං, ඔබ එකඟ නොවෙන කරුණු වැරදි බව හේතු සහිතව පෙන්වා දුනහොත් යෙහෙයකි. :)

      Delete
  4. මාගේ මිතුර පවසන දෑ සත්‍ය බැවින් ලිපිය කියවා ඊට යමක් එක්කරන්නට සිතුන, කියන්නට පෙර දන්නදෙයක් මතක් කරමි“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” -”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
    (නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය)
    පහනක් පුජා කරන්නම්වාලෙ නොකර කාටද පුජා කරන්නෙ කොහොමද පුජා කල යුතුවන්නෙ යනවග සිහියට ගෙන යහපත් සීලයක පිහිටා පහන් පුජා කල යුතුය,එසෙ නම් පහනක් පුජා කරන විට පහන දල්වා ගථා කියන්නට පෙර පහන දල්වන විට ඔබ මෙසෙ කියන්න " මෙම පහන තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුජා වේවා..! " එවිට එම පහනට කිසිවෙකුගෙය් ඇල්මක් බැල්මක් නොවැටෙනු ඇත, තවද පහන් දල්වන්නට පෙර ඊට කපුරු පෙති කීපයක් දමන්නෙ නම් පහන ගිනි ගැනීමෙන් ඇතිවන දුර්ගන්දය නැති කර ගත හැකිය එවිට " ඝනසරාප්ප දිපෙන ..." ගාථාව කියමින් පහන් පුජා කරන්න,පහනෙ කපුරු දැල්වෙන විට දුර්ගන්දයක් ඇති නොවී දැවීයනු ලබයි,මින් පිටවන දුර්ගන්දයට අමුනුෂයන් ආදී කට්ට්යට ඇදීම එම සිදුවනවා.සෑම දිනකම මෙය සිදුවන විට ඔවුන් මෙය දිනපතා බලාපොරොත්තුවෙන් සිටියි.ඔබ එසෙය් පහන පත්තු නොකළ විට ඔබට මතක් කිරීමක් වශයෙන් නොයෙක් කරදර සිදුකරනු ඇත, පහනක් දල්වන්නෙ නම් එය තිලෝගුරු බුදුරජාණන් වහන්සේටම පමණි එය නිවාස තුල හද පිරි බක්තියෙන් යුතුව දල්වන්න, පන්සලක බෝදීන් වහන්සෙ අසල පහන් දැල්වීම සිතට මහත් සැනසිල්ලක් ඇතිකරයි,දෙවියන් සදහා පහන් පුජා කරන්නෙය් නම් පුජා කරන දෙවියන්ගේ නම යොදා පුජා වේවා..! යයි පවසන්න,

    සත්‍ය දකින්නට- විදින්නට හැකිවේවා...! තුනුරුවන් සරණයි...!





    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොයුර , නොදන්නා වැදගත් කරුණු කිහිපයක් එකතු කරාට....

      ඒක නෙවෙයි ... මං තව බාල්දියක් පෙරලන්නද ?
      මාළු මුදේ හිටියට , මුදේ ඉන්නේ මාළු විතරක් නෙමේ නේද ?
      ඒවගේ , චේතනාව කර්මය උනාට , කර්මය වෙන්නේ චේතනාව විතරක්ම නෙමේ...
      ඔං පොඩ්ඩක් හොයල බැලුව නම්.... : )

      Delete
    2. ඇවිත් කියවල බැලුවනම්
      http://mahason-brotherhood.blogspot.com/2012/08/blog-post_25.html

      Delete
  5. නියම ලිපියක්, ඔබේ දැනුම මතුවටත් බ්ලොග් එක තුලින් ලබාගන්න හැකිවෙන්න ඕන, ජය වේවා !!

    ReplyDelete
  6. වටිනා ලිපියක්, ස්තූතියි ඔබගෙ අදහස්වලට... මගෙ අදහසනම් අපි සත්‍යවශයෙන්ම බුදුන් සරණ යනවනම් කිසිම යක්ෂ, නාග,ප්‍රෙත,දේව,බ්‍රහ්ම යන අමනුශ්‍ය බලවෙග වලට බය වෙන්න ඔනේ නැහැ කියන එකයි, මොකද බුදුන් වහන්සෙම කිහිප තැනකදිම දෙශනා කරල තියෙනව යම්කිසි තැතිගැන්මක්, බියක්, ලොමු ඩැහැ ගැන්විමක් සිදුවුනොතින් බුදුන් වහන්සෙ සිහිකර බිය නැතිකර ගන්න කියල,උදා-ධජග්ග සුත්‍රය,මෙත්ත සුත්‍රය,ආටානාටිය සුත්‍රය.... ඉතින් මම බුදුන්ට පහන පත්තු කරල බුද්ධත්වයට ගෞරවය පුදකිරිමත්, සසර අනිත්‍ය භාවය මෙනෙහි කිරිමත් තමයි සිදුකරන්නේ...(මම නම් කිසිම දවසක දෙවියන්ට, යක්ෂයන්ට පහන් දල්වන්නේ නැහැ, දෙවාල කොවිල් වලට යන්නෙත් නැහැ-මොකද ඒ ඒ දෙවිවරු, යක්ෂයින් ඒ ඒ භාවයන්, විමාන ලබාගෙන තිබෙන්නේ එ අයගෙ කර්ම ශක්තිය මතයි, ඉතින් අපි ගිහින් එ අයට කන්නලවු කරමින් කරදර කලොත් එ අයටත් එපාවෙයි - ඉතින් අපි අපේ පාඩුවේ අනුන්ට කරදරයක් නොවෙන්න හිටියම දේවියන්ටත් හොඳයි, අපිටත් හොඳයි)

    ReplyDelete
    Replies
    1. තර්කානුකුලව අදහස් දැක්වීමට ස්තුතියි කුෂි. මෙන්න මගේ පිළිතුරු දැක්වීම එයට .... සත්‍ය වශයෙන් බුදුන් සරණ යාම එකක්. රාජ භය , චෝර භය , අමනුෂ්‍ය භයට බිය වීම අනිකක්. බුදුන් සරණ ගිය කියා මා ඉහත සඳහන් කල භය නොපැමිණ පවතින්නේ නැහැ. ඔබ බුදුන් සරණ ගිය කියා හෙට ඔබගේ මුදල් පසුම්බිය සොරු නොගෙන තියේවිද ? රජු (පැරණි කාලයේ පැවති විදියට ගතහොත් ) ඔබ හට ඔහු ඉදිරියට පැමිණීමට නියම කළහොත් , ඔබ ඔහු ඉදිරියට ගොස් වැඳ වැටෙන්නේ නැද්ද ? එමගින් ඔබගේ තිසරණයට හානියක් වේද ? ඔබ තිසරණ සරණ ගිය කියා , රජුට අවශ්‍ය නම් ඔබට රාජ අඥා නොකර සිටිවිද ?
      බුද්ධ වචනය පලවා නොගන්න කිසි විටක.

      "යම්කිසි තැතිගැන්මක්, බියක්, ලොමු ඩැහැ ගැන්විමක් සිදුවුනොතින් බුදුන් වහන්සෙ සිහිකර බිය නැතිකර ගන්න" කියා සඳහන් වී ඇත්තේ ධජග්ග සුත්‍රයේය. කුෂි , ඔබ ඉහත සඳහන් කර තිබුනත්... ඔබ ආටානාටිය සුත්‍රය කියවා තිබේද? ඔබගේ විමතියනට පිළිතුරු එහි මනාව දක්වා තිබෙනවා. එහි පැහැදිලිව සඳහන් වෙනවා බුදුන්ට ගරු නොකරන බුදු අණ නොපිළිපදින සුළු මෙන්ම මහා අනුභව සම්පන්න යක්ෂයන් ඕන තරම් ඇති බව. ඔවුනට කල හැකි දෙයක් බුදුන්ට නැහැ. එහෙම නැත්තේ බුදුන් දඬුවමින් සත්වයන් හික්මවන්නෙක් නොවන නිසා.
      ඒ නිසා තමයි දෙවිවරුන් පැමිණ කියන්නේ , ඔබ වහන්සේ ගේ අණ නොපිළිපදින යක්ෂයන් , ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කරන අමනුෂයන් (ඒ කියන්නේ කරදර කරන අමනුෂයන් සිටින බව නොවේද ?) හට අපි දඬුවම් කරනවා , හිර දෙන්නේ නැහැ , සභාවන්ට වැද්ද දෙන්නේ නැහැ කියා.... ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් තිබේ නම් අප පැමිණ ඒ ප්‍රශ්නය විසන්දන්නම් කියා... මෙලෙසින් බලනකොට පෙනේවි ඔබට එවැනි කරදරයක් තිබේ නම් ඔවුන් ට කියයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා වගේම බුදුන් ද එය අනුදැන වදාලා තිබෙනවා නොවේද කියා...

      දැන් ඔබට ප්‍රශ්නයක් යොමුකරන්නම්.... ගෞතම සසුනේ අග්‍ර ශ්‍රාවක වූ සැරියුත් හිමියන්ගේ හිසටත් අමනුෂ්‍යයෙක් හිල් වෙන්නම ටොක්කක් ඇන්නේ උන්වහන්සේ ට තිසරණය වත් නොතිබුණු නිසාද ? උන්වහන්සේ "සත්‍යවශයෙන්ම බුදුන් සරණ" නොගිහින් හිටපු නිසාද ? චත්ත මානවක හොරු අතින් මැරුම් කෑවේ තිසරණ ගාථා කියමින් යන අතරතුර නොවේද ?
      :)

      Delete
  7. මමත් ඉස්සර පුලු පුලුවන් වෙලාවට පහන තිබ්බා. ඒත් මට ලැබුණු උපදෙසක් තමා රෑ වෙලා හරි කමක් නැහැ. නිශ්චිත වෙලාවකට පහන තියන්න පුරුදු වෙන්න කියලා. ඒකට හේතුව විදිහට කිව්වේ අපේ ඉෂ්ඨ දේවතාවත් ඒ වෙලාවට පින් ගන්න එන නිසා එයාටත් පහසුවක් සලසන්න කියලා. අන්තිමට මේ ඔක්කොම නිසා මම රෑ 9 ට පහන තියන්න පුරුදු වුණා.

    ReplyDelete
  8. ගොඩක් දේවල් දෙන ගත්ත ස්තුතීයි ඔබ සෑමට,

    ReplyDelete
  9. ගොඩක් දේවල් දෙන ගත්ත ස්තුතීයි ඔබ සෑමට,

    ReplyDelete